මම නෙදර්ලන්තයට සංක්‍රමණය වෙච්ච මුල් දවස් වල නෙදර්ලන්ත භාෂාව (ලන්දේසි භාෂාව) ගැන මේලෝක දැනීමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර දේවල් වලදි ලංකාවට වඩා මෙහේ වෙනස් කියන එකත් එච්චර ඔළුවට වැදිල තිබුණෙ නැහැ. මුල් දවස් වල සීත කාලෙට ඔය කිව්ව දැනීමක් නැති ගතිය එනව.
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Showing posts with label ආතල් සීන්. Show all posts

Saturday, December 14, 2024
Thursday, March 18, 2010
නයිට් ක්ලබ් එකේ...
මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................
මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D
ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න අතරෙ මේක ඇතුලටත් රිංගුවා මම. මෙන්න වැඩක්...! O_o පිංතූර වලින්ම බලන්ට මරු දෙයක්....... (පිංතූර පැහැදිලිව බලන්න පිංතූරෙ ක්ලික් කරන්න)
මේ කට්ටිය එකට සෙට් වෙලා පණුගාය වන්නම නටනවා. :P
නිකමට මොනව වෙයිද කියල බලන්න ආසාවට Mr. Vercetti ලවා දෙන්නෙක්ව පරලෝ සැපත් කෙරෙව්වා. ඕක මහලොකු දෙයක් නෙමෙයිනේ.... මවුස් එක ගෙවෙනකං ඒකට අනින්නයි තියෙන්නේ.. :D
අනුමාන කළ පරිදිම එය සිදු විය! ඉතිරි තුන්දෙනා කිසිත් සිදු නොවූ පරිදි සිය කාර්යය කරගෙන යති!!
Vice City සෙල්ලම් කරල තියෙන අය දන්නව ඇතිනේ.... ඔය නගරේ කාකි ඇඳුමක් පේන තෙක් මානෙක ඉඳලා මේ වගේ ගේමක් දුන්නොත් සිද්ධ වෙන දේ.................. තරු එකායි දෙකායි ඊට පස්සේ මේලෝක සිහියක් නැතුව එළවනවා පස්සෙන්..... :S
මට නම් මේක දැකලා මාර හිනා (Vice City vs Sri Lanka කියලා පොඩි සංසන්දන පාරක් දැම්ම හිතින්).... ;-) මේ පාස්කු බිත්තරයක් නොහොත් ඊස්ටර් එගක් ද? නැත්තම් අහඹුවක්ද?
මේක ටිකක් වෙලා බලාගෙන හිටියා ක්ලබ් එකේ සිංදුවත් අහගෙනම. මගේ ලියමන එපා වෙන සයිස් එකේ වැඩකට නැති එකක් කියල හිතෙනවනම් Malibu Club එකේ නැටවෙන සිංදුව අහන්ටකෝ........
Old is gOld කියන්න වගේ මේක 1984 අවුරුද්දේ අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්.
එහෙනම් අපි ගියා..... ගුඩු නයිට්.....! Ciao............!!!!!!!!!!!!!!

මේකෙ වමේ සිට දකුණට බැලුවොත් ඉන්නවා ගිනි නිවන භටයෙක්, කම්කරුවෙක්, මැරයෙක්, හමුදා භටයෙක්, පොලිස් නිලධාරියෙක්
ඒ දිහා බලාගෙන ඉන්නෙ අපේ starting character එක, Tommy Vercetti
මේ කට්ටිය එකට සෙට් වෙලා පණුගාය වන්නම නටනවා. :P
නිකමට මොනව වෙයිද කියල බලන්න ආසාවට Mr. Vercetti ලවා දෙන්නෙක්ව පරලෝ සැපත් කෙරෙව්වා. ඕක මහලොකු දෙයක් නෙමෙයිනේ.... මවුස් එක ගෙවෙනකං ඒකට අනින්නයි තියෙන්නේ.. :D
අනුමාන කළ පරිදිම එය සිදු විය! ඉතිරි තුන්දෙනා කිසිත් සිදු නොවූ පරිදි සිය කාර්යය කරගෙන යති!!
Vice City සෙල්ලම් කරල තියෙන අය දන්නව ඇතිනේ.... ඔය නගරේ කාකි ඇඳුමක් පේන තෙක් මානෙක ඉඳලා මේ වගේ ගේමක් දුන්නොත් සිද්ධ වෙන දේ.................. තරු එකායි දෙකායි ඊට පස්සේ මේලෝක සිහියක් නැතුව එළවනවා පස්සෙන්..... :S
මට නම් මේක දැකලා මාර හිනා (Vice City vs Sri Lanka කියලා පොඩි සංසන්දන පාරක් දැම්ම හිතින්).... ;-) මේ පාස්කු බිත්තරයක් නොහොත් ඊස්ටර් එගක් ද? නැත්තම් අහඹුවක්ද?
මේක ටිකක් වෙලා බලාගෙන හිටියා ක්ලබ් එකේ සිංදුවත් අහගෙනම. මගේ ලියමන එපා වෙන සයිස් එකේ වැඩකට නැති එකක් කියල හිතෙනවනම් Malibu Club එකේ නැටවෙන සිංදුව අහන්ටකෝ........
Old is gOld කියන්න වගේ මේක 1984 අවුරුද්දේ අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්.
එහෙනම් අපි ගියා..... ගුඩු නයිට්.....! Ciao............!!!!!!!!!!!!!!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:35 AM
18 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්,
සංගීතය
Tuesday, December 22, 2009
සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව
2009 දෙසැම්බර් 19, තවත් එක අපූරු දවසක්. මීට ටික කලකට පෙර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ ගුග්ල් සමූහයේදී ඇති වුණු යෝජනාවක ප්‍රතිපලයක් විධියට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ සුහද හමුවක් (ඇත්තෙන්ම පළවෙනි සුහද හමුව) 19 වෙනි දා කොළඹ Excel World හි පැවැත්වුණා. මේක තවත් ඔන්ලයින් මීටිමක් නෙවෙයි.... හැබැහින් හමු වීමක්. සියළුම සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව නොවුණත්, අන්තර්ජාලය හරහා අදහස් ඇසුරෙන් පමණක් දැන සිටි බොහෝ පිරිසක් දැක හඳුනාගෙන කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. බ්ලොග් ලියන අය විතරක් නෙවෙයි, බ්ලොග් කියවන අපේ පාඨකයින් කීපදෙනෙකුත් මේ සුහද හමුවට සහභාගි වුණා. දවල් 11 සිට හවස 1 දක්වා සිංහල බ්ලොග්කරණය ආශ්‍රිත සාකච්ඡාවක යෙදෙන්න අපට හැකි වුණා. (හැබැයි මං ආවෙ පරක්කු වෙලා :D ) අපේ කතාබහත් 1.20 විතර වෙනකම් ඇදිලා ගියා. ඊට පස්සේ ඉතිං සප්පායම් වෙලා පොඩි ආතල් එකක් ගන්නත් අමතක කළේ නෑ.
පිංතූර තුනක් විතර මෙතන දාන්නම්. Facebook එකේ ඉන්නවනම් ඉතිරි ටිකත් බලන්න පුළුවන් වේවි. ඒ විතරක් ම නෙවෙයි.... ඒවට ආපු මරු comments එක්කම බලන්න පුළුවන්. :D

වසරේ ඇට්ටර බ්ලොග්කරු -- සුපුන් සුදාරක සමඟ
(සුදාරකයා හිටියා පැත්තක -- "මෙහෙ වර" කියලා ඇදලා ගත්තා... මම ම ගත්තා පොටෝ එක! :D )
සමූහ ඡායාරූපය - ඡායාරූපය ගත්ත කෙනා හැර අපි ඔක්කොම මෙතන
ඒකෙත් හැටි!
(ඒ අස්සේ මට ඩැනීගෙන් හදිසි ප්‍රහාරයක්! :D )
සභාව හමුවේ බොහෝම හරවත් කථාවක් කළ කුෂාන් සසංක
ඉතින් එදා දවස බොහොම සුන්දර විධියට ගෙවිලා ගියා. අඩුපාඩුවකට තිබුණේ සංගීත භාණ්ඩ ටිකක්. කොහොම වුණත් අපේ කස්ටියට පරක්කු වෙන නිසා වැඩේ හවස තුනට අවසාන කරන්න සිද්ධ වුණා.
මේ කෙටි සටහන ලිව්වේ ඒ සුහද හමුව වෙනුවෙන්. මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවි කීපයකම රචකයින් හැබෑවටම හමු වෙලා කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ගුග්ල් සමූහයෙ කස්ටිය කතා වුණු හැටියට මම නම් හිතුවෙ එක්සෙල් වර්ල්ඩ් ඉඩ මදි වේවි කියල! ඒත් සහභාගීත්වය නම් මදි. සමහරවිට ඒ අයගෙ කාල සටහන් මේ හමුවට හරස් වෙන්න ඇති. කොහොම වුණත්..... එදා නම් අපූරු දවසක්! :-)
මේ ගැන ප්‍රවීන් ඉන්ද්‍රනාම ලියූ සවිස්තර ලිපියක් මෙතැනින් කියවන්න පුළුවන්.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:01 PM
25 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Sunday, November 1, 2009
කැපූ කෙස්ස ගැන රස කතා

මම කාලයක් කොණ්ඩේ වවාගෙන හිටියනේ... රොක් \m/ හෙවි මෙටල් ශෛලිය සහ සංගීතය ගැන තියෙන අසීමිත උණත් එක හේතුවක් තමා... (*) . ඒ දවස් වල බස් එකේ යද්දි මාරු කාසි නැති වෙලාවට කොන්දොස්තර පූසා වගේ, රුපියල් හයේ දුර යන්න පණහෙ නෝට්ටුවක් දික් කළත් අනම් මනම් ලොකු ටෝක් නැතුව හරියට ගානට ඉතුරු දෙනවා. >:)
මේ ලියමන මම නිකං විහිළුවට වගේ වෙච්ච පොරොන්දුවක්. මේ වගේ තව සිද්ධි කීපයක්ම තියෙනවා කියන්න. =))
---
අපේ නෑදෑ ගෙදරක් තියෙනවා තංගල්ලේ. කලක ඉඳලා එහේ යන්න තිබුණු අවශ්‍යතාව අන්තිමේ ඉටු කරගත්තේ වෙසක් පෝය දවසේ. කාටත් නිවාඩු දවස නොවැ. ඉතින් ගිහිල්ලා කාරිය කස්ටිය කතා බහ කරලා කාලා බීලා ඉන්න අතරෙ මට ඕනැ වුණා වෙරළ පැත්තෙ ටිකක් ඇවිදින්න යන්න.
තංගල්ලෙ මුහුදු වෙරළ ඉතාම සුන්දරයි. ඊට වඩා ලස්සන මුහුදු වෙරළක් මම දැක්ක එකම තැන නිලාවේළිය. ඉතිං 'බීච්' යන්න මම සපත්තු දෙක ගලවලා, ඇඳගෙන හිටපු ඩෙනිමත් දණිසට වෙනකම් නවාගෙන පාර දිගේ ඇවිදගෙන යනවා. ෂර්ට් එකත් කට්ට කළුයි. පිට මැද්දට වැටුණු දිග කොණ්ඩෙයි.
මේ වෙසක් පෝය දවසනේ... ඉතිං එක එක පළාත් වල කොල්ලො ගැන්සි සෙට් වෙලා ට්‍රිප් යනවා. යන්නෙ ආතල් එකටත් එක්ක ලෑන්ඩ් මාස්ටර් වගේ පොඩි පොඩි වාහන වලින්. ඔහොම යන එක සෙට් එකක් අමුතු විධියට පොඩි සද්දයක් කරාපි! :-"
"ආ... ආ...."
ඉතිං මාත් එකපාරටම හැරිල බැලුව මොකද සීන් එක කියල (ඇත්තටම මාත් කල්පනා කළේ සුන්දර යුවතියක් එහෙම ඒ පැත්තෙ හිටියනං පොඩි wink :-" පාරක් එහෙම දාන්න :P ). එතකොටම සද්දෙ නතර වුණා. ඔක්කොම තක්බීර් වෙලා වගේ මං දිහා බලං ඉන්නවා. හරියට දැං කුඩු ගහපු වඳුරො ටිකක් වගේ. මේ මොකො!?? :-O
ටික වෙලාවක් යද්දි තමයි මට සීන් එක තේරුණේ. බීච් යන්න ඕන නිසා දණිසට වෙනකම් නවපු ඩෙනිම මුන්ට පෙනිල තියෙන්නෙ 'ත්‍රී ක්වාටර්' එකක් වගේ. ඒ මදිවට පිට මැද්දට වැටුණු දිග වරලස! තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙන්න දඟලන කෙල්ලෝ කරන එක එක ෆැෂන්. ඒක තමයි මුන් ටික නිකං තොප්පි වෙළෙන්දා දැක්ක වඳුරො ටික වගේ ෆෝම් වෙලා තියෙන්නෙ. මුං ටික මගේ මූණ දැකල එකපාරටම අන්දමන්ද වුණේ මූණෙ තිබ්බ පත රැවුල නිසා. හොඳ වෙලාවට මං ඒක කැපුවෙ නැත්තෙ. =)) =)) =))
---
ඊළඟ සිද්ධිය වුණේ සඳුද දවසක උදේ දුම්රියෙන් කොළඹ එද්දි. මම සාමාන්‍යයෙන් යන්නෙ එන්නෙ සමුද්‍රදේවියේ. එදා ටිකක් කලින් ඇහැරුණු නිසා ඊට කලින් තියෙන බලවේග කට්ටල දුම්රියෙන් ('ගෝල් ට්‍රේන්' එක) ආවේ.
කට්ටිය දන්නව ඇතිනේ... බලවේග කට්ටල දුම්රිය මැදිරි වල ආසන තියෙන්නේ දික් අතට. ඒ කියන්නේ වාඩි වෙන අය වාඩි වෙන්නෙ දුම්රිය මැදිරි ජනේල වලට පිටුපාල. ඉතින් වැඩිය සෙනග නැති නිසා මටත් වාඩි වෙලා යන්න චාන්ස් එකක් හම්බ වුණා.
මේ දුම්රිය කොස්ගොඩ දුම්රිය ස්ථානයෙ නවත්තල තියෙද්දි ගාල්ල පැත්තට යන තවත් බලවේග කට්ටල දුම්රියක් එතනින් මාරු වෙනව. ඒ අනෙක් දුම්රියත් මම ගමන් කළ දුම්රියත් ටිකක් වෙලා කොස්ගොඩ නතර කරල තියෙනව. මෙන්න ඒ වෙලාවෙ එක පාරටම මට හරියටම පිටුපසින්, ඒ කියන්නෙ අනිත් දුම්රිය තියෙන පැත්තෙන් කටහඬක් ඇහෙනව.
"ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් නෙට් ෆෝරම් ඩොට් එල් කේ. අයෑම් අ මෙම්බර් ආන්ට් යූ"
ඈ යකෝ... ඒ මම ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකේ පිටේ ගහල තියෙන එකනේ? මේ යකා මොකද ඒක සද්දෙට කියවන්නේ....?? :-?
උදේ පාන්දර හිමිදිරි නිදිමතේ මට සීන් එක හරියට මීටර් වුණේ නෑ. දුම්රිය හෙමින් ඉදිරියට ඇදෙන අතරේ ටියුබ් ලයිට් පත්තු වුණා. ~X(
අපරාදේ... සිරා බයිටක් දෙන්න තිබ්බ චාන්ස් එක. :( මීට වඩා හොඳයි සම්පත් බැංකුව වගේ හෙට දින එළිය කළා නං! :))
---
ඉතින් ඔය වගේ කොණ්ඩෙ නිසා ආතල් සීන් තව තව තියෙනවා... ඒවට වැය කරන්න ඒ තරම් වෙලාවක් නැති නිසා ලියන්නෙ නෑ. මගේ නම -- ශාකුන්තල, අමුතු නමක් නිසා වක්කඩ කැඩුවා වගේ Facebook එකෙන් යාළු request ආපු හැටි... තව තව රස කතා ගොඩයි. ඒව ගැන වෙන ම දවසක ලියන්නං... අදට ආයුබෝ.... buona notte......!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:05 AM
28 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Sunday, October 4, 2009
GRUB මගින් ක්‍රියාරම්භිත flash drive එකක් සහ හාඩ් ඩිස්ක් ආතල්

