Saturday, February 28, 2009

Pidgin (Windows) සිංහල අවුල

දැන් ගොඩක් අය Pidgin පාවිච්චි කරනවා, Windows වල පවා. මේකට හේතුව Pidgin විවිධ සේවා සපයන්නන් වෙත සහය දැක්වීම. ඒ කියන්නෙ GTalk, Yahoo, Windows Live ආදී ගිණුම් කීපයක් එකවර පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරි කාලයෙදි මෙයට Facebook Chat එකත් එක් වේවි.

Pidgin වල අනෙක් වාසිය තමයි lightweight වීම. ඒ කියන්නෙ අඩු වශයෙන් memory භාවිත වීම. Yahoo Messenger පාවිච්චි කරනවා නම්, වෙබ්කැම් පාවිච්චි කරන්නෙ නැත්නම් Pidgin වලට මාරු වෙලා බලන්න. සිම්පල් බව දැනේවි. ;)

නමුත් Pidgin වල වින්ඩෝස් සංස්කරණයෙ පොඩි අවුලකට තියෙන්නෙ සිංහල අකුරු කොටු ලෙස දිස් වීම. Pidgin වලට මාරු වෙච්ච සමහර අයට තියෙන අවුලක් මේක. විසඳුම හරිම සරලයි. Pidgin වල font එක Iskoola Pota ලෙස සකස් කරන්න. නමුත් Malithi Web වලට මාරු කළාම නම් නම් අවුල ලිහුණෙ නෑ. හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න...









මටත් මේ අවුල තිබුණා අද වෙනතුරු. මම ඉතිං විසඳුම අත ළඟ තියෙද්දි මාර ජෝක් වැඩකුත් කළා කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ. මම කළේ Pidgin ස්ථාපනය කර තිබුණ folder එකේ Pidgin වල configuration ගොනුවක් (ලාවට pidgin.conf වගේ) තියෙනවද කියල හොයපු එක. මොකක් හරි එකක් iso-8859-1 වල ඉඳල utf-8 ට මාරු කරන්න ඕන වගේ හැඟීමක් තිබුණෙ. මොකද එහෙම සැකසුමක් preferences වල හොයාගන්න නැති නිසා. අන්තර්ජාලයෙන් ‍මේ වගේ දේවල් හොයාගන්න පුරුද්දකුත් තාම මට හරි හැටි නෑ. මොකද මම (හරිහමන්?) අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගත්තෙත් මෑතකදි නිසා. (අන්තර්ජාල සම්බන්ධතාවයෙ කතාව වෙනම සටහනක ලියන්න පුළුවන්) කොහොම හරි Google හොයල දුන්න මේකෙන් තමයි අන්තිමේදි පොඩි අයිඩියාවක් ආවෙ.

අවසාන නිගමනය මෙන්න: :P



බාගැනීම්:
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, February 25, 2009

මේක දැකල තියෙනවද?

අපේ ගෙදර ඇති දැඩි කළ බැළලියක් මීට පැය කීපයකට පෙර පැටවුන් දෙදෙනෙකු බිහි කළා.

පළමු බළල් පැටවා ඉතාම ලස්සනයි... ලොම් දිගයි. නමුත් ඒ බළල් පැටවාගේ ආයුෂ එක්‍ හෝරාවකින් නිම වුණා. අන්ත්‍රය උදර බිත්තියත් පලාගෙන එළියට ඇවිත් තිබුණා. මුලින් මෙය පෙනුනේ ලේ තැවරුණ මස් වැදැල්ලක් වගේ. ඒත් බළල් පැටවාගේ මළ සිරුර මව් බැළලිය සිටින තැනින් ඉවතට ගත් පසුව තමයි මස් වැදිල්ලක් වගේ මුලින් පෙනුණෙ ආහාර මාර්ගය බව හිතාගන්න පුළුවන් වුණේ. පින්තූරයක් පළ කරන්නෙ නෑ සංවේදී අයට දරා ගැනී අපහසු වේවි කියල හිතුණ නිසා :(

දෙවැනි බළල් පැටිය කළුයි, නිරෝගීයි.. ඒත් තුන් වෙනියා......................

තුන් වෙනියගෙ සිද්ධිය මම මීට කලින් දැකල නෑ.. ඒකයි මම මේ වෙනුවෙන් බ්ලොග් සටහනක් ලියන්න හේතු වුණේ.

