Wednesday, March 4, 2009

පොඩි ටිප් එකක්

මෙන්න පොඩි ටිප් එකක් මගෙන්... Google Blogger පාවිච්චි කරන අයට... තාක්ෂණික දැනුම අඩු අයට කියවන්නයි මේ සටහන ලිව්වෙ.



මම දැකල තියෙන බ්ලොග් වලින් ගොඩක් ඒවයෙ මොකක් හරි පරණ සටහනක් හොයාගන්න ඕන වුණාම මාර දුකක් විඳින්න වෙන්නෙ. ඉතිං අපි Google එකට ගිහින්
මෙන්න මේක හොයපාං site:shaakunthala.blogspot.com
වගේ එකක් ගහල තමයි වැඩේ කරගන්නෙ. ඉතිං ඒක කියවන්නන්ට කරදරයි.



ඕකට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි Google Custom Search Engine පිහිට පතන එක. ඒකෙ Standard Edition එක පාවිච්චි කරල තමන්ගෙ බ්ලොග් අඩවිය පමණක් search කරන Search Engine එකක් සාදා ගන්න පුළුවන්. Search Engine Encoding එක Unicode(UTF-8) ලෙස සකස් කරන්න. මේක සකස් කළාම ලැබෙන කේතය බ්ලොග් අඩවියේ අළුත් HTML/Javascript Code Gadget එකකට copy-paste කළාම හරි. Custom Search Engine එකක් හදාගන්න විධිය ගැනත් පෝස්ට් එකක් ඕන නම් comment එකක් දාන්න.. ලියල දෙඤ්ඤං ඇට්ටි හැලෙඤ්ඤ. ;) මේ තියෙන්නෙ මම හදපු එක (අද සිද්ධ වුණ අත්වැරදීමක් නිසා මගේ බ්ලොග් එකේ Search box මැකී ගිහින්). :(




තවත් මරු වැඩක් තියෙනවා කරන්න පුළුවන්. ඒ පොඩි code කෑල්ලක් ලියන එක. Code ලියනව කිව්වම බය වුණාද? බය වෙන්න එපා.. මෙන්න තියෙනව බඩු.. copy-paste කරන්න. මේකත් ඉස්සෙල්ල එක වගෙම HTML/Javascript Code Gadget එකකින් තමයි දාගන්න ඕන. පහත දැක්වෙන කේත කොටස copy-paste කළාම හරි. (මම මේ code කෑල්ල මෙතන දාන්නත් මාර මහන්සියක් වුණේ... HTML දන්න අය දන්නවා හේතුව මොකක්ද කියලා... :D )


<form action="/search" method="get">
<table>
<tr><td><input name="q" type="text"/></td></tr>
<tr><td><input value="සොයන්න" type="submit"/></td></tr>
</table>
</form>


ඉතින්.. මම කියවන රසවත් සිංහල බ්ලොග් අඩවි ගොඩක් තියෙනවා. ඒවයින් ‍‍බොහොමයක පරණ ලිපියක් හොයාගන්න ගියාම මාර කට්ටක් කන්න වෙන්නෙ. එතරම්ම රසයෙන් පිරිලා. නරකද search box එකක් දැම්මොත්?




මේ කේත කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් වුණත් Google විසින් ලබා දෙන කේත වෙනස් කිරීම සම්බන්ධයෙන් නම් යම් යම් සීමාවන් තිබෙනවා. සටහන සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවනං... කමෙන්ට් එකක් දාන්න. නැත්තං මම online ඉන්නවා GTalk (shaakunthala#gmail#com), Yahoo (shaakunthala#yahoo#com).

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

15 අදහස්:

දිසා said...

ගොඩාක් හොදයි අපි වගේ අයටනම්(තාක්ෂණික දැනුම) මසුරන් අපිට තවත් උදව් කරයි කියලා හිතනවා

ගයන්ත said...

අපි නම් වචන-මුද්‍රණාලයෙ අය නේ.. :)

Chathura Sandeepa said...

සිරා.. :D

චන්දිම said...

"හොඳ එකා වගේ හොයාපංකෝ"..
අම්මෝ මගේ බඩ රිදෙනවා හිනා වෙලාම..

෴බින්කු෴ said...

එළ එළ සදඤ්ඤං
ඔහොම පලයඤ්ඤං

Theme එක පොඩි අවුල් වගේ, more පොඩ්ඩක් බැලුවා නම්! ඔනේ නම් ඔය search bar එක උඩට දාන්න පුළුවන් පොඩ්ඩක් theme එකේ code බැලුවාම.

චරිත said...

Google Custom Search එක ගැනත් ලිව්වනං. දීල තියෙන කෝඩ් එක වැඩ. :-)

සමිර මධුසංක said...

වැඩේ එල මේකත් බලන්න කෙහොමද කියල

http://www.4shared.com/file/90643823/daf511ed/search.html

මේක අරගෙන තමයි බලන්න වෙන්නේ

හේම ජයන්ත කොළඹගේ said...

මෙහි වටිනාකම ඉතාම ඉහලයි. ඔබට ඉතාම පින්

චතුර වික්‍රමරත්න said...

ලිපිය නම් හොඳයි. ඒත් තීම් එක පොඩ්ඩක් අවුල් වගේ නේද? Comments වැටෙන හැටි හරි නෑ.

ecH said...

එල එල මචෝ... :D

Niranjan said...

බොහොම ස්තුතියි!මමත් හෙව්වා මේ වගේ එකක්.

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මාරයි ඈ... මම තාම දාලා නම් බැලුවෙ නෑ... ඒත් ලියලා තියෙන හැටි නම් නියමයිනේ... "හොඳ එකා වගේ හොයපන්කෝ"...හා හා හා... මාර ආතල්... බිල් ගේට්ස්ටයි, ,ලැරී පේජ්ලටයි අහුවෙන්න තියන්න එපා...

ශාකුන්තල said...

අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි.
බ්ලොග් තීම් එකේ අවුලක් තියෙනවා ඒක හදාගන්න වෙනවා... ඒත් මට මේ තීම් එක එච්චර හිතට හරි නෑ. මේක වෙනස් වෙයි සමහරවිට.

සමීර දීපු කේතයත් හරියටම හරි. සමීර, බොහොම ස්තුතියි ඒක දුන්නට. ඒ කේතයත් මම ටිකක් සංස්කරණය කළා ටිකක් හැන්ඩි විධියට බ්ලොග් එකට තවත් ටිකක් හොඳට ගැලපෙන්න:

<form action="http://www.google.lk/search" method="get">
<table>
<tr><td>
<input type="text" name="q" maxlength="255" size="28" />
</td></tr>
<tr><td>
<input value=" සොයන්න " type="submit" />
<input value="shaakunthala.blogspot.com" name="sitesearch" type="radio" checked="checked" style="display:none;" />
</td></tr>
</table>
</form>

තද කළු අකුරින් පෙන්වල තියෙන කොටස අවශ්‍ය පරිදි වෙනස් කරගන්න.

මේකෙ තව අපූරු දෙයක් මම දැක්ක. මේ කේතයෙන් search කළාම එන Google Search Results පිටුවෙ සෙවුම් වදන් ලියන කොටුවට පහළින් 'the web' යන්න තේරිලා තිබුණත්, එහිම නව සෙවුම් වදනක් යොදා ‍සෙවූ විට ලැබෙන්නෙත් අපේ අඩවියේ ප්‍රතිපලම පමණයි. ඉතින්.. ඒක අපට එතරම් වැදගත් නෑ... ඒත් අදමයි දැක්කෙ. ස්තුතියි සමීර. :)

චමින්ද දේශප්‍රිය වාසල said...

ඔන්න මමත් මගේ එකට "හොඳ එකා වගේ හොයාපංකෝ" දැම්මා. ස්තූතියි මචං.

Anonymous said...

Nice Blog You got ! It's Hard to Sinhala Blog like This , Nice Work ! Check my Blog Also
http://www.ashan-blog.blogspot.com

Ashan.

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

හතරවටේටම ඇහෙන්න කියන්න..!