Sunday, November 1, 2009

කැපූ කෙස්ස ගැන රස කතා



දිගින් දිගටම ලිනක්ස් ගැනයි අරකයි මේකයි කියවලා කස්ටියට එපා වෙලත් ඇතිනේ.... ඉඳ හිට දවසකවත් පොඩි ආතල් එකක් තියෙන්න එපායැ; නැද්ද මං අහන්නෙ? ;)

මම කාලයක් කොණ්ඩේ වවාගෙන හිටියනේ... රොක් \m/ හෙවි මෙටල් ශෛලිය සහ සංගීතය ගැන තියෙන අසීමිත උණත් එක හේතුවක් තමා... (*) . ඒ දවස් වල බස් එකේ යද්දි මාරු කාසි නැති වෙලාවට කොන්දොස්තර පූසා වගේ, රුපියල් හයේ දුර යන්න පණහෙ නෝට්ටුවක් දික් කළත් අනම් මනම් ලොකු ටෝක් නැතුව හරියට ගානට ඉතුරු දෙනවා. >:)

මේ ලියමන මම නිකං විහිළුවට වගේ වෙච්ච පොරොන්දුවක්. මේ වගේ තව සිද්ධි කීපයක්ම තියෙනවා කියන්න. =))

---

අපේ නෑදෑ ගෙදරක් තියෙනවා තංගල්ලේ. කලක ඉඳලා එහේ යන්න තිබුණු අවශ්‍යතාව අන්තිමේ ඉටු කරගත්තේ වෙසක් පෝය දවසේ. කාටත් නිවාඩු දවස නොවැ. ඉතින් ගිහිල්ලා කාරිය කස්ටිය කතා බහ කරලා කාලා බීලා ඉන්න අතරෙ මට ඕනැ වුණා වෙරළ පැත්තෙ ටිකක් ඇවිදින්න යන්න.

තංගල්ලෙ මුහුදු වෙරළ ඉතාම සුන්දරයි. ඊට වඩා ලස්සන මුහුදු වෙරළක් මම දැක්ක එකම තැන නිලාවේළිය. ඉතිං 'බීච්' යන්න මම සපත්තු දෙක ගලවලා, ඇඳගෙන හිටපු ඩෙනිමත් දණිසට වෙනකම් නවාගෙන පාර දිගේ ඇවිදගෙන යනවා. ෂර්ට් එකත් කට්ට කළුයි. පිට මැද්දට වැටුණු දිග කොණ්ඩෙයි.

මේ වෙසක් පෝය දවසනේ... ඉතිං එක එක පළාත් වල කොල්ලො ගැන්සි සෙට් වෙලා ට්‍රිප් යනවා. යන්නෙ ආතල් එකටත් එක්ක ලෑන්ඩ් මාස්ටර් වගේ පොඩි පොඩි වාහන වලින්. ඔහොම යන එක සෙට් එකක් අමුතු විධියට පොඩි සද්දයක් කරාපි! :-"

"ආ... ආ...."

ඉතිං මාත් එකපාරටම හැරිල බැලුව මොකද සීන් එක කියල (ඇත්තටම මාත් කල්පනා කළේ සුන්දර යුවතියක් එහෙම ඒ පැත්තෙ හිටියනං පොඩි wink :-" පාරක් එහෙම දාන්න :P ). එතකොටම සද්දෙ නතර වුණා. ඔක්කොම තක්බීර් වෙලා වගේ මං දිහා බලං ඉන්නවා. හරියට දැං කුඩු ගහපු වඳුරො ටිකක් වගේ. මේ මොකො!?? :-O

