ඊයෙ රෑ මම ලැප්ටොප් එක මස් කළේ දූවිලි පිසදමන්න. මට ඔය අතරෙ නිකමට හිතුණ මේ lid අවුල ගැනත් බලන්න. එතකොට තමයි මේ ශෝචනීය දසුන දකින්න ලැබුණෙ :( . Hinge එක හදල තියෙන්නෙ 'චීනච්චට්ටි පෙනුමක්' තියෙන සවි ගැන්වූ විශේෂ රෙසින් ප්ලාස්ටික් වර්ගයකින්. ඒක universal joint එකක් වෙලා තිබුණා. :(
මේ hinge එක ඉවත් කළ පසු
ඉතිං මම මේකට පොඩි පිළියමක් කරන්න කල්පනා කලා. ඒ තමයි පිපිරුමේ එළියට නෙරල තියෙන කොටසට 'ඇතුලට පල!' කියල රබර් මිටියකින් පහර කීපයක් ගහල ඉපොක්සි මැලියම් වර්ගයකින් අලවන්න. (ඉපොක්සි මැලියම් කිව්වෙ අර මැලියම් ටියුබ් දෙකකින් අරගෙන කලවම් කරලා ඉක්මනින් පාවිච්චි කරන ගම් එක තමයි)
මේ වර්ගයේ මැලියම් වලින් වානේ පවා ඉතා ශක්තිමත්ව අලවන්න පුළුවන්ලු
ඔන්න ඉතිං අදහස ක්‍රියාවට නංවලා ලැප්ටොප් එකේ නිවෙස්නයත් (housing) සවිකරලා පොඩ්ඩක් lid එක එහෙට මෙහෙට හොලවලා බැලුවා. අර මොකක්දෝ එක කළා කිව්වලු තාප්පෙටම :-O ! මෙහෙයුම එහෙම්පිටින්ම අසාර්ථකයි.
අද උදේ තමයි මම දන්නෙ ප්ලාස්ටික් අලවන්න වෙනම ඉපොක්සි මැලියම් වර්ගයක් තියෙන බව. මම පාවිච්චි කරල තියෙන්නෙ වානේ අලවන්න පාවිච්චි කරන එකලු. කවුද ඉතිං ඕව දන්නෙ... ඇලෙව්වා අතට අහු වෙච්ච එකෙං... ඉතිං හරි යාවියැ?
දැන් hinge එක වටේට මැලියම්. ඒක සුද්ධ කරන්න අමාරු වෙයි. කොහෙන් හරි අළුතෙන් එකක් හොයාගන්න වෙනව. දුක තමා... :(
අවසානයෙ මගේ බ්ලොග් එක කියවන කාට කාටත් මට මෙයින් දෙන්න ඕන පණිවුඩය තමයි දුම්රිය ගමන් වල යෙදෙන අතරේ ලැප්ටොප් පාවිච්චියෙන් හැකිතාක් වළකින්න කියන එක. එහෙම පාවිච්චි කරනවනම් දුම්රියේ කෙහෙම්මල් රිද්මයානුකූල චලිතය ගැනත් ටිකක් ප්‍රවේශමෙන්, සැලකිල්ලෙන්, අවධානයෙන් ඉන්න. ;)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴







27 අදහස්:
හෆොයි මාත් තැනක් නොතැනක් නැතුව ලැප බස් එකෙයි කෝච්චියෙයි පාවිච්චි කරනව. ඕක නිසාම මම අමතර බැටරියකුත් තියාගෙනයි ඉන්නෙ,
මට උනේ ඩිස්ප්ලේ එකට කෙල වෙච්ච එක, (හරියටම 22විනිද, බ්ලොග් එක ලියන්ටත් දුකයි)තිරයක් දානවට වඩා අලුතින් ලැපක් ගන්න එක ලාබයි වගේ
පරන බඩු කඩවල බලන්න. නැති වෙන්නෙ නෑ, (අලුතින් නම් නැතිව ඇති)
දුම් රියෙ යනකොට යටින් ලැප්ටොප් බැක්පැක් එක තියෙල ස්ක්‍රීන් එක කොනකින් අල්ලගත්තාම එච්චර ගැස්සෙන්නෙ නෑ නේද? මම කරන්නෙ එහෙමයි (ස්ක්‍රීන් එකට කෙල උනේ ඒනිසා කියල කියන්ට එපා :( )
අපිට නම් මොන ලැප් ද? එත් බොහොම වැදගත් ලිපියක්
ශාකුන්තල හා ගයාන් කල්හාර,
ඔය ලැප් දෙකම acer නේද? මම නම් අහලා තියෙන විදියට acer වල නානාවිධ display අවුල් තියෙනවා. සත්‍යාසත්‍ය තාවය නම් දන්නෙ නෑ. මම පාවිච්චි කරල නෑ.
ඈ බොල කොලුවො.. එපොක්සි ටියුබ් දෙකේම STEEL කියලා ලොකුවට ගහල තියෙද්දිත් උඹ මේ කොරගත්තු දෙයක්... මෙහෙට වර බූවල්ලෙන් දෙකක් දෙන්න
මගේ පරණ ඩක්කුව නම් තනි යකඩ ලිඩ් එකත්,Hinge උත් එහෙමයි..හෙන හයියයි...පරණ බඩු කඩේකින්නේ ගත්තේ කොහොමත් :)
අහෝ ඛේදයකි... ඉරකි.. තිතකි. :(
ටිනර් ප්‍රහාරයකට ලක් කරල යකඩ ඉපොක්සිය දියකරන්න බැරිද? :/
හපොයි..ඔන්න මගෙත් ශෝකය..!
ඔකට තමයි කියන්නේ නොදන්න මගුල් කරන්න යන්න එපා කියලා..හික්..හික්..
අයියෝ මොකෝ මේ කර ගත්තෙ.
ඕකනෙ කියන්නෙ කම්බි පණු ලෙඩේට හරි ගියාට හැම ලෙඩටම ගොඩ වෙදකම් හරියන්නෙ නැහැ කියල.
හැමෝටම හොද advice එකක් මේකෙ තියෙනවා. අනාගතේ කාගෙ හරි (මගේ ලැප ඇතුලව) ලැප කැඩෙන එක මේකෙන් වලකින්න පුලුවන්..Thank u very much!
@ගයාන් කල්හාර,
හෆොයි! මගේ සාතිශය සංවේගය මලයගෙ ලැප වෙනුවෙන්!! මොනා කරන්නද ඉතිං... දුක තමා!
@deeps,
තැංකූ වේවා!
@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
මම පාවිච්චි කරන්නෙ acer එකක් තමා. Display කියන එකෙන් අදහස් කළේ lid එක ගැනද? Display ගැන කියනවනම් acer හොඳයි. ඒකෙ තිරස් අතට ලොකු viewing angle එකක් ගන්න පුළුවන්.
@උක්කුං කොලුවා,
ඔය ගොඩක් අයිටම් වල ගහල තියෙන දේවල් අතිශයෝක්ති නිසා මං හිතුවෙ මේකත් එහෙම එකක් කියල... :-/
@බුද්ධික,
හොයල දෙන්ට බැරිද hinge එකක්? ;)
@ගයන්ත,
ගුඩ් අයිඩියාවකි. වහා ක්‍රියාවට නැංවිය යුතු යැ.
@සසික නානායක්කාර,
හ්ම්... දැං ඉතිං වෙච්ච දේ වුණානෙ... :(
@Chanaka Aruna Munasinghe,
ඔව්.. ඒක තමා...
@Ravin Perera,
එළ එළ... ප්‍රතිචාරයට ස්තූති වේවා අයියේ... :)
හff0යි! http://www.laptopbattery-usa.com/acer-aspire-4315-hinges-141-lcd-left-right-p-1141.html
අපෝයි... ඔන්න මගේ ශෝකය ප්‍රකාශ කරනවා. අපි නම් ලැපක් හරියට අල්ලලාවත් නෑ නොවැ. මෙව්ව දකිනකොට ලැපකට බැල්ම හෙලන්නත් බය හිතෙනවා...
@ශාකුන්තල අපොයි warranty එක දවස් 30යි ලු. ඒ කියන්නෙ හදන කට්ටියත් වැඩේ දන්නව වගේ
අනේ දෙවියනේ මේ මොකෝ උනේ?. තැන නොතැන හැම තැනම ඕක පාවිච්චි කරන්න හොද නෑ.
Acer නම් අමතර කොටස් තියනවද කොහෙද Metropoloton එකේ.