අද කියන්න යන්නේ මම කරපු පොඩි අත්හදා බැලීමක් ගැන. ඒ මගේ 4 GB flash drive එකට කියාරම්භක (bootable) හැකියාව ලබා දුන්න එක. දැන් කස්ටිය කියයි 'ආපෝයි.. ඕකත් වැඩක්ද ඔය රයිට් ක්ලික් කරලා ෆෝමැට් ගිහිං..........' හෝව්..... එහෙම එකක් ගැන නෙමේ මං මේ කියන්නෙ. කවුද DOS bootable එකක් හදන්නෙ? :P මං මේ කියන්න යන්නෙ GRUB එක දාගන්න හැටි. මං අටවගත්ත එකේ GRUB විතරක් නෙමෙයි කර්නල් එකත් තියෙනවා. DOS bootable එකකින් කරන්න පුළුවන් අටමගලයක් නෑ. :D
මුළින්ම කියන්නම් GRUB කියන්නෙ මොකක්ද කියලා. විකිපීඩියාවෙ නම් පිළිවෙලට ලියවිලා තියෙනවා... ඒත් මමත් පොඩ්ඩක් විස්තර කරන්නම්. සරලව කිව්වොත් බූට්ලෝඩරයක්... ඒකත් සරලව විස්තර කළොත්, පරිගණකය බූට් වීමේ ක්‍රියාවලියෙදි මෙහෙයුම් පද්ධතිය RAM එකට load කරන්නෙ මේ බූට්ලෝඩරයෙන්. වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකකට වැඩ දාන්න ගිහින් ඇණගත්තාම බූට් වෙද්දි NTLDR is missing කියල මොකක්දෝ එකක් පෙන්නනව නේද? අන්න ඒ NTLDR කියන්නෙ Windows NT බූට්ලෝඩර් එක. ලිනක්ස් වලදි බූට්ලෝඩර් එක විධියට පාවිච්චි වෙන්නෙ LILO (LInux LOader) හෝ GRUB (GRand Unified Bootloader). විවිධ හේතු මත දැන් ඒ දෙකෙන් ජනප්‍රිය එක GRUB. ඒ හේතු මෙතන විස්තර නොකරන්නෙ බ්ලොග් සටහන අනවශ්‍ය විධියට දීර්ඝ වෙන නිසා.... GRUB ගැන පොත් ලියන්න තරම් දේවල් තියෙන බව අන්තර්ජාලය පිරික්සලා හොයාගන්න පුළුවන්.
GRUB එකට මොනවද පුළුවන් වැඩ? ඇත්තටම ඒ ඔක්කොම නම් මමත් තවම හරියට දන්නෙ නැහැ. මෙන්න මේවා තමයි දැනට දන්නේ:
- ගතිකව වින්‍යාසගත කරන්න පුළුවන්.. (මොකක්දෑ ඒ හරුපෙ? :-? ) ඒ කිව්වෙ බූට් වෙන වෙලාවෙදි GRUB එකේ සරල විධාන අතුරුමුහුණතින් අපට අවශ්‍ය කර්නල් එක අවශ්‍ය විධියට තෝරගන්න පුළුවන්. කර්නල් එකට දෙන පරාමිතීන් (parameters) සකස් කරන්නත් පුළුවන්.
- Chainloading - මේක තමයි GRUB එකේ පරාර්ථකාමී ගතිය :) - ලිනක්ස් තියෙන පරිගණකයකට වින්ඩෝස් ස්ථාපනය කළොත් වින්ඩෝස් බූට්ලෝඩරය GRUB එක overwrite කරනවා. ඒත් වින්ඩෝස් තියෙන පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කළොත් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. GRUB එකෙන් මුලින්ම වින්ඩෝස් බූට්ලෝඩරය වෙන සෙක්ටර් එකකට පිටපත් කරනවා. දැන් GRUB ස්ථාපනය වෙනවා. බූට් වීමේ ක්‍රියාවලියෙදි අපට වින්ඩෝස් බූට්ලෝඩරය ඕන නම් chainloading කියන ක්‍රියාවලිය මගින් වින්ඩෝස් බූට්ලෝඩරයට පාලනය භාර දෙනවා.
- GRUB එකට හානි වුණු පද්ධතියක් ගොඩගන්න පුළුවන්.
- Partition හංගන්න එහෙමත් පුළුවන්. ;)
දැනට මං එච්චරයි දන්නේ... දැන් ආපහු එමු මාතෘකාවට... අපේ තුන් වෙනි වසර පාඨමාලා වලින් එකක් System And Network Administration. මේ පාඨමාලාව පටන් ගත්තා විතරයි එහෙට මෙහෙට වැනි වැනී තිබුණු ලිනක්ස් ගැන මගේ දැනුමත් වේගවත් ව ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට අදාළ social forum එකේ post එකකට අපේ Off the Planets කණිෂ්ක දාපු reply එකකින් තමයි අයිඩියාව ආවෙ. කෝමද flash drive එකකට GRUB එක දාගත්තොත්?
It's simple. You have to restore the grub.
boot from the live cd.
open terminal
type sudo grub
find /boot/grub/stage1
grub> root(hdx,y)
setup(hdx)
you will get the values for x and y in find /boot/grub/stage1
I am not sure about the stage1 thing. It just works for me. I am not sure how the grub finds where the / is at the first place. To find the /boot/grub and the old files. Any way it works
මේකෙන් වාසි කීපයක්ම තියෙනවා...
- Live CD එකෙන් බූට් කරන්න ගොඩක් කාලය ගත වෙනවා. නමුත් මෙතන බූට්ලෝඩරය විතරක් නිසා ඉක්මන්.
- අළුත් දේ ඉගෙනගන්න ලැබෙනවා.
- අහිංසක විධියට ගිහින් hijack/ hack කරන්න පුළුවන්. CD එකක් දානකොට සද්දෙ එනවා... කවුරුත් බලනවා... ඒත් flash drive එකක් කවුද ගණන් ගන්නෙ? ;) (මේ hijacking/ hacking කරන්න පුළුවන් එක එක ක්‍රම වරින් වර සිංහල බ්ලොග් කීපයකම පළ වුණා)
- memtest86+.bin කර්නලය පාවිච්චි කරලා RAM එක පරීක්ෂා කරගන්නත් පුළුවන්.
ඉතිං මෙන්න මෙහෙමයි මම කළේ...
1. මුලින්ම මගේ 4 GB flash drive එකේ තියෙන කුණු කන්දල් ඔක්කොම මගේ හාඩ් ඩිස්ක් එකට පිටපත් කර ගත්තා...
2. දැන් ඒක partition දෙකකට වෙන් කළා. එකක් අපේ පුද්ගලික ගොනු වලට. ඒක වින්ඩෝස්/ ලිනක්ස් දෙකේදිම වැඩ කරන්න ඕන නිසා FAT32. අනෙක කර්නල් එකයි GRUB එකට අදාළ ගොනුයි තියාගන්න ext-2 එකක්.
# fdisk /dev/sdb
මේකත් එක්ක ටිකක් ඔට්ටු වෙලා කීප වතාවක්ම විවිධ අගයයන් දීලා හරියටම මට ඕන ප්‍රමාණයට partition කරගත්තා.
parted වලින් පෙන්නන විධියට පළවෙනි එක 3997 MB primary එකක්. ගොනු පද්ධති ආකෘතිය FAT32. දෙවැන්න 49.4 MB primary එකක්.
root@shaakunthala-laptop:~# parted /dev/sdb
GNU Parted 1.8.9
Using /dev/sdb
Welcome to GNU Parted! Type 'help' to view a list of commands.
(parted) print
Model: Kingston DataTraveler 2.0 (scsi)
Disk /dev/sdb: 4047MB
Sector size (logical/physical): 512B/512B
Partition Table: msdos
Number Start End Size Type File system Flags
1 32.3kB 3997MB 3997MB primary fat32
2 3997MB 4047MB 49.4MB primary ext2 boot
(parted) q
root@shaakunthala-laptop:~#
මේ partition කෙරුවාව කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. නැත්තම් flash drive එක වින්ඩෝස් වලදි පිස්සු කෙළිනවා. Flash drive එකේ පළමු වෙනි physical partition එක හැර ඉතිරිය හඳුනාගැනීමේ හැකියාවක් වින්ඩෝස් වලට නෑ. ඒ නිසා අපේ පෞද්ගලික ගොනු පිටපත් කරන කොටස මුලටත්, GRUB එකට අදාළ ගොනු සහ කර්නල් එකට අවශ්‍ය කොටස අගටත් එන්න partition කළේ.
Format කළේ මෙහෙමයි:
# mkdosfs /dev/sdb1 -v -F 32 -n LEONIDAS_4G
# mke2fs /dev/sdb2 -L boot
දැන් flash drive එක පරිගණකයට සම්බන්ධ කළාම /media/LEONIDAS_4G , /media/boot විධියට partition දෙකම mount වෙනවා.
3. මේක කරන්න ක්‍රමවත් පිළිවෙලක් ඇති. ඒත් මොනව හරි වැඩක් කරද්දි මට අන්තර්ජාලය ඕන වෙන්නෙ අන්තිමට. මම කැමති මුලින් අත්හදා බලලා අන්තිමේ ඇණගත්තාම අන්තර්ජාලයෙන් විසඳුම් හොයන ක්‍රමයට. :P ඉතිං මෙතන ඉඳලා වැඩ ටික ජෝක් වගේ නම් වැඩ දන්න අය මට හිනා වෙන්න එහෙම එපා.. :D
# cd /
# cp -rfv boot /media/boot
දැන් අපේ කණිෂ්කගෙ ටිප් එක.
# grub
grub> find /media/boot/boot/grub/stage1
දැන් මෙහෙම එකක් පෙන්නනවා:
(hd1,1)
ඒ කියන්නෙ නියමිත නිරූපණ ක්‍රමය (notation) අනුව flash drive එකේ දෙවෙනි partition එක දක්වන්නෙ (hd1,1) විධියට. ඊළඟ පියවර:
grub> root (hd1,1)
grub> setup (hd1)
grub> quit
දැන් GRUB එක ස්ථාපනය වෙලා අවසානයි. මේ වැඩේදි පරිගණකයෙ දෘඩ තැටියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.
4. දැන් ටිකක් සුද්ධ පවිත්‍ර කළා. අපේ boot partition එක. ඒකෙ කර්නල් දෙකකට අදාළ ගොනු තිබුණා. එකක් අයින් කළා.. දෙකක් මක්කටැයි? ;)
දැන් තියෙන්නෙ මෙන්න මේ ගොනු ටික:
root@shaakunthala-laptop:/media/boot# ls -aR -w 1
.:
.
..
boot
./boot:
.
..
abi-2.6.27-14-generic
config-2.6.27-14-generic
grub
initrd.img-2.6.27-14-generic
lost+found
memtest86+.bin
System.map-2.6.27-14-generic
vmcoreinfo-2.6.27-14-generic
vmlinuz-2.6.27-14-generic
./boot/grub:
.
..
default
device.map
e2fs_stage1_5
fat_stage1_5
installed-version
jfs_stage1_5
menu.lst
minix_stage1_5
reiserfs_stage1_5
stage1
stage2
xfs_stage1_5
./boot/lost+found:
.
..
root@shaakunthala-laptop:/media/boot#
5. menu.lst එකත් කපලා කොටලා ගත්තා.
title Linux kernel 2.6.27-14-generic
root (hd0,1)
kernel /boot/vmlinuz-2.6.27-14-generic root=UUID=d1670f8e-eb3f-4dba-bba5-e00f0437e2a2 ro single
initrd /boot/initrd.img-2.6.27-14-generic
title memtest86+
root (hd0,1)
kernel /boot/memtest86+.binමෙතන තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා කියන්න. GRUB ස්ථාපනයෙදි flash drive එක ගත්තෙ (hd1) විධියට වුණාට ඒකෙන් boot වෙද්දි ඒක ගන්නෙ (hd0) විධියට. menu.lst ගොනුව සංස්කරණයෙදි ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනා. ඒකට හේතුව කියන්න තරම් දෙයක් නෙමෙයිනේ... BIOS එකේ boot priority උඩින් තියෙන කෙනාට අඩු අංකය.
අනෙක UUID එක. ඒක කර්නල් එකට පරාමිතියක් විධියට යවල තියෙනවා. UUID එක බලාගන්න මෙන්න මේ විධානයෙන් පුළුවන්:
# vol_id --uuid /dev/sdb2
6. දැන් බූට් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මම මෙහෙම පියවර විධියට විස්තර කළාට ටැපලිලා වැරදිලා පැය ගාණක් මේකත් එක්ක දඟලලා තමයි ඉගෙනගත්තෙ මේ දේවල්. ඉතින් flash drive එකෙන් මගේ ලැප්ටොප් එක බූට් කළා. එළට වැඩ! GRUB එක ක්‍රියාත්මක වෙනවා. කැමති නම් flash drive එකේ තියෙන කර්නල් එකෙන්ම බූට් කරන්නත් පුළුවන්.
ඉතින් මේක වැඩ කරන්න පටන් ගත් වෙලාවෙ ඉඳලා මමත් අළුත් සෙල්ලම් බඩුවක් ලැබුණු පොඩි එකෙක් වගේ. ;) කන්න බොන්න ඕනෙත් නෑ. හාඩ් ඩිස්ක් එකට එක එක වැඩ කෑලි දානවා. අළුතෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.
Flash drive එකේ init නැති නිසා No init found කියලා දෝෂ පණිවුඩයක් පෙන්නලා එතනින් නතර වෙනවා. නතර වෙනවා කිව්වට එහෙම නතර වෙන්නෙම නෑ. ;) එතනින් එහාට load වෙන්නේ BusyBox shell එක. BusyBox ක්‍රියාත්මක වෙන්නෙ RAM එක මත. සරල භාෂාවෙන් කිව්වොත් shell එකක් තියෙනවා කියන්නෙ සුළුවෙන් හරි 'වැඩක්' කරගන්න පුළුවන් කියන එක. :)
