Wednesday, February 4, 2009

මම CodePlex ගියෙමි

මගේ ලැප්ටොප් එකේ වින්ඩෝස් වල මේ දවස් වල අවුලක් නිසා මම මේ ටිකක් svchost ගැන හෙව්වා.


මේක තමා අවුල

මට අපූරු භාණ්ඩයක් හම්බ වුණා. ඒකෙ නම svchost viewer. මේකෙන් වින්ඩෝස් වල run වෙන svchost.exe සැකසුම් වල වැදගත් තොරතුරු ගන්න පුළුවන්ලු. මේකෙ එක වැදගත්කමක් තමයි වයිරස් අල්ලාගන්න පුළුවන් වීම. ඉතින් මමත් මේක බාගන්න ගියා. මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. අඩේ ඕර්පන් සෝර්ස්... කේතයත් එතනින්ම බාන්න පුළුවන්. මම (කෑදර කමට) ඒකත් බෑවා.

වැදගත්ම දේ ඒක නෙවෙයි. මේකෙ EULA (End User's License Agreement) එක (ගොඩක් අය කියවන්නෙ නෑ. ඒත් මං කියවනවා). ඒක Microsoft Public License Ms-PL කියල එකක්. Microsoft? Open Source?? දෙලොවක් අතර අතරමං වුණා වගේ... මොකක්ද‍ මේ කියල ආපහු සැරයක් බැලුවා. මේක Microsoft එකෙන් කරන Open Source ව්‍යාපෘතියක්. ටිකක් විතර GNU/GPL ගතියකුත් ගෑවිලා වගේ, ;) .. මොකද මේ මෘදුකාංගය හෝ එහි ඕනෑම කොටසක් හෝ බෙදාහරින්න පුළුවන් Ms-PL යටතේම පමණයි. මේ ආකාරයේ බලපත් වලට කියන්නෙ viral license කියල. GNU/GPL එකත් එහෙමයි.

මයික්‍රොසොෆ්ට් එක මේ විධියට විවෘත කේත පැත්තට හැරුණෙ ඇයිද කියන එක ගැන මොනවද හිතන්නෙ? ඇති වී තිබෙන ආර්ථික පසුබෑම නිසාද? මෘදුකාංග නිදහස් කරගැනීමේ සටන නිසාද? නැත්තම් විවෘත කේත වලට කැමති අයව ආකර්ෂණය කර ගැනීමේ උපායක්ද? තාම මීටර් නෑ මේක මට. බොහෝ විට විවෘත කේත ලෝකයේ දැනුම මයික්‍රොසොෆ්ට් පැත්තට හරවා ගැනීමේ උපායක් කියලයි මට හිතෙන්නෙ. කවදා හරි මෘදුකාංග නිදහස් වෙනවා නම් ඒකෙ ඇති වරදක් මම දකින්නෙ නෑ. ඒත් මෙයාලගෙ ප්‍රතිපත්ති පසුකාලීනව ආපහු වෙනස් වෙයිද? පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙනවා. කමක් නෑ. කෝකටත් කියලා මමත් ලියාපදිංචි වුණා CodePlex අඩවියේ -- FOSS Rocks!

දැන් බලමු svchost viewer වැඩ ටික.


ආරම්භය


කාගෙ වැඩක්ද?


මෙන්න අපි වැඩ

එක svchost.exe instance එකක වැඩ කරන services ගණන, කියැවූ හා ලියූ දත්ත ප්‍රමාණය, මතක භාවිතය, threads ගණන විතරක් නෙවෙයි එහි තත්වය හා එය ක්‍රියාත්මක වන්නේ ගොනු පද්ධතියේ කොහි සිටද යන තොරතුරුත් පෙන්වනවා. මෙහිදී කිව යුතු වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි svchost.exe ක්‍රමලේඛය %SYSTEMROOT%\System32\ (සාමාන්‍යයෙන් C:\WINDOWS\System32\) හැර වෙනත් තැනක සිට ක්‍රියාත්මක වෙනවා නම් එය වයිරසයක් වීමේ සම්භාවිතාව වැඩි බව. එක් එක් svchost.exe මගින් ඒ අවස්ථාවේ භාවිත කරන DLL ගොනු පිළිබඳවත් තොරතුරු මෙහි පෙන්වනවානම් තවත් වටිනවා. මම හිතන්නෙ ඒ පහසුකම් ඉක්මනටම ඒවි.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