ටික වෙලාවක් යද්දි තමයි මට සීන් එක තේරුණේ. බීච් යන්න ඕන නිසා දණිසට වෙනකම් නවපු ඩෙනිම මුන්ට පෙනිල තියෙන්නෙ 'ත්‍රී ක්වාටර්' එකක් වගේ. ඒ මදිවට පිට මැද්දට වැටුණු දිග වරලස! තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙන්න දඟලන කෙල්ලෝ කරන එක එක ෆැෂන්. ඒක තමයි මුන් ටික නිකං තොප්පි වෙළෙන්දා දැක්ක වඳුරො ටික වගේ ෆෝම් වෙලා තියෙන්නෙ. මුං ටික මගේ මූණ දැකල එකපාරටම අන්දමන්ද වුණේ මූණෙ තිබ්බ පත රැවුල නිසා. හොඳ වෙලාවට මං ඒක කැපුවෙ නැත්තෙ. =)) =)) =))

---

ඊළඟ සිද්ධිය වුණේ සඳුද දවසක උදේ දුම්රියෙන් කොළඹ එද්දි. මම සාමාන්‍යයෙන් යන්නෙ එන්නෙ සමුද්‍රදේවියේ. එදා ටිකක් කලින් ඇහැරුණු නිසා ඊට කලින් තියෙන බලවේග කට්ටල දුම්රියෙන් ('ගෝල් ට්‍රේන්' එක) ආවේ.

කට්ටිය දන්නව ඇතිනේ... බලවේග කට්ටල දුම්රිය මැදිරි වල ආසන තියෙන්නේ දික් අතට. ඒ කියන්නේ වාඩි වෙන අය වාඩි වෙන්නෙ දුම්රිය මැදිරි ජනේල වලට පිටුපාල. ඉතින් වැඩිය සෙනග නැති නිසා මටත් වාඩි වෙලා යන්න චාන්ස් එකක් හම්බ වුණා.

මේ දුම්රිය කොස්ගොඩ දුම්රිය ස්ථානයෙ නවත්තල තියෙද්දි ගාල්ල පැත්තට යන තවත් බලවේග කට්ටල දුම්රියක් එතනින් මාරු වෙනව. ඒ අනෙක් දුම්රියත් මම ගමන් කළ දුම්රියත් ටිකක් වෙලා කොස්ගොඩ නතර කරල තියෙනව. මෙන්න ඒ වෙලාවෙ එක පාරටම මට හරියටම පිටුපසින්, ඒ කියන්නෙ අනිත් දුම්රිය තියෙන පැත්තෙන් කටහඬක් ඇහෙනව.

"ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් නෙට් ෆෝරම් ඩොට් එල් කේ. අයෑම් අ මෙම්බර් ආන්ට් යූ"

ඈ යකෝ... ඒ මම ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකේ පිටේ ගහල තියෙන එකනේ? මේ යකා මොකද ඒක සද්දෙට කියවන්නේ....?? :-?

උදේ පාන්දර හිමිදිරි නිදිමතේ මට සීන් එක හරියට මීටර් වුණේ නෑ. දුම්රිය හෙමින් ඉදිරියට ඇදෙන අතරේ ටියුබ් ලයිට් පත්තු වුණා. ~X(

අපරාදේ... සිරා බයිටක් දෙන්න තිබ්බ චාන්ස් එක. :( මීට වඩා හොඳයි සම්පත් බැංකුව වගේ හෙට දින එළිය කළා නං! :))

---

ඉතින් ඔය වගේ කොණ්ඩෙ නිසා ආතල් සීන් තව තව තියෙනවා... ඒවට වැය කරන්න ඒ තරම් වෙලාවක් නැති නිසා ලියන්නෙ නෑ. මගේ නම -- ශාකුන්තල, අමුතු නමක් නිසා වක්කඩ කැඩුවා වගේ Facebook එකෙන් යාළු request ආපු හැටි... තව තව රස කතා ගොඩයි. ඒව ගැන වෙන ම දවසක ලියන්නං... අදට ආයුබෝ.... buona notte......!

23 අදහස්:

Anonymous said...

interesting =)

Dasun Sameera - දසුන් සමීර said...

:). කොහොම වුනත් කොන්ඩේ කපපු එක හොඳයි.

කේෂාන් said...

හික්..හික්.. ආ.. එතකොට ඉතාලි ඉගෙන ගන්න හේතුව එහෙමත් ලියන්න ;) එතකොට ආයෙත් ඉස්කෝලෙ යන්න ආසයි කියන හේතුව එහෙමත්... හික්..

