Wednesday, September 30, 2009

පාලමෙන් ගිහින් ආවේශ වීම


මගේ බ්ලොග් එකේ ලියවෙන ගොඩක් සටහන් වලට දාන්නෙම හරිම අමුතු මාතෘකා. කලකට කලින් රෙද්ද උස්සල බලපු හැටි මතකනේ.. :P මේකත් එහෙම එකක්... සුපුරුදු පරිදි ටෙක් නෝට් එකක්. තවත් අළුත් අත්දැකීමක් ලබපු හැටි තමයි විස්තර කරන්නේ... මුලින්ම ගළපගමුකෝ මේ අමුතු කතන්දරේ... පාලම තේරෙන බාසාවෙන් කිව්වොත් bridge එක... නිකම් bridge නෙමෙයි network bridge. එතකොට ආවේශ වෙනව කිව්වෙ? ආවේශ වෙනව කිව්වෙ remote desktop සීන් එක... මේ වචනෙ මට අහම්බෙන් ඔළුවට ආපු එකක්. බලන්න කොයි තරම් ගැලපෙනවද කියල. :D කිසිම සිප්යුරු වදන් පොතක නැතුව ඇති මෙහෙම එකක්. :D :D

හරි... වැඩි කතා ඕනැ නෑ. මේක සිද්ධ වෙලා දැන් ටික දවසක් වෙනවා. අපේ මලයා ගෙදර තිබුණු පරණ මැසිම ආපහු හදලා... වින්ඩෝස් දාලා. ඉතිං මගේ පරණ උණකුත් ඒ එක්කම ඉස්මතු වෙලා ආවා... මොකක්ද? GTA Vice City!! මාව ළඟින් ආශ්‍රය කළ අය දන්නව මම මේකට කොයි තරම් ඇබ්බැහි වෙලා හිටියද කියල. ඉතිං දෙපාරක් හිතුවෙ නෑ දාගත්තා GTA Vice City. දවස් දෙකයි සෙල්ලං කළේ විදුලි බිල බර ගාණකින් වැඩි වෙලා!! :-O ඒකට හේතුව වෙන මොකක්වත් නෙමෙයි පරණ මැසිමෙ තියෙන තඩි CRT මොනිටරය. ඉතිං ගෙදර කස්ටියගෙන් දැඩි විරෝධතා ආවා Vice City සෙල්ලං කරනවට (මිනී මරාගන්න ගේම් එකක් බව දන්නවනං මට කොහොමටත් සෙල්ලං කරන්න දෙන්නෙ නෑ).

ඉතිං මම ට්‍රයි එකක් දුන්නා රිමෝට් ඩෙස්ක්ටොප් පාරක්වත් දාගන්න. එතකොට මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන ethernet හරහා අනිත් මැසිමෙ තියෙන Vice City සෙල්ලම් කරන්න පුළුවන්නේ. නමුත් මුල ඉඳලම මට සැකයක් තිබුණා වැඩේ අසාර්ථක වෙන බවට. වීඩියෝ මතකය සම්බන්ධ ගැටළුවක් එන්න පුළුවන් කියල හිතුණා.

මගේ ලැප්ටොප් එකේ දුවන්නෙ Ubuntuනේ... ඩෙස්ක්ටොප් මැසිමෙ වින්ඩෝස්. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ... එතකොට තමයි අයිඩියාව ආවේ VirtualBox එකේ දාලා තියෙන Windows XP ස්ථාපිතය ප්‍රයෝජනයට ගන්න පුළුවන් බව. දැන් නම් Vice City සෙල්ලම් කරන වැඩේ අසාර්ථක වුණත් ආපු අයිඩියාව අතාරින්නෙ නෑ! අත්හදා බලන්නම වටින වැඩක්. මේව නොවැ ගේම්!!

කොහොමද මේක හදා ගන්නේ.....? ඒවට තමයි Network Bridge තියෙන්නේ.
Bridge එක හදන්නෙ කොතනද? Ubuntu හරහා virtual මැසිමයි ඇත්ත මැසිමයි සම්බන්ධ වෙනවා...  ඒ කියන්නෙ Ubuntu වලට තමා bridge එක එන්නේ.

ඊළඟ ප්‍රශ්නය... මොන ජංජාලකරණ උපාංග දෙකද පාලමේ දෙකොනෙ තියෙන්න ඕනේ? එකක් eth0, එතතකොට අනික? Virtual machine එකේ settings වලට ගිහින් Network යටතේ Adapter 2 සක්‍රිය කරලා ඒක Host-only Adapter විධියට සකස් කළා. පහත දැක්වෙන තිර රූප සටහන බලන්න.




