Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Saturday, May 18, 2024

වෙනසක් | A change

සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ විනෝදාංශය අද වෙද්දි ටිකක් විතර යල්පැන ගිය එකක් වෙලා.. බ්ලොග් එකක් කිව්වාම වර්තමාන පරම්පරාව හිතන්නෙත් ඉන්ස්ටග්‍රෑම් හෝ ටික්ටොක් ගැන. මමත් ටික්ටොක් එකක් පටන් ගත්තා.😀 ඒක අතුරු කතාවක්.

ඉතින්, ඉස්සර වෙගේ සෝෂල් මීඩියා එකවුන්ට් ගොඩක් ආම්බාන් කරන එක තරමක් කාලය ගතවෙන වැඩක් නිසා මම හිතුවා ලියන දෙයක් මේකෙම ලියනවා කියල. හැබැයි, මෙතනින් ඉදිරියට මේක සිංහලෙන් පමණක් ලියන බ්ලොග් එකක් නෙමේ. ඒ කිව්වෙ ඒ වෙලාවට හිතෙන දේ ඒ වෙලාවට හිතට එන බාසාවකින් ලියලා  අතාරිනව.

ඉතින්... ළඟදිම ආපහු හමුවෙමු෴

Sunday, November 15, 2020

ඉංග්‍රීසි බස උගත් හැටි

"ඉක්මනට ඉංග්‍රීසි ඉගෙනගන්නෙ කොහොමද?"

මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුණු කාලේ විවිධ ගෘප් වල මම නිතර දැක්ක ප්‍රශ්නයක් ඕක. මට මේ ගැන සවිස්තරව ලියන්න අදහසක් තිබුණත්, ඒකට කාල වේලාව සොයාගැනීම ලංකාවෙ හිටපු කාලේ හරිම අසීරු වෙලා තිබුණේ. දැන් පොඩි වෙලාවක් ලැබුණු නිසා මේක ලියලා ඉවර කරනවා. 🙂

Photo of a blackboard with a few basic English words written on.
Image courtesy: pixabay.com
 

ඉතින් මේකට එක එක අය තම තමන් දන්න ක්‍රම කියලා උත්තර දීලා තිබුණා. හැම එකක්ම කියවලා බලලා තමන්ට හරියටම හරි යන ක්‍රමය හොයා ගැනීම ප්‍රශ්නයට විසඳුම් හොයන අයගේ වැඩක්. මා දන්නා දෙය කියා දීම මගේ යුතුකමක්. දැන් මම ෆේස්බුක් එකේ නැති නිසා මගේම තැනක ලියනවා. අවශ්‍ය අය දකිත්වා! 😎

Sunday, November 8, 2020

පොළොස් මාලුවේ කතාව

Vintage picture of a smiling Ceylonian man with a jackfruit.
Image courtesy: Lankapura.com
මගේ යාළුවෝ ගොඩක් දෙනා (අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් අයත් ඇතුළුව) දන්නවා මම දැන් ලංකාවේ නෑ කියලා. මුලින්ම ඒ ආගිය කතාවෙන් පටන් ගන්නම්. අවුරුදු දෙකකට විතර ඉස්සර මම විදේශගත වුණා. සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙන ගොඩක් අය ඒ යන ගමනත් එක්කම උයන්න පිහන්නත් ඉගෙනගන්නව. නමුත් මම ඒ දේ කළේ නෑ. ඒකට එක හේතුවක් වුණේ මෙහේට ආපු ගමන් මුල් දවස් වල තිබුණු අධික කාර්යබහුලකම. ඒක නිසා පහසුවට රෙස්ටුරන්ට් වලින් කෑම කන්න පුරුදු වුණා. අනික තමයි, තනියම ඉන්න මට කෑමක් උයාගන්න යන කාලයත් වෙහෙසත් සලකා බැලුවාම රෙස්ටුරන්ට් එකකට ටිකක් වැඩිපුර ගෙවලා කෑම ගැනීම ඇත්තටම ලාබයි. මට ලොකු වාසියකට තිබුණේ "කොත ගහලා" බත් කන පුරුද්දක් නොතිබුණු එක. ඒ නිසා යුරෝපීය ආහාර රටාවට හුරු වෙන එක මට මට ගොඩක් පහසු වුණා.

 

අවුරුද්දකුත් ගත වුණාට පස්සේ ආවා Covid-19 කියලා එකක්. මේ වසංගතයත් එක්ක මම ගෙදර රැඳෙන කාලය වැඩි වුණා. (ගෙදරටම හිර වුණා) ඒකෙන් ඇතිවෙන මානසික ආතතිය දුරු කරගන්නත්, දැන් උයන්න පිහන්න, අත්හදා බැලීම් ඕන එකකට කාලය තියෙන නිසාත් මම පොඩ්ඩ පොඩ්ඩ උයන්න ඉගෙන ගන්න තීරණය කළා. මුලින්ම ඉගෙනගන්න ඉව්වේ සරල පැස්ටා එකක්. ඒකෙන් තමා දැනුණේ මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියල. තවත් මාස ගාණක් යද්දි ලංකාවේ කෑම වලින් මගේ ප්‍රියතම එකක් වෙච්ච පොළොස් මාලුවේ අඩුව මට දැනෙන්න ගත්ත. ඊට පස්සෙ තමයි තීරණය කළේ අඩුමකුඩුමත් ගෙනත් මේක කොහොම හරි උයනව කියල.


ඉතිං උයන්න දන්නෙ නැහැනෙ!