.::පිස්සා::. said...

ගොඩාක් කාලෙකින්.... මම හිතුවා උඹ ලංකාවේ නෑ කියලා...
මගේ බ්ලොග් එක පැත්තේ දැක්කේ නැති නිසා..

කොන්ඩේ කපපු එක නම් හොදයි..
දිගටම ලියහන්... නවත්තන්න එපා ලිවිල්ල...

Thilina said...

ඔව් කොණ්ඩෙ කපලා ඉන්න එක ඇඟට ගුණයි :D

ගයන්ත said...

මම නම් ආසම නෑ කොන්ඩෙ වවගෙන ඉන්න.. :(
ලඟදිත් නෝට් (0) වෙන්නම කපල දැම්මා.. :D

ඒක නෙමෙයි, තංගල්ලෙද් මුකුත් කරදරයක් උනේ එහෙම නෑ නේද? ;)

Kanishka | කණියා said...

හික් හික් :D පට්ට සීන් තමයි උඔටත් වෙන්නෙ :P

NUWAN"s lane said...

හරිම සංවර කොල්ලො ටිකක් නෙ තං ගල්ලෙදි හම්බ වෙලා තියෙන්නෙ....මල්ලි කොන්ඩෙ කෑපුවෙ ඊට පස්සෙද???

chathura.net said...

ඔන්න මං නම් උඹව add කර ගත්තෙ කොල්ලෙක් කියලා දැනගෙන. හරී!!! :)

ඉශාන් තිළිණ said...

හික් හික්, මරු කතාව.මෙයා එහෙනම් බස් එකේ යනකොට කෑල්ල වගේ ඇති :p

දුකා said...

පිට මැදට දික් වෙන්න තරම් තිබුනු වරලසට බැරි වෙලාවත් මලක් එහෙමත් වැටිලා තිබුනද දන්නෙ නෑ . . . හික් හික් . . . ! !

පාඨකයෙක් said...

මේ blog එකේ පසුබිමට සුදු පාට නැතුව ඇහැට අමාරු නැති පාටක් දාන්නකො
geek ලගෙ web site ඔහොමද ?

ශාකුන්තල said...

@Anonymous,
තෑන්ක් යූ වේවා! =)

@දසුන් සමීර,
ඔව් බං.. මාර නිදහස්... :P

@කේෂාන්,
ඉතාලි?? #$#@%$$#$%^!!!!

@පිස්සා,
මට දැන් වැඩ වැඩි නිසා ගොඩක් බ්ලොග් ලිපි මිසිං වෙනවා. :(
පිස්සගෙ බ්ලොග් එකේ මරු ආටිකල් ටිකක් දැක්කා... සිංහල නාමපුවරු වෙන්දේසිය එහෙම... :D වෙලාවක් අරගෙන කියවන්න ඕන. ස්තුතියි comment එකට.

@Thilina,
:D

@ගයන්ත,
අපෝයි නෑ.. කිසිම උපද්‍රවයකින් තොරව ගෙදර ආවා.. :D හොඳ වෙලාවට.

@NUWAN"s lane,
කොණ්ඩෙ කැපුවෙ ඊට ගොඩක් කලකට පස්සේ... තව තව ආතල් සීන් ගොඩක් තියෙනවා කියන්න බැරි වෙච්ච. ;)

@chathura.net,
ගොඩක් එවුන් එහෙම තමා... හැබැයි ඇත්ත මූණ නැතුව avatar එකක් දාල තිබුණු කාලෙ මළ කරදරේ.. :D

@ඉශාන් තිළිණ,
බස් එකෙ යද්දි එහෙම නෑ බං... මූණ පේනව නෙව හොඳට... ඒ නිසා කිසිම උපද්‍රවයක් වුණෙ නෑ... ;)

@දුකා,
හිකිzz! බීච් එකට කිට්ටුව ඉතිං වැටෙන්න තියෙන්නෙ පොල් මල් විතරයි!!

