Thursday, February 19, 2009

වයිරස් දෙන PisSu ආතල්

මේ ළඟදි දවසක කැම්පස් එකේ computer එකක Photoshop විවෘත කරද්දී ආපු පණිවුඩයක් මේක. මට මොළේ අළුත් කරගන්නලු. මට එදා නම් මේක දැකල මාර හිනා. මොකද මං බය නෑනේ වයිරස් වලට. හැබැයි මගේ පසුගිය බ්ලොග් සටහනකට හේතු පාදක වුණ සිද්ධියෙන් පස්සෙ නම් මම ටිකක් විතර බයයි.



ඉතිං මටත් නිකං ඉන්න බෑනෙ. මාත් දන්න වැඩ කිඩ එක එක පටන් ගත්තා. සරල තැනින් ප‍ටන් ගන්න ඕන. මුලින්ම Windows Task Manager. ඒක හරිගියා! මෙයා වැඩියම කරදර කරන්නෙ නෑ වගේ. Task Manager වල Processes tab එකට ගියාම මෙන්න මොකක්දෝ එකක් නටනවා!!

හොඳට බැලුවම තේරුණා නිකං pissu.exe වගේ එකක් කියලා. ඒක එනවා - යනවා, යනවා - එනවා. මොන විකාරයක්ද? කෝකටත් මගේ ප්‍රියතම taskkill /f /im pissu.exe විධානය දීලා බැලුවා. වැඩේ හරි. දැන් Photoshop වැඩ.



මෙන්න තව එකක්. පහත දැක්වෙන තිරපිටපත් දෙක හොඳට බලන්න. පළමු වෙනි තිරපිටපත ගත්තට පසුව ඒ වින්ඩෝ එකම පහළට scroll කරල තමයි දෙවැන්න ගත්තෙ.





හොඳට බලන්න අවස්ථා දෙකේදි වෙනස. පළමුවෙනි එකේ සලකුණු කරපු තැන කියන්නෙ දත්ත උපාංගයේ (flash drive) තියෙන ක්‍රමලේඛය පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. දෙවැන්නෙ සලකුණු කරපු තැන තියෙන්නෙ Windows Explorer පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. බැලු බැල්මට දෙකම එක වගේ. ඉතින් දත්ත උපාංගයේ තියෙන ක්‍රමලේඛය වයිරසයක් බව දැන් වැටහෙන්න ඕන නේද? ඒ නිසා මේ ආකාරයට බහාලුම් විවෘත කිරීමෙදි සැලකිලිමක් වෙන්න ඕන.



මට මේ වයිරස්, Task Manager, Taskkill ගැන ලියලම එපා වෙලා. මෙහෙම ගියොත් මේකත් අර කැටපෝල් පිස්සගෙ කතන්දරේ වගේ වෙයිද දන්නෑ. :D

෴සමීර ශාකුන්තල෴

7 comments:

  1. හික් හික්, අයියාගේ මොලේ හැටි දන්නේ නැති වෛරස් එකක් නේද?

    ReplyDelete
  2. නෑ මලය අයියාගේ මොලේ ගැන දන්න එකක්... මම නම් සෑහෙන දේවල් උඹෙන් ඉගෙන ගත්තා... ඉතින් මේකට කැටපෝල් පිස්සගෙ කතන්දරේ කියන්නේ කවුද... මටත් ඕකා අහුවුනා වෙලාවට අවාස්ට් මාව බේර ගත්තා...

    ReplyDelete
  3. හපොයි ‍‍ෛ‍ෛ‍ෛ‍ෛ‍ෛ‍ෛවෙරස්!!!!!!!!!!!

    ReplyDelete
  4. තව ලියපන් මේ වගේ දෙවල් සැහෙන්න වටිනවා.කවුරු හරි මෙවා ලියන එක චාටර් කියනවනම්...එයාට බලන්න එපා කියන්න...
    නොදන්න කෙනෙකුට බලලා ඉගෙන ගන්න දීලා :D

    ReplyDelete
  5. ඕහ! අලුත් තාලෙ වයිරස් එකක්.

    පොතේ ලියාගන්න ඕනෙ...!!

    ReplyDelete
  6. ආ එළ එළ! තව ලියන්න තව ලියන්න! එළම කිරි!

    ReplyDelete
  7. හැමදෙනාටම ස්තුතියි අදහස් වලට. මේක වයිරස් එකක්ම තමයි. දත්ත උපාංගයෙ තියෙන ක්‍රමලේඛයටත් ෆෝල්ඩර් අයිකනයක් යොදාගෙන තියෙන්නෙ අපිව නොමග යවන්න. බැලු බැල්මට ඒක පේන්නෙ Windows Explorer (explorer.exe) වගේ.

    කැටපෝල් පිස්සගෙ කතන්දරේ දන්නෙ නැති කෙනෙක් ඉන්නවනං GTalk එකෙන් සෙට් වෙන්න... කියල දෙන්නං... :D

    ReplyDelete

Facebook ප්‍රතිචාර