ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog!
නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් එකක්. දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි සතියයි දවස් ගානක් විතර ඇති. පරණයි. ඉස්සර ආපු IBM ලැප්ටොප් වගේ දැන් තියෙන ලැප්ටොප් එතරම් කල්පවතින්නෙ නෑ. මේකට මුලින්ම වෙච්ච වින්නැහිය මගේ බ්ලොග් එකත් එක්ක හිටපු පරණ කස්ටියට මතක ඇතිනේ... ඒ කොහොම වුණත් මගේ උත්සාහය මේ ලැප්ටොප් එක අවම වශයෙන් අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න. මොකද 1.73 GHz Intel Celeron ප්‍රොසෙසරය මගේ වැඩ වලට හොඳටම ප්‍රමාණවත්.
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Showing posts with label දෘඩාංග. Show all posts
Showing posts with label දෘඩාංග. Show all posts
Wednesday, February 23, 2011
Sunday, October 4, 2009
GRUB මගින් ක්‍රියාරම්භිත flash drive එකක් සහ හාඩ් ඩිස්ක් ආතල්

අද කියන්න යන්නේ මම කරපු පොඩි අත්හදා බැලීමක් ගැන. ඒ මගේ 4 GB flash drive එකට කියාරම්භක (bootable) හැකියාව ලබා දුන්න එක. දැන් කස්ටිය කියයි 'ආපෝයි.. ඕකත් වැඩක්ද ඔය රයිට් ක්ලික් කරලා ෆෝමැට් ගිහිං..........' හෝව්..... එහෙම එකක් ගැන නෙමේ මං මේ කියන්නෙ. කවුද DOS bootable එකක් හදන්නෙ? :P මං මේ කියන්න යන්නෙ GRUB එක දාගන්න හැටි. මං අටවගත්ත එකේ GRUB විතරක් නෙමෙයි කර්නල් එකත් තියෙනවා. DOS bootable එකකින් කරන්න පුළුවන් අටමගලයක් නෑ. :D
මුළින්ම කියන්නම් GRUB කියන්නෙ මොකක්ද කියලා. විකිපීඩියාවෙ නම් පිළිවෙලට ලියවිලා තියෙනවා... ඒත් මමත් පොඩ්ඩක් විස්තර කරන්නම්. සරලව කිව්වොත් බූට්ලෝඩරයක්... ඒකත් සරලව විස්තර කළොත්, පරිගණකය බූට් වීමේ ක්‍රියාවලියෙදි මෙහෙයුම් පද්ධතිය RAM එකට load කරන්නෙ මේ බූට්ලෝඩරයෙන්. වින්ඩෝස් තියෙන හාඩ් ඩිස්ක් එකකට වැඩ දාන්න ගිහින් ඇණගත්තාම බූට් වෙද්දි NTLDR is missing කියල මොකක්දෝ එකක් පෙන්නනව නේද? අන්න ඒ NTLDR කියන්නෙ Windows NT බූට්ලෝඩර් එක. ලිනක්ස් වලදි බූට්ලෝඩර් එක විධියට පාවිච්චි වෙන්නෙ LILO (LInux LOader) හෝ GRUB (GRand Unified Bootloader). විවිධ හේතු මත දැන් ඒ දෙකෙන් ජනප්‍රිය එක GRUB. ඒ හේතු මෙතන විස්තර නොකරන්නෙ බ්ලොග් සටහන අනවශ්‍ය විධියට දීර්ඝ වෙන නිසා.... GRUB ගැන පොත් ලියන්න තරම් දේවල් තියෙන බව අන්තර්ජාලය පිරික්සලා හොයාගන්න පුළුවන්.
GRUB එකට මොනවද පුළුවන් වැඩ? ඇත්තටම ඒ ඔක්කොම නම් මමත් තවම හරියට දන්නෙ නැහැ. මෙන්න මේවා තමයි දැනට දන්නේ:
- ගතිකව වින්‍යාසගත කරන්න පුළුවන්.. (මොකක්දෑ ඒ හරුපෙ? :-? ) ඒ කිව්වෙ බූට් වෙන වෙලාවෙදි GRUB එකේ සරල විධාන අතුරුමුහුණතින් අපට අවශ්‍ය කර්නල් එක අවශ්‍ය විධියට තෝරගන්න පුළුවන්. කර්නල් එකට දෙන පරාමිතීන් (parameters) සකස් කරන්නත් පුළුවන්.
- Chainloading - මේක තමයි GRUB එකේ පරාර්ථකාමී ගතිය :) - ලිනක්ස් තියෙන පරිගණකයකට වින්ඩෝස් ස්ථාපනය කළොත් වින්ඩෝස් බූට්ලෝඩරය GRUB එක overwrite කරනවා. ඒත් වින්ඩෝස් තියෙන පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කළොත් ලස්සන දෙයක් සිද්ධ වෙනවා. GRUB එකෙන් මුලින්ම වින්ඩෝස් බූට්ලෝඩරය වෙන සෙක්ටර් එකකට පිටපත් කරනවා. දැන් GRUB ස්ථාපනය වෙනවා. බූට් වීමේ ක්‍රියාවලියෙදි අපට වින්ඩෝස් බූට්ලෝඩරය ඕන නම් chainloading කියන ක්‍රියාවලිය මගින් වින්ඩෝස් බූට්ලෝඩරයට පාලනය භාර දෙනවා.
- GRUB එකට හානි වුණු පද්ධතියක් ගොඩගන්න පුළුවන්.
- Partition හංගන්න එහෙමත් පුළුවන්. ;)
දැනට මං එච්චරයි දන්නේ... දැන් ආපහු එමු මාතෘකාවට... අපේ තුන් වෙනි වසර පාඨමාලා වලින් එකක් System And Network Administration. මේ පාඨමාලාව පටන් ගත්තා විතරයි එහෙට මෙහෙට වැනි වැනී තිබුණු ලිනක්ස් ගැන මගේ දැනුමත් වේගවත් ව ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකට අදාළ social forum එකේ post එකකට අපේ Off the Planets කණිෂ්ක දාපු reply එකකින් තමයි අයිඩියාව ආවෙ. කෝමද flash drive එකකට GRUB එක දාගත්තොත්?
It's simple. You have to restore the grub.
boot from the live cd.
open terminal
type sudo grub
find /boot/grub/stage1
grub> root(hdx,y)
setup(hdx)
you will get the values for x and y in find /boot/grub/stage1
I am not sure about the stage1 thing. It just works for me. I am not sure how the grub finds where the / is at the first place. To find the /boot/grub and the old files. Any way it works
මේකෙන් වාසි කීපයක්ම තියෙනවා...