මෙහෙම කළාම ධාරක පරිගණකයේ (ඒ කිව්වෙ Ubuntu වල) vboxnet0 නමින් තවත් අතථ්‍ය ජාලකරණ උපාංගයක් එකතු වෙනවා. Virtual machine එක ධාවනය වෙන අතරේ ධාරක පරිගණකයට ifconfig විධානය දීලා ඒ බව තහවුරු කරගන්න පුළුවන්.

දැන් අපි පාලම හදන්නෙ eth0 සහ vboxnet0 අතර.  ඒක කරන්න sudo vim /etc/network/interfaces විධානය දීලා /etc/network/interfaces ගොනුව විවෘත කරගන්න. මේ පෙන්නල තියෙන කේත පේළි තුන ඒ ගොනුවෙ අගට එකතු කරලා ගොනුව සුරකින්න (Esc - :wq - Enter).

# Bridge between eth0 and vboxnet0
iface br0 inet dhcp
bridge_ports eth0 vboxnet0



මෙහෙම කරලා මැසිම restart කළා. ඊට පස්සෙ virtual machine එකත් ක්‍රියාත්මක කළා.

ඊළඟ පියවර ජාලකරණ උපාංග වින්‍යාසගත (configure) කිරීම. මෙන්න මේවා තමයි උපාංග ටික:
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ ethernet ඇඩැප්ටරය
  2. ලැප්ටොප් එකේ ethernet ඇඩැප්ටරය
  3. ලැප්ටොප් එකේ VirtualBox ධාවනය වෙන වෙලාවෙ නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය (vboxnet0)
  4. Virtual machine එක තුළ vboxnet0 සඳහා නිර්මාණය වෙන virtual ඇඩැප්ටරය

මේ පාලම්ගත ජාලය වැඩ කරන්න පුළුවන් වෙන්නේ bridge එකේ දෙපස තියෙන ජාල දෙකේම subnet mask සමාන වුණොත් විතරයි. ඒකට හේතුව ටිකක් දීර්ඝව විස්තර කරන්න සිද්ධ වෙන නිසා මෙතන ලියන්නෙ නැහැ -- විකිපීඩියාවෙ ඒ ගැන තියෙන ලිපිය කියවන්න. එහෙම නැත්නම් එක ජාලයකට අනෙක හඳුනාගන්න බැරි වෙනවා. vboxnet0 ට අදාළ ජාලයෙ සැකසුම් ස්වයංක්‍රීයව DHCP මගින් සකස් වෙන නිසා විශේෂිතව සකසන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කළ යුත්තෙ subnet mask එක බලා ගන්න එක. ඒක කරන්න ifconfig vboxnet0 විධානයෙන් පුළුවන්. එහෙමත් නැත්නම් virtual machine එකේ control panel එකට ගිහින් බලා ගන්නත් පුළුවන්.

ඉතින් මෙන්න මේ අගයයන් තමයි DHCP මගින් සකස් කර දීල තිබුණෙ:
  1. VIrtual machine එක තුළ වින්ඩෝස් - IP: 192.168.56.3, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ vboxnet0 - IP: 192.168.56.1, Subnet Mask: 255.255.255.0

ඊළඟට ඩෙස්ක්ටොප් පරිගණකයෙත් මගේ ලැප්ටොප් එකෙත් ethernet සකස් කරන්න ඕනේ.
  1. ඩෙස්ක්ටොප් පරිගණකයෙ Control Panel එකේ Network Connections වලට ගිහින් අදාළ connection එකේ සැකසුම් සකස් කළා -- IP: 10.16.32.202, Subnet Mask: 255.255.255.0
  2. ලැප්ටොප් එකේ - # ifconfig eth0 10.16.32.201 netmask 255.255.255.0 up

කොළඹ සරසවියෙ අපි හොඳට දන්න කියන වැදගත් සර්වර් එකක් internal network එකේ 10.16.32.201 ලිපිනයෙ තියෙනවා. ලැප්ටොප් එකට මතක තියාගන්න පහසු IP එකක් දාන්න හිතුණු නිසා ඒකම දැම්මා. ;) මොකද මේ ජංජාලෙ ගෙදරදි විතරයිනෙ.

වින්ඩෝස් වල My Computer right click කරලා Properties ගිහින් Remote Desktop සැකසුම් හදා ගන්න පුළුවන්. ඒ ගැන මෙතන විස්තර කරන්නෙ නෑ. බොහොම සරල කාරියක් නිසා. ඉතින් virtual machine එකේ ඉඳන් Remote Desktop Viewer ක්‍රියාත්මක කරලා IP ලිපිනය විධියට 10.16.32.202 ලබා දුන්නා. ඒ කිව්වෙ ඩෙස්ක්ටොප් පරිගණකයෙ IP එක.


