Friday, August 28, 2009

හාඩ් ඩිස්ක් එකකට වෙච්ච හදියක්!

මේක මම කලින් නිකං ඉන්න බැරිකමට ලිව්ව සටහනේ දෙවෙනි කොටස කියල කියන්නත් පුළුවන්. මේ සටහනත් පළවෙනි එකටම එකතු කරන්නෙ නැතිව වෙනම සටහනක් විධියට ලියන්න හේතු වුණේ මේක කලින් සිද්ධියට සම්බන්ධ වුණත් මේ කතන්දරේ වෙනස් මාතෘකාවක් ඔස්සෙ යන නිසා.

ඔන්න ඉතිං මගේ යාළුව දිගටම නහයෙන් අඬන්න පටන් ගත්තා... D partition එකේ වින්ඩෝස් කියෙනකොට හරි නැහැලු.. කැතයිලු... අප්සැට්ලු... ලිනක්ස් වල ඉඳං sda එක, පහ, හය, හත කියල ගණං කරන්න පුරුදු වෙච්ච මට නං ඕකෙ විශේෂයක් නෑ... ඒත් ඉතිං පොඩි එකාගෙ ආසාවනේ... ඉතිං මම මොකද කළේ... දැම්මා PowerQuest Partition Magic. ඒ මෘදුකාංගයෙන් පුළුවන් වින්ඩෝස් ස්ථාපනය කරල තියෙද්දිම System Partition එකේ අකුර වෙනස් කරන්න. මැසිමේ හාඩ් ඩිස්ක් දෙකක් තියෙනවා. එකක් 40 GB. අනෙක 80 GB. 40 GB තැටිය කෑලි දෙකකට කඩලා තියෙනවා. 80 GB තැටිය කෑලි තුනකට කඩලා එකක වින්ඩෝස් දාලා තියෙනවා. ඒකෙ තමයි D අකුර ඇවිත් කියලා නහයෙන් අඬන්නේ. Partition Magic විවෘත කළාම මෙන්න හාඩ් ඩිස්ක් දෙකේම තොරතුරු පෙන්නන්නෙ වැරදියට!

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

NTFS partition වලට වැඩ දාන්න මම දන්න හොඳම මෘදුකාංගය තමයි Partition Magic. Partition Magic කෙසේ වෙතත් හාඩ් ඩිස්ක් එකේ MBR අවුලක් තියෙන බව මට තේරුණා. වැඩි විස්තර හොයල බලද්දි තමයි දැනගත්තේ... මේ හාඩි ඩිස්ක් දෙකම හම යනකං සැරින් සැරේ format කර කර වින්ඩෝස් දමාපු ඒවා. සමහර වෙලාවල BSOD පවා ඇවිත් තියෙනවලු.

දැන් වෙලා තියෙන දේ හැටියට C/D මාරු කරනව බොරු. ඒත් නිකං උතුර දකුණ ටැපලිලා වගේ දැනුණු නිසා මම කල්පනා කළා දෙවැනි හා අන්තිම උත්සාහය විධියට GParted වලින් partition table එක නිකමට බලාගන්නවත් පුළුවන් වෙයිද කියලා. ඉතිං මැසිම Ubuntu Live CD එකකින් පණගන්වලා GParted ධාවනය කරලා බැලුවා... වාසනාවට මොකක් හරි පෙනීයන් කියලා. යාන්තම් ඇති... එක partition එකක් වග විස්තර පේනවා. මීළඟ තිරපිටපත් දෙකත් බලන්න.