- Live CD එකෙන් බූට් කරන්න ගොඩක් කාලය ගත වෙනවා. නමුත් මෙතන බූට්ලෝඩරය විතරක් නිසා ඉක්මන්.
- අළුත් දේ ඉගෙනගන්න ලැබෙනවා.
- අහිංසක විධියට ගිහින් hijack/ hack කරන්න පුළුවන්. CD එකක් දානකොට සද්දෙ එනවා... කවුරුත් බලනවා... ඒත් flash drive එකක් කවුද ගණන් ගන්නෙ? ;) (මේ hijacking/ hacking කරන්න පුළුවන් එක එක ක්‍රම වරින් වර සිංහල බ්ලොග් කීපයකම පළ වුණා)
- memtest86+.bin කර්නලය පාවිච්චි කරලා RAM එක පරීක්ෂා කරගන්නත් පුළුවන්.
ඉතිං මෙන්න මෙහෙමයි මම කළේ...
1. මුලින්ම මගේ 4 GB flash drive එකේ තියෙන කුණු කන්දල් ඔක්කොම මගේ හාඩ් ඩිස්ක් එකට පිටපත් කර ගත්තා...
2. දැන් ඒක partition දෙකකට වෙන් කළා. එකක් අපේ පුද්ගලික ගොනු වලට. ඒක වින්ඩෝස්/ ලිනක්ස් දෙකේදිම වැඩ කරන්න ඕන නිසා FAT32. අනෙක කර්නල් එකයි GRUB එකට අදාළ ගොනුයි තියාගන්න ext-2 එකක්.
# fdisk /dev/sdb
මේකත් එක්ක ටිකක් ඔට්ටු වෙලා කීප වතාවක්ම විවිධ අගයයන් දීලා හරියටම මට ඕන ප්‍රමාණයට partition කරගත්තා.
parted වලින් පෙන්නන විධියට පළවෙනි එක 3997 MB primary එකක්. ගොනු පද්ධති ආකෘතිය FAT32. දෙවැන්න 49.4 MB primary එකක්.
root@shaakunthala-laptop:~# parted /dev/sdb
GNU Parted 1.8.9
Using /dev/sdb
Welcome to GNU Parted! Type 'help' to view a list of commands.
(parted) print
Model: Kingston DataTraveler 2.0 (scsi)
Disk /dev/sdb: 4047MB
Sector size (logical/physical): 512B/512B
Partition Table: msdos
Number Start End Size Type File system Flags
1 32.3kB 3997MB 3997MB primary fat32
2 3997MB 4047MB 49.4MB primary ext2 boot
(parted) q
root@shaakunthala-laptop:~#
මේ partition කෙරුවාව කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. නැත්තම් flash drive එක වින්ඩෝස් වලදි පිස්සු කෙළිනවා. Flash drive එකේ පළමු වෙනි physical partition එක හැර ඉතිරිය හඳුනාගැනීමේ හැකියාවක් වින්ඩෝස් වලට නෑ. ඒ නිසා අපේ පෞද්ගලික ගොනු පිටපත් කරන කොටස මුලටත්, GRUB එකට අදාළ ගොනු සහ කර්නල් එකට අවශ්‍ය කොටස අගටත් එන්න partition කළේ.
Format කළේ මෙහෙමයි:
# mkdosfs /dev/sdb1 -v -F 32 -n LEONIDAS_4G
# mke2fs /dev/sdb2 -L boot
දැන් flash drive එක පරිගණකයට සම්බන්ධ කළාම /media/LEONIDAS_4G , /media/boot විධියට partition දෙකම mount වෙනවා.
3. මේක කරන්න ක්‍රමවත් පිළිවෙලක් ඇති. ඒත් මොනව හරි වැඩක් කරද්දි මට අන්තර්ජාලය ඕන වෙන්නෙ අන්තිමට. මම කැමති මුලින් අත්හදා බලලා අන්තිමේ ඇණගත්තාම අන්තර්ජාලයෙන් විසඳුම් හොයන ක්‍රමයට. :P ඉතිං මෙතන ඉඳලා වැඩ ටික ජෝක් වගේ නම් වැඩ දන්න අය මට හිනා වෙන්න එහෙම එපා.. :D
# cd /
# cp -rfv boot /media/boot
දැන් අපේ කණිෂ්කගෙ ටිප් එක.
# grub
grub> find /media/boot/boot/grub/stage1
දැන් මෙහෙම එකක් පෙන්නනවා:
(hd1,1)
ඒ කියන්නෙ නියමිත නිරූපණ ක්‍රමය (notation) අනුව flash drive එකේ දෙවෙනි partition එක දක්වන්නෙ (hd1,1) විධියට. ඊළඟ පියවර:
grub> root (hd1,1)
grub> setup (hd1)
grub> quit
දැන් GRUB එක ස්ථාපනය වෙලා අවසානයි. මේ වැඩේදි පරිගණකයෙ දෘඩ තැටියට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ.
4. දැන් ටිකක් සුද්ධ පවිත්‍ර කළා. අපේ boot partition එක. ඒකෙ කර්නල් දෙකකට අදාළ ගොනු තිබුණා. එකක් අයින් කළා.. දෙකක් මක්කටැයි? ;)
දැන් තියෙන්නෙ මෙන්න මේ ගොනු ටික:
root@shaakunthala-laptop:/media/boot# ls -aR -w 1
.:
.
..
boot
./boot:
.
..
abi-2.6.27-14-generic
config-2.6.27-14-generic
grub
initrd.img-2.6.27-14-generic
lost+found
memtest86+.bin
System.map-2.6.27-14-generic
vmcoreinfo-2.6.27-14-generic
vmlinuz-2.6.27-14-generic
./boot/grub:
.
..
default
device.map
e2fs_stage1_5
fat_stage1_5
installed-version
jfs_stage1_5
menu.lst
minix_stage1_5
reiserfs_stage1_5
stage1
stage2
xfs_stage1_5
./boot/lost+found:
.
