Saturday, October 11, 2008

මධුරද? චතුරද?

මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය ගැන කවුරුත් දන්නවනෙ. තවත් ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් කරළියට ඇවිත්. ඒ තමයි චතුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය. මමත් ඩවුන්ලෝඩ් කරගත්තා.

මධුර ශබ්දකෝෂයෙ ලොකුම අඩුපාඩු තුන විධියට මම දකින්නෙ සිංහල යතුරු පුවරුව අනලා තිබීමත්, සිංහල යුනිකේත භාවිත නොකිරීමත් (යුනිකේත තිබුණා නම් කෙළින්ම බ්ලොග් එකෙන් Copy-Paste නේ) හා මොකක් හරි Copy කළාම ඒ වින්ඩෝ එක restore වීමයි (මධුර minimize කරලා URL එකක් Copy කරලා බලන්න).

කොහොම නමුත් චතුර ශබ්දකෝෂයෙත් අඩුපාඩු තියෙනවා. :) ඒත් සිංහල යුනිකේත භාවිතය නම් සැබෑ පහසුවක්.

ඒ වගේම මේ දෙකටම වචන අරගෙන තියෙන්නෙ එකම ප්‍රභවයෙන් කියලයි මට හිතෙන්නෙ.

3 comments:

  1. මම මේ මෘදුකාංගය හැමතනම හොයනව. ඒත් දැන් ඒක දැන් හොයාගන්න බෑනෙ. මා ලඟ මේකේ මුල් සංස්කරණය තියනව. ඒත් මේක නෑ. මට මේක ඊ-මේල් කරන්න පුලුවන්ද ? මගේ ලිපිනය [gcp89@gmail.com]ස්තූතී....

    ReplyDelete
  2. සමාවෙන්න ලිපිනය වැරදුනා. kgcp89@gmail.com

    ReplyDelete
  3. මේ දෙකෙන් එකක්වත් දැන් මා ළඟ නෑ.

    ReplyDelete

Facebook ප්‍රතිචාර