10 comments:

  1. Ms-PL කියල බලපත්‍රයක් ගැන ඇහුවමයි මේ.
    closed source කියන්නේ යල් පැනගිය business model එකක් වේගෙනයි ‍එන්නේ මම හිතන විදියට. open source business model එක කලින් තිබුනාට වඩා සෑහෙන්න වාසිදායකයි කියල ආරංචියි. සමහරු කියනවා Microsoft closed source අතෑරල open source පටන්ගනී කියල.
    ඒත් කව්ද දන්නේ ඕවා.(සමහර විට svchost viewer මේකට ඉඟියක් වෙන්නත් පුළුවන්).
    වරදවා වටහා ගන්න එපා මම open source අන්තවාදියෙක් නෙවෙයි. කැමති අය closed source පාවිච්චි කරාවි ඒකට අකමැති අය open source පාවිච්චි කරාවි.

    ස්තුතියි ‍මචෝ ලිපියට.

    ReplyDelete
  2. මගේ දැන් දුවන්නේ ලිනක්ස් නේ.....කෑදරකමට වයින් වල දිවෙව්වා.....එලට වැඩ...ඒ උනාට Services 0යි නේ......

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. wow! මාර අයිටමයක් නේ...

    කොහොම වුනත්, Microsoft කාරය මේ පාද මොකාටද එන්න හදන්නේ? :)

    ReplyDelete
  5. මමත් විවෘත මෘදුකාංග වලට ගොඩක් කැමතියි. පුද්ගලිකව මා නිරමාණයකරපු ව්‍යාණිජ මෘදුකාංගනම් විවෘත කරන්න අදහසක් නෑ නිකන් දුන්නත්. දන්නවනේ හෙට තව එකක් එයි xKirana කියාලා. :D

    ReplyDelete
  6. @දසුන්,
    ඒකට නම් මට එකඟ වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ මිනිස්සුන්ට ඉස්සෙල්ලා නීතිය හා සදාචාරය උගන්නන්න වෙයි ඔහොම x@&#*#@ වැඩ සිද්ධ වෙන්න පටන් ගත්තොත්. GNU/GPL නම් virial license ක්‍රමයක් නිසා මානව සංහතියට අයත් දෙයක් තනි පුද්ගලයෙකු විසින් ස්වකීය භුක්තිය සඳහා පමණක් අයත් කර ගැනීමේ හැකියාව නැති වෙනවා. ඒත් මේ නීති ගැන අපේ රටේ නීතිය රකින අය කෙතරම් දැනුවත් ද කියන එක මට සැකයි.

    ReplyDelete
  7. පොඩි නිවැරදි කිරීමක්.
    තුන්වෙනි ඡේදයේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා.
    "මේක Microsoft එකෙන් කරන Open Source ව්‍යාපෘතියක්."
    Microsoft එකෙන් කරන ව්‍යාපෘතියෙ නම CodePlex. (සටහනේ තියෙන කරුණු වලින් හැඟෙන්නෙ svchost viewer කියන්නෙ Microsoft වැඩක් කියලයි) CodePlex එකෙන් කරන්නෙ විවෘත කේත ව්‍යාපෘති host කරන එක. svchost viewer එහි ඇති එක් විවෘත කේත ව්‍යාපෘතියක් පමණයි.

    ReplyDelete
  8. ෂා... මාර වැඩක්... මම මේ දැන් කරලා බැලුවා...
    මම හිතන් හිටියේ svchost වලින් 80% ක්ම වයිරස් වෙන්න ඇති කියලා. ඒත් මේක ඉන්ස්ටෝල් කරලා බැලුවට පස්සසේ මගේ පරිඝනකයේ එක svchost වයිරස් එකක් වත් නෑ වගේ...
    බොහෝම ස්තූතියි ශාකුන්තල මේ ලිපිය‍ට...

    ReplyDelete
  9. ඔය කියන මයි‍කොසොෆ්ට් කෝඩ්ෆ්ලෙක්ස් ව්‍යාපෘතිය පටන් ගෙන තියෙන්නෙ 2006 වසරෙදි. දැනට එමගින් ව්‍යාපෘති 5000 ක්පමණ ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් මයික්‍රොසොෆ්ට් සමාඟම ක්‍රියාත්මක කර තිබෙන්නෙ ව්‍යාපෘති 300 ක් පමණලු.

    ReplyDelete

Facebook ප්‍රතිචාර