..
root@shaakunthala-laptop:/media/boot#
5. menu.lst එකත් කපලා කොටලා ගත්තා.
title Linux kernel 2.6.27-14-generic
root (hd0,1)
kernel /boot/vmlinuz-2.6.27-14-generic root=UUID=d1670f8e-eb3f-4dba-bba5-e00f0437e2a2 ro single
initrd /boot/initrd.img-2.6.27-14-generic
title memtest86+
root (hd0,1)
kernel /boot/memtest86+.binමෙතන තවත් වැදගත් කාරණා කීපයක් තියෙනවා කියන්න. GRUB ස්ථාපනයෙදි flash drive එක ගත්තෙ (hd1) විධියට වුණාට ඒකෙන් boot වෙද්දි ඒක ගන්නෙ (hd0) විධියට. menu.lst ගොනුව සංස්කරණයෙදි ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනා. ඒකට හේතුව කියන්න තරම් දෙයක් නෙමෙයිනේ... BIOS එකේ boot priority උඩින් තියෙන කෙනාට අඩු අංකය.
අනෙක UUID එක. ඒක කර්නල් එකට පරාමිතියක් විධියට යවල තියෙනවා. UUID එක බලාගන්න මෙන්න මේ විධානයෙන් පුළුවන්:
# vol_id --uuid /dev/sdb2
6. දැන් බූට් කරන එක තමයි කරන්න තියෙන්නෙ. මම මෙහෙම පියවර විධියට විස්තර කළාට ටැපලිලා වැරදිලා පැය ගාණක් මේකත් එක්ක දඟලලා තමයි ඉගෙනගත්තෙ මේ දේවල්. ඉතින් flash drive එකෙන් මගේ ලැප්ටොප් එක බූට් කළා. එළට වැඩ! GRUB එක ක්‍රියාත්මක වෙනවා. කැමති නම් flash drive එකේ තියෙන කර්නල් එකෙන්ම බූට් කරන්නත් පුළුවන්.
ඉතින් මේක වැඩ කරන්න පටන් ගත් වෙලාවෙ ඉඳලා මමත් අළුත් සෙල්ලම් බඩුවක් ලැබුණු පොඩි එකෙක් වගේ. ;) කන්න බොන්න ඕනෙත් නෑ. හාඩ් ඩිස්ක් එකට එක එක වැඩ කෑලි දානවා. අළුතෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.
Flash drive එකේ init නැති නිසා No init found කියලා දෝෂ පණිවුඩයක් පෙන්නලා එතනින් නතර වෙනවා. නතර වෙනවා කිව්වට එහෙම නතර වෙන්නෙම නෑ. ;) එතනින් එහාට load වෙන්නේ BusyBox shell එක. BusyBox ක්‍රියාත්මක වෙන්නෙ RAM එක මත. සරල භාෂාවෙන් කිව්වොත් shell එකක් තියෙනවා කියන්නෙ සුළුවෙන් හරි 'වැඩක්' කරගන්න පුළුවන් කියන එක. :)
7. Flash drive එකේ ඉතිරි partition එකට තමන්ගෙ පුද්ගලික ගොනු ටික ආපහු පිටපත් කරගන්න. වින්ඩෝස් වලදි flash drive එක පෙන්නන්නෙ මෙහෙමයි:
දැන් ඔය partition දෙකෙන් එකක් වත් Windows Management Console එකෙන් ගිහින් delete කරන්න එපා... My Computer වල පෙන්නන partition එක අවශ්‍ය නම් format කරන්න පුළුවන්. අනිකට අත තියන්න එපා. Flash drive එකේ සම්පූර්ණ filesystem එකටම කෙළවෙයි!!!
මේ සටහනේ මුලින්මත් මම කිව්වනේ අපේ බාල මලයා මට වැඩ වැඩි කරල කියලා. මම දන්න ශිල්ප දාලා අටවලා දීපු හාඩ් ඩිස්ක් එක ගලවලා යාළුවෙකුගෙ මැසිමට හයි කරලා. :-O ඒ මදිවට ඇවිත් කියනවා දැන් අපේ මැසිම වැඩ කරන්නෙ නැතිලු - වයිරස් ඇවිත්ලු! වින්ඩෝස් repair කළාට හරි ගියෙත් නැතිලු!! ඒ මදිවටද මන්දා IDE කනෙක්ටර් එක හරිම තදයිලු!!! :-O :-O :-O
හොඳ වෙලාවට තාම මගේ වයස අවුරුදු 23යි. නැත්තම් එතනම අධිරුධිර පීඩනය ඇති වෙලා මළ ජංජාලයක් වෙන්නේ. මමත් ඉතිං හාඩ් ඩිස්ක් එක ගලවලා ආපහු අර සැත්කම ම කළා. Pins තුනක් යට ගිහින්. කලින් වතාවෙ යට ගිහිපු pin එකත් ඒ අතර! ඒක යට ගිහින් මදිවට කැඩිලා! :-O
මමත් අතෑරියෙ නෑ ගේම් එක... ඒක පෑස්සුවා. අපේ ලොකු මලයා නිකං ඉන්න බැරිකමටද මන්දා පිටකොටුවෙ පේමන්ට් එකෙන් soldering iron එකක් ගෙනත්. ඉතින් දිලිසි දිලිසි අළුත් පිට තියෙන බිට් එක නිසා මම ඒක ගත්තා පාස්සන්න. අළුත් බිට් එක තියෙනකොට පාස්සන්න හරි ලේසියි.
ඉතිං හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුවත් අතට අරං පාස්සද්දි මෙන්න වැදුන නේද කරන්ට්!!! :-O කොරේ පිටට මරේ කියාපි. මේකෙන් ලීක් වෙනවනේ.. :-/ මම හිතුවෙ හාඩ් ඩිස්ක් එක ඉවරයි කියල. පිටකොටුවෙ පීචං තොරොම්බල් කාරයින්ගෙන් එක එක අටමගල් ගන්නවට මම අපේ මලයත් එක්ක වාග් සංග්‍රාමයක යෙදෙන ගමන් පත්තර කොළ කෑල්ලකින් පරිපථ පුවරුවත් අල්ලගෙන කොහොම හරි පෑස්සුම කරල ඉවර කළා. හැබැයි ආපහු පරිගණකයට සම්බන්ධ කරනකම් වැඩේ ෂුවර් නෑ. :(
සමූහ ඡායාරූපය :P
පෑස්සුම කරපු තැන -- මගේ පෑස්සුම් නම් සුමට නෑ... :-/
ඉතින් මේකත් අටවලා හයි කරලා බලද්දි.... දැනෙන සතුට කියා නිම කරන්න බෑ... හාඩ් ඩිස්ක් එක වැඩ කරනවා!! වින්ඩෝස් බූට් වෙනවා.. ඒත් කෝ මේකෙ තිබුණු GRUB එක? එතකොට තමයි මතක් වුණේ මලයා මේකෙ වින්ඩෝස් repair කළා කියලා. හැබැයි ලිනක්ස් partition දෙක තියෙනවා. Bootloader එක නැත!
