Sunday, December 21, 2008

සියළුම බෞද්ධයන් හට දැනුම් දීමයි!

මා පාසැලේ 8 වන ‍ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී දිනක් මිතුරන් මාර්ගයෙන් මට එක්තරා පත්‍රිකාවක් ලැබුණි. මම එය කියවා "මේ බොරුවක්" යන වදන පමණක් පවසා එය ඉවතලීමට සැරසුණත් මිතුරන්ගේ විරෝධය හේතුවෙන් එය ඉවත නොදමා ඔවුන්ටම දුනිමි.
---
ඒ පත්‍රිකාවම පසුගිය දිනක මට විද්‍යුත් තැපෑලෙන් ලැබී තිබුණි. අහෝ සම්බුද්ධ ධර්මයට කර ඇති අපහාසය! තත්වය නරක අතට හැරී ඇත්තේ දැන් මෙයට විද්‍යුත් තැපෑලත් උදව් වීම නිසාවෙනි. විද්‍යුත් තැපැල් මගින් ඉතා පහසුවෙන් යම් පණිවුඩයක පිටපත් සිය ගණනක් එක්වර බෙදාහැරීමට ඇති හැකියාව නිසාවෙනි.


බුද්ධාගමට විහිළු කරන අයට නිසි දඬුවම් දීමක් ගැන මෙහි සඳහන් වෙයි. මා අසා ඇති අන්දමින් වෙනත් ආගම්හි දක්නට ලැබෙන අන්දමින් විරුද්ධවාදීන්ට දඬුවම් දීම බුදු දහම අනුමත කරන්නේ නැත. මේ කියන නාග රාජයා දඬුවම් දෙන්නෙක් නම් Buddha Bar වැනි දේවල් තවමත් පවත්වාගෙන යන්නේ කෙසේද? එනයින් මේ පත්‍රිකාවම ලොකු විහිළුවක් නොවේද?

මේ පත්‍රිකාව නොසලකා හරින අයට කරදර වේ ලු. ප්‍රචාරය කරන අයට සිතන දේ ඉෂ්ට වේ ලු. මේ පත්‍රිකාවේ ඇති අතාර්කික කරුණු එකින් එක විග්‍රහ කරන්නට කාලයක් මට නැත. කිව යුතු එකම දේ නම් මෙවන් බොරු පත්‍රිකා වලට රැවටී නොමග යන්නන් දැනුවත් කර ඔවුන්ට සත්‍යය වටහා දිය යුතුය යන්නයි.
---
ඔබටත් මෙම පත්‍රිකාව විද්‍යුත් තැපෑල මගින් ලැබී ඇත්නම් එය මකා දමන්න පසුබට වෙන්න එපා. නොමග ගියවුන් දැනුවත් කරන්න. මෙය ප්‍රචාරය නොකළා කියා ඔබට දෂ්ඨ කරන කළු නාගයෙක් කොතැනකවත් නොවේ.

If you have received this leaflet, do not hesitate to discard it. And also help people to understand what the truth is.

තෙරුවන් සරණයි!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

9 comments:

  1. බලාගෙන උඹටත් කලු නාගයා දෂ්ඨ කරයි දන්නේ නෑ. හික්
    -----------------------
    හොඳට බලන්න
    "බෞද්ධයන්" යන්න ලියා තිබෙන්නේ "බ්‍යෙද්ධයන්" ලෙස තව වැරදි ගොඩයි. තවද මෙම පත්‍රිකාව මුද්‍රණය කර බෙදාහැරියාට අහවලාට අහවල් දේ ලැබුණා යන්න මෙම පත්‍රිකාවේම සඳහන් වීම නම් මහා විහිළුවක්.

    ReplyDelete
  2. දයබර පුතේ ශාකුන්තල,

    අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි. බුදුදහම දන්න කෙනෙකු අතට ඔය පත්‍රිකාව ගියහොත් එය අමනයකුගෙ වැඩක් බව හොඳටම පේනවා. සියලු දේවල් කර්මානුකූලව සකස් වෙන බව බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා. කර්මය උන්වහන්සේටත් බලපා ඇති බව උන්වහන්සේම දේශනා කරල තියෙනව. උදාහරණ තමයි සය අවුරුද්දක් දුශ්කර ක්‍රියා කිරීමට පෙලඹීම, චින්චි මානවිකාවගේ බුදුන්ට ගැරහීමේ සිද්ධිය ආදී දේවල්. අපි රහත් වෙලා නැති නිසා මේව දැක්කම තරහ යනවා. බන්දුල මහත්මයත් විඩියෝ එකක් යොමු කරා ඔය වගේ දෙයක් සම්බන්දව. ඕවට විරුද්ධ වෙන්න ඕන, නමුත් අන්‍යාගම්කාරයො වගේ අපි වෛර බැඳගන්න හොඳ නැහැ. අපිට බුදුහාමුදුරුවො ඉගැන්නුවෙ වෛර නොකරන්න. බුදුහාමුදුරුවන්ට අගෞරව කරන මිනිස්සුන්ටම එක එක අන්දමටම ඕව පලදෙනව.