තුන් වන බළල් පැටවා සම්පූර්ණයෙන් වැඩිලා නෑ. තුන්වෙනියගේ කවන්ධ සිරුර තවමත් තියෙන්නෙ බැළලියගෙ ඇඟ ඇතුලෙ! මේ පින්තූර වල තියෙන්නෙ උපතේදී කැඩී වෙන්වුණ තුන් වෙනි බළල් පැටවාගෙ හිස!!

මේ පින්තූර වලින් කාටවත් එතරම් බලපෑමක් නෑ කියල හිතෙන නිසා පළ කරනවා.







ඔන්න ඔහෙමයි සිද්ධිය... දුකයි සතුටුයි. අටලෝ දහමෙන් කාටවත් ගැළවීමක් නෑ!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Tuesday, February 24, 2009

මෙහෙම වුණේ කොහොමද?

මම ඊයෙ රෑ blogger.com එකට ආවම දැක්කෙ, මගේ බ්ලොග් එකේ Followersලා ගණන අඩු වෙලා. මුලින් 39ක් තිබුණු එක 29ට බැහැලා. මේ හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු අනෙක් වැඩසටහන, ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි වලටත් ඒ සන්තෑසියමයි -- 39 --> 29 වෙලා. ඉතින් මම බැලුවා මේ මොකද කියලා.

මම නිකමට Known Issues පැත්තෙ ගියාමයි හේතුව දකින්න ලැබුණෙ. එයාල Google Friend Connect එක්ක Blogger එකට එකතු කරන්නයි යන්නේ. Google Friend Connect පාවිච්චි වෙන මම දන්න වෙබ් අඩවියක් තමයි සුදාරක මලයාගේ බ්ලොග් එක. බලන්න ඒකෙ අපි කස්ටියගෙ මූණු ටික අතරේ මගෙ රතු පාට කන්ජි එක බැබලෙන හැටි :P . Followers වගේම තමයි. මරු නේද? Wordpress හා වෙනත් Google Blogger නොවන අඩවිත් ප්‍රසිද්ධියේ හඹා යන්න පුළුවන්.

කොහොම හරි ඇත්තෙන්ම Followers හැලිලා නෑ. ඒ අය නිර්නාමිකව බ්ලොග් එක follow කරනවා. Google Friend Connect දියත් කිරීමත් එක්කම මේ තත්වය යථා තත්වයට පත් කරන බව ඔවුන් කියනවා. ඒ නිසා Follow කරන අය අඩු වෙලා නම් ගනංගන්න එපා. කලින් මගේ මූණත්තහඩුව තිබුණ බ්ලොග් අඩවියක දැන් ඒක පේන්න නැත්තං, ගනංගන්න එපා.. මට updates එනවා. :)

මෙන්න Known Issues වල තිබුණ විස්තරය:
You may have noticed that the count of your public Followers has decreased over the last few hours. We are in the process of integrating with Google Friend Connect.

There are a few users that already use both Blogger Following and Google Friend Connect. To avoid linking the profiles of Blogger and Friend Connect users without their permission, we have set these users to "anonymous". They are still following privately and will able to make themselves public again.

After the official launch of the Friend Connect integration, we will communicate with the affected users and instruct them how to reset their relationship to public. To reiterate: the number of Followers has not changed, and we believe that the launch will improve the visibility of your blog and community. We will post more details on Blogger Buzz as the launch approaches.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, February 22, 2009

ප්‍රවේශම් වන්න! ඔබේ පෞද්ගලිකත්වය රැකගන්න!!

අසා තිබෙනවද Facebook Error Check System ගැන? මට එවැන්නක් දක්නට ලැබුණු නිසාත්, එය රැවටීමක් යයි හැඟී ගිය නිසාත් මේ සටහන ලියන්න හිතුණා.

පහත දැක්වෙන තිරපිටපත බලන්න. මගේ යාළුවෙක් මගේ Facebook profile එක බලද්දි දෝෂ කීපයක් ඇති වුණාලු. දෝෂ පණිවුඩ බලන්න සබැඳියකුත් දී තිබෙනවා.



ඒ සබැඳිය ක්ලික් කළාම සිදු වන දෙය දෙවැනි තිරපිටපතේ තිබෙනවා.



