මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Saturday, May 18, 2024
වෙනසක් | A change
Sunday, November 15, 2020
ඉංග්‍රීසි බස උගත් හැටි
"ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?"
මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා. 🙂
![]() |
| Image courtesy: pixabay.com |
ඉතින් මේකට එක එක අය තම තමන් දන්න ක්‍රම කියලා උත්තර දීලා තිබුණා. හැම එකක්ම කියවලා බලලා තමන්ට හරියටම හරි යන ක්‍රමය හොයා ගැනීම ප්‍රශ්නයට විසඳුම් හොයන අයගේ වැඩක්. මා දන්නා දෙය කියා දීම මගේ යුතුකමක්. දැන් මම ෆේස්බුක් එකේ නැති නිසා මගේම තැනක ලියනවා. අවශ්‍ය අය දකිත්වා! 😎
Sunday, November 8, 2020
පොළොස් මාලුවේ කතාව
![]() |
| Image courtesy: Lankapura.com |
අවුරුද්දකුත් ගත වුණාට පස්සේ ආවා Covid-19 කියලා එකක්. මේ වසංගතයත් එක්ක මම ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. (ගෙදරටම හිර වුණා) ඒකෙන් ඇතිවෙන මානසික ආතතිය දුරු කරගන්නත්, දැන් උයන්න පිහන්න, අත්හදා බැලීම් ඕන එකකට කාලය තියෙන නිසාත් මම පොඩ්ඩ පොඩ්ඩ උයන්න ඉගෙන ගන්න තීරණය කළා. මුලින්ම ඉගෙනගන්න ඉව්වේ සරල පැස්ටා එකක්. ඒකෙන් තමා දැනුණේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියල. තවත් මාස ගාණක් යද්දි ලංකාවේ කෑම වලින් මගේ ප්‍රියතම එකක් වෙච්ච පොළොස් මාලුවේ අඩුව මට දැනෙන්න ගත්ත. ඊට පස්සෙ තමයි තීරණය කළේ අඩුමකුඩුමත් ගෙනත් මේක කොහොම හරි උයනව කියල.
ඉතිං උයන්න දන්නෙ නැහැනෙ!

