Tuesday, September 22, 2009

docx ප්‍රශ්නය විසඳූ හැටි


ආයුබෝ,... කාලෙකට පස්සේ..... දැන් ශාකුන්තල තුන වසරෙ නොවැ. කන්දක් වගේ වැඩ ගොඩ ගැහීගෙන එනව පේනවා....... හී හී බය හිතෙනවා.... දැන් මම diGIT සඟරාවටත් ලියනවා. පොඩ්ඩක් ඒ පැත්තෙන් ගිහින් Shell Scripting දන්නෙ නැත්තං මං සිංහලෙන් ලියන එව්ව කියවල ඉගෙනගන්න පුළුවන්. :)

මම අන්තිමට ලිව්ව බ්ලොග් සටහනේ තිබුණනේ මගේ පොඩිකාලේ ගත කරපු මැදිරිගිරිය, එහේ පරිසරය ගැන ලියනවා කියලා.... ඒක වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටෙව්වා. කමක් නෑනේ.....? ඒක අතපසු වුණා.... දැන් ට්‍රිප ගිය දවස් වල තිබුණු සෞන්දර්ය මානසිකත්වයෙන් ගැලවිලා විසිවෙලා අයෙම කාර්යබහුලත්වයට අවතීර්ණ වෙලා. ඉතින් අදත් ලියන්නේ තාක්ෂණික ලියමනක්ම තමා.... පේනවනේ මාතෘකාවෙන්ම.

හරි... මෙන්න සිද්ධිය. අපේ මලයා (එකෙක් නෙමෙයි දෙන්නෙක්ම ඉන්නවා ;) , මේ කියන්නෙ එකෙක් ගැන) උසස් පෙළ කාරිය හෙම හමාර කරලා ගෙදර ඉන්න ටික කාලෙට පොඩි පොඩි වැඩ ටිකකට බැහැලා. පරිගණක අළුත්වැඩියාව, පරිගණක ඉගැන්වීම, සිංහල යතුරුලියන වැඩ තමයි කරන්නේ.

ඉතිං ඔය වගේ එක 'බිස්නස්' වැඩකට මලයා MS Office Word වලින් පිටු ගාණක් දිග සිංහල ලියවිල්ලක් ලියලා. ඒක save කරල තියෙන්නෙ docx, ඒ කිව්වෙ Word 2007 ආකෘතියෙන්. අදත් එ්ක සිරිත් පරිදි MS Word 2007 පාවිච්චි කරලා විවෘත කරද්දි මෙන්න Unspecified Error කියාපි! අර මොකක්දෝ එක කොළා කිව්වලු තාප්පෙට!!



 අනාතයි... ලියවිල්ල open නෙමෙයි orphan වෙලා තියෙන්නේ... :-O මේකට විසඳුම් තුනක් තියෙනවා. පළවෙනි එක අන්තර්ජාලයට එබිලා මොකක් හරි recovery tool එකක් හොයන එක (එපා වෙන වැඩක්). දෙවෙනි එක තමයි ලියවිල්ල ආපහු මුල ඉඳලා හදන එක (හාපෝයි බෑ..!). තුන් වෙනි එක තමයි docx ආකෘතිය ඇතුළට රිංගලා ටිකක් විපරං කරලා instant විසඳුමක් හොයාගන්න එක. ඒක නං අල්ලල යනවා... මල් හතයි. :D

docx ආකෘතිය ගැන මම දන්න දෙයක් නෑ ඇත්තටම. කලකට ඉහතදි මම Ubuntu වලදි docx ගොනුවක් විවෘත කරද්දි අහම්බෙන් දැනගත්තා ඒක zip ගොනුවක් බව (Gnome වලදි extension එක ගැන නොතකා ගොනු වර්ගය හඳුනගන්නවා). මේ දෝෂ පණිවුඩයෙ xml කතන්දරයක් කියන නිසා මට නිකමට හිතුණ තව ටිකක් මේ ගැන හොයල බලන්න.

XML ගැන මං මොනවද දන්නෙ? XML ටිකක් HTML වගේ... ටැග් අරිනවා... වහනවා... ආ.... ඒ ඇති.

මේ අවුල ඇති වුණේ කොහෙන්ද කියල මට අදහසක් නැතත් මම අදාළ docx ගොනුවෙ පිටපතක් අරගෙන ඒක WinRAR මෘදුකාංගයෙන් විවෘත කරලා /word/document.xml ගොනුව එළියට ගත්තා (extract). අරගෙන ඒක Firefox වලින් විවෘත කරල බැලුවා. ඒත් අවුලක් නෑනෙ. :-/ XML කේත රුක පිළිවෙලට ලස්සනට තියෙනවා. මොන errors ද?

මොකක් නමුත් අවුලක් තියෙන නිසානෙ විවෘත නොවෙන්නේ. ඉතින් මම XML එක notepad එකෙන් විවෘත කරලා ඔය කියල තියෙන තැන... ඒ කිව්වෙ 2 පේළියෙ 378184 වෙනි තැනට ගිහින් බැලුවා. මොකුත් අවුලක් පේන්න නෑ. XML syntax වරද්දලා නෑ.

උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇති වුණාම මොකද කරන්නේ? සැත්කමක් කරලා උණ්ඩුක පුච්ඡය ඉවත් කරනව නේද? මාත් මේ ගැටළුවට විසඳුම විධියට දැක්කෙ ඒ වගේ දෙයක්. ඒ කිව්වෙ ඔය දෝෂ පණිවුඩයට අදාළ XML ටැග් එක මුළුමනින්ම අයින් කරල දාන එක. මේකත් මාර XML එකක්. සන්තකේටම තියෙන්නෙ පෙළි දෙකයි. හැබැයි දෙවෙනි පේළියෙ දිග... අකුරු 470706! :-O



බොහෝම අමාරුවෙන් තැනත් හොයාගෙන ඔය XML කේත කොටස අයින් කරලා document.xml ගොනුව ආපහු තිබුණු තැනටම පැක් කළා. ඒ කිව්වෙ archive එකට ආපහු එකතු කළා. කරලා MS Word වලින් විවෘත කළාම... violah! :) අපේ මලයට මාර හැපී...! නැත්තං හොඳ පණ යන වැඩක් නෙව... ඔන්න ඔහොමයි ගැටළුව විසඳුවේ. හැබැයි වැඩේ හරි යන බවට පූර්ණ විශ්වාසයක් මට තිබුණෙත් නෑ.... මොකද මම docx ගැන නොදන්න නිසා.

දැන් කෑල්ලක් අයින් කළානේ... ලියවිල්ල පරිස්සමෙන් කියවගෙන ගියා මොනවද හැලිල තියෙන්නෙ කියල බලන්න. මේ ලියවිල්ලෙ තැනින් තැන ගණිතමය සමීකරණ තියෙනවා. පොඩි බට්ටා සමීකරණ විතරක් නෙමෙයි අනුකලන කොක්ක තියෙන පතරංග සමීකරණත් තියෙනවා. අන්න එහෙම සමීකරණයක් පොඩ්ඩක් ඇද ගහල තිබුණා අර code පොඩිත්ත අයින් කළ එකෙන්. ඒ වගේ සමීකරණ තියෙන තැන් වලදි XML කේතයත් සංකීර්ණ ඇති. මේ ගැටළුව ඒ සංකීර්ණ බව නිසා ඇති වුණු එකක් කියලයි මගෙ අදහස.