මෙය Facebook විසින් හෝ කිසියම් තෙවැනි පාර්ශ්වයක් විසින් සාදන ලද Facebook Application එකක් ලෙස මෙතනදී අපට හිතන්න පුළුවන්. බොහෝ අය පොට වරද්දා ගන්නෙ මෙතනින්. වැඩිදුර නොහිතා... ඇතැම් විට හිතන්නෙම නැතුව ප්‍රතීකයක් වගේ එයාල කරන්නෙ Allow click කරන එක. නිකමට හිතල බලන්න ඒකෙන් වෙන්න පුළුවන් දේ... මේ application එකේ නිර්මාතෘ Facebook නොවෙන්නත් පුළුවන්. තවදුරටත් හිතුවොත් විශ්වාසදායී කෙනෙක් නොවෙන්නත් පුළුවන්. එහෙම කෙනෙකු අතට අපේ ඡායාරූප හා වෙනත් තොරතුරු පත්වෙන්න දෙන එක හොඳ දෙයක් නෙවෙයි. ඔය Allow කියන එකට උඩින් කියල තියෙන්නෙ ඒකයි.

මොනම Facebook application එකක් වුණත් පාවිච්චියට කලින් ඒකෙ වගතුග දැන සිටිය යුතුයි. ඒ නිසා ඉහත දෙවැනි තිරපිටපතේ ආකාරයට application එකේ තොරතුරු පෙන්වන පිටුවට ගිහින් බලන්න.



දැන් පෙනෙනවා ඇති මෙය Facebook විසින් කරන ලද්දක් නොවන බව. ඒ වගේම බලන්න මේ පිටුවෙ රසික සංඛ්‍යාව. කෝටි ගණනක් සාමාජිකයන් ඉන්න වෙබ් අඩවියක මේ පිටුව බලන්න එන්නෙ 88 දෙනයි. [මගෙ යාළුවො තුන්දෙනෙකුත් අහුවෙලා ඉන්නෙ... ;) ]

ඉතින් මම මේකටත් දුන්නෙ මගේ හිතුවක්කාර උත්තරයමයි. ඒ බ්ලොක් කිරීම සහ බ්ලොග් කිරීම... :D



කොහොම වුණත් Facebook පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න තමන්ගෙ ‍පෞද්ගලිකත්වය ගැන. අපේ බින්කු මලයා ලියූ මේ ලිපියත් කියවන්න.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Friday, February 20, 2009

Fedora/ Ubuntu මත Shiretoko ස්ථාපනය කරමු

Shiretoko,... Mozilla Firefox පවුලේ මීළඟ සාමාජිකයාගේ පරීක්ෂණ නිකුතුව ගැන කවුරුත් දැන් දන්නවා ඇතිනෙ. දන්නෙ නැති නම් කියවන්න මෙතනින්.

වින්ඩෝස් මත Shiretoko ස්ථාපනය කිරීම mouse clicks කීපයකින් පුළුවන්. ඒත් වින්ඩෝස් වලටම හුරු වෙලා ඉන්න අයට ලිනක්ස් වල Shiretoko ස්ථාපනය ටිකක් අමාරු වැඩක් වගේ පේන්න පුළුවන්. ඇත්තටම ඒක අමාරු නෑ. ඉතාම සරලයි. පහත දැක්වෙන පියවර කීපය අනුගමනය කරන්න.

Shiretoko භාගත කරන්න. [ලිනක්ස්]

Terminal එක විවෘත කරන්න. පහත විධාන එකින් එක ලබා දෙන්න.

පළමුව root හිමිකම් ලබාගනිමු.

su

දැන් භාගත කරගත් archive එක විසුරුවමු. ඉන්පසු archive එක ඉවත් කළ හැකියි.

tar -jxvf firefox-3.1b3pre.si.linux-i686.tar.bz2 -C /opt

rm firefox-3.1b3pre.si.linux-i686.tar.bz2

අවසන් පියවර ලෙස /usr/bin/ තුළ shiretoko සඳහා සංකේතාත්මක සන්ධියක් (symbolic link) සාදමු. ඉන් පසු root හිමිකම් වෙතින් ඉවත් විය හැකියි.

