Tuesday, December 30, 2008

ආසයි මේකත් මස් කරන්න

මේ තියෙන්නෙ මං assignments, projects කරන, මම ඉගනගන්න, බ්ලොග් ලියන්න පාවිච්චි කරන ලැප්ටොප් යන්ත‍රේ. පසුගියදා මේකෙ වගකීම් කාලසීමාව අවසන් වුණා. මාත් ඉතිං අවුරුද්දක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටියෙ මේ මොහොත උදා වෙනකං. පිලිප්ස් ස්කුරුප්පු නියනකුත් අරගෙන මං වැඩේට බැස්සෙ හරිම ආසාවෙන්.









පංකාව වටේ දූවිලි විමානයයි. අවුරුද්දක් තිස්සෙ සුද්ධ කරල නැහැනෙ. දූවිලි ‍බැඳෙන්නෙ නැතුව තියේවියැ; අපට කොහෙද AC කරපු කාමර? කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා. දැං බලන්න ලස්සනයි. බබා වගේ.

ඔය CPU එකේ ඉඳල පංකාව පැත්තට යන මහත තඹ කම්බිය තමයි තාප ගිල්ලුමයි (heat sink) පංකාවයි අතර ප්‍රධාන තාප සන්නයන මාධ්‍යය. බලමුකො ඒකෙත් හැටි! සාමාන්‍ය desktop පරිගණකයක heat sink හදන්නෙ ඇළුමිනියම් මිශ්‍රලෝහයෙන් (alloy). මේකෙ තඹ! (තඹ ඇළුමිනියම් වලට වඩා මිලෙන් වැඩියි)

ඔය කළුපාට දිලිසෙන සිහින් වයරය තමයි Wi-Fi ඇන්ටෙනාව.

මම ලැප්ටොප් පරිගණකයක නිවෙස්නය (housing) විවෘත කරපු පළවෙනි වතාව තමයි මේක.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

13 comments:

  1. ගොඩාක් හොඳයි, එත් කැඩුනා නම් එහෙම?

    ReplyDelete
  2. මගේ යාලුවෙක් එකපාරක් ඕක කලා හැබැයි අන්තිමට ආපහු හයි කරල ඉවර උනාම ඇණ ඉතුරුයි. හැබැයි ලැප්ටොප් එක වැඩ

    ReplyDelete
  3. හික් හික්. . . එළ එළ. . . උඹ අවුරුද්දක්ම බලන් හිටියද ඕක කරන්න?? මම නම් ගත්ත දවසෙම දුන්නා වැඩේ.

    ReplyDelete
  4. මධ්යසාර කොහෙන්ද හොයාගත්තෙ??? :P

    ReplyDelete
  5. මටත් මගේ එකට වැඩක් දෙන්න ආසයි. ඒත් බයයි. බලමු... මොනවා හර් උනොත් බඩුම තමයි.

    ReplyDelete
  6. @Chathura Sandeepa,
    iso propyl alcohol ෆාමසියෙන් ගන්න පුළුවන්.

    ReplyDelete
  7. ඉතුරු වෙච්ච කෑලී එහෙම නැද්ද?

    ReplyDelete
  8. මම මේ නිකමට වගේ අහන්නේ...දැන් ඕක වැඩ කරනවද?

    ReplyDelete
  9. මධ්‍යසාර ඉතුරු වෙච්ච ඒවට මොකෝ කලේ

    ReplyDelete
  10. හැබෑට කෝ ඉතුරු ටික ( මධ්‍යසාර [බාර් එකෙන්ද ගත්තේ??])

    ReplyDelete
  11. > "කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා"

    ඔයා මධ්‍යසාර පාවිච්චි කළාම පංකාව පවිත්‍ර උනේ කොහොම ද ?

    සිරාවට, මොනවද ඉතුරු උනු කෑලි ?

    ReplyDelete
  12. > "කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා"

    මේකෙන් අදහස් කරන්නෙ උඹ කරටි කැඩෙන්න ගහලා ෆෑන් එක සුද්ද කරා කියන එක නේද? :D

    ReplyDelete
  13. මද්‍යසාර ගැන අහන අයට,
    &^%^$$^*#%#%$^^%%$^^&&^#$^#%^*

    ReplyDelete

Facebook ප්‍රතිචාර