ඉතින් මේ වෙලාවෙ ඒ හාඩ් ඩිස්ක් එකේ තිබුණු ලිනක්ස් ස්ථාපිතය ගොඩ ගත්තෙ මම මෙච්චර වෙලා විස්තර කරපු USB flash drive එකෙන් තමයි. වැඩි වෙලාවක් ගියෙත් නෑ. Off the Planets ලියන එකාට තැංකූ වේවා!
ඉතින් මට මේකෙන් කියන්න ඕන දේවල් කීපයකුත් තියෙනවා.
- IDE හාඩ් ඩිස්ක් වල කේබල් නිතර ගලවන්න/ මාරු කරන්න එපා.
- GRUB එකෙන් බූට් වෙන flash drive එකක් ළඟ තියා ගන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත්. දැනට මම ඒ ගැන ස්වයං හැදෑරීමක් කරනවා. අහල තියෙන විධියට GRUB කියන්නෙ මතුපිටින් පේනවට වඩා වැඩකාරයෙක්!
- ලිනක්ස් හරිම සුන්දර OS එකක්... වින්ඩෝස් OS එකෙන් කෑල්ලක් ගලවලා මේ විධියට වෙනම අටවගන්න එක නීති විරෝධීයි. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කිරීමත් නීති විරෝධීද මන්දා... :-?
- පිටකොටුවෙ පේමන්ට් එකේ පීචං තොරොම්බල්කාරයින්ගෙ බඩු ගන්න එපා. මේ ළඟදි මම අඳුනන එකෙක් රුපියල් තිහට Troy ගෙනත්... දාලා බලද්දි මොකක්දෝ පරණ දෙමළ film එකක්ලු. :D :D :D (අර තහනම් කරපුවයින් එකක්වත් වුණා නම් වටිනව නෙව! :P)
තව දෙයක්... මම මල්ලිලා දෙන්න ගැන මෙහෙම කිව්වට... ලිනක්ස් සම්බන්ධ වැඩ වලදි උන් අදක්ෂ වුණාට... අනිත් වැඩ වලදි සූරයෝ. එකෙක් Freelance Graphic Designer කෙනෙක්. පොඩි එකා Martial Arts පොරක්.
අදට ආයුබෝ.....!
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴
Monday, September 28, 2009
IDE හාඩ් ඩිස්ක් ලෙඩ වීම

මම මුලින්ම පාවිච්චි කළ මැසිමේ කොටස් වලින් නොවෙනස්ව තාමත් තියෙන්නෙ නිවෙස්නයයි තඩි CRT මොනිටරයයි කී බෝඩ් එකයි විතරයි. ඉතිරි කොටස් ඔක්කොම සැරින් සැරේ මාරු කළා. ඇත්තෙන්ම කියනවනම් මේ මැසිමෙ හාඩ් ඩිස්ක් එකත් මෑතක් වෙනකම් ම තිබුණෙ ගෙදර අනිත් මැසිමේ. ඒත් මේ ළඟදි අපේ මලයා මේක ආපහු ඇසෙම්බල් කරලා. හැබැයි OS දැම්මෙ මම. මොකද මේක වින්ඩෝස් ඔන්ලි මැසිමක් කරන්නයි අපේ මලයා හිතාගෙන හිටියේ. නමුත් මගේ ඉල්ලීමට මේක ලිනක්ස් වින්ඩෝස් ඩුවල් බූට් වෙන විධියට සකස් කළ නිසා OS ස්ථාපනයත් මම ම ඉල්ලගෙන කළා.
මේකට වින්ඩෝස් දාන්න ගියාමයි කරපු ඉල්ලංකෑම තේරුණේ. Windows Setup එක බූට් වෙන්නෙ නෑ.... සමහර විට අතරමග හිර වෙනවා. ලෙඩ ගොඩයි. මං ඉතිං පෙන්ගුයින් ලවර් කෙනෙක්නේ... දැම්මා Ubuntu. අපරාදේ කියන්න බෑ අන්තිම වෙනකම් ම Install වුණා. හැබැයි reboot කරනකොට කියාපි INVALID SYSTEM DISK කියලා! :-O ඒ කියන්නෙ MBR (Master Boot Record) එක හාඩ් ඩිස්ක් එකේ නිවැරදිව ලියවිලා (write) නෑ. මෙහෙම වෙන්නෙ ඇයි? හාඩ් ඩිස්ක් එකේ 'කාලෙ' හරිද? කේබල් එක අවුල්ද? තැටියක් සීරිලාද? හෙඩ් එකකට කෙළවිලාද? මං දන්නෙ නෑ... Google search... forum වල රස්තියාදු වීම අවසාන විකල්ප විධියට තියාගෙන මම ගැටළුව මොකක් වෙන්න පුළුවන්ද කියල ටිකක් විපරම් කළා.
ඉතින් මේ විධියට මැසිම පිස්සු නටන නිසා මම නිකමට IDE කේබල් එක ගලවලා ආපහු හයි කරල බැලුවා. Motherboard එකේ අනිත් IDE slot එකට සම්බන්ධ කරල බැලුවා. Master-Slave මාරු කරල බැලුවා... ජම්පර් එහෙ මෙහෙ කරල බැලුවා... ම්හූ... ලෙඩේ හොයාගන්න බෑ. :(
මම හිතුවෙ කේබල් එකේ අවුලක් වෙන්න ඇති කියලයි. ඒත් නිකමට මගේ ඇහැ යැවුණේ හාඩ් ඩිස්ක් එකේ IDE slot එකට. මෙන්න එක pin එකක් අඩුයි! :-O

ඉතින් මම ස්කුරුප්පු නියනක් අරගෙන හාඩ් ඩිස්ක් එකේ පරිපථ පුවරුව ගලවලා යටට තල්ලු වෙලා තිබුණු pin එක පරිස්සමෙන් තිබුණු තැනටම තල්ලු කළා. ඊට පස්සෙ ඒ pin එක ආපහු යට නොයන විධියට අඬුවකින් අල්ලගෙන IDE කේබලයත් සවි කරලා ආපහු පරිපථ පුවරුවත් තිබුණු විධියටම සවි කළා. (හොඳ වෙලාවට මේකෙ තිබුණෙ පිලිප්ස් හිස ස්කුරුප්පු ඇණ විතරයි :), සාමාන්‍යයෙන් දකින්න ලැබෙන torx-8 වර්ගයෙ [තරු හැඩැති] ස්කුරුප්පු හිස තිබුණ නං සදා අනාතයි)
ඊට පස්සෙ මැසිම බූට් කරලා වින්ඩෝස් ස්ථාපනය කළා කිසි කරදරයක් නැතුව. Ubuntuත් දාගත්තා... දැන් නම් කිසිම ලෙඩක් නැතුව මැසිම දුවනවා. :) මුලින් ලෙඩ, ඒ කිව්වෙ MBR එක write නොවීමට හේතුව හාඩ් ඩිස්ක් එකේ එක pin එකක් නිසි පරිදි IDE කේබලයත් එක්ක සම්බන්ධ නොවීම වෙන්න පුළුවනි.