මම මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ නෑ Partition Magic මෘදුකාංගයට වඩා GParted හොඳයි කියලා. දැන් කස්ටිය හිතනව ඇති මම FOSS පැත්තට බර නිසා මේකත් වාණිජ මෘදුකාංග වලට පහර ගහන්න ලිව්ව එකක් කියලා -- නෑ,.. එහෙම අදහසක් නම් නෑ. මේ වගේ දෝෂ සහගත හාඩ් ඩිස්ක් එකක් එක මෘදුකාංගයකින් හඳුනාගන්නත් අනෙක මගින් හඳුනා නොගන්නත් හේතුව වෙන්න ඇත්තෙ ඒ මෘදුකාංග දෙකේ අභ්‍යන්තරයෙ එකම කාර්යය කරන්න දෙවිධියක ක්‍රම සහ විධි පාවිච්චි කරන නිසා වෙන්න පුළුවන්. මේ වගේ එක සිද්ධියක් පමණක් නිරීක්ෂණයෙන් එහෙම සංසන්දනයක් කරන්නත් බෑ.

පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න

මේ තිර පිටපත හොඳට නිරීක්ෂණය කරන්න (මම ලියලා තියෙන නිරීක්ෂණ අපැහැදිලි නම් මේ ලිපියත් බලන්න). මෙන්න මේ තැටිය ගැන මම දැකපු දේවල්:
  • වින්ඩෝස් ස්ථාපනය කළ partition එක (/dev/sdb5) extended partition එකේ තියෙන එකම logical drive එක වෙලා... කොහොම වුණාද කියල හිතාගන්න බෑ. වින්ඩෝස් වලදි සාමාන්‍යයෙන් logical partition එකකට C අකුර දෙන්නෙ නෑ. ඒක දෙන්නෙ primary partition එකකට. එතකොට C/D මාරු වෙන්න හේතුව ඒකයි.
  • /dev/sdb2 හා /dev/sdb3 -- මේක දෙකේ ඉලක්කමෙන් පටන් ගන්න එකේ තේරුම තමයි හාඩ් ඩිස්ක් එකේ පළවෙනි partition එක මම කලින් කිව්ව extended partition එක බවට පත් වෙලා තියෙන බව. ඒක අපට එතරම්ම වැදගත් නෑ.
  • /dev/sdb2 වින්ඩෝස් වලදි C: වුණේ boot flag එක ඒක මත තියෙන නිසා.
  • /dev/sdb2 ත් extended partition එකත් අතර 2.8 MB හිස් ඉඩක් තියෙනවා. මේකත් කොහොම වෙච්ච වින්නැහියක්ද කියල හිතාගන්න බෑ... මම මේ පොඩි හිඩැස දෙපැත්තේ තියෙන partition වලින් පුරවන්න පොඩ්ඩක් උත්සාහ කළා. ම්හු... බෑ... :( දැන් මේක X-Files වගේ අබිරහස් සීන් එකක් වෙලා. :-O
  • සාමාන්‍යයෙන් වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකක partition table එකේ අග 7.8 MB ඉඩක් වෙන් කර (reserved) තැබෙනවා. හැබැයි මෙතන තියෙන්නෙ 7.38 MB. ඒ මදිවට partition table එකේ මුලටම ඇවිත්! මේ සංසිද්ධිය නම් හිතාගන්න බැහැ මට. බොහෝ විට හානි සිදු වූ හාඩ් ඩිස්ක් එකක් GParted මගින් වැරදි ආකාරයට කියැවීම නිසා වෙන්න පුළුවනි.
නිගමනය: හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් ටේබලය අච්චාරුවක් බවට පත් වී ඇත :D . C/D මාරු කරලා boot flag එකත් දෙන්න නම් /dev/sdb5 format කරලා ඒක primary එකක් කරන්න පොඩි ගේමක් දෙන්න වෙනවා GParted වලින්. හැබැයි අමාරු වැඩක් නෙමෙයි.

ඔය තරම් නැහෙන්න ඕන නෑ තව 80 GB තැටියක් හොයාගන්න පුළුවන් වුණා නම්. එහෙම එකක් තිබුණ නම් මේකෙ තියෙන කුණු කන්දරාව වෙනින් hard disk එකකට පටවලා සම්පූර්ණයෙන්ම format කරලා සියළු දෝෂ නිවාරණය කරන්න තිබුණා. ඒත් ඉතිං තව හාඩ් ඩිස්ක් කොහෙ හොයන්නද?

