Thursday, December 4, 2008

Ubuntu නික්ම යාම!

මම Fedora එක්ක දවසක් හමාරක් විතර ඔට්ටු වුණා. මේකෙ ඉගෙනගන්න දේවල් සෑහෙන්න තියෙනවා. සමහර දේවල් අතින් Fedora, Ubuntu වලට වඩා ඉදිරියෙන්. Firewall එකක් මානකරණය කරන නියම අත්දැකීමක් ගත්තේ Fedora වලින්. Windows වලින් Ubuntu වලට මාරු වෙනවට වඩා ලේසියි Ubuntu වලින් Fedora වලට මාරු වෙන එක.
මට ලැබුණු Fedora DVD එකේ ඕන කරන සියළුම දේ තියෙනවා. සිංහල භාෂාව, Apache HTTP Server, PHP, MySQL Server, Mozilla Firefox සිංහල සංස්කරණය, Eclipse, Wireshark, K3b මේ අතරින් කීපයක්. ඉතින් තව Ubuntu මොකටද? ඊයෙ රෑ සිට Fedora/ Windows dual boot!
මම ලිනක්ස් ඉගෙනගන්න පටන් ගත්තේ Ubuntu වලින්. Windows වලට හුරු වෙලා හිටපු මම Ubuntu තරම් පහසු මෙහෙයුම් පද්ධතියක් නොතිබුණානම් කවදාවත් ලිනක්ස් ඉගෙන නොගන්න තිබුණා. පරිගණක ඉගෙනගැනීම මූලික අවශ්‍යතාව නොවන, දිනපතා කාර්යාලයීයය වැඩ කරගන්නත් අන්තර්ජාලය සැරිසරන්නත් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය කෙනෙකුට මම තවමත් හොඳයි කියන්නෙ Ubuntu. Ubuntu යන්නේ Windows එක්ක තරඟයක්. ඒ නිසා බොහෝ දේ ස්වයංකරණය (automate - වචනේ හරිද දන්නෑ) කරල තියෙනවා. ඒ අතින් Ubuntu සුපිරි තත්වයේ තිබුණත්, ගැඹුරට දෙයක් ඉගෙනගන්න කැමති කෙනෙකුට Ubuntu මදි.



Ubuntu වලින් යන ගමන් දෙයක් දීල යන්නම්. Ubuntu වලටත් අළුත් අයට Windows XP Theme එකක්. මේක Ubuntu විතරක් නෙවෙයි. Gnome පාවිච්චි කරන ඕනම එකකට පුළුවන්. හැබැයි මේව පාවිච්චි නොකරන තරමට හොඳයි.



---

දැන් ඉතින්... Fedora තමයි.








විශේෂයෙන් ස්තුති කළ යුතු ලිපි පෙළක් ෆෙඩෝරා ලිනක්ස් සටහන්. එයින් බෙහෝ දේ ඉගෙන ගත්තා. අද සිට ෆෙඩෝරා ගමනේ යා!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

13 comments:

  1. අනේ ශාකුන්තල අයියේ මාව දාලා යන්න එපෝ
    මීට Ubuntu

    ReplyDelete
  2. @ ශාකුන්තල : "පරිගණක ඉගෙනගැනීම මූලික අවශ්‍යතාව නොවන" ඇත්තටම මං නම් මෙහෙම එකෙක් නෙවි :P .. මං උබුන්ටු භාවිතා ක‍රන්නෙ පිහිටුවීමේ ස‍රල බව නිසා.. කාලය ඉතුරුවෙන නිසා.. මට clearlooks theme එක හොදා... :)

    ReplyDelete
  3. @Chathura Sandeepa,
    "පරිගණක ඉගෙනගැනීම මූලික අවශ්‍යතාව නොවන" මං එහෙම කිව්වෙ සාමාන්‍ය කාර්යාලයීය කටයුතු කරන කෙනෙකුගේ මට්ටමින් හිතල... අනෙක් අයට උබුන්ටු හොඳ නෑ කියල නෙවෙයි. :)

    ReplyDelete
  4. මම පාවිච්චි කරන්නෙ gentoo.
    No dual boot. single boot only

    ReplyDelete
  5. Fedora DVD එකේ Copy එකක් තියෙනවා නේද? සඳුද දිහාවට මටත් copy එකක් ගහල දීපන්. අපිත් දාල බලමුකෝ. :D

    ReplyDelete
  6. හික් හික්... Hacking Gmail... මමත් ඕක ගත්තා ටික දවසකට කළින්... :D

    ReplyDelete
  7. සිංහල Gnome ගන්නේ කෝමද ?

    budhajeewa AT gmail DOT com වෙත පිළිතුරක් එවන්න...

    ReplyDelete
  8. මම අද Kubantu දෑම්මා , නමුත් එකේ රේසලුශන් 800*600 නේ . ඉට වඩා වෑඩි කරන්න දෙන්නෑ . වින්ඩොස්වල 1024*768 තමයී දුවන්නේ. කොහොමද වෑඩිකරගන්නේ.

    kubantu වලට මුකුත් install කරන්න බෑහෑ . එකෙ " .exe " ෆයීල්ස් ඔපන් කරන්න දෙන්නෑහෑ.
    අනේ උදව් කරන්න...

    ReplyDelete
  9. @Priyankara Perera,
    ඔය ප්‍රශ්නය මෙතනට ඉදිරිපත් කළොත් හොඳයි මම හිතන්නෙ.
    http://googlegroups.com/group/sinhala-bloggers/
    sinhala-bloggers@googlegroups.com

    කෙටි උත්තරයක් දෙන්නම්. ලිනක්ස් හා වින්ඩෝස් කර්නල/ library වල ඇති වෙනස්කම් නිසා වින්ඩෝස් drivers හා exe ‍ගොනු ලිනක්ස් වල වැඩ කරන්නෙ නැහැ. ඔබේ VGA drivers ලිනක්ස් හා නොහැලපෙන නිසා තමයි ඔය resolution ගැටළුව එන්නේ.

    exe ගොනු ලිනක්ස් මත ධාවනය කරන්න බැහැ. නමුත් ලිනක්ස් මත ධාවනය වන Windows emulator එකක් මගින් පුළුවන්. මේ සඳහා දැනට ජනප්‍රිය මෘදුකාංගය wine.
    sudo apt-get install wine
    ඉහත විධානය මගින් wine ස්ථාපනය කරගන්න.
    මේ වීඩියෝ එකත් බලන්න.

    ප්‍රශ්නය මෙතනට ඉදිරිපත් කරන්න.
    http://googlegroups.com/group/sinhala-bloggers/
    sinhala-bloggers@googlegroups.com

    ReplyDelete
  10. අනේ බොහොම ස්තුති අයීයේ...
    මම දෑන් උත්සහ කරලා බලන්නම්...

    ReplyDelete
  11. ශාකුන්තල,

    මෙන්න මේ පැකේජ් එක fedora පාවිච්චි කරන්න හිතන් ඉන්න අයටයි දැනට පාවිච්චි කරණ අයටයි හරි පහසුවෙන් තමන්ට අත්‍යාවශ්‍ය වන මෘදුකාංග කීපයක් ස්ථාපනය කර දෙනවා. (උදා. Java, Flash, Skype,Google apps, Codecs, Media Players, DVD tools, සහ තවත් දේවල් ගොඩක්!)

    http://easylifeproject.org/

    දාලාම බලන්න.

    තාරක

    ReplyDelete
  12. @Tharaka Weerasekara,

    බොහොමත්ම ස්තුතියි. මම දාලම බලන්නම්. අනිත් අයටත් කියන්නම්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර