Wednesday, October 14, 2009

ආකල්ප, වීඩියෝ ක්‍රීඩා සහ ලිනක්ස්


ම්ම්... බ්ලොග් උපන්දින සාදයෙන් පස්සේ ලියන පළවෙනි ලියමන... මගේ බ්ලොග් උපන්දිනේ සමරන්න ආපු හැමදෙනාටම ස්තූති... ඉස්සරහටත් මං ලියන අනංමනං කියවන්න.. :)

මාතෘකාව...........! මීට කලකට කලින් දුටු දෙයක් මතක් වෙලා මේක ලියන්න හිතුණේ... දැන් තියෙනවනේ ඔය හන්දි හන්දි ගානේ පොඩි පොඩි video game centre. ඉන්ටර්නෙට් කැෆේ වගේ මේවයෙත් පාවිච්චි කරන කාලය අනුව ගෙවීමක් කරලා මොකක් හරි වීඩියෝ ක්‍රීඩාවක යෙදෙන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා වලට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි ළමයි... ඉස්කෝලෙ හයේ හතේ විතර පොඩි බට්ටෝ... හැබැයි ඉතිං මේවයෙ තියෛන කරන මිනී මරාගන්න ගේම් නම් ළමයින්ට සුදුසුයි කියන්න බැහැ... මේ video game centre වල තියෙන ක්‍රීඩා වලින් සමහර ඒව වර්ග කරල තියෙන්නෙ 18+ විධියට, නමුත් අපේ සිරි ලංකාවෙ බොහොම නිදැල්ලෙ සංසරණය වෙනවා -- මහරජාණන්ගෙ අවධානයට ලක් විය යුතු තවත් මාතෘකාවක්... අර (අහ)වල් සයිට් තහනම් කළා වගේ මොකක් හරි කරන්න වෙයි. නැත්තං අර ජෝන් සීනා විතරක් නෙමෙයි තව තව ආතක් පාතක් නැති fictional චරිතත් ඔළුවටම ගහයි.

මම අද කියන්න යන්නෙ ඒ පොලිටිකල් කතා නෙමෙයි... Video game center එකකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳිද්දි හිතුණ දෙයක්... සමහර අය ලිනක්ස් බෑ බෑ කියන්න එක හේතුවක්නේ මේ මූලික ලිනක්ස් විධාන මතක නැති කම... මතක තියාගන්න බැරිලු... ටයිප් කරනකොට ටැපලෙනවලු... ක්ලික් කරන්න තියෙනකොට ලේසියිලු.

මොන බොරුද? :P

දැන් ආපහු යමු වීඩියෝ ගේම් එක සෙල්ලම් කරන පොඩි එකා ළඟට... පොඩි එකා මොකක්දෝ එකක් ටයිප් කරනවා... මෙන්න අපේ වීඩියෝ ක්‍රීඩාවෙ ඉන්න 'පොර' ගෙ අතට අවි ආයුධ (ammunition) මාර තොගයක් එකපාරටම මැවෙනවා... පොඩි එකාට ටයිප් වෙන දේ පේන්නෙත් නෑ.. හැබැයි ඌ ඒක කොහොම හරි කරගන්නවා. තව ටිකකිං... අපේ පොර දැන් මැරෙන්න ඔන්න මෙන්න... හැබැයි පොඩි එකා තවත් මොකක්දෝ එකක් ටයිප් කරන පරක්කුවෙන් පොර full health. තවත් මොකක්දෝ එකක් ටයිප් කළ ගමන් මේන්න අහසින් පාත් වුණා වගේ සද්දන්ත වාහනයක්!

ඔය කිව්වෙ වෙන මොනවත් නෙමෙයි පරිගණක ක්‍රීඩා වල තියෙන easter eggs, නැත්තම් game cheats ගැන. තවත් සමහර අය passwords කියලත් කියනව මේවට... මොක වුණත් කමක් නෑ... පොඩි එකාට එක එක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට අකුරක් නෑර මේව ඔක්කොම මතකයි. ටයිප් කරන අකුරු ටික පේන්නෙත් නෑ... එක හුස්මට ටයිප් කරගෙන යන්නත් ඕනේ. එක අකුරක් හරි මිසිං වුණොත් ඊළඟ තත්පරෙන් අපේ 'පොර' ඩවුන් නේ. සමහර වෙලාවට cheat code එක ටයිප් කරන එකත් නිකං ප්‍රතීක ක්‍රියාවක් වගේ -- එක සැණින්! :-O


ඉතින්... ඒකත් එහෙම නං... අපි වගේ අයට,
ලිනක්ස්/ යුනික්ස් ෂෙල් එකක මූලික වැඩ ටික වත් කරගන්න එකත් මහ ලොකු දෙයක් ද?
ඒකත් බැරි නම් වරද තියෙන්නෙ කොතනද??