මේ මැසිමෙ තියෙන 40 GB ප්‍රමාණයෙ අනිත් තැටියට මොකද වුණේ එතකොට? මීළඟ screenshot එකත් බලන්න:


ඒක එහෙමවත් හඳුනාගත්තෙ නෑ GParted වලින්. :(

මම දන්නෙ නෑ මේකාගෙන් හාඩ් ඩිස්ක් එකට මොන මොන අතවර සිද්ධ වුණාද කියල. ;) මොනව වුණත් මාසෙකට දෙකකට වතාවක් slow හරි වයිරස් හරි කිය කියා format කරන බව නම් මං හොඳාකාරව දන්නව.

අන්තිමේ මටත් නිකං ඉන්න බැරිකමට... වාණිජ මෙහෙයුම් පද්ධතිය(ක)ට ඔළුව අතගාලා පොඩි ටොක්කක් ඇනලම මේක අවසන් කරන්න හිතුණා. Windows Setup එකේ තියෙන කෙහෙම්මල් partition එඩිටරය නම් මහ ඇණයක්. විකාරයි අජූතයි. මම එහෙම කියන්නෙ හේතුවක් ඇතිව. අපි partition එකක් format කරද්දි ඒකෙන් partition එක හරියටම තියෙන තැන, primary ද logical ද කියන එක පෙන්නන්නෙ නෑ. අනෙක් විස්තරත් අඩුවෙන් පෙන්නන්නේ. ඩොස් යුගයෙ තිබුණු FDISK මේකට වඩා හොඳා. Windows 7 ට එද්දි මේකෙ වෙලා තියෙන එකම දියුණුව විධියට මම තාම දැක්කෙ mouse එකෙන් වැඩ කරන්න පුළුවන්කම විතරයි. හැබැයි වැඩ නම් තාම එහෙමමයි.

ඒකට, බලන්න ලිනක්ස් ස්ථාපනය කරද්දි පාවිච්චි කරන්න ලැබෙන partition එඩිටරය කොයි තරම් ස්වීට්ද කියලා... ;) ලේසියෙන් වැඩ කරගන්න ඕන නං Guided Partition කියලා විකල්පයකුත් තියෙනවා. නැත්තම් හිතේ හැටියට partition කරගන්නත් පුළුවන්. හැබැයි මම නම් නිර්දේශ කරන්නේ Guided Partition කරන්න එපා කියලා. තමන්ට හිතෙන හැටියට partition table එක සංස්කරණය කරන්න ඒකෙ දීල තියෙන පහසුකම් අපූරුයි.

හාඩ් ඩිස්ක් කතන්දරේ දැන් ඉවරයි... අළුතෙන් යමක් දැන කියාගත්තා කියල හිතෙනවා ඒකෙන්.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

18 comments:

  1. හෆෝයි.... මම හාඩ් එකක් දෙන්නං ඒකට බැකප් කරලා දෙයියනේ කියල ඕක ෆෝමැට් කරලා දාන්න :P

    ReplyDelete
  2. මම නම් කරන්නෙ නැතිවෙන දේගැන නොහිතාම හාඩ් එක ගැන හිතල පහසුම විදිහට සම්පූර්ණයෙන්ම format පාරක් දාන එක.....

    ReplyDelete
  3. ProbaBLY this happen because Format command is doing something little bit than erase/delete.
    There is a command where u can reset the hard disk bits (0 and 1). with format there is a still possibility to get the previous files. but with the command I mention, u can not get anything. Im sorry that I cant remember that command (sometime it might b format command with different parameters) Its something call RAW level or factory level format. If I found the command,will post it.

    ReplyDelete
  4. බඩුම තමා...... :P මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා ඕනා තරම්.....!!

    කම්පියුටර් වලට බැස්ස මුල්ම දවස් වල මගේ Quantum Fireball 30 GB (පට්ට හාඩ් ඩිස්ක් type) ට කෙලව ගත්තා මම......!! :(

    සතියකට සැරයක් විතර එක එක සෙල්ලම් දාලා.......!! :D

    හැබැයි ඒ කරලා ඉගෙන ගත්ත ඒවා නම් බොහොමයි.....!! :)

    ReplyDelete
  5. මගෙ කොම් ....ටරේ නම් හාර්ඩ් එකේ ප්‍රමාණය කිව්වොත් දුක හිතේවි.ඒ නිසා පාටිශන් ගෑටලු නෑ ඈත්තෙත් නෑ

    ReplyDelete
  6. යුරාජ් මල්ලිට වුනා වගේ මටත් වුනා මේ ළඟදිත්..මැක්ස්ටර් 40 කට.ඔන්න තාම ඒක මේසෙ උඩ..!!

    ReplyDelete
  7. ඉතිං අර හාඩ් එකට මොකක්ද කළේ ? හදලු දුන්නෙ නැද්ද ?

    ReplyDelete
  8. @Thilina,
    අනේ තැංකූ වේවා... ඒත් බුවා ඉන්නෙ ජා-ඇල නේ. දුර වැඩිනේ. ;)

    @Prabath Darshana,
    එහෙම කරන්න තිබුණ මේකගෙ චිත්‍රපට එකතුව නොතිබුණා නං.

    @Anonymous,
    You are talking about Low Level Format. It's implemented in MS-DOS and Windows 3.1/95/98 systems but no longer in new MS operating systems. I don't know the reason for that, but if you have MS-DOS boot you can perform a low level format.

    @Uraj,
    මමත් මේවා ඉගෙනගත්තෙ ඔහොම වැඩ දාලා තමයි.

    @Supun,
    හදල දෙන්න ඕනා ඉඩකඩ තියෙන වෙලාවක. අපිත් හරි බිසී මිනිස්සුනේ... :P

    ReplyDelete
  9. අනේ මංද. තවමනම් මගෙ හාඩ් එක ලෙඩක් දුන්නෙ නෑ. වැරදිලාවත් එහෙම උනොත් අනාතයි. මේකෙ තියෙන ඒව මැකුනොත් ඉඳල මක්කටෙයි. :(

    ReplyDelete
  10. මට ශාකුන්තල අයියගෙන් පොඩි උදව් දෙක තුනක් ඕන කරල තියෙනව.

    1 . මගෙ බ්ලොග් එකට මේ හිනා මූණු දැම්මට වැඩ කරන්නෙ නෑ. පුලුවන්නම් මට එකට හොඳ Script එක දෙනවද ?

    2 . පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකේ උඩ තියෙන Dropdown මෙනු එක දාගන්න විදිය කියනවද. Template editing ඕනෙ නෑ. කෝඩ් එක ලැබුනනම් ඇති.

    ReplyDelete
  11. @සුදු මහත්තයා,
    1. ඔය උඩින්ම කමෙන්ට් එක දාල තියෙන තිලිණගෙ බ්ලොග් එකෙන් තමයි මම ඒක ඉස්සුවෙ. ;) Firefox වල View --> Page Source ගිහින් <SCRIPT කියන HTML tag එක පොඩ්ඩක් විපරං කරල බැලුවම මෙන්න මේක හම්බවුණා:
    http://mltan100.googlepages.com/emoticons.js
    ඒ මුළු SCRIPT tag එකම copy-paste කරගන්න.