    ReplyDelete
  3. අපොයි මටත් ඔය වගේ මේල් ගොඩක් ඇවිත් තියනවා.. බුදු හාමුදුරුවෝ විතරක් නෙවෙයි.. හිංදු දෙවි වරු හා ජේසු තුමන්ගේ පිංතූර පවා ඇතුලත්ව.. මම සාමාන්‍යයෙන් මම බොහෝම කැමති මේල් එකක් අත්‍යවශම කෙනෙකුට හෝ එය නැරඹිය යුතුමයි කියලා හිතන කෙනෙකුට ෆොවර්ඩ් කරනවා මිසක් අනිත් සියල්ල මගේ අතින් මැකී යනවා..ඔය වර්ගයේ සියල්ලටම වෙන්නේ අන්තිමට කිව්ව දේ.. හැබැයි මට අද වෙනකම් කිසිම හානියක් වෙලා නෑ.. කිසිම ආගමක ඔය විදිහේ ක්‍රම සදහන් වෙලා නෑ මම දන්න විදියට.. සියල්ලම ආගම් ප්‍රචාරය කිරීමට නෙවෙයි.. විනෝදයට යොදාගන්න ක්‍රම කියලයි මම නම් හිතන්නේ..

    ReplyDelete
  4. මේක මුලින්ම රචනා කරපු කෙනාගේ අදහස වන්නට ඇත්තේ බුදු දහම ප්‍රචාරය කිරීම වෙන්න ඇති. ඒත් ධර්මයක් ප්‍රචාරය කිරීමට මෙවැනි ක්‍රම (Chain Mail) පාවිච්චි කිරීම මහා මෝඩ කමක්.

    ReplyDelete
  5. ඕව් ඔව්, ඔය නාගයා මටත් මතකයී. ඔය නාගයා ආවෙ නිකවැරටියේ බූදු පිලිමෙ තුබුන බෝගහේ ඉදලා නේ.

    ReplyDelete
  6. Wiz Kun
    මම නම් හිතන්නේ නෑ බුදු දහම ප්‍රචාරය කිරීම අදහසින් ලියන්න ඇති කියලා. ‍මම හිතන්නේ හිතා මතා බුදු දහමට නිගා කරන්න කරපු වැඩැක්. බුදු දහම විතරක් නොවේ වෙනත් විශ්වාස හා ඇදැහිලි මත සඳහන් ඔය වගේ එවා ඕන තමරම් මාත් දැකලා තියෙනවා.

    ReplyDelete
  7. මේක නිකන් අර එන් ලොතරැයි ඊමේල් වගේ නේ..

    ප.ලි.: ඔය නාගයා මම එහෙම නෙවේ..මම අහිංසකයා

    ReplyDelete
  8. අයියෝ ඕකත් අර සමහර ටෙලි නාට්‍ය වගේ තමයි. කෙළවර වෙන්නෙත් නෑ. තේරුමකුත් නෑ.

    ReplyDelete
  9. දහම තේරුම් ගන්න පුළුවන් වන්නේ නුවනත්තන්ට පමණ්ක් බවත් නුවණ මද පුද්ග්ලයින්ට නොහැකි බවත් දහමේ සඳහන් වෙනවා.
    ධර්ම ප්‍රචාරය සඳහා භාවිතා කරන වැරදි ක්‍රම පිටුදැකීමෙන් නොනැවතී නිවැරදි ක්‍රම වලට අනුබල දීමට්ත් උදවු කිරීමටත් ඔබ් සැමට නුවණැස පෑදේවා !!!

    (තාක්ෂණයත් සමග අත්වැල් බැඳගෙන සිටින ඔබට අන් අයට වඩා පහසුවෙන් මෙය කල හැකිය.)

    ReplyDelete

Facebook ප්‍රතිචාර