@පාඨකයා,
ඔව් ඔව්, ළඟදිම දානවා... ළඟදිම බ්ලොග් එකේ ඇඳුම් මාරු කරනවා... හැබැයි සිලෙක්ෂන් කීපයක් තියෙනවා... එකක් තෝරගන්න බැරුවයි ඉන්නේ.. :-/

udara said...

"තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙන්න දඟලන කෙල්ලෝ කරන එක එක ෆැෂන්"

කොළඹ උන් නම් ඉවසන්න පුලුවන්..එත් මාතර පැත්තෙන් කොළඹ ඇවිල්ලා කරන වැඩ දැක්කම දුක හිතෙනවා,නැද්ද මචන් ? උඹ දන්නවනේ කවුරු ගැනද කියන්නේ කියලා :P

"එදා ටිකක් කලින් ඇහැරුණු නිසා ඊට කලින් තියෙන බලවේග කට්ටල දුම්රියෙන් ('ගෝල් ට්‍රේන්' එක) ආවේ"

කලින් කිව්වේ..කීයට කලින්ද? ප.ව 12 ට කලින් ද?

Supun Budhajeewa said...

හෆෝයි.... කොන්ඩෙ වවං ඉන්න පුළුවනෑ! කොන්ඩෙ කැපුවම තියන සනීපේ..ඒ!

පැතා said...

ඕං බලන්නකො ඒකෙත් හැටි අෑ!

Janith said...

උබ කොන්ඩෙ කපපු එක කොයික්ටත් හොදයි. නැත්නම් උඹට කැම්පස් එකේ ඉන්න ෙකාල්ලන්ෙගන් තමා කරදෙර්. :-P

Shiroshan Randika said...

හෙට වෙනකොට සුභ උපන්දිනයක්..............

kanishka© said...

උඹ කොන්ඩෙ වවං හිටපු කාලෙ පට්ට අපිලිවෙලටනෙ හිටියෙ. අඩු ගානෙ පීරුව නං හරි.

ශාකුන්තල said...

@udara,
ඒකනෙ බං මට කෙල්ලො allergic වෙලා තියෙන්නෙ... ;)

@Budhajeewa, පැතා,
:-|

@Janith,
අනේ බං!

@Shiroshan Randika,
ආ.. තැංකූ තැංකූ... තව කල් තියෙනවා.. :)

@kanishka©,
ඒ නොපීරූ කොණ්ඩෙ තමයි බං ආතල්... ස්වභාවිකවම curl වුණු කොණ්ඩ.. තව කාටද එහෙම කොණ්ඩ තියෙන්නේ... භයංකර ප්‍රියංකර ගතිය එන්නෙ curl කොණ්ඩෙ පීරන්නෙ නැති වුණාම. >:)

panhida said...

අපරාදෙනේ කොන්ඩේ කැපුවේ...වවන්නෝ දිනන්නෝ කියල තියනවනේ....කොහොම හරි දිර්ඝායුෂ බ්ලොග් දිව්යක් පතනව මේ උපන්දිනයට.... :)

malee_msg said...

කවුරු මොනවා කිව්වත් මට නම් හරිම දුකයි කොණ්ඩේ කපපු එක ගැන.

ෆා ද බ්ලොගී said...

හිහ් හිහ්. මාර සීන් තමා. අපේ එක්කෙනෙකුටත් ඔය වගේ සිද්ධියක් උනා google t-shirt එකක් ඇඳන් ගිහින්. එයා ගියා මාත් එක්ක shopping. ඇඳුම් කඩේ හිටපු කට හැකර කෙල්ලෙක් හයියෙන් කියපි " I am feeling lucky" කියලා.අපේ එක්කෙනාට තරහ ගිහිං අර කෙල්ලට කන්න වගේ රවාගෙන හිටපු හන්දා shopping කෙරිල්ල පැත්තක තියලා එයාව ඇදං එළියට ආවා.

ඔබේ අදහස්..?

මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.

ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!

 

Blogger Template by GoogleBoy ve anakafa | Sponsored by Noow!

Blogger Template modified by ශාකුන්තල | Shaakunthala.