ln -s /opt/firefox/firefox /usr/bin/shiretoko

exit

පරීක්ෂා කිරීමට,

shiretoko &

සියලු පියවර නිවැරදිව සිදු කළේ නම් Shiretoko ධාවනය වනු ඇති.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Thursday, February 19, 2009

වයිරස් දෙන PisSu ආතල්

මේ ළඟදි දවසක කැම්පස් එකේ computer එකක Photoshop විවෘත කරද්දී ආපු පණිවුඩයක් මේක. මට මොළේ අළුත් කරගන්නලු. මට එදා නම් මේක දැකල මාර හිනා. මොකද මං බය නෑනේ වයිරස් වලට. හැබැයි මගේ පසුගිය බ්ලොග් සටහනකට හේතු පාදක වුණ සිද්ධියෙන් පස්සෙ නම් මම ටිකක් විතර බයයි.



ඉතිං මටත් නිකං ඉන්න බෑනෙ. මාත් දන්න වැඩ කිඩ එක එක පටන් ගත්තා. සරල තැනින් ප‍ටන් ගන්න ඕන. මුලින්ම Windows Task Manager. ඒක හරිගියා! මෙයා වැඩියම කරදර කරන්නෙ නෑ වගේ. Task Manager වල Processes tab එකට ගියාම මෙන්න මොකක්දෝ එකක් නටනවා!!

හොඳට බැලුවම තේරුණා නිකං pissu.exe වගේ එකක් කියලා. ඒක එනවා - යනවා, යනවා - එනවා. මොන විකාරයක්ද? කෝකටත් මගේ ප්‍රියතම taskkill /f /im pissu.exe විධානය දීලා බැලුවා. වැඩේ හරි. දැන් Photoshop වැඩ.



මෙන්න තව එකක්. පහත දැක්වෙන තිරපිටපත් දෙක හොඳට බලන්න. පළමු වෙනි තිරපිටපත ගත්තට පසුව ඒ වින්ඩෝ එකම පහළට scroll කරල තමයි දෙවැන්න ගත්තෙ.





හොඳට බලන්න අවස්ථා දෙකේදි වෙනස. පළමුවෙනි එකේ සලකුණු කරපු තැන කියන්නෙ දත්ත උපාංගයේ (flash drive) තියෙන ක්‍රමලේඛය පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. දෙවැන්නෙ සලකුණු කරපු තැන තියෙන්නෙ Windows Explorer පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. බැලු බැල්මට දෙකම එක වගේ. ඉතින් දත්ත උපාංගයේ තියෙන ක්‍රමලේඛය වයිරසයක් බව දැන් වැටහෙන්න ඕන නේද? ඒ නිසා මේ ආකාරයට බහාලුම් විවෘත කිරීමෙදි සැලකිලිමක් වෙන්න ඕන.



මට මේ වයිරස්, Task Manager, Taskkill ගැන ලියලම එපා වෙලා. මෙහෙම ගියොත් මේකත් අර කැටපෝල් පිස්සගෙ කතන්දරේ වගේ වෙයිද දන්නෑ. :D

෴සමීර ශාකුන්තල෴

Tuesday, February 17, 2009

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

JPG කිව්ව විනිවිද බලන්න බෑ කියල
BMP කිව්ව ගොඩක් ඉඩකඩ ඕන කියල
GIF කිව්ව පාට ගොඩක් බෑ කියල
මම PNG වලට මාරු වුණා. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

මගේ මෑත ලියූ බ්ලොග් සටහන් වල තියෙන පින්තූර download කරගෙන බලන්න. PNG rocks! PNG format එක GNU/GPL.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Monday, February 16, 2009

වයර් මාරුවෙච්ච Facebook?

Facebookට වයර් මාරුවෙලාද? Yahoo Mail එකෙත් ‍මේ අවුලම තිබුණා. මෙව්ව තාම බීටා බඩුනේ.. ඒ නිසා කවුරුත් ගනංගන්නෙ නෑ... ;)




෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Saturday, February 14, 2009

ප්‍රවේශම් වන්න! ස්පෑම්!!

මට ලැබුණු විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් ඇති වෙච්ච කලකිරීම නිසා ලියන සටහනක් මේක. මේ දවස් වල නිවාඩු වුණාට බ්ලොග් ලියන්න වෙලාව නෑ. ඒත් මේක නම් ලිවිය යුතුමයි මේවට අහු වෙන පිරිස බේරාගන්න.

