Saturday, December 27, 2008

මගේ බ්ලොග් ලිවිල්ල හා අළුත් කඩු හරඹය

සිංහලෙන් බ්ලොග් ලියන වැඩේට මං තාම අළුත් වුණත් මගේ බ්ලොග් ලිවිල්ල දැන් ටිකක් පරණයි. මුලින්ම මේ වැඩේ පටන් ගත්තෙ 2006 අවුරුද්දෙ කඩ්ඩෙන්. වෙලාවකට හිතෙනවා මෙතන තිබිච්ච පරණ කඩු ෆයිට් ටික මකල දැම්මෙ අපරාදෙ කියල. ඒ කාලෙ මැස්සෙක් මදුරුවෙක්වත් නෑ මගෙ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඉතින් වැඩේ නැවැත්තුවා.

මේ අවුරුද්දෙ මැද විතර UCSC LODGE පටන් ගත්තම ඒකෙ මම ඉගෙනගන්න තාක්ෂණික දේවල් බ්ලොග් එකකින් ලියන්න පටන් ගත්තා කඩ්ඩෙන්. UCSC LODGE එක UCSC ශිෂ්‍ය සංගමයෙ වැඩක් නිසා UCSC එකේ මගේ බ්ලොග් එක කියවන්න අය කොහොමත් ඉන්නවා. ඉලක්කය junior batch එකේ අය සහ UCSC ඉදිරි පරම්පරාව. ඒ අයට තමන්ගෙම කියල කියන්න පුළුවන් තැනක ප්‍රයෝජනවත් යමක් ඉතිරි කරල යන එකයි මගේ UCSC LODGE බ්ලොග් එක ලිවීමේ අරමුණ. ඒ නිසා මම ඒකෙ ලියන්නෙ අනෙක් අයට ප්‍රයෝජනවත් වෙන තාක්ෂණික දේවල්ම පමණයි. ඒක දෙමළ, මුස්ලිම් (සිංහල නොදන්න අය) අයටත් කියවන්න පුළුවන් වෙන්න කඩ්ඩෙන්ම ලිව්වා. ඔන්න ඔය කාරණා නිසා හිතට එන අනං මනං ඒ බ්ලොග් එකේ ලිව්වෙ නැහැ. ඒවයින් කාටවත් ප්‍රයෝජනයක් නැහැනෙ.

ඊළඟට ශාකුන්තලගේ සටහන් පොත. ඒ කියන්නෙ ඔයා දැන් කියවමින් ඉන්න එක. අහම්බෙන් ‍වගේ සිංහල වචනයක් සිංහල අකුරෙන්ම ගූග්ල් එකෙන් හොයද්දි තමයි මම සිංහල බ්ලොග් කියවන්න සෙට් වුණේ. Ubuntu වල සිංහල අවුල විසඳගන්න හැටි UCSC LODGE එකේ සිංහලෙන්ම ලිව්වට පස්සෙ තමයි මම මුළුමනින්ම සිංහල බ්ලොග්කරුවෙක් වුණේ. ඊට පස්සෙ දන්න සිංහලෙන්ම ලියන්න මේ බ්ලොග් එක හැදුවා. මේ බ්ලොග් එක මම තියාගෙන ඉන්නෙ කප්පාදු කරපු ක්‍රෝටන් පාත්තියක් වගේ. අනම් මනම් පිස්සු විකාර නැතුව පුළුවන් තරම් ලස්සනට පිළිවෙළකට මේක තියාගන්නයි උත්සාහ කරන්නෙ. ඒත් ඉතින් ඔය න්‍යායෙන් පිට පැනපු තැන් නැතුව නොවෙයි.. හරියට ‍මේ සටහන වගේ :D . කොහොම කොහොම හරි මේකෙත් පිස්සු කෙළින්න බෑ.

ඊළඟ එක තමයි කැම්පස් ආතල් බ්ලොග් එක. අපේ බැචාලා ගන්න ආතල්.. සරසවි කුරුටු ගී.. ඔන්න ඕව ලියවෙන තැන තමා ඒක. ඒකෙ ඕන දෙයක් ලියන්න පුළුවන් තමයි.. ඒත් ඒක අපේ බැචාලා අතර පමණයි. ඒකත් හරියන්නෙ නෑ.

තව ටිකෙන් අමතක වෙනවා.. මිනි බ්ලොග් මැරතන් වලට හදපු එක.. Hayabusa the Marathoner. මේකෙ කඩු ගතියක් තිබුණට වැඩ සුද්ධ සිංහලෙන්. ඒ වෙලාවට බලමුකෝ.

ඔය නිසා මගේ ඔළුවට එන අනංමනං අදහස් ලියන්න මම අද අළුත් බ්ලොග් එකක් හැදුවා. ඒ බ්ලොග් එකේ නමේ, URL එකේ ඉඳල අගට යනකම් හැම දෙයක්ම පිස්සු විකාර කියල කෙනෙක් කිව්වොත් මම විරුද්ධ වෙන්නෙ නැහැ. කැමති නම් ගිහින් බලන්න, Shaakunthala's Geekbook. දැන් සිංහලෙන් ලියන්න පටන් අරගෙන නිකං කඩ්ඩත් අමතක වේගෙන යනව වගෙ නිසා ඒක ලියන්නෙ කඩ්ඩෙන්. ඒකෙ ලියනව ඔය අනංමනං බහුබූත. ඒවයින් කාටවත් ප්‍රයෝජනයක් නෑ. නමුත් කොහෙ හරි ලියල තියන්න ඕන කියල හිතෙන අච්චාරු සටහන් ඒකෙ ලියනව.

මේ සටහන කියවූ ඔබට මගේ හර්දයාංගම ඉස්තූතිය!

෴සමීර ශාකුන්තල | Shaakunthala෴

7 comments:

  1. Yaluwe...Oyage blogg site eaka niyamai.mama sinhala blog eakak hadanna sahenna try kara.kohoma hari eakak hada gattha.eath eakata sinhala akuru yodaganna hati mata therenne naa.wade karanne kohomada?mama Singkish download kara.eaken Singlish sinhalata pariwarthanaya wenawa.eaka bloggsite eakata danne kohomada?puluwannam thrilanka@gmail.com eakata e mail eakak daanna.Mata pariganaka gana loku danumak naa.hungak isthuthi...

    ReplyDelete
  2. your site is good.I'm new to blogger world.I'm a student @ OUSL & SLIIT.

    ReplyDelete
  3. අය්යේ, අය්යගේ බ්ලොග් එක නම් පට්ටම සිරා..පිස්සු හැදෙනවා තියන දේවල්වලට...උපරිමයි......
    අය්යනම් HTML / CSS ගොඩක් දන්න පාටයි..
    අය්යේ,
    පොඩ්ඩක් කියන්න පුළුවන්ද අය්යගෙ බ්ලොග් එකේ ටැබ්ස් බල ඩ්‍රොප් ඩව්න් මෙනූස් දාන විදිය?

    Thank you very much

    ReplyDelete
  4. @Desh,
    ඒක මම කළ දෙයක් නෙවෙයි. මේ Blogger Theme එකේ තිබුණු දෙයක්. මම කළේ තිබුණු එක සංස්කරණය කිරීම විතරයි. මට ඉඩ තියෙන වෙලාවක මම මේ වගේ drop down menu හදාගන්න විධිය ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර