Saturday, March 7, 2009

ඔබේ බ්ලොග් අඩවියට රිසි මූර්තිරූපයක්

ම‍ගේ බ්ලොග් එකට අළුතෙන් සළු පිළි ඇන්දෙව්වට පසුව ලියන පළවෙනි සටහන මේක. සළු පිළි ඇන්දවිල්ල කෙසේ වෙතත් මරු Blogger hacks ටිකක් අහු වුණා... එයින් පොඩි එකක් තමයි මේක. ඉතිරියත් වරින් වර ලියන්නම්.



Google Blogger පාවිච්චි කරන අය දැකල ඇතිනේ තමන්ගෙ බ්ලොග් අඩවිය browser එකේ පෙන්වනකොට title bar/ tab bar එකේ පෙන්නන අයිකන් එක. ඒක රතු පසුබිමක තියෙන සුදු පාට B අකුරක්. අපට අවශ්‍ය නම් ඒකත් වෙනස් කරගන්න පුළුවන්. හරිම සරලයි. මෙන්න ක්‍රමය:


කොහොමද තමන්ට අනන්‍ය රූපයක් මෙතනට ආවොත්?

මුලින්ම Adobe Photoshop හෝ GIMP පාවිච්චි කරල 16x16 ප්‍රමාණයට අයිකන් එක හදාගන්න. ඒක favicon.png කියන නමින්, PNG ක්‍රමයට save කරගන්න. (අවශ්‍ය නම් transparancy පාවිච්චි කරන්න පුළුවන්)

මෙන්න මම ඒ වගේ හදපු අයිකන් දෙකක්. එකකින් පෙන්නන්නෙ මගේ මූණත්තහඩුව, අනෙක Hayabusa Kanji එක -- මගේ Facebook profile තහඩුව. (දැන් මේ දෙකෙන් එකක් තෝරගන්න බැරුවයි ඉන්නෙ ;) )



දැන් යන්න Imageshack.us වෙබ් අඩවියට. මෙතනින් ඔබේ පින්තූර වලට නොමිලයේ වෙබ් ඉඩ ලබා දෙනවා. මුලින්ම Imageshack හි ලියාපදිංචි වන්න. දැන් Imageshack නිවෙස් පිටුවට ගිහින් පහත දැක්වෙන තිරපිටපත් වල පෙන්වා ඇති ආකාරයට අයිකනය host කරන්න. (තිර පිටපත් පැහැදිලි මදි නම් ඒ මත ක්ලික් කළාම නියම ප්‍රමාණයෙන් බලාගන්න පුළුවන්)


  1. Upload: single image තෝරන්න.
  2. සකස් කරගත් අයිකනයේ path එක ලබා දෙන්න (ගවේශනය/Browse) (ඔන්න මම මගේ මූණත්තහඩුව තෝරගත්තා -- අන්තිමේදී :P )
  3. රතු පැහැයෙන් සලකුණු කර ඇති check box දෙක ම දෙ වර බැගින් ක්ලික් කරන්න. (මෙසේ කරන්න සිදු වන්නේ Imageshack අඩවියේ ඇති දෝෂයක්/bug නිසා -- අපි ඒක මඟහරින්න ඕන)
  4. Upload කිරීමට host it! ක්ලික් කරන්න.


Upload කිරීම සම්පූර්ණ වූ පසු ලැබෙන තිරයේ Direct link to image දෙස දක්වා ඇති URL එක පිටපත් කරගන්න. දැන් Imageshack එක්ක ගනුදෙනුව ඉවරයි. (හැබැයි ඉවරයි කිව්ව‍ට ඉවරම නෑ ;) )

මෙන්න මගේ URL එක:

http://img205.imageshack.us/img205/3415/favicon2.png

දැන් යන්න Google Blogger. ඔබේ බ්ලොග් අඩවියේ නමට යටින් තියෙන Layout කියන link එක ක්ලික් කරන්න. දැන් ලැබෙන පිටුවේ Edit HTML link එක ක්ලික් කරන්න.



දැන් ටිකක් භාරදූර වැඩක් තියෙන්නේ... වරදින්නත් පුළුවන්. ඒත් බය වෙන්න එපා. ඒ නිසා මුලින්ම Download Full Template ක්ලික් කර දැනට තිබෙන කේතය backup කරගන්න. දැන් Edit Template යටතේ ඇති කේතයේ පහත දැක්වෙන html කේත පේළිය සොයාගන්න. (ඉක්මනින් සොයන්න Ctrl+F පාවිච්චි කරන්න)
<b:include data='blog' name='all-head-content'/>
එම කේත කොටස සොයාගැනීමට නොමැති නම් පහත කේත පේළිය සොයා ගන්න,
<head>
එයට යටින් පහත දැක්වෙන කේත පේළිය ඇතුලත් කරන්න. දැනට තිබෙන කිසිම කේත කොටසක් ඉවත් නොකරන්න වගබලාගන්න!!!