හරීම සෝක්! මෙන්න virtual machine එකේ ඉඳගෙන එළියෙ තියෙන අනිත් මැසිමේ වැඩ කරන්න පුළුවන්!! :-O අත්හදා බලන්නම වටින වැඩක්. ඉතින් මේකෙන් ටිකක් වෙලා යනකම් එක එක වැඩ දම දමා හිටියා. විදුලි පරිභෝජනය වැඩි CRT තඩිය off කරලා මගේ ලැප්ටොප් එකෙන්ම ඒ මැසිමත් පාලනය කරන්න පුළුවන්.

මගේ වුවමනාව තිබුණේ GTA සෙල්ලම් කරන්න. ඉතිං GTA දාලා බැලුවා... ම්හූ.. වැඩ නෑ. :( වීඩියෝ මතක ප්‍රමාණය මදිලු. හැබැයි කමක් නෑ ඒකට.. අළුත් දෙයක් අත්හදා බලන්න ලැුබුණනේ. :) GTA සෙල්ලම් කළා කියල ලැබෙන දෙයක් නැහැ නොවැ.

පසු වෙලාවක නිකමට අන්තර්ජාලයෙ විපරම් කරල බලද්දි මෙන්න මේ දේවල් දැනගන්න ලැබුණා:
  • Ubuntu වල ජාලකරණ සැකසුම් සකස් කරන්න හොඳ GUI ටූල් එකක් තියෙනවා... ඒකෙ නම Firestarter (# apt-get install firestart) හැබැයි මම ඇත්තටම කැමති නෑ මේකෙන් වැඩ කරන්න. එතකොට ඇතුළෙ මොන මොනව වෙනවද කියල මං දන්නෙ නෑනෙ.
  • Ubuntu වල ඉඳලා වින්ඩෝස් මැසිමකට ආවේශ වෙන්න TightVNC මෘදුකාංගයෙන් පුළුවන්.

ඉතිං... ආපහු මොනවහරි දෙයක් අරගෙන ඉඩකඩ ඇති වෙලාවක මේ පැත්තෙ එන්නං... ciao!

අළුතෙන් මේ ටිකත් එකතු කළා (2009-10-02)
මේ බ්ලොග් ලිපිය ලිව්වේ කලබලෙන්... ඉතිං මේ මොඩල් එක පැහැදිලි කෙරෙන පිංතූරයක් දාන්න බැරි වුණා. මෙන්න උණු උණුවෙම GIMP වලින් හදලා දැම්මා... පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. :)

  
Ciao!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

13 comments:

  1. NetSupportManager™ එකේ control interface එකක් තියෙන එකක් උබුන්ටු වලට හොයාගන්න නැද්ද?
    Client එකක් නම් තියෙනවා. වින්ඩොස් වලින් Ubuntu පාලනය කරන්න පුළුවන්..
    ඒත් පාලක අතුරුමුහුණතක් ලිනක්ස් වලට නැති නිසා ලිනක්ස් වලින් බෑ.. :(

    ReplyDelete
  2. වින්ඩෝස් වල Remote Desktop ප්‍රොටොකෝල් එක Ubuntu වල VNC එක්ක වැඩ කරන්නෙ නැහැනේ...

    Try rdesktop. http://www.rdesktop.org/

    No Virtual machine needed. This is command line utility. How ever there are GUI front ends too.

    #apt-get install grdesktop

    Another option. This will work with XP Pro
    but I am not sure XP Home has a terminal server

    Terminal Server Client that comes with Ubuntu. It's under Applications-Internet. Change the protocol to RDP.

    ReplyDelete
  3. Ubuntu වල තියෙන Remort Desktop Viewer එකෙන් කෙලින්ම වින්ඩෝස් මැෂින් වලට remort desktop හරහා කනෙක්ට් වෙන්න පුළුවන් නේද ?

