Sunday, October 12, 2008

Tigo කරන කැත වැඩ

ගොඩක් දෙනා තමන්ගෙ බ්ලොග් එක වෙනත් පාර්ශව වලට දොස් පවරන්න යොදා ගන්නව. එහි වරදක් මම දකින්නෙ නෑ. ඒත් මම මගේ බ්ලොග් එකෙන් කවදාවත් එහෙම කරන්න හිතුවෙ නෑ. ඒත් දැන් ඒකත් කරන්න වෙනවා.

An unbelievable daily SMS offer from Tigo!. Send a blank SMS to 2222 and get this amazing offer.

මේ Tigo වෙතින් මට ලැබී තිබුණු කෙටි පණිවිඩයක්. මේ පණිවිඩය මේ වන විට මට තුන් වතාවක් ලැබිල තියෙනවා. ඒ වගේම මේ පළමු අවස්ථාවත් නොවෙයි. මගේ වැඩ වලට බාධා වෙන අයුරින් මේ වගේ පණිවුඩ මට ඇති තරම් ලැබිල තියෙනව.

මේක Tigo පාරිභෝගික සේවා අංකයට කතා කරල කියන්නත් මට හිතුණ. ඒත් තවත් මුදලක් ගෙවල ලබා ගන්න සිද්ධ වෙන පාරිභෝගික සේවාවට වඩා මට නොමිලයේම ලැබෙන වෙබ් අවකාශය හොඳයි කියලයි මට හිතෙන්නෙ.

මේ මෝඩ යක්කු හිතාගෙන ඉන්නෙ අපට දවස පුරාම කරන්න තියෙන්නෙ SMS යවන එකයි කියවන එකයි කියල. ප්‍රචාරණ කටයුතු වලට මුදල් නැතිවද මන්ද අර offer එකයි මේ offer එකයි කියල දවස ගානෙම SMS එවනව.

සේවා ගාස්තු වෙනස් වීම්, නව VAS ගැන SMS එව්වට කමක් නෑ. ඒකත් spam කරන්න ගත්තම තමයි යකා නගින්නෙ. ලැබෙන SMS වලට මුදලක් අය කරන්නෙ නැති බව ඇත්ත (පාරිභෝගික සේවා අංකයට වගේ ඒකටත් මුදලක් අය නොකළොත් තමා පුදුමෙ). ඒත් ඒවා කියවන්නත් කාලය ගත වෙනව. කරමින් ඉන්න වැඩෙන් හිත ඉවතට ගන්න වෙනව. මෙන්න මේ වෙලාවට අනවශ්‍ය SMS එකක් ආවම එවන එකාගෙ මෑණියන් සිහි වෙනව.

හැබැයි SIM කාඩ්පත නැවත ලියාපදිංචිය කරන්නෙ කොහොමද කියල නම් තාමත් මට කෙටි පණිවුඩ මගින් දැනුම්දීමක් ලැබිල නෑ.

3 comments:

  1. ගනන් ගන්න එපා... ලංකාවනෙ

    ReplyDelete
  2. ආ මේ sms advertising මල වාතයක් තමයි, මටත් ඔය ලොකු ලොකු credit card බැංකුවලින් එන්න පටන් අරගෙන, අද දවසට 5 තියනවා, මම දැන් හොද දෙකක් කියන්න ඉන්නේ.

    ReplyDelete
  3. මම කාලයක් Tigo පාවිච්චි කලා.... ගෑනු ළමයෙක් නැති කාලෙත් අහසට නැගපු දුරකථන ගාස්තු නිසා වෙනත් සේවාදායෙකුට සෙට් වුනා. දැන්නම් හැමදෙයක්ම නිකන් කිව්වත් Tigo වලට මාරු වෙන්නේ නෑ.

    බොරු පොෂ් පෙන්නලා අපේ එවුන් රවට්ට ගන්න පුලුවන් වුන නිසා මුන් අපිව මෝඩයොන්ට අරගෙන

    ReplyDelete

Facebook ප්‍රතිචාර