Friday, January 30, 2009

Many Rivers To Cross ඇබැද්දිය

මට මේ ළඟදි දවසක අපේ රෙපා ගෙන් ගීතයක් ගැන ඔත්තුවක් ලැබුණා. මේක පරණ බටහිර ගීතයක්. Jimmy Cliff ගයන Many Rivers to Cross. අපේ සයිකො රෙපා සම්භාව්‍ය ගණ‍යේ පොරක්. අහන්නෙ සම්භාව්‍ය ගීත. බලන්නෙ සම්භාව්‍ය චිත්‍රපට විතරයි. ඌට Blue Danube කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. මම හිතුවෙ මේකත් එහෙම එකක් කියල. කෝකටත් ඉතිං මාත් Google එ‍කෙන් MP3 හොයන ශිල්ප ක්‍රමය දාලා හෙව්වා සිංදුව. මොකක්ද ඒ ශිල්ප ක්‍රමය? ඒකට සමහර අය කියන්නෙ Google Hacking කියල. පහත දැක්වෙන කේතය Google Search එකට ඇතුළු කරන එකයි මම කළේ.

many rivers to cross intitle:"index.of" "parent directory" "size" "last modified" "description" [snd] (mp4|mp3|avi) -inurl:(jsp|php|html|aspx|htm|cf|shtml|lyrics|mp3s|mp3|index) -gallery -intitle:"last modified" -intitle:"intitle"

ඉතිං මට ආවා ප්‍රතිපල ලැයිස්තුවක්.



මමත් එකින් එක ක්ලික් කළා මට ඕන සිංදුව හොයන්න. මේ තියෙන්නෙත් ආපු ඒවයින් එකක් තමා.



Mouse Pointer එක මේ ලින්ක් එකක් උඩට අරන් ගියාම පෙන්නන්නෙත් MP3 file එකක් නිසා මම ඒක බෑවා. මළ කෙළියයි! ‍මගේ නොසැලකිලිමත් කම නිසා මම බාගෙන තියෙන්නෙ (5.23 MB) 01.many_rivers_to_cross.mp3 නෙවෙයි, (44 KB) 01-2Emany-5Frivers-5Fto-5Fcross.mp3.exe!! Internet Download Manager එකෙන් Download File Info වින්ඩෝ එක එනකොටම කියවන්න කම්මැලිකමට එබුවා Enter key එක.



අන්තර්ජාලයෙන් එව්වා මෙව්වා බානකොට ඔය ෆයිල් රූපාන්තරණය වීම වෙන්න පුළුවන් දෙයක් බව දන්නවා. ඒත් මට ඒක කල්පනා නොවුණු හැටි! කොහොම නමුත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. පොඩි ෆයිල් එකක් නිසා ඇසිල්ලෙන් ඩවුන්ලෝඩ් වුණා. ඉතිං කම්මැලිකමට දෙවෙනි වතාවටත් නොබලා එබුවා Enter!



avast! එකෙන් හෝ ගාලා warnings එන්න ගත්තා. මට හෝ ගාලා දාඩිය දාන්න ගත්තා. මොනව කරන්නද දැන් වෙච්ච දේ වුණා නොවැ? (මේ screenshots ගත්තෙ මේ බ්ලොග් සටහන ලියන වෙලාවෙ, මං ඒ මළ ඉලව්ව ආයෙම බෑවා මගේ පාඨකයන්ට පෙන්නන්න)

මේ exe ගොනුව trojan එකක්. මෙයා වයිරස් එකක් නෙවෙයි. මෙයාගෙ අභ්‍යන්තරයෙ archive format එකකිනුයි වයිරසය තියෙන්නෙ. මෙයා කරන්නෙ ඒක පරිගණකයෙ පැළ කරන එක විතරයි. ඉතිරි හරිය වයිරස් එක බලා ගනී!

කොහොම හරි මම ම අන්තිමේ මගේ මැසිමේ වයිරස් එකක් ධාවනය කරලා! හපොයි!! ඉතිං මම ටික ටික සොයා බලද්දි තේරුණා මම මගේ කලින් බ්ලොග් සටහන් වල විස්තර ලියපු වයිරස තරං මේකෙන් බලපෑමක් නැති බව. a.exe කියල එකක් avast! හොයාගෙන මකලා තිබුණා. ඒත් එක a.exe එකක් run වෙමින් තිබුණා. මම ඒක Windows Task Manager වලින් නවත්තලා Windows Registry එකේ a.exeට තිබුණු යොමුත් මකා දැම්මා. ආ.. දැං සේරම හරි. ඒක එච්චරටම සිම්පල්!

ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ආතල් හම්බ වුණේ. Folder එකක් විවෘත කරනකොට/ Windows Explorer ආරම්භ කරද්දීම එනවා දෝෂ පණිවිඩයක්. කිසිම folder එකක් විවෘත කරන්න බෑ.



OK කලොත් Windows Taskbar සහ Desktop අයිකන මඳකට නොපෙනී යනවා. Cancel කළොත් Visual C++ debugger එක විවෘත වෙනවා, නමුත් ඒකත් stuck වෙනවා! කොහොම වුණත් Windows Safe Mode වලින් boot කරගත්තොත් මේ folders විවෘත කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.