7. Flash drive එකේ ඉතිරි partition එකට තමන්ගෙ පුද්ගලික ගොනු ටික ආපහු පිටපත් කරගන්න. වින්ඩෝස් වලදි flash drive එක පෙන්නන්නෙ මෙහෙමයි:
දැන් ඔය partition දෙකෙන් එකක් වත් Windows Management Console එකෙන් ගිහින් delete කරන්න එපා... My Computer වල පෙන්නන partition එක අවශ්‍ය නම් format කරන්න පුළුවන්. අනිකට අත තියන්න එපා. Flash drive එකේ සම්පූර්ණ filesystem එකටම කෙළවෙයි!!!
මේ සටහනේ මුලින්මත් මම කිව්වනේ අපේ බාල මලයා මට වැඩ වැඩි කරල කියලා. මම දන්න ශිල්ප දාලා අටවලා දීපු හාඩ් ඩිස්ක් එක ගලවලා යාළුවෙකුගෙ මැසිමට හයි කරලා. :-O ඒ මදිවට ඇවිත් කියනවා දැන් අපේ මැසිම වැඩ කරන්නෙ නැතිලු - වයිරස් ඇවිත්ලු! වින්ඩෝස් repair කළාට හරි ගියෙත් නැතිලු!! ඒ මදිවටද මන්දා IDE කනෙක්ටර් එක හරිම තදයිලු!!! :-O :-O :-O
හොඳ වෙලාවට තාම මගේ වයස අවුරුදු 23යි. නැත්තම් එතනම අධිරුධිර පීඩනය ඇති වෙලා මළ ජංජාලයක් වෙන්නේ. මමත් ඉතිං හාඩ් ඩිස්ක් එක ගලවලා ආපහු අර සැත්කම ම කළා. Pins තුනක් යට ගිහින්. කලින් වතාවෙ යට ගිහිපු pin එකත් ඒ අතර! ඒක යට ගිහින් මදිවට කැඩිලා! :-O
මමත් අතෑරියෙ නෑ ගේම් එක... ඒක පෑස්සුවා. අපේ ලොකු මලයා නිකං ඉන්න බැරිකමටද මන්දා පිටකොටුවෙ පේමන්ට් එකෙන් soldering iron එකක් ගෙනත්. ඉතින් දිලිසි දිලිසි අළුත් පිට තියෙන බිට් එක නිසා මම ඒක ගත්තා පාස්සන්න. අළුත් බිට් එක තියෙනකොට පාස්සන්න හරි ලේසියි.
ඉතිං හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුවත් අතට අරං පාස්සද්දි මෙන්න වැදුන නේද කරන්ට්!!! :-O කොරේ පිටට මරේ කියාපි. මේකෙන් ලීක් වෙනවනේ.. :-/ මම හිතුවෙ හාඩ් ඩිස්ක් එක ඉවරයි කියල. පිටකොටුවෙ පීචං තොරොම්බල් කාරයින්ගෙන් එක එක අටමගල් ගන්නවට මම අපේ මලයත් එක්ක වාග් සංග්‍රාමයක යෙදෙන ගමන් පත්තර කොළ කෑල්ලකින් පරිපථ පුවරුවත් අල්ලගෙන කොහොම හරි පෑස්සුම කරල ඉවර කළා. හැබැයි ආපහු පරිගණකයට සම්බන්ධ කරනකම් වැඩේ ෂුවර් නෑ. :(
සමූහ ඡායාරූපය :P
පෑස්සුම කරපු තැන -- මගේ පෑස්සුම් නම් සුමට නෑ... :-/
ඉතින් මේකත් අටවලා හයි කරලා බලද්දි.... දැනෙන සතුට කියා නිම කරන්න බෑ... හාඩ් ඩිස්ක් එක වැඩ කරනවා!! වින්ඩෝස් බූට් වෙනවා.. ඒත් කෝ මේකෙ තිබුණු GRUB එක? එතකොට තමයි මතක් වුණේ මලයා මේකෙ වින්ඩෝස් repair කළා කියලා. හැබැයි ලිනක්ස් partition දෙක තියෙනවා. Bootloader එක නැත!
ඉතින් මේ වෙලාවෙ ඒ හාඩ් ඩිස්ක් එකේ තිබුණු ලිනක්ස් ස්ථාපිතය ගොඩ ගත්තෙ මම මෙච්චර වෙලා විස්තර කරපු USB flash drive එකෙන් තමයි. වැඩි වෙලාවක් ගියෙත් නෑ. Off the Planets ලියන එකාට තැංකූ වේවා!
ඉතින් මට මේකෙන් කියන්න ඕන දේවල් කීපයකුත් තියෙනවා.
- IDE හාඩ් ඩිස්ක් වල කේබල් නිතර ගලවන්න/ මාරු කරන්න එපා.
- GRUB එකෙන් බූට් වෙන flash drive එකක් ළඟ තියා ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දැනට මම ඒ ගැන ස්වයං හැදෑරීමක් කරනවා. අහල තියෙන විධියට GRUB කියන්නෙ මතුපිටින් පේනවට වඩා වැඩකාරයෙක්!
- ලිනක්ස් හරිම සුන්දර OS එකක්... වින්ඩෝස් OS එකෙන් කෑල්ලක් ගලවලා මේ විධියට වෙනම අටවගන්න එක නීති විරෝධීයි. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කිරීමත් නීති විරෝධීද මන්දා... :-?
- පිටකොටුවෙ පේමන්ට් එකේ පීචං තොරොම්බල්කාරයින්ගෙ බඩු ගන්න එපා. මේ ළඟදි මම අඳුනන එකෙක් රුපියල් තිහට Troy ගෙනත්... දාලා බලද්දි මොකක්දෝ පරණ දෙමළ film එකක්ලු. :D :D :D (අර තහනම් කරපුවයින් එකක්වත් වුණා නම් වටිනව නෙව! :P)
තව දෙයක්... මම මල්ලිලා දෙන්න ගැන මෙහෙම කිව්වට... ලිනක්ස් සම්බන්ධ වැඩ වලදි උන් අදක්ෂ වුණාට... අනිත් වැඩ වලදි සූරයෝ. එකෙක් Freelance Graphic Designer කෙනෙක්. පොඩි එකා Martial Arts පොරක්.
අදට ආයුබෝ.....!
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴
Thursday, August 27, 2009
නිකං ඉන්න බැරිකමට ලිව්ව එකක්.........
ටික කාලයක් නිහඬව හිටියෙ අළුතින් ලිපියක් ලියන්න තරම් සුදුසුයි කියල හිතෙන මාතෘකාවක් නොලැබුණු නිසා... කවි, නිසදැස් ඕව ලියන්න අදහස් එන්නෑනෙ මට... :( ලිව්වොත් එකත් ඒකත් ගීක් ඇන්ඩ් ග්‍රීක් වෙලා තියෙයි. මගේ කැමරා පෝං එකත් නොතිබුණා නම් නිවාඩු කාලෙ කිසි ආතල් එකක් නැතිව ගෙවිලා යනවා.
ඊයෙ මට පොඩි වැඩක් සෙට් වුණා. මගෙ යාළුවෙකුගෙ මැසිමෙ Windows XP දාලා අළුතෙන්. හැබැයි වින්ඩෝස් ස්ථාපනය කරපු partition එක නිකංම D වෙලා. ඉතිං මෑන්ස්ට මේක සැටිස් මදි. මට කියනවා පුළුවන් නම් partition එකේ තියෙන අකුර වෙනස් කරල දෙන්නලු. ඒක C කරගන්න ඕනලු. හාඩ් ඩිස්ක් එකේ තියෙන චිත්‍රපට සහ ඇනිමේෂන් කන්දරාව නිසා අනිත් partition වල තියෙන ඒවා එහාට මෙහාට කරන්නත් බෑ. ඕක ඔය මොකේ තිබුණාම මොකද වැඩේ කෙරෙනවනං..
බලාගෙන ගියාම පොර පොඩි (ලොකු) හොර වැඩක් කරන්න ගිහිං. එයාගෙ ළඟ තිබිල තියෙනවා WindowsXPGenuine.exe කියල පොඩි patch එකක්. මේ ක්‍රමලේඛය එක එක පාරක් ධාවනය කරලා Patch කළාම වින්ඩෝස් යවත්කල් කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒ කියන්නෙ අර Windows Genuine (Dis)Advantage කියන update එක එන්නෙ නැතිලු. නියම (අ)ව්‍යාජ මයික්‍රොසොෆ්ට් පාරිභෝගිකයෙක් වෙනවලු. ඕක දාන්න ගියාම error එකක් ඇවිත්... C:\WINDOWS\System32\winsysan.vbs කියන file එක හොයාගන්න නැතිලු. මේකෙ C/D මාරු වෙලා තියෙන නිසා මම D එකේ අදාළ තැන බැලුවා... එහෙම ගොනුවක් හොයාගන්න නැහැ.
ඒ කියන්නෙ මේ patch එකෙන් තාවකාලිකව VBScript ගොනුවක් හදාගෙන ඒක ධාවනය කරලා තමයි patch කරන්නෙ. අන්තිමේ ඒ තාවකාලික ගොනුව මකලා දානවා. කොහොමද මේ VBScript එක කොපි කරගන්න තියෙනවනං? මට ආවෙ එහෙම අදත්තාදාන අදහසක්... හොර වැඩ අස්සෙ තවත් හොර වැඩ! :D
මම notepad එකේ මෙන්න මෙහෙම පේළි දෙකක් ලියලා a.bat කියන නමින් save කළා ඔය VBScript එක කොපි වෙන තැනටම:
සිද්ධ වෙන දේ පැහැදිලියිනේ.... මේක නොනැවතී ධාවනය වෙන පොඩි batch file එකක්. කොයි වෙලාවක හරි winsysan.vbs කියල ගොනුවක් හම්බවුණොත් ඒකෙ පිටපතක් තියාගන්නවා.
ඔහොම අටවලා ආයෙ පාරක් patch කළා. වැඩේ හරි!! :) winsysan.vbs එකේ පිටපතක් ලැබුණා. හැබැයි ඕන කරන දේ ඒක ඇතුළෙ තිබුණෙ නෑ. :( ඒක Windows XP වල product key එක වෙනස් කරන්න ලියපු පොඩි script එකක්. හැබැයි script එක ඇතුළෙ product key එකක් නෑ. ඒ කියන්නෙ key එක වෙනම ලබා දෙන්න ඕනා. පේළි 20ක් විතර තිබුණු ඒ කේතය කියවද්දි, සිද්ධ වෙන දේ මට හරියටම පැහැදිළි වුණා.
මේ patch එකෙන් ඇත්තටම සිද්ධ වෙන්නෙ patch කිරීමක් නෙමෙයි. පොඩි VBScript කෑල්ලක් කඩේ යවන එක. කඩේ යවන්නෙ අතට සල්ලිත් දීලා. තේරුණේ නැද්ද? පරිගණක ක්‍රමලේඛණය කරන අයගේ බාසාවෙන් කිව්වොත් VBScript එකක් හදලා product key එක parameter/arguement එකක් විධියට එවනවා script එකට. ඒ කියන්නේ product key එක තියෙන්නේ අර මුලින් කිව්ව WindowsXPGenuine.exe ගොනුව හෙවත් 'patch' එක ඇතුලේ.
දැන් ඉතින් වෙන කුමක් කරන්නද exe එක කියවනු හැර? ඉතිං මට මතක් වුණා පොඩි ආම්පන්නයක්. Huawei E220 අගුළු අරිනකොට පාවිච්චි කළා ඒක. ඒ තමයි XVI32 hex editor එක. ඇත්තටම මම නං hex editor වලින් වැඩිය වැඩ දාන්න දන්නෙ නෑ. ;) හැබැයි මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියල හිතලා exe එක විවෘත කරලා බැලුවා. ග්‍රීක් වගේ... ඉලක්කං ගොඩකුයි ඉංග්‍රීසි අකුරුයි... විකාර වගෙ. ඒ වුණත් ටිකක් එහෙ මෙහෙ විපරං කරලා බලනකොට මෙන්න තියෙනවා ගෙඩි පිටින් කැරට් 0x18 ගෝල්ඩ් කිව්වලු!!! :-O XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX
මොකක් හරි මටත් හිතාගන්න බැරි හේතුවක් නිසා මේ key එක blacklist වෙලා නෑ. වින්ඩෝස් යවත්කල් කරන්න පුළුවන් කිසි ගේමක් නැතිව. මම මේ ගැන විස්තර කරලා ලිව්වේ හේතු දෙකක් නිසා. පළවෙනි හේතුව, පරිගණක ක්‍රමලේඛණයෙදි සිද්ධ වෙන වැරදි නිසා ඒවයෙ තියෙන වැදගත් තොරතුරු වෙනත් අය අතට පත් වෙන්නෙ කොහොමද කියල පෙන්නන්න. මේ පොඩි ක්‍රමලේඛය ලිව්ව කෙනා කෙළින්ම වින්ඩෝස් registry එකේ අදාළ වෙනස්කම් සිද්ධ වෙන විධියට ක්‍රමලේඛය සකස් නොකර VBScript එකක් කඩේ යැව්වෙ සමහරවිට අදාළ කේත තමන් විසින්ම ලියන්න තියෙන කම්මැලිකමට වෙන්න පුළුවන්. Windows API එකෙන් %WINDOWS%\System32 කියන එක නොගෙන ලියන්නන් වාලේ C:\WINDOWS\System32 කියලා path එක දීලා තියෙන විධියෙන්ම පේනවා කම්මැලිකම බව. ;)
අනෙක් හේතුව තමයි අමුතු ගැජට් කෑලි දැක්කාම ඒ ගැන ටිකක් විපරම් කරලා වැඩ දාලා බලන්න ඕන (හැබැයි කූඤ්ඤෙ ගලවපු වඳුරා වගේ නොවී - ක්‍රමානුකූලව :D ).... ඒකෙ තියෙන ආතල් එක ගන්න ඕන කියන දේ පෙන්නන්න. ඒ වගේම ක්‍රමානුකූලව මේ වගේ දෙයක් කරන්නෙ කොහොමද කියල පෙන්නන්න. නිකම් පොඩි tool එකක් ධාවනය කරලා ක්ලික් දෙකතුනක් දීලා වැඩ කරගන්නව වගේද code එක්කත් යංතං හරි ඔට්ටු වුණාම තියෙන ආතල් එක? ;)
මේ 'patch' එක හැදුවෙ කවුද (ලංකාවෙ කෙනෙක්), කුමන හේතුවක් නිසා ද කියලා මම දන්නවා.... (හේතුවක් නැත්තං මෙහෙම වට වන්දනාවෙ යන්නෙ නැතුව Windows CD එකේ හොර කොපිත් එක්ක බෙදාහරින්න තිබුණනෙ) ඒත්... ඒ ගැන මම කියන්නෙ නෑ.... key එකත් අහන්න එපා මොකක්ද කියලා.... :D (key එකෙන් මම වැඩක් නොගන්න එක වෙනම කතාවක් :D )
කියන්න අතමක වුණා.... මගේ යාළුවා ඇනිමේෂන් බුවෙක් නිසා මම ගහපු උබුන්ටු තෙල වැඩ කළේ නෑ :( ඒ නිසා තාමත් හොරට M$ පාවිච්චි කරනවා.
එහෙනං.... Ciao!

