Tuesday, March 11, 2014

සර්වර් එකේ හොල්මනක්

"මචං උඹ ලිනක්ස් දන්නව නේද?"

Image courtesy: pixabay.com
ටී ෂර්ට් එකක පිටේ FAQ අකුරු තුන තඩියට ප්‍රින්ට් කරවගෙන ඊට යටින් ඔය ප්‍රශ්නෙයි ගැළපෙන උත්තරේකුයි ගහගන්නවා මම හිතුණොත්. :D එච්චරටම නිතර දෙවේලේ ඇහෙන ප්‍රශ්නයක් ඕක. සාමාන්‍යයෙන් මගෙන් කවුරුහරි ඔහොම අහන්නෙ ලිනක්ස් සම්බන්ධ උදව්වක් ඕනෙ වුණාම. ඉතින් මේකත් එහෙම කතන්දරයක්...

මගේ මිත්‍රයා පරීක්ෂණ මට්ටමින් තමන්ගෙම ලිනක්ස් සර්වර් එකක වෙබ් අඩවියක් හොස්ට් කරලා. ඊට පස්සෙ ඒ වෙබ් අඩවිය පාවිච්චි කරයි කියල හිතන අයට පොඩි ටෙස්ටිං (UAT) රවුමක් දෙකක් කරන්න දීලා අඩුපාඩු අල්ලගන්න. මේ UAT එකේදි හදිසියෙම වෙබ් අඩවිය අකර්මණ්‍ය වෙලා. හේතුව හොයල බැලුවම හාඩ් ඩිස්ක් එකේ root partition එක (/) සම්පූර්ණයෙන්ම පිරිලා ඉඩ නැහැ. වෙබ් අඩවිය වැඩ කරනකොට caches/ logs ලියන්න හාඩ් ඩිස්ක් එකේ ඉඩ නැති නිසා තමයි ඒක නැවතිලා තියෙන්නෙ.