මුලින්ම මේ තිරපිටපත දිහා බලන්න. [පැහැදිලිව බලන්න තිරපිටපත මත ක්ලික් කරන්න]



ඒකෙ කියනවා Please Pass this email copying betogetherforall@gmail.com කියල. ඒ මොකටද කියල නිකමටවත් හිතුවද? ඊමේල් වලින් එන හැම දහජරාවම forward කරන්න පුරුදු වෙලා ඉන්න අය මේක දැක්කම මොකද කරන්නෙ? To field එකේ තමන්ගෙ යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික ඔක්කොම ඇතුළු කරල අන්තිමේ betogetherforall@gmail.com එකත් ඒකටම එක් කරනවා.

දැන් මොකද වෙන්නෙ? මෙතැන් සිට කතන්දරේ සත්‍යතාව ඔප්පු කරල පෙන්නන්න ක්‍රමයක් මට නැති වුණත් ඊළඟට වෙන්න පුළුවන් දේ ඒක බව අන්තර්ජාලයේ කළු කඩ මුදලාලිලාගේ වැඩ ගැන දන්න ඕන කෙනෙක් සනාථ කරාවි. betogether@gmail.com ට යනවා ඒ විද්‍යුත් තැපැල් ලිපින ඔක්කොම. එයා ඒ ටික පිටපත් කරගෙන සුරක්ෂිතව තියා ගන්නවා. ඔය අතරෙ කළුකඩ මුදලාලියෙකුට ඕන වෙනවා තමන්ගෙ වෙබ් අඩවිය ප්‍රචාරය කරන්න. එයා තෝරගන්නෙ ස්පෑම් යැවීමේ ක්‍රමය. ඒ සඳහා එයා betogetherforall@gmail.com ට මුදලක් ගෙවල betogetherforall@gmail.com විසින් එකතු කරගත් විද්‍යුත් තැපැල් ලිපින ටික මිලයට ගන්නවා. ඊට පස්සෙ සිද්ධ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සමහර විට betogetherforall@gmail.com ම මුදලාලියා වෙන්න පුළුවන්.

ටිකක් හිතල බලන්න විද්‍යුත් තැපැල් පණිවුඩ 5,000,000 ක් හමුදාවට කන්නද? මොකක්ද මේ වැඩේ තේරුම? අඩු ගානෙ අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය ගැන වචනයක්වත් මෙතන තියෙනවද? අනික, මේක නිළ වශයෙන් කරන වැඩක් නෙවෙයි කියල ඔප්පු කරන්න හොඳම සාධකය, ඇයි මේක someone@defence.lk වගේ ලිපිනයකින් යවන්නෙ නැතුව Gmail ලිපිනයකින් යවන්නෙ? (Gmail එකෙන් නොමිලේ 7 GB+ දෙන නිසා කියල නං කියන්න එපා :D )

මට කලකිරීමක් ඇති වෙන්න හේතුව වුණේ අපේ වීරෝදාර හමුදාවන් විසින් බොහෝ කැපවීම් කරල ලබාගන්න ජයග්‍රහණ වෙනත් පාර්ශව විසින් අයුතු ලෙස යොදා ගන්නා ආකාරය දකින්නට සිදු වීම. මානුෂිකව හිතන කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද?

මේ වගේ පණිවුඩයක් ලැබුණාම එය තව කෙනෙකුට යවන්න කලින් දෙපාරක් හිතන්න. ඔබේ මෙන්ම ඔබේ මිතුරාගේත් පෞද්ගලිකත්වය ඔබේ අතේ! යවන්න අවශ්‍යම නම් යාළුවන්ගෙ විද්‍යුත් තැපැල් ලිපින ටික To වලට නොදමා Bcc වලට දමන්න.