<link href='http://img205.imageshack.us/img205/3415/favicon2.png' rel='shortcut icon' type='image/x-icon' />


මෙහි තද කළු අකුරින් දක්වා ඇති කේත කොටස වෙනුවට ඔබ විසින් host කළ අයික‍නයේ URL එක (ඉහතදී පිටපත් කරගත්) ආදේශ කරගන්න. සියල්ල අවසාන වූ පසු template එක Save කරන්න.


පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

දැන් ඔබේ බ්ලොග් අඩවියට ගිහින් බලන්න වැඩේ සාර්ථකද කියා...



කෝමද වැ‍ඩේ? මරු නේද? :)



Wordpress වල නම් මේ පහසුකම ලබා දී තිබෙනවා. සටහන ගැන ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

20 අදහස්:

Supun Budhajeewa said...

මනුස්ස පාටක් තියන blogger.com තීම් එකක් දැක්කමයි :-P

එළ එළ !!!

Anonymous said...

Frontpage walata danne kohomada Machan??

ශාකුන්තල said...

@Anomymous,
ඔය ක්‍රමයටම තමයි. HTML කේතයේ <head> යටතට මම දීල තිබෙන කේතය ඇතුළත් කරන්න. ප්‍රශ්නය විසඳුනේ නැතිනම් තව ටිකක් විස්තර ඇතිව ආයෙම අහන්න. :)

චතුර වික්‍රමරත්න said...
This post has been removed by the author.
චතුර වික්‍රමරත්න said...

http://img150.imageshack.us/img150/1065/shaakunthalasinhalablog.png

මෙන්න උඹ icon දාලා ම‍ගෙ bookmarks එකට උන වැඩේ... :P

kasun said...

nice theme :)

ශාකුන්තල said...

@බුධාජීව, කසුන්,
ස්තුතියි :)

@චතුර,
පේනවනේ ඒක... ShaakunthalA RulZ!

ගයන්ත said...

MyBlog(.lk) වලටත් ඕත ඔට්ටුද?

ශාකුන්තල said...

@ගයන්ත,
MyBlog.lk අඩවි වල භාවිත වෙන්නෙ Wordpress CMS නිසා එහි (Wordpress හි) ලබා දී ඇති පහසුකම භාවිත කරන්න පුළුවන්.

ගයන්ත said...

මේකෙ කිසිම edit කිරීමක් කරන්න බෑ නෙ.
මම හැම තැනම බැලුවා :(

අමල් ඉෂාන්ත said...

ඇත්තටම මම ඕක අහන්න හිටියේ බෝම ස්තූතියි මචෝ........

ශාකුන්තල said...

@ගයන්ත,
මෙන්න Wordpress සඳහා:
https://{ඔබේ බ්ලොග් අඩවිය}/wp-admin/options-general.php වෙත යන්න. (මම හිතන්නේ මෙය gayantha.myblog.lk විය යුතුයි)
දකුණු පස ඇති Blog Picture කියන තැනට කැමති රූපයක් Upload කරගන්න. මෙය කලින් 16x16 ප්‍රමාණයට සකසාගෙන තිබීමේ අවශ්‍යතාවයක් නැහැ.

චින්තක said...

thank you shaakunthala!!

onna mamath muunath thahaduwak daagaththa!! harima agei!!

niroshinie said...

නියම වැඩක් නෙ. I like!

ශාකුන්තල said...

@චින්තක,
එළ එළ මචෝ එළ! මම දැනං හිටියෙ නැහැනෙ GIF දාලා animate කරන්න පුළුවන් බව.

@niroshinie,
හික්.. :D
ඉතිං දාගන්ටකො අර්ධ මූණත්තහඩුවත් බ්ලොග් එකට... :P

Upul Nishantha said...

වෑඩේ නම් හරියටම හරි.

Zanuka said...

අය්යේ..හලෝ..
මේ ඉන්නෙ..
මම ජනිත් අය්යගෙ යාලු මල්ලියෙක්..
ෂුවර් නැත්තං අහල බලන්නකො..
මට ඔගොල්ලො වගේ අය අහුඋනාම එයාව සුදද් කරල තමයි අතාරින්නෙ..
සුදද් කරනව කිවිවෙ පර්ස් එක නෙමෙයි දැනුම හොඳේ..
යාලුවෙමුද? මට උදවිවගයක් ඔනා...

ශාකුන්තල said...

@Zanuka,
ම‍ගේ email address එක මගේ blogger profile එකේ ඇති. Gtalk එකට add කරගන්න. :)

Arumaya said...

ඔබට දීඝායු බෝ වේවා... මම අරුමය බ්ලොග් එකට එහෙම සිම්බල් එකක් දා ගත්තා. ගොඩක් පිං..
http://arumaya.blogspot.com/

Niranjan ~ නිරන්ජන් said...

Thanx. I do this to my new blog..

Post a Comment

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!