copy winsysan.vbs winsysan.txt
a.bat

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
2:47 PM
19 comments:
කාණ්ඩ:
Featured,
Windows,
ආගිය කතා,
ආතල් සීන්,
තාක්ෂණය,
මෘදුකාංග
Friday, August 14, 2009
ශාකුන්තල.com සමඟ ශාකුන්තල නැවතත්!
ඔන්න ඉතිං විභාග කාරිය එහෙම ඉවර වෙලා මම ආයෙමත් ආවා බ්ලොග් එක පැත්තේ... අදත් සිරිත් පරිදිම මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මගේ ආගිය කතා ගොන්න ඉවර කරන්න ඕනේ.
පහු ගිය දවස් වල අපට තිබුණා විභාගයක් කියලා එකක්. Geeks are not parrots කිය කියා හිටියට මොකද මාත් හීන් සීරුවේ ගිරා මෝඩ් එකට සෙට් වෙලා පහු ගිය කාලෙ කස්ටියත් එක්ක සෙට් වලා පාඩම් කළා. විභාගෙ ඉවර වෙච්ච දවසේ හවස කැම්පස් එකේ අපේ අයියලා කස්ටියක් එක්ක ක්‍රිකට් ගහලා මං වාර්තාවකුත් තිබ්බා. මොකක්ද වාර්තාව? Cricket sucks කිය කියා හිටපු ශාකුන්තල ක්‍රිකට් ගහපු එකද? ඒකත් එකක් තමා :D , ඇත්තම වාර්තාව තමයි එක් දින තරඟයකදී වාර්තාගත වැඩිම 'බෝක්කු' ගණනකට හිමිකම් කියන්න ලැබීම. :D :D :D
ක්‍රිකට් ගහලා කාරිය ඉවර වෙලා බවනෙන් හොඳට කාලා අපි සෙට් වුණේ බම්බා යන්න. බම්බා යනව කිව්වෙ බම්බලපිටියෙ ටිකක් ඇවිදින්න. බම්බා ගිහින් ආයෙමත් හොඳට කාලා බීලා (බිව්වේ සිසිල් බීම සහ පානීය ජලය පමණි :P ) හතරවටේ ඇවිද්දා. පැය හතරක් විතර බේගල් ඇද බාන ගමන් ඇවිදලා ඇවිදලා අන්තිමේ බෝඩිමට යද්දි වෙලාව රෑ දහයයි!
හැමදාම මොනිටරේ ඇතුලේ ඔළුගෙඩිය ඔබාගෙන ඉන්න මට නම් කොහෙ හරි ඇවිදින්න සෙල්ලම් කරන්න චාන්ස් එකක් එනවා කියන්නෙ ලොකු දෙයක්.
ආගිය කතා වලින් වැදගත් ම එක එන්නේ දැන්. මගේ පරිගණක අධ්‍යාපනයේදී මට නිතර අත හිත දීපු මිත්‍රයෙක් ඉන්නවා. ඔහු නමින් සමීර කොළඹගේ. අපේ ඉස්කෝලේ පරිගණක වැඩ නිසාම ප්‍රසිද්ධ වුණු අයියා කෙනෙක්. IT පොරක්. මගේ පියාණන්ගෙ ශිෂ්‍යයෙක් :D මගේ මුල්ම පරිගණකය ගනිද්දි තාක්ෂණික උපකාර ලැබුණෙ ඔහුගෙන්. ඒ වගේම මගේ පළමු පරිගණකය මා ලවාම assemble කරවූයේ ඔහු. එහෙම නොවුණා නම් මම තාමත් පරිගණකයක කේබල් ටික හරි තැන් වලට අමුණාගන්න හැටි වත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.
කලකට ඉහතදී ඔහු හදිසියේම විදේශගත වුණ බව ආරංචි වුණා. ඉන් පස්සෙ connection lost! මෙන්න ළඟදි දවසක මට Facebook එක හරහා අහම්බෙන් ආපහු දකින්න ලැබෙනවා... :-O මගේ පැරණි මිත්‍රයා!! මාක් සකර්බර්ග් කොලුවට හිතින් පොඩි පුණ්‍යානුමෝදනාවක් කළා ඒ වෙලාවෙම. :D
ඉතින් ආගිය තොරතුරු කතා බහ කරගන්න අතරෙදි මගේ බ්ලොග් එකත් පෙන්නුවා. එච්චරයි නොවැ සන්තකේටම තියෙන්නේ පෙන්නන්න .
දන්න කාලෙ ඉඳලම මට ගොඩක් උදව් කළ සමීර අයියාගෙන් තව උදව්වක්. ඔන්න ඔහොමයි shaakunthala.blogspot.com කියන තැන තිබුණු මගේ සටහන් පොත blog.shaakunthala.com තියන තැනට ආවේ. ඔන්න ඊයෙ වෙබ් ඉඩත් නොමිලේම හම්බවුණා. ඉතින් අලුත් ඩොමේන් එක පාවිච්චි කරන ගමන් ලියන පළවෙනි සටහනන් සමීර අයියට ස්තුති නොකළොත් ඒක ලොකු අඩුවක්. :)
දැන් මේක දැක්කාම තමන්ගෙම ඩොමේන් එකක් නැතිව බ්ලොග් ලියන අයට පොඩි දුකකුත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනව. දුක් වෙන්න එපා. සමාජයට වැඩදායක, හොඳ ලිපි ලියැවෙන තාක් කල් බ්ලොග් එක බැබළෙයි. බ්ලොග් වලදි ඩොමේන් එක කියන දේට මහා ලොකු වැදගත් කමක් නෑ. බ්ලොග් එකේ අන්තර්ගතයෙ තිබිය යුතු ගුණාත්මක බව තමයි වැදගත් වෙන්නෙ.
විභාගෙ ඉවර වෙලත් ටික කලක් නිහඩව හිටියෙ මගේ ප්‍රියාවිය ඔත්පල වීම නිසයි. ඒ මදිවට හාවා මාක් OS එකත් පිස්සු නටන්න ගත්තා. එන්න එන්නම මන්දගාමී වුණා. මම පොඩි පණ්ඩිත වැඩක් කරන්නත් ගිහින් මැසිම නන්නත්තාර කරගත්තා. දැන් ආපහු පරණ එළුවා මාක් OS එක දාලා New Wave තීම් එකත් දාලා යංතං හාවා ලුක් එකම එන්න හදා ගත්තා. ඒ වගේ වැඩ වලට ටිකක් කල් ගත වුණු නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණේ.
ඔන්න ඔහොමයි ආගිය කතා වග විස්තර. දැන් කියන්න යන්නෙ වැදගත් කාරණාවක් ගැන.
මගේ ආගිය කතා ගොන්නෙන් අන්තිම එක... මම Ubuntu අප්සැට් කරගත්තනේ වැඩ දාන්න ගිහින්. ඉතිං මම හාඩ් ඩිස්ක් එකේ Ubuntu තිබුණු partition එක ආපහු format කරලා Ubuntu ස්ථාපනය කළා. මගේ සිංදු, චිත්‍රපට, ශ්‍රව්‍ය-දෘශ්‍ය පරිගණක පාඩම් (video tutorials), අනංමනං එකතුවක් තිබුණා ගිගාබයිට් 80ක විතර. දැන් හාඩ් ඩිස්ක් එක format කරන්න කලින් මේ ටික backup කරගන්න ඕනේ. නැත්තං වැඩේ දෙල් වෙනවා. :P
ඔන්න ඔය වෙලාවට තමයි /home සඳහා වෙන් වූ වෙනම partition එකක අගේ දැනෙන්නෙ. ඇත්තටම මම හාඩ් ඩිස්ක් එක බෙදල තිබුණෙ එහෙම තමයි. /home වෙනුවෙන් 90 GB වෙන් කරල තිබුණෙ. ඒ නිසා / partition එක format කරල ආපහු Ubuntu ස්ථාපනය කළා කියල කිසි ම අවුලක් නෑ. ඉතින් backup ගැන කරදර නොවී මම එහෙම කළා. මගේ අත්‍යාවශ්‍ය ගොනු, ඩෙස්ක්ටොප් එක, විජට්ටු, භාවිත යෙදුම් වල සැකසුම් හැම දෙයක්ම තිබුණු විධියටම තිබුණු තැන් වල වැඩ.
කොහොමද /home වෙනම partition එකකට ගන්නෙ? ලිනක්ස් ස්ථාපනය කරද්දිම කරනවනම් වැඩේ හරි ලේසියි. දෘඩ තැටිය partition කරන අවස්ථාවෙදි Guided Partition විකල්පය තෝරන්නෙ නැතුව Manual විකල්පය තෝරාගන්න. මෙන්න මේ තිරරූප සටහනේ පෙන්නල තියෙනව වගේ.