---
දැන් කියන්න යන්නෙ දෙවෙනි සිද්ධිය ගැන. මගේ යාළුවෙකුගෙ මැසිමෙ වින්ඩෝස් දාන්න ගිහින්, යාළුව තැටිය බෙදාගන්න බැරිලු. ඔක්කොම partition මකා දමලලු තියෙන්නේ. ඒත් partition කරගන්න තැනින් එහාට යන්න බැරිලු. මං කල්පනා කළා... Windows XP Setup එකේ තියෙන diskpart යුටිලිටිය වෙලාවකට පිස්සු නටනවා තමයි. ඒත් parition table එකක් නැති හාඩ් ඩිස්ක් එකක් බෙදනකොට ඒකෙන් ලස්සනට පිළිවෙලකට partition කරගන්න පුළුවන්නෙ... කෝකටත් ගියා බලන්න.
ඇත්ත නේන්නං! ඔය පිංතූරෙ පෙන්නල තියෙන තැනට එනවා... 'C' press කළා... අළුත් partition එකේ ප්‍රමාණය දුන්නා... ආයෙමත් එන්නෙ මෙතනටමනෙ!! ඒක හරියන්නෙ නැති නිසා නිකංම enter කළා. සාමාන්‍යයෙන් වෙන්නෙ එතකොට තනි partition එකක් හදාගෙන ඒකට වින්ඩෝස් ස්ථාපනය වෙන එකනෙ. ම්ම්හ්... නෑ... ඒත් ඔතනින් එහාට හෙල්ලෙන්නෙ නෑ.. :(
මම වැඩේට ලෑස්ති වෙලා යද්දිම ලිනක්ස් live CD එකකුත් අරගෙනමයි ගියේ. ඉතිං මං කල්පනා කළා fdisk / parted දෙකෙන් එකක් පාවිච්චි කරලා හාඩ් ඩිස්ක් එක partiton කරන්න. මොකද වින්ඩෝස් diskpart වලට වඩා වැඩි අවබෝධයකින් යුතුව fdisk / parted මෘදුකාංග වලින් වැඩ කරන්න පුළුවන් නිසා.
හාඩ් ඩිස්ක් එක partition කරගන්න ලිනක්ස් GUI එකට ගියොත් ගොඩක් මන්දගාමී වෙනවා, වෙලාව අපතෙ යනවා. ඉතින් මම කළේ live CD එකේ boot menu එකට ආවම F6 press කරලා kernel එකට යවන පරාමිතීන් වෙනස් කළ එක. ඒ දිග හෑල්ලෙ අන්තිමට තියෙනවා initrd=/casper/initrd.gz quiet splash -- කියල කොටසක්. ඒකෙ quite splash වෙනුවට ro single යෙදුවම හොඳ එකා වගේ මැසිම යන්නෙ text mode එකට. හරිම සරලයි.
# fdisk /dev/sda
o
w
මෙහෙම කළාම msdos ආකෘතියෙ partiton table එකක් නිර්මාණය වෙන්න ඕනේ.
# fdisk -l
මෙහෙම කළාම partition table එක පෙන්නන්න ඕනේ.. ඒත් අටේ පාදයෙන් ලොකු අංකෙකුත් පෙන්නගෙනම මෙන්න කියනවා disklabel එක වැරදියිලු. :-O ඒ කියන්නෙ මුලින් Windows Setup එකත් එක්ක වැඩ කරද්දි ඇති වෙච්ච ලෙඩේ ම තමා!
ඉතින් දෙවෙනි උත්සාහය විධියට parted පාවිච්චි කරල බැලුවා.
# parted
mklabel
msdos
ම්හූ... ලේබල් එකක් හදන්න බැරිලු. දැන් මොකද කරන්නේ....?
මට එක පාරටම මතක් වුණේ කලින් සිද්ධිය...

ආපහු පරිස්සමෙන් මැසිම හයි කරලා ලිනක්ස් වලින් බූට් කරලා හාඩ් ඩිස්ක් එක බෙදලා වින්ඩෝස් ස්ථාපනය කරලා කේක් කෑල්ලක් කාලා තේ බීලා ගෙදර ඇවිත් මේ ලියමනත් ලියල ඉවර කළා.......... :)
IDE හාඩ් ඩිස්ක් වල pins එකින් එකට ක්‍රියාකාරීත්වය මොන වගේද කියල කියන්න මම දන්නෙ නෑ. මෙතන මම ඉදිරිපත් කරල තියෙන නිගමන නිවැරදිම නොවෙන්නත් පුළුවන් - ඒ ගැන අදහස් දැක්වීම මේ ලියමන කියවන ඔබට බාරයි ;)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
2:42 AM
9 comments:
කාණ්ඩ:
Featured,
ආගිය කතා,
තාක්ෂණය,
දෘඩාංග
Friday, March 27, 2009
හාඩ් ඩිස්ක් ගැන කතා දෙකක්...
අහම්බෙන් වගේ හිතුණා මේ කතා දෙක ලියන්න. පළවෙනි එක... sda5 ගැන. ලිනක්ස් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති දෙකම එකවර පාවිච්චි කරන අය දැකල ඇති... වින්ඩෝස් වලදි D: ලෙස හඳුන්වන partition එක ලිනක්ස් වලට ගියාම sda5 වෙනවා. C: එක sda1 වෙද්දි D: එක ඇයි sda5 වෙන්නෙ? හේතුව බොහොම සරලයි.