    ReplyDelete
  4. පහනක් පත්තු කෙරුවාම ඒ පහනෙන් එලිය විහිදෙනවා.ඒ විහිදෙන එලියෙන් ගොඩක් දේවල් එලිය වෙනවා.මේ ගැන විවිධ පැරණි උපමා කතාත් ලියවෙලා තියෙනවා.ශාකුන්තල සහෝදරයත් කරන්නේ ඒ වගේ දෙයක් . ඔබ කරන්නේ ලොකු සේවයක්.ජීවිත ආලෝක කිරීමක්.ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඔබ පහනක්.මේක අතිශ්‍යෝක්තියක් නෙවෙයි,පැසසීමක්.ඔබ වගේ පර්යේෂණ කරමින් උසස් අධ්‍යාපනය හදාරන සොයුරන් බොහොම අඩුයි.ඔබ පසුගිය දවස්වල docx ගොනු ආකෘතිය ගැන ලියූ ලිපිය ඉතා හොඳයි,පැහැදිලියි.ඒ ගැන විවිධ අය විවිධ මත දැරුවා.සමහරු පහන නිවෙන්නට නොදී ‍රැකගැනීමට උත්සාහ කළ අතරේ තවත් සමහරු ඒ පහන් සිළුව නිවන්නට උත්සාහ දැරුවා.ප්‍රායෝගික දැනුමෙන් තමයි තමන්ට දෙයක් මතක හිටින්නේ.මම ඒක ශාකුන්තල සහෝදරයට අමුතුවෙන් කියන්ට ඕන නැහැ.තවත් මෙවැනි ලිපි පළ කරන්න.ඒක අපිට ලොකු ආලෝකයක්.සොයුර ඔබට සදා ජය ...!

    ReplyDelete
  5. එළ එළ නියමයි ඔය තියෙන්නේ නියම ලිනක්ස් වැඩ කැලි ඇෂ්ටි හැලෙන්න
    ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  6. එල එල...

    මචෝ.. වින්ඩෝස්/උබුන්ටු-ෆෙඩෝරා අතරෙ file share කරන විදිය ගැන step by step guide එකකුත් ලියපංකො.

    ReplyDelete
  7. @ගයන්ත,
    එහෙම එකක් නං හොයාගන්න බැරි වුණා. :(

    @Chanaka Arna Munasinghe,
    It works!
    Thank you very much for sharing your valuable knowledge here. I remember that you've put such a valuable comment on my Linux Beginners' post too. ;)

    @har,
    ඒක කරන්න බැහැ. Windows වල remote desktop වැඩකරන port 3389 එක්ක vinagre (Ubuntu වල remote desktop viewer එක) මෘදුකාංගයෙන් සම්බන්ධ වෙන්න බැහැ.



    @Duminda,
    ස්තුතියි සහෝදරයා ප්‍රතිචාරයට... පෘථග්ජන මනුෂ්‍යයෙක් නිසා මට මේ වගේ කමෙන්ට් දැක්කම ලොකු කික් එකක් එනවා. ඉගෙනගන්න ගමන් ඒ ගැන ලිවීම මට සතුටක්. හරියට ඒක බෙදා හදාගෙන කනවා වගේ වැඩක්.

    @නුවන්සි,
    :)

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    මේකට NFS - Network File System පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන්නෙ Fedora DVD එකත් එක්ක පෙරනිමියෙන්ම ලැබෙනවා. මම අත්හදා බලලා ලිපියක් ලියන්නම්.

    ReplyDelete
  8. ඉන්ද්‍රනාමගේ වැඩේ අත්හදා බලන්න NFS වලට අමතරව Samba ත් ඕනේ

    ReplyDelete
  9. සිරාවටම උ(ba) නම් මාර මීටරයක්.මෙව ලියනවට හුගක් ඉස්තුතියි

    ReplyDelete
  10. ආයුබොං... මමත් ඔන්න උබුන්ටු දාගෙන ටික දවසක් වෙනව. ඒත් ඉතින් අත්හදා බලන්න වෙලාවක් තමයි නැත්තෙ. මොකද ආයතනය වැඩ කරන්නෙ බිල් මාමත් එක්කනෙ. කොහොම වුනත් මට ප්‍රශ්න කිහිපයක් තියෙනව දැනට. පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් පින්... :)
    මට පුලුවන්ද වින්ඩෝස් ඩොමේන් එකකට උබුන්ටු පරිගණකයක් එකතු කරන්න...?
    ඒ වගේම මම කොහොමද Nortel VPN Client උබුන්ටු වල ස්ථාපනය කරගන්නෙ...?

    ReplyDelete
  11. අයියේ පුලුවන් නම් උබුන්ටු සහ උබ්න්ටු මත තියන වර්චුවල් බොක්ස් එකෙ ඉන්ස්ටල්ල් කරපු වින්ඩෝස් එක්ස්පී දෙක අතර ෆයිල් ශෙයාර් කරන හැටි ලියන්නකෝ..........

    ReplyDelete
  12. වෙලාවක් ලැබුණාම VBOX ලට්ට ලොට්ට ඔක්කොම ලියල දාන්නම්....
    මේකට VirtualBox Guest Additions පාවිච්චි කරන්න ඕනේ...

    ReplyDelete

Facebook ප්‍රතිචාර