මේ XML අවුල MS Word 2007 ගොනු ආකෘතියෙ නිතර ඇති වෙන අවුලක්ද කියන එක ගැන කියන්න තරම් මට MS Word 2007 ගැන අත්දැකීමක් නෑ. හැබැයි පරණ නිකුතු (XP, 2003) නම් හම යන්න පාවිච්චි කරල තියෙනවා. මම මේ ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ අපට එදිනෙදා ඇති වෙන සමහර අනපේක්ෂිත ගැටළු වලදි සුළු දැනුමකුයි සුපරීක්ෂාකාරී බවයි එකතු වුණාම කොයි තරම් සතුටුදායක විසඳුම් ලැබෙනවද කියන එක පෙන්නන්න. ඕනෙ නම් මේක කරන මෘදුකාංගයක් Google එකෙන් හොයලා (තව patch/ serials හොයලා; පුළුවන් නම් වයිරස් දෙක තුනකුත් පැළ කරගෙන) කාලය අපතෙ යවන්නත් තිබුණා. ඊට වඩා හොඳ නැද්ද මේ විධිය... පැය කාලෙන් චැප්ටර් ක්ලෝස්.. ;) අළුතෙන් මොනවහරි දෙයක් ඉගෙනගන්නත් ලැබෙනවනෙ.

ගිහිං එන්ඩා......ං.... ආයුබෝ......!

෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴

22 comments:

  1. සමීකරන නිසා අලයක් බැස්සත් office 2007 වල සමීකරන ලියන්න කලින්ට වඩා ලේසියි. වැඩේ මරු

    ReplyDelete
  2. කෝමද ටිකිරි මොළේ! :P

    ReplyDelete
  3. Use Ms file Converter software...it can be able to solve that problem.if someone want it.. please mail me i can share it between us..thanks

    ReplyDelete
  4. thanks malaya mamath oya prasne hinda ambanakata nala tiyenawa

    ReplyDelete
  5. good for ppl like us who are not good in computers. . . if i get this type of prob. . . wel lwell now i know what to do. . . tnx bro. . . tnx a lot. . and keep up ur good work. . . !

    ReplyDelete
  6. එල එල නියම වැඩේ!!!

    ReplyDelete
  7. මරු මරු මචන් උඹ නං සිරා පොරක්.
    ලංකාවට අයිටී පැත්තෙන් නං අනාගතයක් තියෙනවා වගේ පේනවා.
    ලියමු ලියමු දිගටම ලියමු

    ReplyDelete
  8. එල, එල ගින්දර වැඩේ.

    ReplyDelete
  9. කලකට ඉහතදි මම Ubuntu වලදි docx ගොනුවක් විවෘත කරද්දි අහම්බෙන් දැනගත්තා ඒක zip ගොනුවක් බව
    අනේ බං කාවද ඔය රවට්ටගන්නේ?

    ReplyDelete
  10. කුඩා කුසුම් බාලිකාවන්ට නම් අපට තරම් IT උණ නැහැ මල්ලි. උන් දන්නේ Facebook විතරයි. ඒත් මම සුපුරුදු ලෙසම උන්ට මතක් කරනවා ඔයාගේ මේ ලියමන කියවන්න කියලා. උන් එකෙක් හරි මේවයින් ඉගෙන ගනීවි කියලා හිතනවා. දිගටම ලියන්න

    ReplyDelete
  11. ගණිත සමීකරණ වලට Word අල්ලල දාල Latex පාවිච්චි කරන්නකො...සරලයි සුගමයි. Word වලින් වැඩ කරන්න ගියාම එයා අනවශ්ය කෑලි දාගෙන එයාට ඕන විදියටනෙ කරන්නෙ. Latex වලින් අපට ඕන හැටියට වැඩේ ගන්න පුලුවන්.
    හැබැයි කොහොම උනත් ඔයා කරපු වැඩේ නම් නියමයි! තමන් තනියම අත්හදා බලල කරන ඉගනීම තමයි වැඩියෙන්ම වටින්නෙ.

    ReplyDelete
  12. oya nam nikan sherlock holmes wage ne......adahanna watina manussayek.ela ela

    ReplyDelete
  13. ෂහ් සිරා වැඩේ. මාත් නිතර 2007 සමීකරණ ගහනව. දැනට නම් ඔහොම අලයක් ඇවිල්ල නෑ.
    උණ්ඩුකපුච්ඡෙ අයින් කරන අදහසත් නියමයි.