මම දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා හදාගන්න මේක. හරියන්නෙම නෑ වගේ :( . TuneUp Utilities, Advanced Windows Care, CCleaner, avast! Boot Time Scan, Windows Checkdisk මේ එකකටවත් බැරි වුණා ලෙඩේ සනීප කරන්න. වින්ඩෝස්ට GRUB අරහං නිසා repair කරන්නත් බයයි. ළඟදි එන නිවාඩු කාලෙ මොකක් හරි කරනවා.

මට කාට කාටත් දෙන්න ඕන පණිවිඩය මේකයි. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. මම වගේ නිදිමතේ කම්මැලි කමින් යුතුව අන්තර්ජාලය භාවිත කරන්න එපා :P . අන්තර්ජාලය -- අපට මතුපිටින් පෙනෙනවට වඩා භයානකයි. මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි සටහනේ මම පැහැදිලිව ලියල තියෙනවා. ගැටළුවක් තියෙනවනම්/ මට මේ ගැටළුව ලිහා ගන්න උදව්වක් කරන්න පුළුවන් නම් comment ලියන කොටුව පහළ ඇති.



කස්ටිය හිතනව ඇති නේද මූ ලිනක්ස් ගැන මෙච්චර දෙසපු එකා පාවිච්චි කරන්නෙත් වින්ඩෝස් නේද කියලා. ඇත්තම විස්තරේ මේකයි. මේ සිද්ධිය වුණේ අපේ විභාගෙ Multimedia Technologies ප්‍රශ්නපත්‍රය තියෙන දවසට කලින් දවසෙ. වින්ඩෝස් මත වැඩ කරන Adobe Premiere, Photoshop, Illustrator, Flash වගේ දෙවල් වල වැඩ ටිකක් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකයි වින්ඩෝස් පාවිච්චි කරමින් උන්නේ. පාඩම් කරන අතරෙ පොඩි සිංදු break එකකට සෙට් වුණාම තමයි මේ කරුම ඇබැද්දිය වුණේ. :(



දැන් සටහන කියෙව්වනේ. මෙන්න මේ සිංදුවත් අහලම යන්ටකෝ. මට නම් මේක අපූරු ගීතයක්. අපේ රෙපාගෙ recommendation තමයි. :D
වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ බටහිර ගායකයා ආචාර කරන්නෙ සිංහල ක්‍රමයට වගේ :P



Many rivers to cross
But I can't seem to find my way over
Wandering I am lost
As I travel along the white cliffs of dover

Many rivers to cross
And it's only my will that keeps me alive
I've been licked, washed up for years
And I merely survive because of my pride

And this loneliness won't leave me alone
It's such a drag to be on your own
My woman left me and she didn't say why
Well, I guess I'll have to cry

Many rivers to cross
But just where to begin I'm playing for time
There have been times I find myself
Thinking of committing some dreadful crime

Yes, I've got many rivers to cross
But I can't seem to find my way over
Wandering, I am lost
As I travel along the white cliffs of Dover

Yes, I've got many rivers to cross
And I merely survive because of my will...


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

11 comments:

  1. අයියාගේ වැරද්ද, කලින්ම අයියාගේ IDM එකේsetting වලින් Avast! වලට Autoscan after download වගේ දෙයක් දාන්න තිබ්බා. අනික අයියේ Ares වගේ එකක් පාවිච්චි කරා නම් එක අතකින් shape වෙන්න තිබ්බා.

    ReplyDelete
  2. aiye sinduvanam niyamai ada udema ahapu sinduva good

    ReplyDelete
  3. aiye thavath me vage song gena liyanavada

    ReplyDelete
  4. 1) 1st Start the PC in safe mode.

    Do the following things.. no need to do this according to the order)

    2) check the unwanted servises and disable thoes.
    3) run "SYSEdit" on command prompt and check whether is there any link to Unwanted file(s)
    4) Check windows "Scheduled Tasks". If something unwanted is there. delete the task and also delete the files which refer.
    5) check the c:\Autoexec.bat file for "un nessasary" files/links.
    6) check the registry "startup" key for unwanted executable files.
    7) check the windows "Startup" (start->program files-> startup ) for any unwanted links.

    If u need more info/help put a comment or let me know ur MSN or Skype. :)

    ReplyDelete
  5. බලන් ගියාම මට වඩා පිස්සො ඉන්නවනේ මේ ලෝකේ!!

    බින්කුගේ කතාව ඇත්ත.අය්යාගේ තමා වැරැද්ද. එක හැමොටම කියපු එකට මොනවා උනත් ස්තුති කරන්න ඕනේ. මීට පස්සෙ වත් කට්ටිය මෙ වගේ වැඩ වලදි පරිස්සම් වෙයිනේ.

    මේක විසද ගන්න ක්‍රමයක් හොයාගත්තොත් අපිටත් කියන්න.