ඕනම හාඩ් ඩිස්ක් එකක එහි ගොනු පද්ධතිය (filesystem) හඳුනාගන්න ලේබලයක් තියෙනවා. මේ කියන්නෙ වින්ඩෝස් වල partition එකෙන් partition එකට අපට පෙන්නන ලේබල් නෙවෙයි. මේ කියන disk label එක සාමාන්‍ය පරිශීලකයන්ගෙන් සඟවා තිබෙන එකක්. මගේ පසුගිය සටහන කියෙව්වනං දකින්න ඇති msdos කියල ලේබල් එකක් ගහන හැටි. වින්ඩෝස් පාවිච්චි කරනව නම් මේ ලේබලය අනිවාර්යයෙන් msdos විය යුතුයි. ඉතින් මේ msdos ඩිස්ක් එකක ගොනු පද්ධති ව්‍යූහය දැනගත්තම මේ sda5 සිද්ධිය හිතාගන්න පුළුවන්. ඇත්තටම... too obvious.
ලිනක්ස් වලට ආවම... මේ /dev යටතේ ඇති sda1 සිට sda4 දක්වා primary partition වලට වෙන් කර (reserved) තැබෙනවා. sda5 සිට ඉතිරිය logical partitions වලට වෙන් වෙනවා. Extended partition එකක් යනු වෙනත් partitions දරා සිටින්නක් නිසා එහි ඇති ගොනු කෙළින්ම බලන්න අවකාශ ලබා දෙන්නෙ නෑ -- ඒ තුළ ඇති partition එකින් එකට ගොස් බලන්න පුළුවන් නිසා. ඒ නිසා sda2 හෙවත් extended partition එක mount කරන්න බැහැ. මම නම් උත්සාහ කළා. බැරි වුණා. පුළුවන් නම් කරල බලන්න. ඒ නිසා පළමු logical partiton එක හෙවත් D: තමයි mount කරන්න පුළුවන්. ඒක /dev/sda5.
ඔය ඉහළින් තියෙන්නෙ මගේ අසාර්ථක උත්සාහය. -t වලට දාන්නෙ මොකක්ද කියල තමයි පුරස්නෙ.
ඉතින්... පහේ ඉලක්කමට හේතුව... දැන් පැහැදිලියි නේද?
පළවෙනි එක ඇත්තටම කතාවක් නෙවෙයි... එක්තරා සංසිද්ධියක්... මෙන්න අළුත්ම නිව්ස් එක... හෙවත් දෙවෙනි කතාව ;)
මෙතෙක් කාලයක් අපි ලිනක්ස් ස්ථාපනය කළේ ext-3 පාටිෂන් වල නේ... ඔන්න දැන් ext-4 එනවා. අප්‍රේල් මාසයේ නිකුත් වෙන්න නියමිත Ubuntu 9.04 නොහොත් Jaunty Jackalope සංස්කරණයේත්, මැයි මාසයේ නිකුත් වෙන්න නියමිත Fedora 11 Leonidas සංස්කරණයේත් පෙරනිමි දෘඩ තැඩි ආකෘතිකරණ ක්‍රමය ext-4. ඒ මත තියෙන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය දන්නවද? ටෙරාබයිට් 16ක්! පිස්සු හැදෙන සඳ කිව්වලු. Partiton එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් එකක් ලු. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන කාලේ යාන්තම් මතකයි ඔහොම එකක් ගැන කිව්වා... කිලෝ.. මෙගා.. ගිගා.. ටෙරා.. පෙටා.. එක්සා.... හරි.. දැන් මීටර් වුණා. ඉතින් විශාල ගොනු හුවමාරු (file share) කරගන්න සර්වර් එකකටම හොඳා. දැන් DVD ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් දෙන කාලේ.. තව ටික කාලෙකින් Blu-Rayත් ගෙඩි පිටින් (iso? images) බාන්න දෙයිද දන්නෙ නෑ. මාර ලෝකයක්!
Fedora 11 Alpha නිකුතුවත් එක්ක ඔන්න තව පරීක්ෂණ මට්ටමේ තියෙන තැටි ආකෘතිකරණ ක්‍රමයකුත් එනවලු. මේකෙ නම btrfs. බොහෝ විට ext4න් පසුව භාවිතයට එක මීළඟ ක්‍රමය මෙය වෙන්නත් පුළුවන් කියල හිතෙනවා. btrfs පාටිෂන් එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් 16ක්! දත්ත වල ආරක්ෂාවට සහ නිර්වද්‍යතාවයට (integrity) වැදගත් වෙන තව ගොඩක් උපක්‍රමත් සහිතවයි btrfs ගොඩනැගෙන්නෙ. Fedora 11 දැන්ම ගත්තට කමක් නෑ... කවුරුවත් btrfs අත්හදා බලන්න එපා... virtual machine එකක හැර. අනෙක... SELinux එක්ක btrfs පොඩි පරහකුත් තියෙනවලු.
මෙන්න වැඩි විස්තර:
http://www.wikipedia.org
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Ext4_File_System
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Btrfs_File_System
http://www.ubuntu.com/testing/jaunty/beta#Ext4%20filesystem%20support
(මෙම සටහන නිකංම විකිපීඩියා කොපි-පේස්ට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න... විවිධ මූල වලින් කියවා අත්හදා බලා අවබෝධ කරගෙන නැවත ලිවීමක්... :) )

- msdos තැටියක් කොටස් වලට බෙදන්න හෙවත් partition කරන්න පුළුවන්.
- Partitions ප්‍රධාන වර්ග දෙකයි. Primary සහ Logical.
- උපරිම වශයෙන් primary partition හතරක් තිබිය හැකියි. අවම වශයෙන් එකක් හෝ තිබිය යුතුයි.
- Primary partition වලින් එකක් පමණක් එහි විශේෂ ආකාරයක් වන Extended ආකාරයෙන් තබා ගත හැකියි.
- Extended - නමින් අරුත් ගැන්වෙන ලෙසම, ඉහත කී දෙවන වර්ගයේ partition සියල්ලම පවතින්නේ මේ primary partition එක 'තුළ' යි.
- Extended partition එක Logical partitions නම් උප කොටස් කැමති ගණනකට බෙදිය හැකියි.
- වින්ඩෝස් partition පිළිබඳ දත්ත වගුව තබා ගැනීමට අවසානයේ 7.8 MB ඉඩක් වැය වෙනවා. මෙය භාවිතා නොකළ ඉඩ ලෙසයි සලකුණු කර තබන්නේ.
