මා පාසැලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී දිනක් මිතුරන් මාර්ගයෙන් මට එක්තරා පත්‍රිකාවක් ලැබුණි. මම එය කියවා "මේ බොරුවක්" යන වදන පමණක් පවසා එය ඉවතලීමට සැරසුණත් මිතුරන්ගේ විරෝධය හේතුවෙන් එය ඉවත නොදමා ඔවුන්ටම දුනිමි.
බුද්ධාගමට විහිළු කරන අයට නිසි දඬුවම් දීමක් ගැන මෙහි සඳහන් වෙයි. මා අසා ඇති අන්දමින් වෙනත් ආගම්හි දක්නට ලැබෙන අන්දමින් විරුද්ධවාදීන්ට දඬුවම් දීම බුදු දහම අනුමත කරන්නේ නැත. මේ කියන නාග රාජයා දඬුවම් දෙන්නෙක් නම් Buddha Bar වැනි දේවල් තවමත් පවත්වාගෙන යන්නේ කෙසේද? එනයින් මේ පත්‍රිකාවම ලොකු විහිළුවක් නොවේද?
මේ පත්‍රිකාව නොසලකා හරින අයට කරදර වේ ලු. ප්‍රචාරය කරන අයට සිතන දේ ඉෂ්ට වේ ලු. මේ පත්‍රිකාවේ ඇති අතාර්කික කරුණු එකින් එක විග්‍රහ කරන්නට කාලයක් මට නැත. කිව යුතු එකම දේ නම් මෙවන් බොරු පත්‍රිකා වලට රැවටී නොමග යන්නන් දැනුවත් කර ඔවුන්ට සත්‍යය වටහා දිය යුතුය යන්නයි.
If you have received this leaflet, do not hesitate to discard it. And also help people to understand what the truth is.
තෙරුවන් සරණයි!
---
ඒ පත්‍රිකාවම පසුගිය දිනක මට විද්‍යුත් තැපෑලෙන් ලැබී තිබුණි. අහෝ සම්බුද්ධ ධර්මයට කර ඇති අපහාසය! තත්වය නරක අතට හැරී ඇත්තේ දැන් මෙයට විද්‍යුත් තැපෑලත් උදව් වීම නිසාවෙනි. විද්‍යුත් තැපැල් මගින් ඉතා පහසුවෙන් යම් පණිවුඩයක පිටපත් සිය ගණනක් එක්වර බෙදාහැරීමට ඇති හැකියාව නිසාවෙනි.බුද්ධාගමට විහිළු කරන අයට නිසි දඬුවම් දීමක් ගැන මෙහි සඳහන් වෙයි. මා අසා ඇති අන්දමින් වෙනත් ආගම්හි දක්නට ලැබෙන අන්දමින් විරුද්ධවාදීන්ට දඬුවම් දීම බුදු දහම අනුමත කරන්නේ නැත. මේ කියන නාග රාජයා දඬුවම් දෙන්නෙක් නම් Buddha Bar වැනි දේවල් තවමත් පවත්වාගෙන යන්නේ කෙසේද? එනයින් මේ පත්‍රිකාවම ලොකු විහිළුවක් නොවේද?
මේ පත්‍රිකාව නොසලකා හරින අයට කරදර වේ ලු. ප්‍රචාරය කරන අයට සිතන දේ ඉෂ්ට වේ ලු. මේ පත්‍රිකාවේ ඇති අතාර්කික කරුණු එකින් එක විග්‍රහ කරන්නට කාලයක් මට නැත. කිව යුතු එකම දේ නම් මෙවන් බොරු පත්‍රිකා වලට රැවටී නොමග යන්නන් දැනුවත් කර ඔවුන්ට සත්‍යය වටහා දිය යුතුය යන්නයි.
---
ඔබටත් මෙම පත්‍රිකාව විද්‍යුත් තැපෑල මගින් ලැබී ඇත්නම් එය මකා දමන්න පසුබට වෙන්න එපා. නොමග ගියවුන් දැනුවත් කරන්න. මෙය ප්‍රචාරය නොකළා කියා ඔබට දෂ්ඨ කරන කළු නාගයෙක් කොතැනකවත් නොවේ.If you have received this leaflet, do not hesitate to discard it. And also help people to understand what the truth is.
තෙරුවන් සරණයි!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