    තව පොඩි දෙයක්. මේක කියවනකොට මට හිතුන වයිරස් ගැන අපිට එකතු වෙලා බ්ලොග් එකක් ලියන්න බැරි වෙයිද කියල. ඒ කියන්නෙ වයිරස් එන්නේ කොහොමද, වලකවගන්නෙ කොහොමද වගෙ දේවල්. හැබැයි ඔය ලොකු ලොකු කට්ටිය වගෙ බන දෙසන්න නෙවේ. මේ පොස්ට් එක වගෙ ස්ක්‍රීන් ශොට් එක්ක. තව උදාහරනයක් විදියට කියනව නම් මගෙ මේ පොස්ට් එක.



    ගොඩක් අයට මේ වගෙ දෙවල් ප්‍රයොජනවත් වේවි කියල හිතෙනව.

    කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. මොකද කට්ටියගේ අදහස?

    ReplyDelete
  6. http://myworldmywaysmyideas.blogspot.com/2009/01/clean-your-system-after.html

    This is the post i mentioned in my comment. Sorry for the html error in the post

    ReplyDelete
  7. oka mata wuna limewire eken. mp3, wma kiyala extension eka thiyenne . habai file eka 140kb..

    many rivers to cross mageth priyanathama geethayak. eke version godak thiyenawa..
    harry nilsson ge version ekath apoorui. tikak jazz thalayakata yana ekak..
    kamathi nam ahala balanna..

    http://beemp3.com/download.php?file=730723&song=Many+Rivers+To+Cross

    file eka download wenne index.php kiyala.
    eka mp3 walata rename karaganna. :D

    ReplyDelete
  8. @බින්කු,
    ස්තුතියි මලයෝ... මම මේ දැන් Ares බෑවා. FOSS Rocks!

    @rahoocent,
    ලියන්නම්. රසවිඳින්න හොඳයි කියලා හිතෙන දෙයක් අළුතෙන් ලැබුණොත් ඒ ගැන අනිවාර්යයෙන්ම ලියනවා.

    @eRanga,
    Thanks for your support dude :)
    I followed your instructions, but nothing unusual found. And also, currently there are no unknown processes running. This problem seems to be caused by damage to the registry but no tool is able to fix it. :(

    @deeps,
    බින්කුයි මමයි තව යාළුවෙකුයි හවුලෙ ලියන කොම්පුටරේ! වයිරස් ගැනත් ලියන්න පුළුවන් වෙයි. Join වෙන්න කැමති නම් බින්කුට කියන්න. එයා තමයි admin. :)

    @ගවේෂණ,
    ස්තුතියි. මට නම් index.php නැතුව MP3 එකම ආවා. මම ඉන්නේ මේ දැන් එයට සවන් දෙමින්. ඇත්තෙන්ම අපූරුයි. Rock version එකක් නැද්ද? මම මේ දවස් වල hard rock/ metallica වලටයි බර :P

    ReplyDelete
  9. @ shakunthala

    rock version ekak mamath awurddaka withara idan hoyanawa. thama ekak set wune nam na.:(
    hambawunoth aniwa dennam link eka..:D
    ela ela.. Rock ahanawa nam maru.. Ridmeta ROCK wemu..:P

    ReplyDelete
  10. වයිරස් ගැන බ්ලොග් එකක් කව්රුහරි ලියනවනම් හොඳයි.
    මට නම් cmd commands වැඩිය දැනං හිටියෙත් නෑ.ඉස්සර දැනං හිටපුව දැන් මතකත් නෑ.
    මගේ ගෙදර පරිගනකයේ xpට වයිරස් නිසා හොඳටම අසනීපයි. නගයි මලයයි නහයෙන් අඬනවා හදල දෙන්න කියල.මට නම් තේරෙන්නෙ නෑ Windows මළ ඉලව්ව.මම Linux වලින් මගේ පාඩුවෙ වැඩ ටික කරගන්නවා.
    ශාකුන්තල අයියෙ නිවාඩු වෙලාවල අර cmd එක browser එක එහෙම නැති වෙලා යන වයිරස් එක අයින් කරන හැටි ලියන්නකෝ....
    නැත්නම් මුන් දෙන්නා මගෙ ඔළුව කාලා ඉවර කරනවා ළඟදිම

    ReplyDelete
  11. @සුසිත,
    හොඳම වැඩේ hard drive එක වෙන computer එකකට සම්බන්ධ කරලා scan කරන එක. නමුත් වයිරස් නිසා සිද්ධ වෙන සමහර හානි යථා තත්වයට පත් කරන්න ඒ ක්‍රමයෙන් බැහැ. ඒ නිසා ඒක නැවත තමන්ගෙ පරිණකයෙ සවි කරලා ඒ disk එකෙන්ම බූට් කරලා TuneUp වගේ මෘදුකාංගයකින් repair කරන්න. නමුත් ඒකත් 100% සාර්ථක වෙයිද කියන්න මම දන්නෙ නෑ.

    ම‍ට මේකෙන් මගේ ලැප්ටොප් එක ආසාදනය කරවගෙන පරීක්ෂණ කරන්න බයයි. කොහෙන් හරි ක්‍රමයක් අහු වුනොත් කියන්නම්.

    ReplyDelete

Facebook ප්‍රතිචාර