ලිනක්ස් වලට ආවම... මේ /dev යටතේ ඇති sda1 සිට sda4 දක්වා primary partition වලට වෙන් කර (reserved) තැබෙනවා. sda5 සිට ඉතිරිය logical partitions වලට වෙන් වෙනවා. Extended partition එකක් යනු වෙනත් partitions දරා සිටින්නක් නිසා එහි ඇති ගොනු කෙළින්ම බලන්න අවකාශ ලබා දෙන්නෙ නෑ -- ඒ තුළ ඇති partition එකින් එකට ගොස් බලන්න පුළුවන් නිසා. ඒ නිසා sda2 හෙවත් extended partition එක mount කරන්න බැහැ. මම නම් උත්සාහ කළා. බැරි වුණා. පුළුවන් නම් කරල බලන්න. ඒ නිසා පළමු logical partiton එක හෙවත් D: තමයි mount කරන්න පුළුවන්. ඒක /dev/sda5.
root@shaakunthala-laptop:/home/shaakunthala# cd /media/
root@shaakunthala-laptop:/media# mkdir extended
root@shaakunthala-laptop:/media# mount -t extended /dev/sda2 /media/extended/
mount: unknown filesystem type 'extended'
root@shaakunthala-laptop:/media#
ඔය ඉහළින් තියෙන්නෙ මගේ අසාර්ථක උත්සාහය. -t වලට දාන්නෙ මොකක්ද කියල තමයි පුරස්නෙ.
ඉතින්... පහේ ඉලක්කමට හේතුව... දැන් පැහැදිලියි නේද?
පළවෙනි එක ඇත්තටම කතාවක් නෙවෙයි... එක්තරා සංසිද්ධියක්... මෙන්න අළුත්ම නිව්ස් එක... හෙවත් දෙවෙනි කතාව ;)
මෙතෙක් කාලයක් අපි ලිනක්ස් ස්ථාපනය කළේ ext-3 පාටිෂන් වල නේ... ඔන්න දැන් ext-4 එනවා. අප්‍රේල් මාසයේ නිකුත් වෙන්න නියමිත Ubuntu 9.04 නොහොත් Jaunty Jackalope සංස්කරණයේත්, මැයි මාසයේ නිකුත් වෙන්න නියමිත Fedora 11 Leonidas සංස්කරණයේත් පෙරනිමි දෘඩ තැඩි ආකෘතිකරණ ක්‍රමය ext-4. ඒ මත තියෙන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය දන්නවද? ටෙරාබයිට් 16ක්! පිස්සු හැදෙන සඳ කිව්වලු. Partiton එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් එකක් ලු. උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන කාලේ යාන්තම් මතකයි ඔහොම එකක් ගැන කිව්වා... කිලෝ.. මෙගා.. ගිගා.. ටෙරා.. පෙටා.. එක්සා.... හරි.. දැන් මීටර් වුණා. ඉතින් විශාල ගොනු හුවමාරු (file share) කරගන්න සර්වර් එකකටම හොඳා. දැන් DVD ගෙඩි පිටින් ඩවුන්ලෝඩ් දෙන කාලේ.. තව ටික කාලෙකින් Blu-Rayත් ගෙඩි පිටින් (iso? images) බාන්න දෙයිද දන්නෙ නෑ. මාර ලෝකයක්!
Fedora 11 Alpha නිකුතුවත් එක්ක ඔන්න තව පරීක්ෂණ මට්ටමේ තියෙන තැටි ආකෘතිකරණ ක්‍රමයකුත් එනවලු. මේකෙ නම btrfs. බොහෝ විට ext4න් පසුව භාවිතයට එක මීළඟ ක්‍රමය මෙය වෙන්නත් පුළුවන් කියල හිතෙනවා. btrfs පාටිෂන් එකක උපරිම ප්‍රමාණය එක්සාබයිට් 16ක්! දත්ත වල ආරක්ෂාවට සහ නිර්වද්‍යතාවයට (integrity) වැදගත් වෙන තව ගොඩක් උපක්‍රමත් සහිතවයි btrfs ගොඩනැගෙන්නෙ. Fedora 11 දැන්ම ගත්තට කමක් නෑ... කවුරුවත් btrfs අත්හදා බලන්න එපා... virtual machine එකක හැර. අනෙක... SELinux එක්ක btrfs පොඩි පරහකුත් තියෙනවලු.
මෙන්න වැඩි විස්තර:
http://www.wikipedia.org
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Ext4_File_System
https://fedoraproject.org/wiki/Fedora_11_Alpha_release_notes#Btrfs_File_System
http://www.ubuntu.com/testing/jaunty/beta#Ext4%20filesystem%20support
(මෙම සටහන නිකංම විකිපීඩියා කොපි-පේස්ට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න... විවිධ මූල වලින් කියවා අත්හදා බලා අවබෝධ කරගෙන නැවත ලිවීමක්... :) )
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
11:09 PM
18 comments:
කාණ්ඩ:
Featured,
Fedora,
Linux,
Ubuntu,
තාක්ෂණය,
දෘඩාංග
Tuesday, March 24, 2009
USB දත්ත උපාංග ධාරිතාව සම්බන්ධ ගැටළු
අද බොහොම කෙටි සටහනක් ලියන්න හිතුණා. හැබැයි තාක්ෂණික සටහනක්. USB flash drives/ pen drives පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්.
මම මුලින්ම පොඩි ඩිස්ක්ලේමරයක් දාගන්නවා. මේ උපදෙස් පිළිපදින්න ගිහින් ඔබේ පරිගණකයට, වටිනා දත්ත වලට සිදුවිය හැකි හානි ගැන වග කියන්න මම බැඳී නැති බව. මේවා හැකි තාක් පැහැදිලිව කියා තිබෙනවා. තේරුම් ගන්න අපැහැදිලි තැනක් තියෙනව නම් මේක නොකර ඉන්න එක හොඳයි.
සමහර වෙලාවට ඔබ දැක ඇති මේ USB drives වල ධාරිතාව නියමිත ප්‍රමාණයට අඩුවෙන් පෙන්වනවා. මම කියන්නෙ අළුත් 4 GB pen එකක ධාරිතාව 3.77 GB කියල පෙන්වන එක ගැන නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි හිතමු 3.77 GB කියල කලින් දක්වපු pen එකක ධාරිතාව කලකට පසුව පෙන්වන්නෙ 1.2 GB කියල... ඔන්න එතකොට නම් අවුලක් තියෙනවා.
තවත් සමහර වෙලාවන් තියෙනවා pen එක හරියට හඳුනාගන්නෙ නෑ මෙහෙයුම් පද්ධතිය මගින්. වින්ඩෝස් වල දී නම් "Insert disk..." වගේ පණිවුඩයකුත් පෙන්වනවා. මේකට විසඳුමක් තමයි අද කියන්න යන්නෙ.