    ReplyDelete
  14. එළ.. එළ.. මමත් ඔය උන්ඩුක පුච්ඡෙ සැත්කම නිතරම කරනව හැබැයි ගොඩක් වෙලාවට open නෙමෙයි orphan තමා වෙන්නෙ :(

    ReplyDelete
  15. nice one dude.

    p.s.
    sorry for commenting in English. violat is back in hospital. :(

    ReplyDelete
  16. කොච්චර වින්ඩෝස් පලු ඇරියත් open office තව දියුණු වෙන්න ඕන කියන එකයි මට මේක කියවනකොට හිතුනෙ. මාතෘකාවට ගැලපෙන්නෙ නැද්ද මන්දා.

    ReplyDelete
  17. ප්‍රතිචාර පළ කරපු හැම දෙනාටම ස්තුතියි. හැබැයි මම කස්ටිය කියල තියෙන විධියෙ අදහන්න වටින 'පොරක්' නෙමෙයි. ;) ඕනැ එකයි එපා එකයි හොයන්න කාලය ගත කරලා කෑම වේල්, නින්ද පවා අතපසු කරගන්න එකෙක්.

    තිළිණ,
    ඔව් ඒක ඇත්ත. Office 2007 සමීකරණ කෙරුවාව බොහොම ලේසියි.

    @OMESH DANANJAYA,
    Thanks dude, what I've explained here sometimes might not work with a different scenario. In that case your solution is the solution. :)

    @buddika,
    e kiyanne meka sulaba siddhiyak...?

    @Anonymouse,
    "අනේ බං කාවද ඔය රවට්ටගන්නේ?"
    මමත් උඹෙන් අහන්නෙ ඒකම තමයි. :D

    @Laksiri Ranasinghe,
    Facebook නම් මේ දවස්වල බොහොම බයානකයි බාලිකාවන්ට. මගේ යාළුවෙකුගෙත් පිංතූර එකතු කරල fake profile එකක් හදලා. :-O
    මෙන්න කුඩා කුසුම් බාලිකාවන්ට ආදර්ශයට ගන්න චරිතයක්: http://deepsgelokaya.blogspot.com/2009/06/blog-post_1958.html ;)
    Comment එකට ස්තුතියි!

    @niroshinie,
    ඔව්, Latex කතාව ඇත්ත. අපට කැම්පස් එකේදි මේ ගැන දේශනයක් තිබුණා පළමු වසරෙදිම. හැබැයි අපේ එකෙක්වත් තාම පාවිච්චි කරන්නෙ නෑ. මමත් නෑ. :(
    Latex වල සමීකරණ කෙරුවාවෙදි ලියන්න තියෙන්නෙ පතරංග MS Office XML එකට වඩා සරල කේතයක්, යාන්තමට මතකයි මට.
    හැබැයි මෙතන සිද්ධිය මට අදාළ එකක් නෙමෙයි. අපේ මලයගෙ වැඩක්. එයාට open source අරහං. :P

    @änthräX,
    May your sweetheart get well soon... :(

    @සුසිත,
    ඔව් ඒක ඇත්ත. හැබැයි ඔය නිරෝෂිණී අක්කා කියල තියෙන latex ක්‍රමට MS Office වලට වඩා හොඳයිලු. 'ලු' දැම්මෙ මම පාවිච්චි කරල නැති නිසා.
    Comment එකේ නොගැලපීමක් නම් නෑ. මීට වඩා නොගැලපෙන එකකට මම replyත් කරල තියෙනව මෙතන. ;)

    ReplyDelete
  18. ආයුබෝවන්ඩ... මමනම් මේකට අලුත්... අපේ ගයන්ත මලයනම් මාව දන්නව... බෝම සන්තෝසයි මේක දැක්කම. ඇත්තටම ගොඩක් වටින ලිපි සෑහෙන්න තියෙනව. ඩිගටම කරගෙන යමු... ජය...

    ReplyDelete
  19. මේ වගේ දේවල් ලියලා අපට තේරෙන බාසාවෙන් දෙන එකට ගොඩාක් ගරු කරනවා. ස්තුතියි.

    ReplyDelete

Facebook ප්‍රතිචාර