    මම කලින් වතාවක් ඔය වගේම වෙන තැනක host කරපු script එකක් දාගෙන හිටියා. කලක් යද්දි ඒක host කරපු සයිට් එක අයින් කරලා. බැකප් එකකුත් නැති නිසා සදා අනාතයි. තවත් සැරයක් එහෙම නොවෙන්න මම script එකත් මගේ තැනටම ගත්තා.
    http://www.shaakunthala.com/blogtools/emoticons/emoticons.js

    2. ඊමේල චෙක් කරල බලන්න. මම එවල ඇති. :)

    ReplyDelete
  12. ස්තූතියි ශාකුන්තල අයියේ... :)

    ReplyDelete
  13. හැබෑටම නිතර quick format වත් කිරීම හොඳ නැද්ද ?

    ReplyDelete
  14. @සහන්,
    ඒක අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න format කරනවා නම් quick format කරන්න හොඳ නෑ.

    ReplyDelete
  15. හෆොයි මම ගාවත් තියෙනව ඔය වගේ වෙච්ච හාර්ඩ් ඩිස්ක් 2, 3ක් ම. එකක් තියෙනව 20GB එකක් මගෙ ඉතාම වටිනා DATA වගේකුත් එක්ක ඒත් රිකවර් කරගන්න බෑනෙ... :'( තව එකක් තියෙනව 200GB IDE එකක්. ඒකත් ඒ වගේ... කවුරුහරි දන්නවද හොඳ ඩේට රිකවරි කරන තැනක්. අඩුම තරමෙ 20GB එකේ ටිකවත් ගන්න... දන්නවනම් කියන්න හොඳේ. =)
    ප.ලි.
    මේ වගේ ලිපි වලින් අපේ මොට්ට මොලවලට වටිනා දේවල් පුරවන (හෝ පුරවන්න උත්සහ කරන ) අපේ ශාකුන්තල සහෝදරයට ජය... මමනම් ඉතින් මේකට අලුත් බුවෙක්.. හිකිස්...

    ReplyDelete
  16. බුදු අම්මෝ GParted වචනෙ දැක්කා විතරයි මගෙ ඇග හිරිවැටිලා ගියා..! මටත් ඔහොම වැඩක් උනා අමිත්ත කියලා මගෙ යාලුවෙක් උන්නා එයාගෙ අයියා අලුත් ලැපක් අරන් අවා රට ඉදන් අපි මොකද කලේ එකෙ පාටිශන් එකක් කඩලා උබුන්ටු දැම්මා...මොකක්දො ජිල්මාට් එකකට පාටිශන් කරන්න ඔය GParted තමා අල්ල ගත්තෙ, මෙකා එපා එපා කියද්දි නොදන්න බට්න් එකක් එබුවා.. අපච්චියෙ format වෙනවා පෙනවා මුකුත් වෙනසක් නැ උබුන්ටත් වැඩ..අයෙ රීස්ටාට් කරලා බලද්දි තමා දන්නෙ මැසිමෙ තිබ්බ මුකුත් නැ කියලා... ඒ අයියා මට නොබැන කොහොම ඉවසගෙන උන්නද දන්නැ :-D

    ReplyDelete
  17. හෆොයි...!! මටත් ඔය වගේ ජිල්මාට් වැඩ ගොඩක් උනා පසු ගිය දවස් වල... මගේ අවුරුදු 7-8 ක් පරණ මැසිමේ Maxtor 40, XP එක්ක එකතුවෙලා ලොවෙත් පිස්සු කෙලියා... මම බැරිම තැන දෙන්නටම බම්බු ගහගන්න කියලා පොඩි එකාගේ ආසාවට රවුම් ගානක් හරි නෑනෙ කියලා 9 ක් ම ගෙන්නගත්ත Ubuntu 09.04 එකක් සම්පුර්ණයෙන්ම පාටිෂන් ගැලවිලා යන්නම කොටලා දැම්මා ඔන්න...
    ~මම අයියාගේ සරසවියට අලුතින්ම ආපු පොඩි කොලුවෙක්

    ReplyDelete
  18. බොහෝම සතුටුයි පොඩි කොලුවෝ... :D
    සරසවි ජීවිතේට මගෙන් සුභ පැතුම්! :)

    ReplyDelete

Facebook ප්‍රතිචාර