අනිත් කාරණාව ඔබට ස්පෑම්, එනම් අනවශ්‍ය කරදරකාරී විද්‍යුත් ලිපියක් ලැබුණොත් Report Spam button එක ක්ලික් කරන්න පැකිළෙන්න එපා. එවිට ඊමේල් සේවා සපයන්නන් විසින් ඒ පණිවුඩයේ ස්වභාවය පිළිබඳව වාර්තා තබාගෙන ඒ පණිවුඩයේ පැතිරීම නැත්තටම නැති කරන්න ඔවුන්ගේ ප්‍රයත්නය දරාවි. මට පහුගිය දවස් වල වැඩියෙන්ම කරදර කළ ස්පෑම් එක වුණේ Java Sri Lanka ප්‍රදර්ශනය ගැන ආපු ස්පෑම් එක. මම ඒක report කළාම ඒ අය වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයකින් එවන්න පටන් ගත්තා... කොහොමහරි දැන් නම් ඒ කරදරේ ඉවරයි... :)

මම ස්පෑම් ගැන කතා කරන්න ගිහින් ටිකක් විතර මාතෘකාවෙන් පිට පැන්නා. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකයි. තමන්ට එන හැම විද්‍යුත් තැපැල් පණිවුඩයක්ම forward කරන්න එපා. පිළිතුරු යවන්නත් එපා. අවශ්‍ය වැදගත් පණිවුඩ ටිකට පමණක් ප්‍රතිචාර දැක්වුවාම හොඳටම ඇති. මොකද විද්‍යුත් තැපෑලත් සමග තමන්ගෙ විතරක් නෙවෙයි වටේ ඉන්න යාළුවන්ගෙත් පෞද්ගලිකත්වය බැඳිලා තියෙනවා. ඉතින්, මේ වගේ පණිවුඩයක් ආයෙත් එනකං මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ Report Spam ක්ලික් කරන්න. මොකද ඒක වැඩිය පාවිච්චි වෙන button එකක් නෙවෙයිනේ... ආසයි ඔබන්න. :D

Saturday, February 7, 2009

පුද්ගල සෙවුම

යම් පුද්ගලයෙකු පිළිබඳ අන්තර්ජාලයේ ඇති තොරතුරු මොනවාදැයි සොයා බැලීමේ අවශ්‍යතාව සමහර විටෙක ඔබටත් ඇති වී තිබෙන්නට පුළුවන්. මේ සඳහාම විශේෂිත සෙවුම් යන්ත්‍ර (search engines) තිබෙනවා. Pipl එවැන්නක්.

සෙවුම් යන්ත්‍රයක් කිව්වම කාටත් මුලින්ම මතක් වෙන්නෙ Google. නමුත් ගූග්ල් සෙවුම් ප්‍රතිපල වල අපට අනවශ්‍ය දේත් අඩංගුයි (අනවශ්‍ය දේ නිසා අවශ්‍ය දේ ප්‍රතිපල ලැයිස්තුවේ පහළට යනවා). මේ සඳහාම විශේෂිත වූ සෙවුම් යන්ත්‍ර වලින් වඩාත් නිර්වද්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්. Pipl භාවිතය හරිම පහසුයි -- P I P L Ctrl+Enter.


නම, විද්‍යුත් තැපැල් ලිපිනය, දුරකථන අංකය අනුව සොයන්න පුළුවන්.


AJAX වැඩ කිඩ



AJAX වැඩ කිඩ. Personal Profiles වෙනම පෙන්නනවා.


මගේ LinkedIn profile එක මුල් ප්‍රතිපල අතරට ඇවිත් නෑ... වැඩේ කැතයි. Grrr!!

අවුලකට තියෙන්නේ මේක සිංහල යුනිකේත සහය නොදක්වන එක :( . සිංහල නමක් හොයන්න ගියාම මාර අමුතු නම් තමයි පෙන්නන්නේ. මීළඟ තිරපිටපත මෙතන දැම්මට මගේ මිත්‍රයා පහන් තරහ වෙන එකක් නෑ කියල හිතනවා. පොඩි ආතල් එකක් දෙන්න හිතුණ නිසා එහෙම දැම්මෙ.


මෙන්න අවුල

මම මේ වෙබ් අඩවිය පාවිච්චි කරන්න පටන් ගෙන වැඩි කාලයක් නැහැ. නමුත් මම මෙය පාවිච්චි කළ සෑම අවස්ථාවකම ඉතා සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නා (මගේ නම සෙවීමේදී හැර ;) ).

පාවිච්චි කරලම බලන්න - PIPL

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Wednesday, February 4, 2009

මම CodePlex ගියෙමි

මගේ ලැප්ටොප් එකේ වින්ඩෝස් වල මේ දවස් වල අවුලක් නිසා මම මේ ටිකක් svchost ගැන හෙව්වා.