දැන් / සඳහා හදපු partition එක එහෙමම තියෙද්දි තවත් ext-3 partition එකක් (10 GB හෝ ඊට වඩා වැඩි ඉඩක් සහිතව) හදල ඒකෙ Mount Point එක /home ලෙස ලබා දෙන්න. දැන් සාමාන්‍ය පරිදි ලිනක්ස් ස්ථාපනයෙ ඉතිරි පියවර ටික කරන්න. හරිම සරලයි නේද?
දැනට Ubuntu ස්ථාපනය කරල තියෙන්නෙත් /home ඩිරෙක්ටරිය තියෙන්නෙත් එකම partition එකේ නම්, /home අළුත් තැනකට ගෙනියන්න ආසයි ආසයි වගෙ නම්... දැන් මොකද කරන්නේ? තියෙන /home එක backup කරල හාඩ් ඩිස්ක් එක අළුතින් format කරනවද? කළබළ වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ... ඕවටත් බෙහෙත් තියෙනව. :D සරල ඉංගිරිස් වලින් තියෙන මෙන්න මේ ලිපිය බලන්න. එච්චර අමාරු කාරියක් නෙමෙයි.
තව පොඩි දෙයක් තියෙනව කියන්න VirtualBox සහ USB ගැන. මම අන්තිමට ලිව්ව ලිපියෙ තිබුණනේ ලිනක්ස් ධාරකයෙක් මත තියෙන VirtualBox ස්ථාපිතයක USB වැඩ නොකිරීමේ අවුල ලිහා ගන්න විධිය. හැබැයි පොඩි පොඩි අවුල් තියෙනවා වගෙ. එකක් තමයි ඒ විධියට VirtualBox හරහා වින්ඩෝස් වලට pen drive එකක් සම්බන්ධ කරලා ඒකට ගොනු පිටපත් කරන්න උත්සාහ කළාම වින්ඩෝස් ඇණහිටීම (blue screen of death). මම දන්නෙ නෑ මේ අවුල මට විතරක් ආපු එකක් ද කියලා.
කොහොම වුණත් pen drive වලට විකල්ප විසඳුමක් තියෙනවා. ඒ තමයි pen drive එක ලිනක්ස් වලින් mount කරලා ඒක virtual machine එකත් එක්ක බෙදා හදා ගැනීම (share). Share කරන ක්‍රමයත් මම කලින් දවසක ලිව්වා. ඒක මෙතනින් බලන්න.
ඉතිරි ටික කෙරෙන්න ඕන මෙහෙමයි. මුලින්ම අපි USB mount කරන්න වෙනම directory එකක් හදා ගනිමු.
දැන් මම share කිරීම ගැන ලිව්ව ලිපියෙ තියෙන විධියට ඒක වින්ඩෝස් එක්ක බෙදා හදා ගන්න.
අවසාන පියවර, pen drive එක මැසිමට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන දෙන්න.
දැන් virtual machine එක ඇතුලේ තියෙන වින්ඩෝස් ක්‍රියා කරවලා shared folder (usbmount) එක බලන්න. Pen drive එකේ තිබුණු දේවල් ඔක්කොම පේන්න තියෙනවා නේද එකක් නෑර? :D
ඔච්චරයි දැනට ලියන්න දේවල් හම්බවුණේ... ප්‍රියාවිය නොහොත් මගේ ලැප්ටොප් එක යථා තත්වයට පත් වුණ ගමන් ආයෙම ලියන්නම්. ;)
පහු ගිය දවස් වල අපට තිබුණා විභාගයක් කියලා එකක්. Geeks are not parrots කිය කියා හිටියට මොකද මාත් හීන් සීරුවේ ගිරා මෝඩ් එකට සෙට් වෙලා පහු ගිය කාලෙ කස්ටියත් එක්ක සෙට් වලා පාඩම් කළා. විභාගෙ ඉවර වෙච්ච දවසේ හවස කැම්පස් එකේ අපේ අයියලා කස්ටියක් එක්ක ක්‍රිකට් ගහලා මං වාර්තාවකුත් තිබ්බා. මොකක්ද වාර්තාව? Cricket sucks කිය කියා හිටපු ශාකුන්තල ක්‍රිකට් ගහපු එකද? ඒකත් එකක් තමා :D , ඇත්තම වාර්තාව තමයි එක් දින තරඟයකදී වාර්තාගත වැඩිම 'බෝක්කු' ගණනකට හිමිකම් කියන්න ලැබීම. :D :D :D
ක්‍රිකට් ගහලා කාරිය ඉවර වෙලා බවනෙන් හොඳට කාලා අපි සෙට් වුණේ බම්බා යන්න. බම්බා යනව කිව්වෙ බම්බලපිටියෙ ටිකක් ඇවිදින්න. බම්බා ගිහින් ආයෙමත් හොඳට කාලා බීලා (බිව්වේ සිසිල් බීම සහ පානීය ජලය පමණි :P ) හතරවටේ ඇවිද්දා. පැය හතරක් විතර බේගල් ඇද බාන ගමන් ඇවිදලා ඇවිදලා අන්තිමේ බෝඩිමට යද්දි වෙලාව රෑ දහයයි!
හැමදාම මොනිටරේ ඇතුලේ ඔළුගෙඩිය ඔබාගෙන ඉන්න මට නම් කොහෙ හරි ඇවිදින්න සෙල්ලම් කරන්න චාන්ස් එකක් එනවා කියන්නෙ ලොකු දෙයක්.
---
ආගිය කතා වලින් වැදගත් ම එක එන්නේ දැන්. මගේ පරිගණක අධ්‍යාපනයේදී මට නිතර අත හිත දීපු මිත්‍රයෙක් ඉන්නවා. ඔහු නමින් සමීර කොළඹගේ. අපේ ඉස්කෝලේ පරිගණක වැඩ නිසාම ප්‍රසිද්ධ වුණු අයියා කෙනෙක්. IT පොරක්. මගේ පියාණන්ගෙ ශිෂ්‍යයෙක් :D මගේ මුල්ම පරිගණකය ගනිද්දි තාක්ෂණික උපකාර ලැබුණෙ ඔහුගෙන්. ඒ වගේම මගේ පළමු පරිගණකය මා ලවාම assemble කරවූයේ ඔහු. එහෙම නොවුණා නම් මම තාමත් පරිගණකයක කේබල් ටික හරි තැන් වලට අමුණාගන්න හැටි වත් නොදන්න කෙනෙක් වෙන්න තිබුණා.
කලකට ඉහතදී ඔහු හදිසියේම විදේශගත වුණ බව ආරංචි වුණා. ඉන් පස්සෙ connection lost! මෙන්න ළඟදි දවසක මට Facebook එක හරහා අහම්බෙන් ආපහු දකින්න ලැබෙනවා... :-O මගේ පැරණි මිත්‍රයා!! මාක් සකර්බර්ග් කොලුවට හිතින් පොඩි පුණ්‍යානුමෝදනාවක් කළා ඒ වෙලාවෙම. :D
ඉතින් ආගිය තොරතුරු කතා බහ කරගන්න අතරෙදි මගේ බ්ලොග් එකත් පෙන්නුවා. එච්චරයි නොවැ සන්තකේටම තියෙන්නේ පෙන්නන්න .
"මල්ලී, ඩොමේන් එකක් මං free දෙන්නම්."
දන්න කාලෙ ඉඳලම මට ගොඩක් උදව් කළ සමීර අයියාගෙන් තව උදව්වක්. ඔන්න ඔහොමයි shaakunthala.blogspot.com කියන තැන තිබුණු මගේ සටහන් පොත blog.shaakunthala.com තියන තැනට ආවේ. ඔන්න ඊයෙ වෙබ් ඉඩත් නොමිලේම හම්බවුණා. ඉතින් අලුත් ඩොමේන් එක පාවිච්චි කරන ගමන් ලියන පළවෙනි සටහනන් සමීර අයියට ස්තුති නොකළොත් ඒක ලොකු අඩුවක්. :)
දැන් මේක දැක්කාම තමන්ගෙම ඩොමේන් එකක් නැතිව බ්ලොග් ලියන අයට පොඩි දුකකුත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනව. දුක් වෙන්න එපා. සමාජයට වැඩදායක, හොඳ ලිපි ලියැවෙන තාක් කල් බ්ලොග් එක බැබළෙයි. බ්ලොග් වලදි ඩොමේන් එක කියන දේට මහා ලොකු වැදගත් කමක් නෑ. බ්ලොග් එකේ අන්තර්ගතයෙ තිබිය යුතු ගුණාත්මක බව තමයි වැදගත් වෙන්නෙ.
---
විභාගෙ ඉවර වෙලත් ටික කලක් නිහඩව හිටියෙ මගේ ප්‍රියාවිය ඔත්පල වීම නිසයි. ඒ මදිවට හාවා මාක් OS එකත් පිස්සු නටන්න ගත්තා. එන්න එන්නම මන්දගාමී වුණා. මම පොඩි පණ්ඩිත වැඩක් කරන්නත් ගිහින් මැසිම නන්නත්තාර කරගත්තා. දැන් ආපහු පරණ එළුවා මාක් OS එක දාලා New Wave තීම් එකත් දාලා යංතං හාවා ලුක් එකම එන්න හදා ගත්තා. ඒ වගේ වැඩ වලට ටිකක් කල් ගත වුණු නිසා තමයි බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුණේ.
ඔන්න ඔහොමයි ආගිය කතා වග විස්තර. දැන් කියන්න යන්නෙ වැදගත් කාරණාවක් ගැන.
මගේ ආගිය කතා ගොන්නෙන් අන්තිම එක... මම Ubuntu අප්සැට් කරගත්තනේ වැඩ දාන්න ගිහින්. ඉතිං මම හාඩ් ඩිස්ක් එකේ Ubuntu තිබුණු partition එක ආපහු format කරලා Ubuntu ස්ථාපනය කළා. මගේ සිංදු, චිත්‍රපට, ශ්‍රව්‍ය-දෘශ්‍ය පරිගණක පාඩම් (video tutorials), අනංමනං එකතුවක් තිබුණා ගිගාබයිට් 80ක විතර. දැන් හාඩ් ඩිස්ක් එක format කරන්න කලින් මේ ටික backup කරගන්න ඕනේ. නැත්තං වැඩේ දෙල් වෙනවා. :P
ඔන්න ඔය වෙලාවට තමයි /home සඳහා වෙන් වූ වෙනම partition එකක අගේ දැනෙන්නෙ. ඇත්තටම මම හාඩ් ඩිස්ක් එක බෙදල තිබුණෙ එහෙම තමයි. /home වෙනුවෙන් 90 GB වෙන් කරල තිබුණෙ. ඒ නිසා / partition එක format කරල ආපහු Ubuntu ස්ථාපනය කළා කියල කිසි ම අවුලක් නෑ. ඉතින් backup ගැන කරදර නොවී මම එහෙම කළා. මගේ අත්‍යාවශ්‍ය ගොනු, ඩෙස්ක්ටොප් එක, විජට්ටු, භාවිත යෙදුම් වල සැකසුම් හැම දෙයක්ම තිබුණු විධියටම තිබුණු තැන් වල වැඩ.
කොහොමද /home වෙනම partition එකකට ගන්නෙ? ලිනක්ස් ස්ථාපනය කරද්දිම කරනවනම් වැඩේ හරි ලේසියි. දෘඩ තැටිය partition කරන අවස්ථාවෙදි Guided Partition විකල්පය තෝරන්නෙ නැතුව Manual විකල්පය තෝරාගන්න. මෙන්න මේ තිරරූප සටහනේ පෙන්නල තියෙනව වගේ.

දැන් / සඳහා හදපු partition එක එහෙමම තියෙද්දි තවත් ext-3 partition එකක් (10 GB හෝ ඊට වඩා වැඩි ඉඩක් සහිතව) හදල ඒකෙ Mount Point එක /home ලෙස ලබා දෙන්න. දැන් සාමාන්‍ය පරිදි ලිනක්ස් ස්ථාපනයෙ ඉතිරි පියවර ටික කරන්න. හරිම සරලයි නේද?
දැනට Ubuntu ස්ථාපනය කරල තියෙන්නෙත් /home ඩිරෙක්ටරිය තියෙන්නෙත් එකම partition එකේ නම්, /home අළුත් තැනකට ගෙනියන්න ආසයි ආසයි වගෙ නම්... දැන් මොකද කරන්නේ? තියෙන /home එක backup කරල හාඩ් ඩිස්ක් එක අළුතින් format කරනවද? කළබළ වෙන්න එපා එච්චර මහන්සි වෙන්න ඕන නෑ... ඕවටත් බෙහෙත් තියෙනව. :D සරල ඉංගිරිස් වලින් තියෙන මෙන්න මේ ලිපිය බලන්න. එච්චර අමාරු කාරියක් නෙමෙයි.
---
තව පොඩි දෙයක් තියෙනව කියන්න VirtualBox සහ USB ගැන. මම අන්තිමට ලිව්ව ලිපියෙ තිබුණනේ ලිනක්ස් ධාරකයෙක් මත තියෙන VirtualBox ස්ථාපිතයක USB වැඩ නොකිරීමේ අවුල ලිහා ගන්න විධිය. හැබැයි පොඩි පොඩි අවුල් තියෙනවා වගෙ. එකක් තමයි ඒ විධියට VirtualBox හරහා වින්ඩෝස් වලට pen drive එකක් සම්බන්ධ කරලා ඒකට ගොනු පිටපත් කරන්න උත්සාහ කළාම වින්ඩෝස් ඇණහිටීම (blue screen of death). මම දන්නෙ නෑ මේ අවුල මට විතරක් ආපු එකක් ද කියලා.
කොහොම වුණත් pen drive වලට විකල්ප විසඳුමක් තියෙනවා. ඒ තමයි pen drive එක ලිනක්ස් වලින් mount කරලා ඒක virtual machine එකත් එක්ක බෙදා හදා ගැනීම (share). Share කරන ක්‍රමයත් මම කලින් දවසක ලිව්වා. ඒක මෙතනින් බලන්න.
ඉතිරි ටික කෙරෙන්න ඕන මෙහෙමයි. මුලින්ම අපි USB mount කරන්න වෙනම directory එකක් හදා ගනිමු.
mkdir ~/usbmountදැන් මම share කිරීම ගැන ලිව්ව ලිපියෙ තියෙන විධියට ඒක වින්ඩෝස් එක්ක බෙදා හදා ගන්න.
අවසාන පියවර, pen drive එක මැසිමට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන දෙන්න.
su
umount /dev/sdb1
mount -t fat32 /dev/sdb1 ~/usbmountදැන් virtual machine එක ඇතුලේ තියෙන වින්ඩෝස් ක්‍රියා කරවලා shared folder (usbmount) එක බලන්න. Pen drive එකේ තිබුණු දේවල් ඔක්කොම පේන්න තියෙනවා නේද එකක් නෑර? :D
---
ඔච්චරයි දැනට ලියන්න දේවල් හම්බවුණේ... ප්‍රියාවිය නොහොත් මගේ ලැප්ටොප් එක යථා තත්වයට පත් වුණ ගමන් ආයෙම ලියන්නම්. ;)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:26 PM
25 comments:
කාණ්ඩ:
Linux,
VirtualBox,
ආගිය කතා,
ආතල් සීන්,
තාක්ෂණය
Tuesday, April 21, 2009
බයිට් කිරීම
ඔන්න දවසක් මළ ගෙදරක නයිටක් ගහන්න (රැය පහන් කරන්න) කොල්ලො සැට් එකක් සැට් වුණා෴ මුං හැම එකා ගාවම තියෙනව මොබයිල් ෆෝන්... ඉතිං කම්මැලි කමටත් එක්ක පොඩි ආතල් එකක් ගන්න මුන් ටික කළේ තමන් අතේ තියෙන ෆෝන් වලින් කෙල්ලන්ට කෝල් දිදී බයිට් කරන එක෴ නිකං නෙමේ බයිට් කරන්නෙ... ස්පීකර් ෆෝන් හෙවත් ඉලව්ස්පීකර් දාගෙන෴ ඉතිං තම තමන් දන්න අඳුනන කෙල්ලො ඔක්කොම බයිට් කරලත් මුන්ට මදි෴
එකෙකුට හිටි ගමන් උගෙ ගැන් එකේ සිරා ඩයල් එකක් මතක් වුණා෴ (ඌ මළගෙදර සෙට් වෙලා හිටියෙ උගේ නිළ ගැන් එකත් එක්ක නෙවෙයි)
මෙ කී සිරා ඩයල් එක වනාහි සට කපට උපායෙහි අති දක්ෂ වූද... ආතල් දීම අතින් ගැන් එකේ හෙවත් ස්වකීය කල්ලියේ හොඳ නමක් දිනා සිටින්නා වූද... අමුතුම ආරක ඩයල් එකකි෴ මොහු සතුව කෙල්ලන්ගේ දුරකථන අංක කීපයක් ම තිබුණත් ඔහු නොවේ ඒවා වෙනකකුට ලබා දීමට කැමති වූයේ෴ ඒ එක දු කෙල්ලක වත් මල් කඩන, පැණි හලන, නිතර SMS කොටන හෝ වෙනත් නාස්තිකාර ජාතියක කෙල්ලෝ නොවූහ෴ ඔහුට ද එවන් බොළඳ වැඩ සඳහා නාස්ති කරන්නට කාල වේලාවක් ද නො වීය෴ ඇත්තෙන් ම මොහු කී 'සිරා බයිට' කුමක් දැයි දැන ගැනීමට අපි කතාවේ ඉතිරි හරිය කියවමු෴
ඔන්න ඉතිං කොල්ල දස්සයා... ඉක්මනට ගත්ත කෝල් එකක් ස්වකීය මලනුවන්ට... යාළුව කතා කරල කළ ඉල්ලීම ගැන මලයා දැනුවත් කළ අයියා මලයාට නියම උපදෙස් ටිකක් දුන්නා...
ඊට පස්සෙ අයියා යාළුවට SMS එකක් කෙටුව මෙහෙම:
දැං හරි!
මෙතැන් සිට සහෝදර සමාගමේ සිදු වූ කතා බහ ට වඩා යාළු මිත්‍ර සමාගමේ සිදු වූ කතා ටික සඳහන් කිරීම වටී෴
එසේ කියූ ආතල් 'ඩයල්' එක සිය මිතුරාට අසන්නට සැලැස්වූයේ ස්වකීය පරිගණකයේ කොහේ දෝ කොනක තිබූ ශ්‍රව්‍ය මාධ්‍ය ගොනුවකි෴ තත්පර දහයකුදු ගත වීමට මත්තෙන් 'ආතල් දෙන්නා'ගේ ඇඟට පිනූ බයිට් කරු "අඩෝ.... උඹ මේ මොන ^%$&^%ද කරල තියෙන්නේ.... කොහොමද කියපං තෝ අපි කතා කරපු ඒව රෙකෝඩ් කළේ...." කියමින් මල්ලව පොරයේ ශිල්ප දක්වන්නට විය෴ ඒ කෙසේ වීද යත් සිය පරිගණකය බේරා ගැනීමට ආතල් දෙන්නා හට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය෴
ඌ කැපුනා.... උගේ අවසරය ඇතුව ඔන්න බ්ලොග් එකේ දැම්මා.... කෝමද වැඩේ?
* පාඨක ඉල්ලීම සලකා බලා... දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසරය ඇතිව මෙන්න බාගෙන අහන්න [392 KB]. රහස්පදය gigabyte.

