Showing posts with label වෘත්තීයමය. Show all posts
Showing posts with label වෘත්තීයමය. Show all posts

Thursday, December 23, 2021

උගතුන් සිරිලක හැර නෙදර්ලන්තයට යන හැටි [30% ruling ගැන සරලව]

"උඹට කොහොමද බං ඕක සෙට් වුණේ?"

මේක ගොඩක් අය මගෙන් අහපු දෙයක් නිසාත්, මෑතක ඉඳලා යාළුවෝ කීප දෙනෙක්ම මට මැසේජ් කරලා නෙදර්ලන්තයට සංක්‍රමණය වෙන්නෙ කොහොමද කියලා අහපු නිසාත් මාස කීපයකට කලින් මම ට්විටර් එකේ ඒ ගැන පොඩි හෑල්ලක් ලිව්වා. ඒ හෑල්ල අද මම බ්ලොග් එකේ ලියනවා විස්තර කරලා.

‍මෙම සටහන 2021 වසරේ තැබූ එකක්. 30% බදු සහනය පිළිබඳ මෙහි දැක්වෙන සමහර තොරතුරු 2024 වසරේ සිට වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න. දී ඇති නිළ වෙබ් අඩවි වලින් වත්මන් තත්වය දැනගැනීමට පුළුවනි.

Philips Stadion - Eindhoven

වෙන රටකට සංක්‍රමණය වෙන්න අපි කැමති වුණා කියලා අපිව බාරගන්න ඒ රටවල් එහෙම එකපාර කැමති වෙන්නෙ නැහැ. ඒ රටටත් වාසියක් වෙන විදියේ, රටට අවශ්‍ය කෙනෙක්ව ගෙන්න ගන්න තමයි ගොඩක් රටවල් වැඩියෙන් කැමති. ඉතින් නෙදර්ලන්තයත් එහෙමයි [1]. ඒ නිසා අධ්‍යාපනය හෝ වෘත්තීය දක්ෂතා අතින් ඉතාම ඉහළින් ඉන්න, නෙදර්ලන්තයේ රැකියා වෙළඳපොළ ඇතුළේ සොයාගන්න දුර්ලභ නිපුණතාවන් තියෙන අයව නෙදර්ලන්තයට ආකර්ෂණය කරගන්න නෙදර්ලන්ත රජය ක්‍රමයක් හඳුන්වලා දීල තියෙනව. ඒ අනුව, ඉහළ සුදුසුකම් තියෙන අයට සහ විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙන අයට රැකියා බලපත්‍රයක් (work permit) නැතුව නීත්‍යානුකූලව නෙදර්ලන්තය ඇතුලේ රැකියාවක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේ අයට කියන්නෙ highly skilled migrant (kennismigrant) කියලා. මීට සමගාමීව, නෙදර්ලන්ත රජයේ තීරණය මත 30% ruling කියන වාසියත් ලබාගන්න පුළුවනි.

Sunday, November 15, 2020

ඉංග්‍රීසි බස උගත් හැටි

"ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?"

මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා. 🙂

Photo of a blackboard with a few basic English words written on.
Image courtesy: pixabay.com
 

ඉතින් මේකට එක එක අය තම තමන් දන්න ක්‍රම කියලා උත්තර දීලා තිබුණා. හැම එකක්ම කියවලා බලලා තමන්ට හරියටම හරි යන ක්‍රමය හොයා ගැනීම ප්‍රශ්නයට විසඳුම් හොයන අයගේ වැඩක්. මා දන්නා දෙය කියා දීම මගේ යුතුකමක්. දැන් මම ෆේස්බුක් එකේ නැති නිසා මගේම තැනක ලියනවා. අවශ්‍ය අය දකිත්වා! 😎

Tuesday, November 26, 2019

ටෝස්ට්මාස්ටර්ස් ගැන තවදුරටත්... | More on Toastmasters (The Club Leadership Committee)

ටෝස්ට්මාස්ටර්ස් ගැන මම කලින් ලිව්ව ලියමනට හොඳ ප්‍රතිචාර තිබුණු නිසාත්, මගේ යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මත මම ඒ ගැන තව ටිකක් දේවල් එකතු කරලා තව බ්ලොග් ලිපියක් ලියන්න තීරණය කළා. ඔව්...! බ්ලොග් සටහනක් ලියන්න ඕන මානසික නිදහසත් එක්ක කාලය වෙන් කරගන්නවා කියන ඒක "තීරණයක්" තමයි... :)

ඉතින් මට දිරි දුන්, ප්‍රතිචාර දැක්වූ මිතුරන් හැමදෙනාටම ස්තුතිය පළ කරන ගමන්, මේ සටහන ලියවෙන්නෙ කලින් ලිව්ව එකේ සබැඳියක් විදියට. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ක්ලබ් එකේ "නායකත්ව කමිටුව" (club leadership committee/ executive committee) සම්බන්ධව.


Monday, October 22, 2018

ටෝස්ට්මාස්ටර්ස් ගැන ඔබ මේ දේවල් දන්නවාද?

දීර්ඝ නිහැඬියාවකට පස්සේ මට ආපහු යමක් ලියන්න හිතුණෙ මේ දවස් වල මමත් සම්බන්ධ වෙලා ඉන්න නැගලම යන වැඩක් නිසා... ඒ ටෝස්ට්මාස්ටර්ස්! ටෝස්ට්මාස්ටර්ස් කියන්නෙ සියවසකට ආසන්න ඉතිහාසයක් තියෙන ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයක්. සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව හැකියාවන් ඉස්මතු කර ඒවා වැඩිදියුණු කරගන්න අවස්ථාව සලසා දෙන එක තමයි මේකෙන් කරන්නෙ. මේ වැඩේ මට හොඳටම අල්ලල යන්න පටන් ගත්තේ මෑතකදි නිසාත්, සිංහල කතා කරන අපි අතර මේ ගැන සුළු සුළු වැරදි වැටහීම් තියෙන නිසාත් පොඩි බ්ලොග් සටහනක් සිංහලෙන්ම තියන්න හිතුණා.

දැනට රටවල් 143ක ටෝස්ට්මාස්ටර්ස් සමාජයයන් (clubs) 16,600ක් යටතේ සාමාජිකයින් 357,000කින් යුත් ටෝස්ට්මාස්ටර්ස් සංවිධානය අදට (ඔක්තෝබර් 22) හරියටම අවුරුදු 94ක් වයසයි!

Sunday, January 19, 2014

CV එක පිළිවෙලකට හදමු

Image courtesy: mathieuloiseau.deviantart.com
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක.

මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ එක එක පුද්ගලයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් අනුව වෙනස් වෙනවා. කොහොම වුණත්, කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන රැකියාවම ලබාගන්න නම් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන first impression කතන්දරයෙ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. කෙනෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් යම් ආයතනයකට මුලින්ම යවන්නෙ CV එකක්. ඒක කියවලා බලන කෙනා අයදුම්කරු ගැන හැකිතාක් හොඳ චිත්තරූපයක් මවාගන්න ආකාරයට CV එක හදල තිබුණොත් සම්මුඛ පරීක්ෂණයකට කතා කරයි. නැත්තං අවුට්.

CV එක පිළිවෙලකට වගේම නිරවුල්ව තියෙනවා නං ඒක කියවන කවුරු වුණත් ආසයි. නමුත් අවාසනාවකට මෙතෙක් මගේ අතට ලැබිලා තියෙන CV වලින් වැඩි හරියක තත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මම මේ කියන්නෙ internship සහ උපාධියෙන් පස්සෙ පළවෙනි රැකියාවට අයදුම් කරන අය ගැන. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.