මෙහෙම වෙන්න හේතුව pen එකට භෞතිකව (භෞතික හානි කිවුවම ඉලෙක්ට්‍රොනික නොවන විද්‍යුත් වශයෙන් ඇති වන හානිත් අදාළයි) හෝ ඉලෙක්ට්‍රොනිකව සිදු වූ යම් හානියක් විය හැකියි. මීට හේතුවක් ලෙස වයිරස් ද අපට සැක කරන්න පුළුවන්. ඉතින්,... හානිය බරපතල නම් අද දෙන විසඳුම හරියන එකක් නෑ. මේක මම සාර්ථකව අත්හදා බලල තියෙනවා. නමුත් අදත් එකක් කරන්න උත්සාහ කළා. හරිගියේ නෑ. :(
ඉතින්... වැඩේ දුවන්නෙ ලිනක්ස් උඩ. නිදහස්... විවෘතයි... හැබැයි භාරදූරයි. Pen එකේ දැනට තියෙන ගොනු කියවන්න පුළුවන් නම් මුලින්ම ඒ අවශ්‍ය දේවල් ටික backup කරගන්න. අපි ඒක format කරන්නයි යන්නේ...!
මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත දැක්වෙන විධාන එකින් එක ඇතුළත් කරන්න.
දැන් තිරයේ දැක්වෙන තොරතුරු මගින් අදාළ උපාංගය හඳුනාගන්න. එහි Device යටතේ ඇති path එක සටහන් කරගන්න. පහත දී ඇති උදාහරණයේදී එය /dev/sdb1 වෙයි.
උදා:
දැන් අළුත් partition එකක් නිර්මාණය වී එය ස්වයංක්‍රීයවම mount වේවි. :)
සමහර විට ගැටළු වලට පිළියම් ලැබී තියේවි. මම මීට කලින් අත්හදා බැලූ වාර තුනකදි දෙවරක් සාර්ථක වෙලා තියෙනවා.
ඉතින්... ඕකයි ක්‍රමය. මේක ම සමහර විට පුළුවන් ඇති gparted වලින් කරන්න. මම ඒක බැලුවෙ නෑ. නමුත් GUI නැති ලිනක්ස් යෙදුමක සරල බව විඳින්න parted අපූරුයි.
මේක නැවත වාරයක් අත්හදා බලන්න මට ද්‍රව්‍යමය වශයෙන් ආධාර සැපයූ අපේ බැච් එකේ රනාට මගේ ප්‍රණාමය. :D

su
fdisk -l (පරිගණකයට සම්බන්ධ කර ඇති සියළුම ලිවිය හැකි දත්ත උපාංග පිළිබඳ තොරතුරු මෙයින් පෙන්වනවා)
දැන් තිරයේ දැක්වෙන තොරතුරු මගින් අදාළ උපාංගය හඳුනාගන්න. එහි Device යටතේ ඇති path එක සටහන් කරගන්න. පහත දී ඇති උදාහරණයේදී එය /dev/sdb1 වෙයි.
උදා:
root@shaakunthala-laptop:~# fdisk -l
Disk /dev/sda: 120.0 GB, 120034123776 bytes
255 heads, 63 sectors/track, 14593 cylinders
Units = cylinders of 16065 * 512 = 8225280 bytes
Disk identifier: 0x972ffaf0
Device Boot Start End Blocks Id System
/dev/sda1 * 1 2886 23181763+ 7 HPFS/NTFS
/dev/sda2 2887 14592 94028445 f W95 Ext'd (LBA)
/dev/sda5 2887 12602 78043738+ 7 HPFS/NTFS
/dev/sda6 14414 14592 1437786 b W95 FAT32
/dev/sda7 12603 13439 6723171 83 Linux
/dev/sda8 13440 13537 787153+ 82 Linux swap / Solaris
/dev/sda9 13538 14413 7036438+ 83 Linux
Partition table entries are not in disk order
Disk /dev/sdb: 2063 MB, 2063597568 bytes
16 heads, 32 sectors/track, 7872 cylinders
Units = cylinders of 512 * 512 = 262144 bytes
Disk identifier: 0xcefd5c21
Device Boot Start End Blocks Id System
/dev/sdb1 * 1 7872 2015216 b W95 FAT32
root@shaakunthala-laptop:~#
- /dev/sdb, /dev/sdb1 - මේ තැන් වලට ඔබට ලැබෙන ප්‍රතිපල මතක තබාගන්න.
umount /dev/sdb1
parted
select /dev/sdb (මේක කරන්න අමතක වුණොත් නම් විනාසයි!!!)
print (pen drive එක මත ගොනු පද්ධතියේ තත්වය මෙයින් බලාගන්න පුළුවන්)
mklabel (බය නැතුව yes කියන්න, new label type එක විධියට msdos කියන එක දෙන්න.)
print (දැන් මෙහි Disk /dev/sdb: යටතේ දැක්වෙන අගය වෙනම සටහන් කරගන්න. මෙම උදාහරණයේදී එය 2063 MB වුණා.)
mkpartfs
- Partition type: primary
- File system type: fat32 (වින්ඩෝස් - ලිනක්ස් දෙකටම හරියන්න FAT පාවිචිචි කරමු)
- Start: 0
- End: 2063 MB
quit
exit
දැන් අළුත් partition එකක් නිර්මාණය වී එය ස්වයංක්‍රීයවම mount වේවි. :)
සමහර විට ගැටළු වලට පිළියම් ලැබී තියේවි. මම මීට කලින් අත්හදා බැලූ වාර තුනකදි දෙවරක් සාර්ථක වෙලා තියෙනවා.
ඉතින්... ඕකයි ක්‍රමය. මේක ම සමහර විට පුළුවන් ඇති gparted වලින් කරන්න. මම ඒක බැලුවෙ නෑ. නමුත් GUI නැති ලිනක්ස් යෙදුමක සරල බව විඳින්න parted අපූරුයි.
මේක නැවත වාරයක් අත්හදා බලන්න මට ද්‍රව්‍යමය වශයෙන් ආධාර සැපයූ අපේ බැච් එකේ රනාට මගේ ප්‍රණාමය. :D
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
5:52 PM
17 comments:
කාණ්ඩ:
Featured,
Linux,
තාක්ෂණය,
දෘඩාංග
Subscribe to:
Posts (Atom)