Monday, June 8, 2009

අද ඇති වූ සුළිකුණාටුව (tornado)


මේ සටහන අද (2009 ජුනි 8) උදේ ලියන්න හිතාගෙන හිටියත් කාර්යබහුලත්වය :P නිසා දැන් තමා ලියැවෙන්නෙ.

හැම සඳුදාවකම වගේ මම අදත් උදේ පාන්දරම ගෙදර ඉඳලා කොළඹ ආවේ දුම්රියෙන්. සමුද්‍රදේවී නෙමෙයි ඊට කලින් තියෙන ගාල්ලෙන් එක බලවේග කට්ටල දුම්රිය. අද විශේෂත්වය තමයි කලාතුරකින් සමීපව දකින්න ලැබෙන, දර්ශනයක් දකින්න ලැබීම. ඒ සුළු සුළිකුණාටු තත්වයක්.

මේ පිංතූරෙ ගත්තෙ solarnavigator.net අඩවියෙන්. මම දැක්ක දර්ශණයත් ඔය විධියෙමයි. අද මගේ ළඟ ජංගම දුරකථනය නොතිබුණු නිසා සිද්ධිය රූගත කරන්න බැරි වුණා. :(

ඔය පිංතූරෙ පේනවා වගේ එකක් මූදෙ තියෙනවා පැහැදිලිව පේන්න පටන් ගත්තෙ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසු කර ටිකක් දුර ගියායින් පසුවයි. ඈතින් නැව් හා ධීවර යාත්‍රා කීපයක් තිබුණා. අහස තරමක් අඳුරු වෙලා තිබුණා. මම සිද්ධිය හොඳින් බලාගන්න ගියා දුම්රියේ අවදානම් තැනට :-O පාපුවරුවට.

ඔය සුළිය ටික ටික ආවෙ ගොඩබිම පැත්තට. කවදාවත් මේ වගේ දෙයක් දැකල නැති නිසා මටත් මාර මැජික්. අන්තිමේ (කොරළවැල්ලේදී) සුළිය දුම්රිය මාර්ගයට මීටර් 100ක් විතර වෙන්න ආසන්නයට ආවා. ඒ එක්කම ඇති වුණු වැස්සෙන් ටිකක් තෙමෙන්න වුණත්, මොකද වෙන්නෙ කියලා ඇසි පිය නොහෙළා බලාගෙන හිටියෙ මේ අපූරු (සජීවී) දර්ශනය ආපහු දකින්න නොලැබෙන නිසා. සුළිය නිසා මුහුදු වතුර ඉහළට ඇදිල යන හැටි හොඳින් බලාගන්න පුළුවන් වුණා. අපූරුයි -- ටිකක් භයංකරයි. කොහොම වුණත්, දුම්රිය ඉදිරියට ගමන් කරමින් තිබුණු නිසා විනාඩියක පහකට වඩා ඕක දිහා බලාගෙන ඉන්න ලැබුණෙත් නෑ.

ඉන් පසු මොනව වුණාද කියල නම් දන්නෙ නැත! :(



Tornado ගැන හොඳ විස්තරයක් විකිපීඩියාවෙන් බලාගන්න පුළුවන්. ඒ අතරෙ මතක් වුණා සෑහෙන කාලෙකට ඉහතදී බලපු හොඳ චිත්‍රපටයකුත්. Twister (1996).

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

12 අදහස්:

'පිස්සා'- said...

හික් හික්... කෝච්චියත් එක්කම උඩට ඇදිලා ගියානම්, වීසා නැතුව වෙන රටකට යන්න තිබ්බනේ....

බුද්ධික said...

මාත් මේ කියන්න ගිය පිස්ස කියන්න ගිය කතාවම තමා ;) කෝකටත් ඕව බලන්නේ පරිස්සමින්,ඩිස්කවරි එකේ වගේ වැඩකරද්දී :P

නිලන්‍ත said...

මාර චාන්ස් එක. ඔය වගේ සිද්දියක් සියසින්ම දැකිනව කියන්නෙ. Photo ටිකක් ගන්න නොලැබීම නං අපරාදයක්.

deeps said...

අනේ අම්මෝ, මට නම් බය හිතෙනවා දැක්කම

Thilina said...

අඩේ මාර සිද්ධිය. උඹ කෝච්චියේ දන්වැල ඇද්ද නම් සිද්ධිය A-Z බලාගන්න තිබ්බා. හික් හික්....

අනූ said...

මාර සිරා නේ. අපරාදෙ පොටෝ එකක් ගන්න බැරි උනේ. ඕවට කියෙන්නෙ Waterspouts කියල‍ නේද. ගොඩබිමට ආවම තවත් ලොකු උනාම තමා tornado කියන්නෙ.

BEAUTIFUL SRI LANKA said...

මමත් ඔයවගේ එකක දැක්ක තෙල්වත්ත හරියෙදි, අවුරුදු අටකට විතර කලින් . ඒ හරියෙ මුහුදත් පාරට හොදට පේනවනෙ. කැමරා ෆෝන් නෑනෙ ඒ දවස් වල. මාරම ලස්සන දකින්න දුර්ලබ දෙයක්

සසික නානායක්කාර said...

මාරයි!අපරදේ ෆොටොස් ටිකක් ගන්න බැරි වුනේ නේද?

malee_msg said...

මමත් දැකලා තියනවා.. හැබැයි ඒ වෙරලේ ඉන්න වෙලාවක ඈත මුහුදේ සිද්ද වෙච්චි දෙයක්..‍ඒත් මේ තරම් ළගට නම් දැක්කේ නැහැ

said...

කොරලවැල්ලේ ඊයේ උදේ හමපු සුළඟකින් ගෙවල් 10 කට හානි වෙල බෝට්ටු ගොඩක් පෙරලිලා කියලා තිබ්බ අද(09/06/2009) පත්තරේ. මේක ගැන ද දන්නේ නැහැ

ශාකුන්තල said...

@ම,
ඔව්.... මේ සිද්ධිය තමයි.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

ෆෝන් එකට මොකද උනේ? අපරාදෙ මාර චාන්ස් එක.

ඔබේ අදහස්..?

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

 

Blogger Template by GoogleBoy ve anakafa | Sponsored by Noow!

Blogger Template modified by ශාකුන්තල | Shaakunthala.