"අඩෝ %^&*^^, අපි මේ මළගෙදරක ඉන්නේ... උඹ දන්න කෙල්ලෙකුගෙ නම්බර් එකක් තියෙනවනං එවපන් බයිට් කරන්න."
"කොහෙද බං මළගෙදර? අපේ ගැන් එකේ............."
"නෑ බං මේ අපේ ගෙවල් පැත්තෙ එකක්. මෙතන අපේ එවුන් නෑ එකෙක්වත්... උඹ දන්න නම්බර් එකකුයි නමයි වයසයි ගහල ටෙක්ස්ට් කරපන් ඉක්මනට.."
"එළ එළ! එළ සිරා බයිටක් තියෙනව... මං එවන්නං...."
"එළකිරි!"
මෙ කී සිරා ඩයල් එක වනාහි සට කපට උපායෙහි අති දක්ෂ වූද... ආතල් දීම අතින් ගැන් එකේ හෙවත් ස්වකීය කල්ලියේ හොඳ නමක් දිනා සිටින්නා වූද... අමුතුම ආරක ඩයල් එකකි෴ මොහු සතුව කෙල්ලන්ගේ දුරකථන අංක කීපයක් ම තිබුණත් ඔහු නොවේ ඒවා වෙනකකුට ලබා දීමට කැමති වූයේ෴ ඒ එක දු කෙල්ලක වත් මල් කඩන, පැණි හලන, නිතර SMS කොටන හෝ වෙනත් නාස්තිකාර ජාතියක කෙල්ලෝ නොවූහ෴ ඔහුට ද එවන් බොළඳ වැඩ සඳහා නාස්ති කරන්නට කාල වේලාවක් ද නො වීය෴ ඇත්තෙන් ම මොහු කී 'සිරා බයිට' කුමක් දැයි දැන ගැනීමට අපි කතාවේ ඉතිරි හරිය කියවමු෴
ඔන්න ඉතිං කොල්ල දස්සයා... ඉක්මනට ගත්ත කෝල් එකක් ස්වකීය මලනුවන්ට... යාළුව කතා කරල කළ ඉල්ලීම ගැන මලයා දැනුවත් කළ අයියා මලයාට නියම උපදෙස් ටිකක් දුන්නා...
ඊට පස්සෙ අයියා යාළුවට SMS එකක් කෙටුව මෙහෙම:
Name Ishani
Age 19
No 078*******
දැං හරි!
මෙතැන් සිට සහෝදර සමාගමේ සිදු වූ කතා බහ ට වඩා යාළු මිත්‍ර සමාගමේ සිදු වූ කතා ටික සඳහන් කිරීම වටී෴
***
"ආ... මචං සුභ අළුත් අවුරුද්දක් වේවා!"
"එසේම වේවා මචෝ!,... මොනවද අළුත් තොරතුරු ඉතිං?"
"අඩෝ.. උඹ දන්නෑනෙ අපි අර කෙල්ලට සිරා බයිටක් දුන්න.. ඒකිට ඒක මීටර් වෙන්නත් ගියා... කෝම හරි නියමෙට දුන්න බයිට"
"ආ... ඇත්තද? කියපංකො බලන්න... මොකද වුණේ?"
"පට්ට යකෝ... අපි කිව්ව අපි මේ............."
"හෝව් හෝව්... පොඩ්ඩක් ඉඳපන්.... මෙන්න බලපන්.."
එසේ කියූ ආතල් 'ඩයල්' එක සිය මිතුරාට අසන්නට සැලැස්වූයේ ස්වකීය පරිගණකයේ කොහේ දෝ කොනක තිබූ ශ්‍රව්‍ය මාධ්‍ය ගොනුවකි෴ තත්පර දහයකුදු ගත වීමට මත්තෙන් 'ආතල් දෙන්නා'ගේ ඇඟට පිනූ බයිට් කරු "අඩෝ.... උඹ මේ මොන ^%$&^%ද කරල තියෙන්නේ.... කොහොමද කියපං තෝ අපි කතා කරපු ඒව රෙකෝඩ් කළේ...." කියමින් මල්ලව පොරයේ ශිල්ප දක්වන්නට විය෴ ඒ කෙසේ වීද යත් සිය පරිගණකය බේරා ගැනීමට ආතල් දෙන්නා හට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය෴
"යකෝ තෝ දන්නවද කවුද කියල මේ?... උඹ කෙල්ලෙක් කියල හිතාගෙන කතා කළේ අපේ මල්ලිත් එක්ක... උඹ තමයි අන්තිමේ බයිට..."
"මොකක්... වෙන්න බෑ... මේ උඹේ කෑල්ල නේද?"
"නෑ යකෝ... අපේ මල්ලිට පුළුවන් යකෝ හොඳට අනුකරණය කරන්න... තෝ පැණිය රැවටුණා..."
"අඩෝ &**%%& මට නං විශ්වාස නෑ"
"දැන් කෝල් එකක් අරං බලපිය ෂුවර් නැත්තං"
"මං නං ඒත් විශ්වාස කරන්නෑ..."
"ඒත් විශ්වාස නැත්තං *&*& ^&^*^* ^&$%&^ මූදට පැනපං... මොකද කියන්නෙ මං දානව මේක බ්ලොග් එකේ"
"උඹට ඕන ^%^&^( කරගනිං.... මං යනෝ බං...."
ඌ කැපුනා.... උගේ අවසරය ඇතුව ඔන්න බ්ලොග් එකේ දැම්මා.... කෝමද වැඩේ?
* පාඨක ඉල්ලීම සලකා බලා... දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසරය ඇතිව මෙන්න බාගෙන අහන්න [392 KB]. රහස්පදය gigabyte.
මේවා සංස්කරණය නොකළ හඬ ගොනු බව සිහි තබා ගන්න (headphone එකක් පාවිච්චිය නිර්දේශිතයි)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Saturday, April 18, 2009
ශාකුන්තලගේ අවුරුදු ආගිය කතා෴
ලැබුවා වූ නව වසරේ පළවෙනි බ්ලොග් සටහන මේ. මේක නිකම්ම නිකං ආගිය කතා ටිකක් විතරයි. පොලිටිකල්, ටෙක්නිකල්, සාහිත්‍යය, අපහාස, මෙකී නොකී අන් සියළුම ආකාර වල බ්ලොග් අඩවි හොයන අයට අද මෙතන කියවන්න දෙයක් නෑ -- වෙනින් දවසක එන්න දෙන්නං හොඳවයින් ටෙක්නිකල් :D . අළුත් අවුරුද්දට අන්තර්ජාලය හරහා මොනවත් කරගන්න බැරි වුණේ අවුරුදු දවසට සතියක් කල් තියෙද්දි මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවට කණ කොකා හැඬීම හෙවත් FUP (Fair Usage Policy) ක්‍රියාත්මක වීම නිසා. මම නං ඔය FUP කියන එකේ මුලට තවත් F අකුරක් දාලයි කියන්නෙ... ම්ම්... ඒ ගැන පස්සෙ කතා කරමු.
මේ දවස් වල මගේ වින්ඩෝස් පාවිච්චිය 10% විතර වෙනකම් අඩු වුණා. මොකද ලබන මාසේ Fedora 11 Leonidas ආවම මගේ වින්ඩෝස් පාවිච්චිය 1% දක්වා අඩු වෙන නිසා. ඒ 1%ත් ඉතිං VirtualBox හරහා තමයි. ඉතින් ඔය අස්සේ මට ආයෙම වින්ඩෝස් තියාගන්න එක සලකා බලන්න කාරණා කීපයක් මතු වුණා. පළවෙනි එක.. Dialog FUP ක්‍රියාත්මක වුණාම E220 මොඩම් එකේ band එක මාරු කරගන්න Mobile Partner වුවමනා වීම. දෙවෙනි එක.. E220 මොඩම් එකට SMS කොටන එක ලිනක්ස් වලින් කරන්න බැරි වීම. ඉතින් මම ටෙක්කතා කස්ටියගෙන් ඇහුවම විසඳුමක් දුන්නා.. විසඳුම හරි වුණත් ඒක හරියටම වැඩ කරන්නෙ නෑ තාම :( .
අවුරුදු කාලෙ සුලබ දෙයක්නෙ මේ SMS කොටන එක... අවුරුදු SMS සුභ පැතුම්. මොකද කරන්නෙ... මට එනව කාගෙන් හරි සුබ පැතුමක්... මම කරන්න ඕන තව හතළිකහට විතර ඒක ෆෝවර්ඩ් කරන එක විතරයි.. හරියට මල්ටිබැරල් රොකට් ලෝන්චරයක් වගේ වෙනවා මේ කාලෙට ජංගම දුරකථනය. ඉතින් ඔය SMS සුබපැතුම් ක්‍රමයට මම කැමති නෑ.. මොකද ඒක හරිම යාන්ත්‍රිකයි.. දුරකථන ඇමතුමකින් හිතට දැනෙන දේ SMS එකකට කරන්න බෑ. ඉතින් කෙනෙක් එව්වම උත්තර යවන්නෙ නැතුවත් බෑ නොවෑ. නැත්තං යාළුවො අමනාප වෙනවනෙ. මමත් ඔය කොහෙන් කොහෙන් හරි ආපු එව්ව දෙක තුනක් හතර අතට ෆෝවර්ඩ් කරල දැම්ම. මම සාහිත්‍යකරණයේ දක්ෂයෙක් නෙවෙයි නිසා කවි ලිවිල්ල මට අරහං. ඒත් අන්තිමේ කොහොම හරි අමාරුවෙන් ලියාගත්ත SMS නිසදැස් දෙකතුනක්... සීයකට විතර යවන්න. දැන් ඕක ජංගම දුරකථනයට කොටන්න ඕන.. හපොයි! ඒක මාපටැඟිල්ලෙ පළු යන වැඩක්. මට SMS අප්පිරියා වෙලා තියෙන්නෙත් ඕක නිසාමයි. ඉතින් උදව් වුණේ E220 මොඩම් එකත් එක්ක එන ජංගම සහකරු තමයි. මොකද එතකොට වැඩ ලෝඩ් එක ඇඟිලි දහයට විමධ්‍යගත (වචනෙ හරිද දන්නෑ :P ) කරන්න පුළුවන්නේ... ඉතින් ඕකෙන් මේකෙන් මගේ M$ Windows පාවිච්චිය මේ දවස් වල ටිකක් වැඩි වුණා ආපහු.
තව මාසෙකින් වින්ඩෝස් අයින් කරන එකේ මම පටන් ගත්තා මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව අවසාන වතාවට සෙල්ලම් කරන්න. මොකද ආයෙම මේක මට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව වෙන මොකක්වත් නෙවෙයි... Grand Theft Auto - Vice City. මේ පරිගණක ක්‍රීඩාවට පසුබිම් වෙලා තියෙන කතාව හරිම සිත්ගන්නාසුළුයි. GTA San Andreas, Liberty City කියල තවත් ඒව තිබුණට ඒ එකක්වත් මට හරි ගියෙ නෑ (not my style). Cheat code එකක්වත් පාවිච්චි නොකර මම මේක ආයෙත් වතාවක් අවසාන කළා. එළ!
ඔය අස්සෙ වැදගත් වැඩත් සෙට් වුණා... මේ දවස් වල bruteforcer මෘදුකාංගයක් සකස් කරනවා (මේක FOSS වෙන්නේ නැත - මගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි) ... මගේම ක්‍රමයකට අනුව ගේමක් ගහන්න. මේ වගේ එව්වා අන්තර්ජාලයෙන් බාගන්න පුළුවන් වුණත් ඒ එක්ක එන්න පුළුවන් ට්‍රෝජන් අශ්වයෙකු ගැන තියෙන බය නිසා මට විශ්වාසයි මම ම හදා ගන්න ඒවා. ඒ ගැන වැඩි විස්තර forbidden!
පිං අතේ නිදහස්ලාන්සරයකුත් සෙට් වුණා. අවුරුද්දට කිරිකැට් ගහන කොල්ලො සැට් එකකට පරිගණකගත ලකුණු දාන සිස්ටම් එකක් ඕනැලු. ඉතිං ඒකත් කරමින් පවතිනවා. මම ඒ වැඩේ කරන්නෙ Microsoft Visual Basic 2005 පාවිච්චි කරල, හැබැයි දුවන්නෙ VirtualBox එකෙන් (ලිනක්ස් මත). අතරමග කිසි අවුලක් ආවෙ නෑ. ඉතින් මේක හොඳ නිමිත්තක් වින්ඩෝස් වලට මගේ දෘඩ තැටියෙ වෙනම විශේෂිත ඉඩක් (partition එකක්) අනවශ්‍ය බවට. :)
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ බ්ලොග් මැරතන් එකත් ඔන්න උදා වුණා. වැඩේ නං ආතල්. ඒත් නින්ද අඩුකම මගේ ශරීර සෞඛ්‍යට අහිතකර විධියට බලපාල තියෙන නිසා මේ සැරේ මම මැරතන් ආවෙ නෑ. හැබැයි සැරින් සැරේ IRC චැනල් එක පැත්තෙ නම් ආවා. ඉතින් ඔය වෙලාවෙ මගේ Pidgin සහ Firefox යන වැඩසටහන් දෙකම වැඩ. ඒත් මදි වෙලා මම Opeara එකත් දාගත්තා. Chrome තිබුණනං ඒකත් දාගන්නවාමයි :P .
ඔය මැරතන් පැත්තෙ එන්න කලින් මම ගියා පොඩි රවුමක්... අවුරුදු සංගීත සංදර්ශණයක් එහෙම බලල.. ගම් පළාතේ යාළුවො සැට් එකත් එක්ක ආතල් එකක් දාන්නත් අමතක කළේ නැහැ. ඒක අන්තිමේ ඉවර වුණේ වෙන කොහෙද කණ්ඩායම් දෙකක් හිස් මද්‍යසාර බෝතල් වලින් අවුරුදු ක්‍රීඩා වල හොඳම එක කරන්න පටන් ගත්තයින් පසුව. මාත් හිමීට සේප් වුණා... මොකද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්න ඕන නැහැනේ... කැම්පස් යන අපි දැකල නැති වලි! හික් :D .
ඔන්න ඊට පස්සෙ තමයි හිමීට බ්ලොග් මැරතන් අයි ආර් සී කාරයො ටිකට සැට් වුණේ. උන් ටිකත් එක්ක ටිකක් වෙලා සෙල්ලං කළා. කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙලා තිබුණා... ටිකක් වෙලා ගියාම තමයි තේරුණේ සමහරුන්ගෙ මාරු වෙලා තිබුණෙ වයර් විතරක් නෙවෙයි කියල! අනේ සංසදේට ගිය කලක්!! බිපෙසි. :D
අවුරුදු නිවාඩුවත් ඉතින් ගෙවිල ගියා.. දැන් 20 වෙනිද ආපසු කොළඹ බලා ගමනේ යා!

