Friday, October 24, 2008

අළුත් වයිරස් නාශකයක්

මම කලින් පාවිච්චි කළේ AVG Antivirus නොමිලේ දෙන සංස්කරණය. AVG 8 සංස්කරණය නිකුත් කළාට පසුව මට ඒක එතරම් හරි ගියේ නැහැ. ඒකට හේතු වුණේ AVG 7 ට වඩා AVG 8 මන්දගාමී වීම.
මම ඒ නිසා වෙන විසඳුමක් හෙව්වා. හම්බ වුණා. :)

Avast Antivirus. Avast ලැබෙන්නෙත් නොමිලේ. හැබැයි Home Release License කේතයක් ඔවුන්ගෙ වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ලබා ගන්න වෙනවා.

මෙයින් පරිගණකය AVG තරම් මන්දගාමී වෙන්නෙ නෑ. පද්ධති සම්පත් භාවිතා වෙන්නෙ අවම මට්ටමින්.





මෙහි රිසිකරණ විකල්ප (options) බොහොමයක් සලසා දී තිබෙනවා. Network, Standard, IM, Internet Mail, P2P (Peer to Peer), Web ලෙස වෙන වෙනම ක්‍රියාත්මක වන මොඩියුල හයකින් මෙහි resident shield එක සමන්විතයි. මේ මොඩියුල හය තමන් කැමති විධියට වෙන වෙනම රිසිකරණය කළ හැකියි. අත්‍යවශ්‍ය දෙයක් නොවුණත් මෙයට themes යෙදීමේ පහසුකමද සලසා තිබෙනවා.

USB devices වල තියෙන වයිරස් සෙවීමේදි avast, AVG වලට වඩා කාර්යක්ෂමයි කියල මට නම් හිතෙන්නෙ.

11 comments:

  1. kaspersky ගැන මොකද හිතන්නෙ. මම පාවිච්චි කරන්නෙ registered එකක්. හොඳට වැඩ.

    ReplyDelete
  2. වයිරස් ගැන එතරම් අවබෝධයක් නැතිනම් Kaspersky හොඳයි. මුදල් ගෙවා ලබා ගන්න වයිරස් නාශක වලින් කොහොමත් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි Kaspersky වලින් පරිගණකය සෑහෙන මන්දගාමී වෙනවා. 1GB - 2GB තරම් RAM එකක් තියෙනව නම් මම හිතන්නෙ ඒක එතරම් අවුලක් නැහැ (මගේ 512MB).

    මම avast පාවිච්චි කරන්නෙ වයිරස් ගැන ටිකක් විතර අත්දැකීම් තියෙන නිසා සහ වේගය මට අත්‍යවශ්‍ය නිසා. :)

    ReplyDelete
  3. ඇවාස්ට් ගැනනම් කතාකරන්න එපා එවීඅයි ෆිල්ම් එකක් එහෙම තිබුනොත් මේ කපේදී චෙක් කරලා ඉවරකරන්නේ නැ මැකාෆි 8.5 නියමයි හැබැයි රැම් එක 1ජීබී වත් වෙන්න ඔන

    ReplyDelete
  4. බිට්ඩි‍ෆෙන්ඩර් එත් හොන්දයි

    ReplyDelete
  5. NOD32 දමා බැලුවේ නැද්ද? එහිද system resources යොදා ගැනීම අවමයි.

    Mcafee 8.5/8.7 හොදයි නමුත් සමහර removable drive viruses එයට අසු වන්නේ නෑ.

    ReplyDelete
  6. @Lightning_Struck_Tower,

    NOD32 ගැන මම දැනගෙන හිටියෙ නෑ. මම එයත් පාවිච්චි කර බලන්නම්.
    ස්තුතියි දුන් තොරතුරට. :)

    ReplyDelete
  7. @Lightning_Struck_Tower,

    ඒක commercial එකක්නෙ. මාව විකුණන්නද හදන්නේ?
    :P :P :P

    ReplyDelete
  8. ශාකුන්තල,

    Commercial එකක් නම් තමයි නමුත් මම භාවිතා කලේ අනවසර පිටපතක්.
    කෙසේ නමුත් දැන් මම භාවිතා කරන්නේ Kaspersky. වැඩි වශයෙන්ම එහි ඉහළ Detection rate සහ අඩු false positives නිසා.

    ReplyDelete
  9. මම භාවිතා කරන්නෙ e trust antivirus තාම නම් වෛරස් වලින් හානියක් උනේ නෑ

    ReplyDelete
  10. මට Microsoft Security Essentials සහ Avast එකවර පාවිච්චි කරන්න පුලුවන්ද??

    ReplyDelete
  11. බොහෝ විට පුළුවන් වෙයි. නමුත් හරියටම කියන්න දැනුමක් නැහැ මම දැන් වින්ඩෝස් පාවිච්චි නොකරන නිසා.

    ReplyDelete

Facebook ප්‍රතිචාර