8 අදහස්:

chathuraw said...

වුවමනාව තියෙනවනම් ඕන මගුලක් කරන්න පුළුවන්. බැරි කම නෙමේ තියෙන්නෙ ඕන නැති කම.

අනික මේ කාලෙ ලිනක්ස් ෂෙල් එකට යන්නෙ නැතුව වැඩ කරගෙන යන්න පුළුවන් තත්වෙකට ලිනක්ස් ඇවිල්ලනේ තියෙන්නෙ. ඕන කමක් තියෙන උන් මාරු වෙයි. කිසිම දෙයක් එක පාරට වෙනස් කරන්න බෑ. ටික ටික තමයි වෙන්නෙ.

Kanishka | කණියා said...

මට නම් ෂෙල් ගැන මෙලෝ අයි‍ඩියා එකක් නෑ.. ඒත් ඉතික් UBUNTU වල නම් වැ‍ඩ කොරල තියේ....

Anonymous said...

"පරිගණක ක්‍රීඩා වලට වැඩිපුරම ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි ළමයි... ඉස්කෝලෙ හයේ හතේ විතර පොඩි බට්ටෝ"
game ගහන ශාකුන්තල "බට්ට"

තමීර said...

අපි අතරෙ ඉන්න කවුරුත් වගේ වින්ඩෝස්වල ඉඳල ලිනක්ස්වලට එන අය. ඉතින් වින්ඩෝස්වල වගේ රූපමය අතුරු මුහුණතක් තියෙද්දි ෂෙල් එකක් මොකටද කියන හැඟීම කාටත් වගේ එනවා.
ෂෙල් එක හුරුකරවන්න තියෙන ටියුටරියලුත් අකුරුවලින් පිරිච්ච ඒව නිසා ඒව කියවන්න යන්නෙත් බොහොම ටික දෙනයි.

chanux said...

හා හා සිරා idea එක.

Duminda said...
This post has been removed by the author.
Duminda said...

ශාකුන්තල සහෝදහරයා, ආකල්ප ගැන තමා කතා කරන්න ඕන. වින්ඩෝස් ගැන අවුරුදු ගානක් අපේ රටේ ආකල්ප වගාවක් කරලා තිබුනාම ඒ පැත්තට අපේ රටේ කට්ටියගේ නැඹුරුව වැඩියි.ඔය සහෝදරයා ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා.බොහෝම සතු‍ටුයි.ලිනක්ස් ගැනත් මම දන්නේ ටිකයි . නමුත් මේ සටහන ශාකුන්තල සහෝදරයගේ සිංහල බ්ලොගය නරඹන සියල්ලන් වෙනුවෙන් තබනවා.
පහත විධානය උත්සාහ කරලා බලන්න

" $ cat /proc/kcore"

මේක ටර්මිනලයේ සටහන්කර Enter key එක එබුවහම තේරෙන්නේ නැති ASCII විධාන තොගයක් මුද්‍රණය වෙනවා.

හැබැයි බයවෙන්න එපා!


Ctrl+Z යතුරු සංයෝජනය භාවිතා කළාම මේක නවතිනවා.

ශාකුන්තල ලිනක්ස් ගැන දිගටම ලියන්න.ජයවේවා

ශාකුන්තල said...

හැම දෙනාගෙම ප්‍රතිචාර වලට ස්තුතියි. එක එක කෝණ වලින් බලලා මම කියලා තියෙන දේ හරි හෝ වැරදි ලෙස තර්ක කරන්න පුළුවන්.

දුමින්ද කියල තියෙන දේ ගැන මම හොයල බැලුවා. මම මේ වෙනතෙක් ඒක දැනගෙන හිටියෙ නැහැ. මේව දේව රහස් නෙමෙයි. /proc යටතෙ හැදෙන ගොනු සියල්ල කර්නල් එක ධාවනය වෙන අවස්ථාවෙ නිර්මාණය වෙන ඒවා. හාඩ් ඩිස්ක් එකේ නෙමෙයි ඒව තියෙන්නේ. kcore මගින් දක්වන්නෙ පරිගණකයෙ RAM මතකය. (http://www.unixguide.net/linux/faq/04.16.shtml)

# cat /proc/kcore > ~/kcore
මේකෙන් output කරන file එක මම මේ දැන් hex editor එකකින් (ghex2) open කරල බැලුවා. සමහර තැන් වල සුද්ධ ඉංගිරිස් තියෙන්නේ. ;)

ඔබේ අදහස්..?

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

 

Blogger Template by GoogleBoy ve anakafa | Sponsored by Noow!

Blogger Template modified by ශාකුන්තල | Shaakunthala.