ඉතින් දයාබර කියවන්නෙනි, ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අර්ථවත් සුභ නව වසරක් වේවා!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Thursday, April 2, 2009
කම්බිපණු ලෙඩේට ගොඩවෙදකම
මේ සිද්ධිය වුණේ ඊයෙ... අප්‍රේල් පළවෙනිදා... අප්‍රේල් 01 කියන්නෙ අපේ ගොඩක් බ්ලොග්කරුවන් උත්සවශ්‍රීයෙන් සමරන දවසක්නෙ. සිංහලෙන් CSS කියයි... ලිනක්ස් ගුරාලට වින්ඩෝස් හොඳයි කියයි... එක විකාරයයි. ඒ නිසා මේක ඊයෙ නොලියා අද ලිව්වා -- නැත්තං මොකක් හරි බොරුවක් කියල හිතයි කස්ටිය. ඉතින් යාළුවො ඔක්කොම පාටි දානකොට සමරන්නෙ නෑ කියල පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? ඉතිං මාත් ට්වීටරේ දැම්ම මෙහෙම:
Now I'm on Ubuntu, which provides a fast and very secure computing environment. No more f****** Windows.
තරු ටික බලධාරියා විසින් කපා හරින ලදී. ;)
හික්. :D වින්ඩෝස් අයින් කරල මුළුමනින්ම ලිනක්ස් වලට මාරු වෙලා වින්ඩෝස් අවශ්‍යම වුණොත් හීනෙන් (ඒ කිව්වෙ VirtualBox හරහා) වින්ඩෝස් පාවිච්චි කරන්න අදහසක් තියෙනව. තාම මාරු වුණේ නෑ. ඒත් ඒකට තව ටික කාලයක් තියෙනව. අනෙක... මම මාරුවුණාම දාන්නෙ Ubuntu නෙවෙයි Fedora. ඉස්සෙල්ලම ජංගම දෘඩ තැටියක් හොයාගන්න ඕන මගේ ගිගාබයිට් සීයක විතර අනංමනං backup කරන්න. ඉතින්... මේක ලියන්නෙත් වින්ඩෝස් මත ඉඳගෙන. සමහර විට වින්ඩෝස් මත ඉඳගෙන ලියන අන්තිම බ්ලොග් සටහන මෙය වෙන්නත් පුළුවන්.
මම පහුගිය දවස් ටිකේ Ubuntu දාගත්තනේ ආපහු... පොඩි අත්හදා බැලීම් කීපයකට. ඔය අතරෙම පොඩි පොඩි සෙල්ලං ටිකක් දාන්න ගිහින් Fedora වැඩ කරන්නෙ නැතුව ගියා. හාඩ් ඩිස්ක් එකෙත් ඉඩ මදි වගේ නිසා, මගේ හාඩ් එක ළඟදිම මුළුමනින්ම format කරන නිසා, බොහොම හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒක තමයි Fedora තිබුණ partition එක ඩිලීට් කරන්න. මොකද Fedora වලට ගිගාබයිට් 6ක ඉඩකුත්, Ubuntu වලට ගිගාබයිට් 3.5ක ඉඩකුත් වැය වෙලා තිබුණා. මම වැඩි ඉඩක් ගන්න පුළුවන් එක මැකුවා... හදිසියට. වැඩේ කළේ Windows Management Console එකෙන්. වැඩිදුර නොහිතා කළ මෝඩ වැඩක්. :(
මළ කෙළියයි! මැෂිම බූට් වෙන්නෙ නෑ!! :( Error 22 ලු.
ලිනක්ස් පාවිච්චි කළ මුළු කාලය ඇතුළත මගේ ස්වේද ග්‍රන්ථි ක්‍රියාකාරීත්වය උපරිම කළේ මේ error එක තමයි. ඉතින් හොඳ වෙලාවට ළඟ යාළුවෙකුගෙන් Ubuntu Live CD එකක් ඉල්ලගන්න පුළුවන් වුණා. ඒකෙන් බූට් කරගෙන ගියා කම්බිපණු අත්පොතට. (හොඳ වෙලාවට Ubuntu, Huawei E220 සාදරයෙන් පිළිගන්නවා -- නැත්තං සොරි.com තමා) මේ තියෙන්නෙ ඒකෙ තිබුණු විස්තරේ...
22 : No such partitionමම ඒපාර parted එකෙන් අපහු හැදුවා ext3 partition එකක්. Reboot කළා. ඔන්න දැන් කියාපි Error 15 කියල!
This error is returned if a partition is requested in the device part of a device- or full file name which isn't on the selected disk.
ආපහු ගියා Live,.. බැලුවා කම්බිපණු අත්පොත.
15 : File not foundදැන් මොකද කරන්නේ... මට වැටහෙන තරමින් මේක boot sector එකත් එක්ක කරන්න ඕන සෙල්ලමක්... Boot sector සංස්කරණය කරන්න දෙන්නෙ නැහැනෙ.. සාමාන්‍යයෙන්. ක්‍රමයක් හොයාගත්තත් මගේ දැනුම් සීමාවෙන් පිටත තියෙන දෙයක්... කලින් අත්හදා බලා නැහැ. මේ හිස් partition එකට ආපහු ලිනක්ස් දැම්මොත් සියල්ල හරි බව මම දැනගෙන හිටියා. ඒත් ඒකට වෙලාව මදි. ඊළඟ විසඳුම වෙන්න පුළුවන් එකත් මම දැනගෙන හිටියා. ඒ grub-install. ඒක කළොත් මගේ වින්ඩෝස් පාටිෂන් වලට කෙළවෙයිද? බයයි. අත්හදා බැලීම් වලට වෙලාව නෙවෙයි මේක.
This error is returned if the specified file name cannot be found, but everything else (like the disk/partition info) is OK.
ඉතින්... සිහියට ආවා පොඩි ගොඩවෙදකමක්. මේක forum එකක තිබුණ එකක් නෙවෙයි... ඒවයෙ ගොඩවෙදකම් දෙන්නෙ නැහැනේ... මෙන්න Ubuntu Live එකේ ඉඳලා කරපු එක:
sudo bash
mkdir /1
mount -t ext3 /dev/sda8 /1 (Ubuntu installation එක තිබුණේ sda8 මත)
mkdir /2
mount -t ext3 /dev/sda9 /2 (Fedora තිබිලා... මකලා... ආපහු හදලා... වධ විඳපු partition එක sda9)
cp -rv /1/boot /2/
shutdown -r now
මොකක් හරි අවුලක් වුණොත් menu.lst සංස්කරණය කරලා යන්න පුළුවන් නේද කියල කල්පනා කරමින් මම LCD තිරය දිහා බකන්නිලාගෙන හිටියා... මෙන්න වැඩේ හරි! :) :) :) සිරාවට වැඩ!! මේක හරි නොගියනම්... මම assignment වෙලාවට බාරදීල හමාරයි. එල්ලෙන්න තමයි වෙන්නෙ. :-/
කෝමද ටිකිරි මොළේ?
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:05 AM
9 comments:
කාණ්ඩ:
Linux,
ආගිය කතා,
ආතල් සීන්,
මෘදුකාංග
Monday, March 23, 2009
අළුත් සෙමෙස්ටරය සහ එහෙන් මෙහෙන් ටිකක්
අද එව්වා මෙව්වා ටිකක් ලියන්න හිතුවෙ මම මෑත ලියූ බ්ලොග් සටහන් ටිකේ තාක්ෂණික මාතෘකා ටිකක් ඇදල ගත් නිසා. ටිකක් විවිධත්වයකුත් තිබුණාවේ... මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය මොකක්ද?
ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )
හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?
අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...
ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.
ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.
ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)
ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!
කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!
එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )
හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
- Special Topics in Computer Science
- Information System Security and Audit (මං ආසම එක ;) )
- eBusiness Technologies and Applications
- Business Process Re-Engineering
- Digital Fine Arts
- Software Development Project
- Industrial Visits
- IT Project Management
IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?
අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...
ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.
ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.
ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)
ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!
කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!
එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:03 AM
8 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්,
සරසවිය
Sunday, March 8, 2009
කේතයෙන් මැවෙන ශබ්ද රටා - Random Alien Sounds
ක්‍රමලේඛ කේත පාවිච්චි කරල පොඩි බීප් එකකින් එක එක විධියෙ ශබ්ද රටා මවන්න පුළුවන්. මේක මම ඉස්සර ආතල් එකක් ගන්න කරපු එකක්. මම ඒ දවස් වල හති දම දමා Visual Basic ඉගෙනගත් එක තමයි කළේ. මට VB ඉගැන්නුවෙ කවුද කියල අහන්න එපා. උත්තරයක් නෑ. ඒකට වගකියන්න ඕන අම්බලන්ගොඩ මහජන පුස්තකාලය සහ වතුගෙදර මහජන පුස්තකාලය. මොකද ඒ දවස් වල අපේ පැත්ත පළාතක අන්තර්ජාලය තිබුණෙ නෑ. ඉතින්... දන් ඔන්න කතාව වෙනම පැත්තකට ඇදිල යනවා. ආයෙම එමු මාතෘකාවට...
ගොඩක් අය තමන් දන්න Visual Basic කේත කොටස් අනෙක් අයට දෙන්න කැමති නෑ. මම දන්නෑ මොකද මුස්ටියද ලෝබකමද කියල. ඇත්තටම ඒකෙ ඇති දේකුත් නෑ. මම Visual Basic 6ත් එක්ක ගනුදෙනු බොහෝවිට නවත්තලා තියෙන්නෙ ඒකෙ ටිකක් යල් පැනගිය ගතියක් තියෙන නිසා. Visual Basic 2008 නම් ඇත්තටම ඇති දෙයක් නෑ. IDE එක තියෙනවා... MSDN තියෙනවා... ඉතින් පොඩි ළමයෙකුට වුණත් code කරන්න පුළුවන්. ඒකනෙ Basic (Beginers' All purpose Symbolic Instructions Code) කියන්නෙ. ;)
ඉතින්... මේක අගේ කරන්න දේකුත් නෙවෙයි. අනෙක Microsoft මෘදුකාංග වලින් කළා කියල මෙව්ව හංගන්න දේවලුත් නෙවෙයි. ඒ නිසා code එකම දානව. දැකුම්කළු source code පෝස්ට් කරන්න අපේ ප්‍රවීන් ඉන්ද්‍රනාම ඒ ගැන ලිව්ව සටහනෙන් ලොකු උදව්වක් වුණා.
මෙන්න කේතය... මේක මහ ලොකු දෙයක් නොවන බවත් (සත පනහෙ ටොපියක් කියල) හිතා ගන්ටකෝ... :P
(අළුත් VB project එකක් පටන් ගෙන එහි තිබෙන form එක ඉවත් කරන්න. අළුත් මොඩියුලයක් එක් කර එයට මෙම කේතය එක් කරන්න. ඉන් පසු F5.)
මේක වෙනස් කරල නිර්මාණාත්මකව යොදා ගන්න පුළුවන්. මේ ඒ වගේ තව එකක්:
1e06 sorries වෙන්න ඕන මේක wine වල නම් වැඩ නෑ :( . වින්ඩෝස් කස්ටිය... ඉතින්, අත්හදා බලන්න. රිසි පරිදි වෙනස් කර අළුත් දෙයක් අත්හදා බලන්න. :)
බාගැනීම්:
මෙන්න VB නැති අයට Win32 Executables [4 KB] බාගන්න. Double click කරලා විවෘත කරන්න. හැබැයි නවත්තගන්න Windows Task Manager පිහිට පතන්න වෙයි. ඒ නිසා මේවා run කරලා මට බනින්න එපා. :P

