Wednesday, February 25, 2009

මේක දැකල තියෙනවද?

අපේ ගෙදර ඇති දැඩි කළ බැළලියක් මීට පැය කීපයකට පෙර පැටවුන් දෙදෙනෙකු බිහි කළා.

පළමු බළල් පැටවා ඉතාම ලස්සනයි... ලොම් දිගයි. නමුත් ඒ බළල් පැටවාගේ ආයුෂ එක්‍ හෝරාවකින් නිම වුණා. අන්ත්‍රය උදර බිත්තියත් පලාගෙන එළියට ඇවිත් තිබුණා. මුලින් මෙය පෙනුනේ ලේ තැවරුණ මස් වැදැල්ලක් වගේ. ඒත් බළල් පැටවාගේ මළ සිරුර මව් බැළලිය සිටින තැනින් ඉවතට ගත් පසුව තමයි මස් වැදිල්ලක් වගේ මුලින් පෙනුණෙ ආහාර මාර්ගය බව හිතාගන්න පුළුවන් වුණේ. පින්තූරයක් පළ කරන්නෙ නෑ සංවේදී අයට දරා ගැනී අපහසු වේවි කියල හිතුණ නිසා :(

දෙවැනි බළල් පැටිය කළුයි, නිරෝගීයි.. ඒත් තුන් වෙනියා......................

තුන් වෙනියගෙ සිද්ධිය මම මීට කලින් දැකල නෑ.. ඒකයි මම මේ වෙනුවෙන් බ්ලොග් සටහනක් ලියන්න හේතු වුණේ.

තුන් වන බළල් පැටවා සම්පූර්ණයෙන් වැඩිලා නෑ. තුන්වෙනියගේ කවන්ධ සිරුර තවමත් තියෙන්නෙ බැළලියගෙ ඇඟ ඇතුලෙ! මේ පින්තූර වල තියෙන්නෙ උපතේදී කැඩී වෙන්වුණ තුන් වෙනි බළල් පැටවාගෙ හිස!!

මේ පින්තූර වලින් කාටවත් එතරම් බලපෑමක් නෑ කියල හිතෙන නිසා පළ කරනවා.







ඔන්න ඔහෙමයි සිද්ධිය... දුකයි සතුටුයි. අටලෝ දහමෙන් කාටවත් ගැළවීමක් නෑ!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

14 comments:

  1. අනේ පව්...! පූස් අම්මට කොයි තරම් වේදනාවක් ඇද්ද?

    ReplyDelete
  2. අනේ පව්.... මම හිතන්නෙ බැළලිව දොස්තර කෙනෙකුට පෙන්වන්න වෙයි. ඉතාමත් ඉක්මනින්. නැතිනම් එයාගෙ ජීවිතෙත් අනතුරේ වෙන්න පුළුවනි.

    ReplyDelete
  3. මල සේක !

    අර කතාව ඇත්ත, ඉක්මනට පූස් අම්මට ප්‍රතිකාර කරන්න... නැත්නම් ඌත් ඉවරයි !

    සිරාවට කොහොමද මෙහෙම වෙන්නේ ?

    අපේ ගුණතුංග දොස්තර මහත්තය කෝ ?

    ReplyDelete
  4. මාර සිද්ධියක් නේ
    මමත් මේ දැක්කමයි

    ReplyDelete
  5. සියල්ල අනිත්‍යයිනේ අයියේ, එක වලක්වන්න අපිට බෑ නොවැ!

    ReplyDelete
  6. අදමයි දැක්කෙ මේ වගෙ එකක්, පූස් අම්ම හොදින්ද

    ReplyDelete
  7. අනේ. මට හරීම දුක හිතුනා. පවුමපවු

    ReplyDelete
  8. ඔයාලගෙ අදහස් වලට ස්තුතියි.

    වරකට එක බැගින් මාළු කූරි දෙතුන් දෙනෙක් කන්න දුන්නම පූස් අම්ම ෂේප් කරගන්න පුළුවන් වුණා. විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගත් පරිදි එයා ඉතිරි කොටස එළියට දාලා අනුභව කරලා :-/ දැන් සුවසේ ඉන්නවා. :)

    මේ විපත්තියේදී කළ යුතු දේ ගැන දැනුවත් කළ බෝ අක්කාට මගේ අප්‍රමාණ අප්‍රමාද ප්‍රණාමය!

    ReplyDelete
  9. අනේ. මාත් මේ දැක්කමයි. දැන් ලොකු පූසි හොදින් ඉන්නවානේ

    ReplyDelete
  10. මාත් දැන් නෙ දක්කෙ, පුස් අම්මලා ඉතින් ලමයා හොද නැත්නම් කොහොමත් වලදන එකෙ, මෙ මෙරිච්ච් පැටියා නිකන්ම තියයි, කොහොමටත් පවු ඉතින් එයාලගෙ දුක අපිට තෙරෙන්නෙ නැනෙ

    ReplyDelete
  11. හ්ම්ම්.. දැන් මාස ගාණක් ගෙවිලා ගිහින්නේ... එයාට වෙච්ච වැඩේ ඉතිරි ටික මෙන්න. මෙයාගෙ නම ඩොටී.

    ඩොටීගෙ මව් බැළලිය කාලයක් අතුරුදන් වෙලා හිටියා. ඒ කාලෙ මාසයක් විතර වයස වෙච්ච ඒ බැළලියගෙ දෙවැනි වර පැටවුන්ට, ඒ කියන්නෙ ඩොටීගෙ නංගිල මල්ලිල සෙට් එකට කිරි දුන්නෙ ඩොටී.

    ඩොටීට තවත් වතාවක් පැටව් ලැබෙන්න ආවා. නමුත් ඒ පැටවුනුත් නොමේරූ මළ දරු උපත් නිසා එයාටම බැළලියටම ආහාර වුණා.

    ඩොටීගෙ මව් බැළලියට නැවත වරක් පැටව් ලැබුණා. ඩොටී ඒ පැටවුන් ඉල්ලලා කරදර කරන්න පටන් ගත්තා. බළල් පැටවුන් ඉල්ලලා මහා හයියෙන් අඬන්න ගත්තා. සතියක් දෙකක් විතර ඒ විධියට ගෙවුණා. ඒ අතර ඩොටීගෙම සහෝදරයෙකුගේ පහරදීමෙන් අළුත උපන් බළල් පැටව් දෙන්නෙක් මැරුණා.

    දැන් සද්දයක් නෑ. ඔන්න ඕකයි ඛේදාන්තය!
    :( :( :(

    ReplyDelete

Facebook ප්‍රතිචාර