Sunday, February 22, 2009

ප්‍රවේශම් වන්න! ඔබේ පෞද්ගලිකත්වය රැකගන්න!!

අසා තිබෙනවද Facebook Error Check System ගැන? මට එවැන්නක් දක්නට ලැබුණු නිසාත්, එය රැවටීමක් යයි හැඟී ගිය නිසාත් මේ සටහන ලියන්න හිතුණා.

පහත දැක්වෙන තිරපිටපත බලන්න. මගේ යාළුවෙක් මගේ Facebook profile එක බලද්දි දෝෂ කීපයක් ඇති වුණාලු. දෝෂ පණිවුඩ බලන්න සබැඳියකුත් දී තිබෙනවා.



ඒ සබැඳිය ක්ලික් කළාම සිදු වන දෙය දෙවැනි තිරපිටපතේ තිබෙනවා.



මෙය Facebook විසින් හෝ කිසියම් තෙවැනි පාර්ශ්වයක් විසින් සාදන ලද Facebook Application එකක් ලෙස මෙතනදී අපට හිතන්න පුළුවන්. බොහෝ අය පොට වරද්දා ගන්නෙ මෙතනින්. වැඩිදුර නොහිතා... ඇතැම් විට හිතන්නෙම නැතුව ප්‍රතීකයක් වගේ එයාල කරන්නෙ Allow click කරන එක. නිකමට හිතල බලන්න ඒකෙන් වෙන්න පුළුවන් දේ... මේ application එකේ නිර්මාතෘ Facebook නොවෙන්නත් පුළුවන්. තවදුරටත් හිතුවොත් විශ්වාසදායී කෙනෙක් නොවෙන්නත් පුළුවන්. එහෙම කෙනෙකු අතට අපේ ඡායාරූප හා වෙනත් තොරතුරු පත්වෙන්න දෙන එක හොඳ දෙයක් නෙවෙයි. ඔය Allow කියන එකට උඩින් කියල තියෙන්නෙ ඒකයි.

මොනම Facebook application එකක් වුණත් පාවිච්චියට කලින් ඒකෙ වගතුග දැන සිටිය යුතුයි. ඒ නිසා ඉහත දෙවැනි තිරපිටපතේ ආකාරයට application එකේ තොරතුරු පෙන්වන පිටුවට ගිහින් බලන්න.



දැන් පෙනෙනවා ඇති මෙය Facebook විසින් කරන ලද්දක් නොවන බව. ඒ වගේම බලන්න මේ පිටුවෙ රසික සංඛ්‍යාව. කෝටි ගණනක් සාමාජිකයන් ඉන්න වෙබ් අඩවියක මේ පිටුව බලන්න එන්නෙ 88 දෙනයි. [මගෙ යාළුවො තුන්දෙනෙකුත් අහුවෙලා ඉන්නෙ... ;) ]

ඉතින් මම මේකටත් දුන්නෙ මගේ හිතුවක්කාර උත්තරයමයි. ඒ බ්ලොක් කිරීම සහ බ්ලොග් කිරීම... :D



කොහොම වුණත් Facebook පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න තමන්ගෙ ‍පෞද්ගලිකත්වය ගැන. අපේ බින්කු මලයා ලියූ මේ ලිපියත් කියවන්න.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

9 comments:

  1. විශ්වාස කරන්න අයියා, මටත් ඔය වගේ එව්වා පහක්ම ආවා වගේම මාත් පොඩ්ඩෙන් එකතු කරන්න ගිහින් ඇත්තටම අයියා කිව්ව කාරණ මට හිතුණ හින්දාම බේරිලා, මකලා ඉට පස්සෙ වෙස්මුහුණේ බලධාරින්හෙන් විමසුවා, අනිත් අයටත් මටත් කියන්න තියෙන්නේ ශාකු අයියත් වගෙ බිලොක් කරලා එහෙම කරන්න කියලායි (පුළුවන් නම් වෙස්පොතේ ලොක්කෝට කියන්න.). මේ ලිපියට ගිහින් බලන්න වැඩි විස්තර ගන්නට.

    වෙස් පොතේ කට්ටියකුත් එක්කසු වෙලා ඉන්නේ මෙව්වාට, මෙන්න මෙ දෙකටත් ගිහින් එකතු වෙන්න කැමති නම්.
    කට්ටිය එක කට්ටිය දෙක.

    ඇත්තටම අපි කොහොමත් පරිස්සම් වෙන්න ඕනේ කාගෙත්. මේ දවස් මම හොරා පොලිස් සෙල්ලමක් කරන්වා, මගේ සැකය හරි නම් ඔයාලටත් කියන්නම්කෝ :)

    ReplyDelete
  2. හොද දෑනුවත් කිරිමක් මල්ලි..

    ReplyDelete
  3. අයියෝ මම අහුවුනානේ.දෙපාරක් විතර cancel කරල ඉඳල අන්තිමට ckick කරානේ. ඔය තුන්වෙනියට බොඳ කරල තියෙන්නෙ මගේ Profile Picture එක. දැන් විසඳුමක් නැද්ද? මම මූනු පොත ගැන වැඩිය දන්නෙ නෑ ඒකයි අහන්නෙ

    ReplyDelete
  4. @෴ßÎŋЌυ෴,
    ආ.. ඔය තව කස්ටිය බ්ලොග් වල ලියල තියෙන්නේ... මම ඔය බ්ලොග් එක කලින් දැක්කෙ නෑ. හැබැයි එයත් මගේ style එකටම මම ලියන්න කලින් මේ ගැන ලියල තියෙන්නෙ. මම කිව්වා හරි :P
    අළුත් හොරා පොලිස් සෙල්ලම දිනාගන්න පුළුවන් වේවා!

    @nuwansl.blogspot,
    ස්තුතියි අයියේ... තව ලියන්නම් :)

    @සුසිත,
    Facebook එකේ පහළ වම් පැත්තේ Applications කියා button එකක් ඇති. ඒක ක්ලික් කරන්න. දැන් applications මෙනු එකක් මතු වේවි. ඒකෙ ඉහළින්ම ලින්ක් දෙකක් ඇති Edit | Find More කියලා. Edit ලින්ක් එකට ගියාම එන පිටුවෙන් අනවශ්‍ය applications ඉවත් කරන්න පුළුවන්.

    ReplyDelete
  5. thank you වේවා මාත් අහුවෙන්න ගියා !!!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. දැනුවත් කිරීම පිලිබද මගේ පැසසුම!

    ReplyDelete
  8. mage ammoooo... matath oya wede dan wenna giya vitharai. kanawata wage me blogs dakke..... Thanks!!! danuwath kalata.

    ReplyDelete
  9. Machan Shaakunthala.. ee application eka dan FB eke naa. eka remove karala admin la. :)

    Sahan.

    ReplyDelete

Facebook ප්‍රතිචාර