Option Explicit Public Declare Function Beep Lib "kernel32" _ (ByVal dwFreq As Long, ByVal dwDuration As Long) _ As Long Sub main() Randomize Dim I As Integer For I = 37 To 32767 Beep (Rnd * I), 10 Next End Sub
මේක වෙනස් කරල නිර්මාණාත්මකව යොදා ගන්න පුළුවන්. මේ ඒ වගේ තව එකක්:
Option Explicit Public Declare Function Beep Lib "kernel32" _ (ByVal dwFreq As Long, ByVal dwDuration As Long) _ As Long Sub Main() Do Until False Dim I As Integer For I = 256 To 512 Beep I, 10 Next For I = 512 To 256 Step -1 Beep I, 10 Next Loop End Sub
1e06 sorries වෙන්න ඕන මේක wine වල නම් වැඩ නෑ :( . වින්ඩෝස් කස්ටිය... ඉතින්, අත්හදා බලන්න. රිසි පරිදි වෙනස් කර අළුත් දෙයක් අත්හදා බලන්න. :)
බාගැනීම්:
මෙන්න VB නැති අයට Win32 Executables [4 KB] බාගන්න. Double click කරලා විවෘත කරන්න. හැබැයි නවත්තගන්න Windows Task Manager පිහිට පතන්න වෙයි. ඒ නිසා මේවා run කරලා මට බනින්න එපා. :P
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Tuesday, March 3, 2009
වඩේ ප්‍රහාරය
මට අද මරු ඊමේල් එකක් ආවා. මට මෑතකදි ආපු ඊමේල් වලින් මාව වැඩිපුරම හිනස්සපු එක මේක.
මාතෘකාව මේකයි:
කට්ටිය ඔක්කොම දැන් බලාගෙන ඉන්නෙ සිරසට ගහන්නනේ... මමත් මහරාජාගෙ ගොන්පාට් වලට තදින්ම විරුද්ධයි. ඒත් හැමදේම විමසා බලන්නෙ නැතුව බෙලි ගෙඩියට බයේ ලෝකෙ පෙරළෙනවා කිය කියා දුවපු හාවා වගේ හැසිරෙන්න ඕන නැහැනෙ. ඉතිං ඊතලයෙන් මොකක් හරි වැරැද්දක් වෙනකම් බලාගෙන හිටපු කෙනෙකුට මේක අහු වෙලා. මොකක් හරි කරුමෙකට එයාගෙ පරිගණකයෙ සිංහල ස්ථාපිතය සම්බන්ධ අවුලක් තිබිලා. ඉතින්... එයා මේක කියවලා තිබුණෙ වඩේ ප්‍රහාරය කියලා.. තමන්ගෙ වැරැද්ද, වැරැද්දක් නෙවෙයිනේ ගොඩක් අයට... ඉතිං... කරන්න පුළුවන් ඊළඟ එකත් කළා.. forward.
ඉතින් අනෙක් කාරණාව... මට මේක එව්ව කෙනා තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්... පුදුමයි නේද? මම නම් බිපෙසි.
මොකද කස්ටිය හිතන්නෙ මේක ගැන?
මාතෘකාව මේකයි:
Fwd: That is How their news Work @ a critical situation
කට්ටිය ඔක්කොම දැන් බලාගෙන ඉන්නෙ සිරසට ගහන්නනේ... මමත් මහරාජාගෙ ගොන්පාට් වලට තදින්ම විරුද්ධයි. ඒත් හැමදේම විමසා බලන්නෙ නැතුව බෙලි ගෙඩියට බයේ ලෝකෙ පෙරළෙනවා කිය කියා දුවපු හාවා වගේ හැසිරෙන්න ඕන නැහැනෙ. ඉතිං ඊතලයෙන් මොකක් හරි වැරැද්දක් වෙනකම් බලාගෙන හිටපු කෙනෙකුට මේක අහු වෙලා. මොකක් හරි කරුමෙකට එයාගෙ පරිගණකයෙ සිංහල ස්ථාපිතය සම්බන්ධ අවුලක් තිබිලා. ඉතින්... එයා මේක කියවලා තිබුණෙ වඩේ ප්‍රහාරය කියලා.. තමන්ගෙ වැරැද්ද, වැරැද්දක් නෙවෙයිනේ ගොඩක් අයට... ඉතිං... කරන්න පුළුවන් ඊළඟ එකත් කළා.. forward.
ඉතින් අනෙක් කාරණාව... මට මේක එව්ව කෙනා තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්... පුදුමයි නේද? මම නම් බිපෙසි.
මොකද කස්ටිය හිතන්නෙ මේක ගැන?
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Thursday, February 19, 2009
වයිරස් දෙන PisSu ආතල්
මේ ළඟදි දවසක කැම්පස් එකේ computer එකක Photoshop විවෘත කරද්දී ආපු පණිවුඩයක් මේක. මට මොළේ අළුත් කරගන්නලු. මට එදා නම් මේක දැකල මාර හිනා. මොකද මං බය නෑනේ වයිරස් වලට. හැබැයි මගේ පසුගිය බ්ලොග් සටහනකට හේතු පාදක වුණ සිද්ධියෙන් පස්සෙ නම් මම ටිකක් විතර බයයි.
ඉතිං මටත් නිකං ඉන්න බෑනෙ. මාත් දන්න වැඩ කිඩ එක එක පටන් ගත්තා. සරල තැනින් පටන් ගන්න ඕන. මුලින්ම Windows Task Manager. ඒක හරිගියා! මෙයා වැඩියම කරදර කරන්නෙ නෑ වගේ. Task Manager වල Processes tab එකට ගියාම මෙන්න මොකක්දෝ එකක් නටනවා!!
හොඳට බැලුවම තේරුණා නිකං pissu.exe වගේ එකක් කියලා. ඒක එනවා - යනවා, යනවා - එනවා. මොන විකාරයක්ද? කෝකටත් මගේ ප්‍රියතම taskkill /f /im pissu.exe විධානය දීලා බැලුවා. වැඩේ හරි. දැන් Photoshop වැඩ.
මෙන්න තව එකක්. පහත දැක්වෙන තිරපිටපත් දෙක හොඳට බලන්න. පළමු වෙනි තිරපිටපත ගත්තට පසුව ඒ වින්ඩෝ එකම පහළට scroll කරල තමයි දෙවැන්න ගත්තෙ.
හොඳට බලන්න අවස්ථා දෙකේදි වෙනස. පළමුවෙනි එකේ සලකුණු කරපු තැන කියන්නෙ දත්ත උපාංගයේ (flash drive) තියෙන ක්‍රමලේඛය පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. දෙවැන්නෙ සලකුණු කරපු තැන තියෙන්නෙ Windows Explorer පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. බැලු බැල්මට දෙකම එක වගේ. ඉතින් දත්ත උපාංගයේ තියෙන ක්‍රමලේඛය වයිරසයක් බව දැන් වැටහෙන්න ඕන නේද? ඒ නිසා මේ ආකාරයට බහාලුම් විවෘත කිරීමෙදි සැලකිලිමක් වෙන්න ඕන.
මට මේ වයිරස්, Task Manager, Taskkill ගැන ලියලම එපා වෙලා. මෙහෙම ගියොත් මේකත් අර කැටපෝල් පිස්සගෙ කතන්දරේ වගේ වෙයිද දන්නෑ. :D

෴සමීර ශාකුන්තල෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:09 AM
7 comments:
කාණ්ඩ:
Featured,
Windows,
අනංමනං,
ආතල් සීන්,
ආරක්ෂණය,
තාක්ෂණය
Tuesday, February 17, 2009
කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?
JPG කිව්ව විනිවිද බලන්න බෑ කියල
BMP කිව්ව ගොඩක් ඉඩකඩ ඕන කියල
GIF කිව්ව පාට ගොඩක් බෑ කියල
මම PNG වලට මාරු වුණා. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

මගේ මෑත ලියූ බ්ලොග් සටහන් වල තියෙන පින්තූර download කරගෙන බලන්න. PNG rocks! PNG format එක GNU/GPL.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Monday, February 16, 2009
වයර් මාරුවෙච්ච Facebook?
Facebookට වයර් මාරුවෙලාද? Yahoo Mail එකෙත් මේ අවුලම තිබුණා. මෙව්ව තාම බීටා බඩුනේ.. ඒ නිසා කවුරුත් ගනංගන්නෙ නෑ... ;)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Sunday, January 11, 2009
2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව
විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D
මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D
ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.
ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.
එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.
සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් කඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.
බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.
ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වුණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)
Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)
ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(
කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වුණේ?
අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D
කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D
මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.
ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)
කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.
මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...
ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)
දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.
ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.
ඉතින් ඔන්න ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)
අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

Wednesday, December 31, 2008
අර්ධ ශතකය, බෝඩිම, සහ සමුගැනීම
මේ මගේ ජයග්‍රාහී අර්ධ ශතකය. හරියටම 2008ට බ්ලොග් සටහන් පනහයි. අර්ධ ශතකයක් එක්කම කියන්න තව දෙයක් තියෙනවා.
මම උදේ හවස දුම්රියේ යන එක නතර කළා. දැන් ඉන්නෙ බෝඩිමක. හැව්ලොක්, කොළඹ 05. කැම්පස් එකට පයින් යන්න පුළුවන් දුර. දැන් ඇවිත් සතියක් විතර වෙනවා. ආයෙමත් යාළුවොත් එක්ක පරණ ආතල් ජීවිතේට සෙට් වෙන්න පුළුවන්. :) බම්බු, සිලියා, රෙපා, රූකඩයා, සරා, කන්නසාමියා, ඇච් ඇස්, දොරේ, දයා, පුලා, ඉම්බා, වැංකා, රානි, පුන්නා, කතා, ගරූ, පොලා සහ තඩියා ඇතුළු මෙකී නොකී කැම්පස් යාළුවොත් එක්ක ආයෙ වල බහින්න පුළුවන් -- මීටත් වඩා ආතල් එකක් කොයිද?
හවසට ගෙදර යන කාලෙ හවස 5.30 දුම්රියේ යන්න 5ට කැම්පස් එකෙන් පිටත් වෙන්න ඕනා. ඒක තමයි අමාරුම කාරිය. ඒත් දැන් එහෙම නෑ. රෑ 8 වෙනකම් කැම්පස් එකේ ඉන්න පුළුවන්. :) බැචාල සෙට් වුණාම වෙලාව ගතවෙනව දැනෙන්නෙත් නෑ. කැම්පස් එක තියෙන්නෙ අධිආරක්ෂිත කලාපයක නිසා රෑ අටෙන් පස්සෙ ඉන්න බෑ. :( එහෙම නොවුනා නං සිරාම ආතල් එක. ඒත් ඉතිං ආරක්ෂාවත් වැදගත්නෙ.
දිනපතා දුම්රිය මගියා කාලෙ දවසෙ වෙලාවෙන් පැය පහක්ම නාස්ති වුණා. එක ගමනකට පැය දෙකහමාරක්! හැබැයි සිරාම මගී යාළුවො සෙට් එකක් සෙට් වුණා. කැම්පස් වගේම ආතල් අපි කෝච්චියෙදි ගන්නෙ... මේ බටර් ගාන්නෙ එයාල මේක කියවන නිසා. :D දැන් farewell party එකත් දීල ඔක්කොම close කරල තියෙන්නෙ. හැබැයි ජනවාරි පළවෙනිදා ආයෙම සෙට් වෙන්නයි හිතාගෙන ඉන්නෙ. :)

හැව්ලොක් කාක්කොත් අපරාදෙ කියන්න බෑ මාව සාදරයෙන් පිළිගෙන තිබුණා. :D ඒක දැනගත්තෙ බෝඩිමට ආවම ලැප්ටොප් බෑග් එකේ පැත්තකින් සිරස්ව පහළට බේරිලා ගිය සුදුපාට පැල්ලම දැක්කම. ඒක පිරිසිදු කරන්න වෙච්ච මහන්සිය මමයි දන්නෙ -- හැව්ලොක් කාක්කව අල්ලල උගේ අධෝමුඛය තංගුස් නූලෙන් මහන හැටි මෙනෙහි කරමිනුයි මම බෑග් එක හේදුවෙ!---
ඊළඟට කියන්න තියෙන්නෙ ශෝකජනක කතාවක්. අපේ දෙවන වසර පළමු සමාසිකය සඳහා විභාගය ජනවාරි මාසෙ පටන් ගන්නව. ආතල් ඔක්කොම මාසෙකට suspend කරන්න වෙනවා. වල බැහිල්ල නතර කරල 'කුප්පි සරණං ගච්ඡාමි' කියලා අද ඉඳල පාඩම් කරන්න සෙට් වෙනව. ඒ නිසා බ්ලොග් ලිවිල්ලෙන් තාවකාලිකව සමුගන්නවා... :(එහෙනම්, දයාබර කියවන්නෙනි...
මගේ බ්ලොග් මිතුරනි...
සෞභාග්‍යමත් සුභ නව වසරක්...
හෙටින් එළැඹෙන 2009!
මේ වසරේ මාත් සමඟ රැඳී සිටියාට ඔබට මගේ හදපිරි ප්‍රණාමය!

යන්නාං... ටටා... :)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:50 AM
10 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Tuesday, December 30, 2008
ආසයි මේකත් මස් කරන්න
මේ තියෙන්නෙ මං assignments, projects කරන, මම ඉගනගන්න, බ්ලොග් ලියන්න පාවිච්චි කරන ලැප්ටොප් යන්තරේ. පසුගියදා මේකෙ වගකීම් කාලසීමාව අවසන් වුණා. මාත් ඉතිං අවුරුද්දක් තිස්සෙ පෙරුම් පුරාගෙන හිටියෙ මේ මොහොත උදා වෙනකං. පිලිප්ස් ස්කුරුප්පු නියනකුත් අරගෙන මං වැඩේට බැස්සෙ හරිම ආසාවෙන්.
පංකාව වටේ දූවිලි විමානයයි. අවුරුද්දක් තිස්සෙ සුද්ධ කරල නැහැනෙ. දූවිලි බැඳෙන්නෙ නැතුව තියේවියැ; අපට කොහෙද AC කරපු කාමර? කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා. දැං බලන්න ලස්සනයි. බබා වගේ.
ඔය CPU එකේ ඉඳල පංකාව පැත්තට යන මහත තඹ කම්බිය තමයි තාප ගිල්ලුමයි (heat sink) පංකාවයි අතර ප්‍රධාන තාප සන්නයන මාධ්‍යය. බලමුකො ඒකෙත් හැටි! සාමාන්‍ය desktop පරිගණකයක heat sink හදන්නෙ ඇළුමිනියම් මිශ්‍රලෝහයෙන් (alloy). මේකෙ තඹ! (තඹ ඇළුමිනියම් වලට වඩා මිලෙන් වැඩියි)
ඔය කළුපාට දිලිසෙන සිහින් වයරය තමයි Wi-Fi ඇන්ටෙනාව.
මම ලැප්ටොප් පරිගණකයක නිවෙස්නය (housing) විවෘත කරපු පළවෙනි වතාව තමයි මේක.
පංකාව වටේ දූවිලි විමානයයි. අවුරුද්දක් තිස්සෙ සුද්ධ කරල නැහැනෙ. දූවිලි බැඳෙන්නෙ නැතුව තියේවියැ; අපට කොහෙද AC කරපු කාමර? කොහොම හරි මද්‍යසාර ස්වල්පයක් පාවිච්චි කරල පරිස්සමින් පංකාව වටේ පවිත්‍ර කළා. දැං බලන්න ලස්සනයි. බබා වගේ.
ඔය CPU එකේ ඉඳල පංකාව පැත්තට යන මහත තඹ කම්බිය තමයි තාප ගිල්ලුමයි (heat sink) පංකාවයි අතර ප්‍රධාන තාප සන්නයන මාධ්‍යය. බලමුකො ඒකෙත් හැටි! සාමාන්‍ය desktop පරිගණකයක heat sink හදන්නෙ ඇළුමිනියම් මිශ්‍රලෝහයෙන් (alloy). මේකෙ තඹ! (තඹ ඇළුමිනියම් වලට වඩා මිලෙන් වැඩියි)
ඔය කළුපාට දිලිසෙන සිහින් වයරය තමයි Wi-Fi ඇන්ටෙනාව.
මම ලැප්ටොප් පරිගණකයක නිවෙස්නය (housing) විවෘත කරපු පළවෙනි වතාව තමයි මේක.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
1:45 AM
13 comments:
කාණ්ඩ:
ආගිය කතා,
ආතල් සීන්,
මගේ වැඩ
Sunday, December 28, 2008
එය මෙසේ නිමා විය!
නාග පැටික්කයි මායි තව ChanServ කියල තරුවෙකුයි විතරයි ඉතුරු වුණේ. අන්තිමේ අපි තමා මැරතන් පොරවල්!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Subscribe to:
Posts (Atom)