මේක තමා අවුල

මට අපූරු භාණ්ඩයක් හම්බ වුණා. ඒකෙ නම svchost viewer. මේකෙන් වින්ඩෝස් වල run වෙන svchost.exe සැකසුම් වල වැදගත් තොරතුරු ගන්න පුළුවන්ලු. මේකෙ එක වැදගත්කමක් තමයි වයිරස් අල්ලාගන්න පුළුවන් වීම. ඉතින් මමත් මේක බාගන්න ගියා. මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. අඩේ ඕර්පන් සෝර්ස්... කේතයත් එතනින්ම බාන්න පුළුවන්. මම (කෑදර කමට) ඒකත් බෑවා.

වැදගත්ම දේ ඒක නෙවෙයි. මේකෙ EULA (End User's License Agreement) එක (ගොඩක් අය කියවන්නෙ නෑ. ඒත් මං කියවනවා). ඒක Microsoft Public License Ms-PL කියල එකක්. Microsoft? Open Source?? දෙලොවක් අතර අතරමං වුණා වගේ... මොකක්ද‍ මේ කියල ආපහු සැරයක් බැලුවා. මේක Microsoft එකෙන් කරන Open Source ව්‍යාපෘතියක්. ටිකක් විතර GNU/GPL ගතියකුත් ගෑවිලා වගේ, ;) .. මොකද මේ මෘදුකාංගය හෝ එහි ඕනෑම කොටසක් හෝ බෙදාහරින්න පුළුවන් Ms-PL යටතේම පමණයි. මේ ආකාරයේ බලපත් වලට කියන්නෙ viral license කියල. GNU/GPL එකත් එහෙමයි.

මයික්‍රොසොෆ්ට් එක මේ විධියට විවෘත කේත පැත්තට හැරුණෙ ඇයිද කියන එක ගැන මොනවද හිතන්නෙ? ඇති වී තිබෙන ආර්ථික පසුබෑම නිසාද? මෘදුකාංග නිදහස් කරගැනීමේ සටන නිසාද? නැත්තම් විවෘත කේත වලට කැමති අයව ආකර්ෂණය කර ගැනීමේ උපායක්ද? තාම මීටර් නෑ මේක මට. බොහෝ විට විවෘත කේත ලෝකයේ දැනුම මයික්‍රොසොෆ්ට් පැත්තට හරවා ගැනීමේ උපායක් කියලයි මට හිතෙන්නෙ. කවදා හරි මෘදුකාංග නිදහස් වෙනවා නම් ඒකෙ ඇති වරදක් මම දකින්නෙ නෑ. ඒත් මෙයාලගෙ ප්‍රතිපත්ති පසුකාලීනව ආපහු වෙනස් වෙයිද? පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙනවා. කමක් නෑ. කෝකටත් කියලා මමත් ලියාපදිංචි වුණා CodePlex අඩවියේ -- FOSS Rocks!

දැන් බලමු svchost viewer වැඩ ටික.


ආරම්භය


කාගෙ වැඩක්ද?


මෙන්න අපි වැඩ

එක svchost.exe instance එකක වැඩ කරන services ගණන, කියැවූ හා ලියූ දත්ත ප්‍රමාණය, මතක භාවිතය, threads ගණන විතරක් නෙවෙයි එහි තත්වය හා එය ක්‍රියාත්මක වන්නේ ගොනු පද්ධතියේ කොහි සිටද යන තොරතුරුත් පෙන්වනවා. මෙහිදී කිව යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි svchost.exe ක්‍රමලේඛය %SYSTEMROOT%\System32\ (සාමාන්‍යයෙන් C:\WINDOWS\System32\) හැර වෙනත් තැනක සිට ක්‍රියාත්මක වෙනවා නම් එය වයිරසයක් වීමේ සම්භාවිතාව වැඩි බව. එක් එක් svchost.exe මගින් ඒ අවස්ථාවේ භාවිත කරන DLL ගොනු පිළිබඳවත් තොරතුරු මෙහි පෙන්වනවානම් තවත් වටිනවා. මම හිතන්නෙ ඒ පහසුකම් ඉක්මනටම ඒවි.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