ඔය වගේ රලු භාවිතයට ඩියුර බුක් භාවිතා කලානම් හරිනෙ. ගානෙත් වැඩි වෙනසක් නත්ද කොහෙද
http://www.durabook.com/jsp/index.jsp
තිරස් අතට ලොකු viewing angle එකක් කිව්වෙ මොකක්ද මචං? widescreen ද?
@ප්‍රවීන් ඉන්ද්‍රනාම,
http://en.wikipedia.org/wiki/Viewing_angle
හුටා පටා! මම මේ දවස් ලැපක් ගන්න දාන පාරමිතා පුරනවා. යන යන තැන යමක් කම්ක කරන්න.අනෙක් රටේ අයියණණ්ඩියෙක් යන යන තැනක අලයක් කොරලා! මං නම් එච්චර මනාප නෑ Acer හා eMachine එව්වට. එව්වාට මෙහේ දෙන සහිතකේත් අල කියනවා, මං හිතන්නේ ඔය ලට පට හින්දා වෙන්නටැ.
(හොඳම හා ඔය වගේ අල අඩු ලාභම ලැපේ වර්ගයා (Band) මොකද්ද මචෝ?)
@-බිன்ku-,
ඔය මාලින්ද කියල තියෙන්නේ... Durabook.
AIYO MOKADA KARAGATHTHE..??????????DUKA THAMA....
ඔය කෑල්ල කම්මලට දීල ඒවගේ එකක් යකඩෙන් හදෝ ගන්න බැරි වෙයිද?
@ ම
අන්න මරු අදහස ! :D
අයියෝ බන් උඔ අහල නැද්ද ලැප්ටොප් එක ඔන් එකේ තියෙනකොට එච්චර හෙල්ලෙන්න හොද නෑ කියල. මම නම් හෙනට පරිස්සම් කරනව. move කරනව නම් අනිවා sleep or shut down කරනව.
ඔයාට තියෙන්නෙත් acer aspire නේද. මට හිතෙන විදියට ඔය ජාතියෙ අවුලක්. මොකද මගෙ මුලින් එකත් acer aspire. ඒකෙත් ඔය වගේම අවුලක් ආව. හැබැයි එක දවසක් වත් කෝච්චියෙ අරන් ගියේ නෑ. :D මට අන්තිමට ලිඩ් එක ඇරියොත් වහන්න බැරි, වැහුවොත් අරින්න බැරි තත්වයක් ආව. ඉතින් දවසක් campus ගිය අතරෙ වැහැල. වහලෙ ලීක් එකකින් වතුර ඇරල තිබ්බ ලැප් එකට ගිහින්. මොනා කරන්නද ඉතින් දුක තමයි. :(
අපොයි මොකද කරගත්තෙ ලැප් එකට.ඉහි ඉහි ඉහී...
මගේ ලැප් එකේ(Acer acpire 5310) එකේ ලොකු අයිය වගේ තිබිච්ච ලැප නේද?
මම නම් බස් එකේ කෝච්චියේ යනකොට ලැප පාවිච්චි කරන්නෙ නෑ. හත්දෙයියනේ හදිසියේ කොහේ හරි වැදුනොත්. අනික 120 විනාඩි 20න් විතර කොහුවලට එන අතරෙ ලැප පාවිච්චි කරන්න උවමනාවක් නෑනෙ. ගෙදර යනකොට(මාත් යන්නෙ කෝච්චියෙනෙ) නම් ලැප ගෙනියන්නෙ නෑ. එයාටත් කරදරයි මටත් අමාරුයි. එයාට කිව්වෙ ලැපට.
හයියෝ...! පව් වැඩේ..!
2009-07-26
ඔන්න ඊයෙ ජයග්‍රාහී ලෙස අනිත් hinge එකත් කැඩුණා. දෙකක බර එකකින් දරාගන්නකොට කොහොමත් අවදානම්නේ... දැන් සර්වලෝක පූට්ටුව වගේ. ලැප්ටොප් එක බිත්තියට හේත්තු කරගෙන තමා වැඩ කරන්න වෙන්නෙ. :( :( :(
Post a Comment
මොකද හිතන්නෙ සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න පුළුවන්.
ප්‍රතිචාරයක් තැබූ සැනින් ප්‍රතිචාර කොටුවට පහළින් ඇති 'Subscribe by email' සබැඳිය ක්ලික් කරන්නත් අමතක කරන්න එපා!