Friday, January 30, 2009

Many Rivers To Cross ඇබැද්දිය

මට මේ ළඟදි දවසක අපේ රෙපා ගෙන් ගීතයක් ගැන ඔත්තුවක් ලැබුණා. මේක පරණ බටහිර ගීතයක්. Jimmy Cliff ගයන Many Rivers to Cross. අපේ සයිකො රෙපා සම්භාව්‍ය ගණ‍යේ පොරක්. අහන්නෙ සම්භාව්‍ය ගීත. බලන්නෙ සම්භාව්‍ය චිත්‍රපට විතරයි. ඌට Blue Danube කිව්වොත් ඊට වඩා දෙයක් නෑ. මම හිතුවෙ මේකත් එහෙම එකක් කියල. කෝකටත් ඉතිං මාත් Google එ‍කෙන් MP3 හොයන ශිල්ප ක්‍රමය දාලා හෙව්වා සිංදුව. මොකක්ද ඒ ශිල්ප ක්‍රමය? ඒකට සමහර අය කියන්නෙ Google Hacking කියල. පහත දැක්වෙන කේතය Google Search එකට ඇතුළු කරන එකයි මම කළේ.

many rivers to cross intitle:"index.of" "parent directory" "size" "last modified" "description" [snd] (mp4|mp3|avi) -inurl:(jsp|php|html|aspx|htm|cf|shtml|lyrics|mp3s|mp3|index) -gallery -intitle:"last modified" -intitle:"intitle"

ඉතිං මට ආවා ප්‍රතිපල ලැයිස්තුවක්.



මමත් එකින් එක ක්ලික් කළා මට ඕන සිංදුව හොයන්න. මේ තියෙන්නෙත් ආපු ඒවයින් එකක් තමා.



Mouse Pointer එක මේ ලින්ක් එකක් උඩට අරන් ගියාම පෙන්නන්නෙත් MP3 file එකක් නිසා මම ඒක බෑවා. මළ කෙළියයි! ‍මගේ නොසැලකිලිමත් කම නිසා මම බාගෙන තියෙන්නෙ (5.23 MB) 01.many_rivers_to_cross.mp3 නෙවෙයි, (44 KB) 01-2Emany-5Frivers-5Fto-5Fcross.mp3.exe!! Internet Download Manager එකෙන් Download File Info වින්ඩෝ එක එනකොටම කියවන්න කම්මැලිකමට එබුවා Enter key එක.



අන්තර්ජාලයෙන් එව්වා මෙව්වා බානකොට ඔය ෆයිල් රූපාන්තරණය වීම වෙන්න පුළුවන් දෙයක් බව දන්නවා. ඒත් මට ඒක කල්පනා නොවුණු හැටි! කොහොම නමුත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. පොඩි ෆයිල් එකක් නිසා ඇසිල්ලෙන් ඩවුන්ලෝඩ් වුණා. ඉතිං කම්මැලිකමට දෙවෙනි වතාවටත් නොබලා එබුවා Enter!



avast! එකෙන් හෝ ගාලා warnings එන්න ගත්තා. මට හෝ ගාලා දාඩිය දාන්න ගත්තා. මොනව කරන්නද දැන් වෙච්ච දේ වුණා නොවැ? (මේ screenshots ගත්තෙ මේ බ්ලොග් සටහන ලියන වෙලාවෙ, මං ඒ මළ ඉලව්ව ආයෙම බෑවා මගේ පාඨකයන්ට පෙන්නන්න)

මේ exe ගොනුව trojan එකක්. මෙයා වයිරස් එකක් නෙවෙයි. මෙයාගෙ අභ්‍යන්තරයෙ archive format එකකිනුයි වයිරසය තියෙන්නෙ. මෙයා කරන්නෙ ඒක පරිගණකයෙ පැළ කරන එක විතරයි. ඉතිරි හරිය වයිරස් එක බලා ගනී!

කොහොම හරි මම ම අන්තිමේ මගේ මැසිමේ වයිරස් එකක් ධාවනය කරලා! හපොයි!! ඉතිං මම ටික ටික සොයා බලද්දි තේරුණා මම මගේ කලින් බ්ලොග් සටහන් වල විස්තර ලියපු වයිරස තරං මේකෙන් බලපෑමක් නැති බව. a.exe කියල එකක් avast! හොයාගෙන මකලා තිබුණා. ඒත් එක a.exe එකක් run වෙමින් තිබුණා. මම ඒක Windows Task Manager වලින් නවත්තලා Windows Registry එකේ a.exeට තිබුණු යොමුත් මකා දැම්මා. ආ.. දැං සේරම හරි. ඒක එච්චරටම සිම්පල්!

ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ආතල් හම්බ වුණේ. Folder එකක් විවෘත කරනකොට/ Windows Explorer ආරම්භ කරද්දීම එනවා දෝෂ පණිවිඩයක්. කිසිම folder එකක් විවෘත කරන්න බෑ.



OK කලොත් Windows Taskbar සහ Desktop අයිකන මඳකට නොපෙනී යනවා. Cancel කළොත් Visual C++ debugger එක විවෘත වෙනවා, නමුත් ඒකත් stuck වෙනවා! කොහොම වුණත් Windows Safe Mode වලින් boot කරගත්තොත් මේ folders විවෘත කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතිව.

මම දන්න සෙල්ලං ඔක්කොම දාලා බැලුවා හදාගන්න මේක. හරියන්නෙම නෑ වගේ :( . TuneUp Utilities, Advanced Windows Care, CCleaner, avast! Boot Time Scan, Windows Checkdisk මේ එකකටවත් බැරි වුණා ලෙඩේ සනීප කරන්න. වින්ඩෝස්ට GRUB අරහං නිසා repair කරන්නත් බයයි. ළඟදි එන නිවාඩු කාලෙ මොකක් හරි කරනවා.

මට කාට කාටත් දෙන්න ඕන පණිවිඩය මේකයි. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. මම වගේ නිදිමතේ කම්මැලි කමින් යුතුව අන්තර්ජාලය භාවිත කරන්න එපා :P . අන්තර්ජාලය -- අපට මතුපිටින් පෙනෙනවට වඩා භයානකයි. මගේ අතින් සිද්ධ වෙච්ච වැරදි සටහනේ මම පැහැදිලිව ලියල තියෙනවා. ගැටළුවක් තියෙනවනම්/ මට මේ ගැටළුව ලිහා ගන්න උදව්වක් කරන්න පුළුවන් නම් comment ලියන කොටුව පහළ ඇති.



කස්ටිය හිතනව ඇති නේද මූ ලිනක්ස් ගැන මෙච්චර දෙසපු එකා පාවිච්චි කරන්නෙත් වින්ඩෝස් නේද කියලා. ඇත්තම විස්තරේ මේකයි. මේ සිද්ධිය වුණේ අපේ විභාගෙ Multimedia Technologies ප්‍රශ්නපත්‍රය තියෙන දවසට කලින් දවසෙ. වින්ඩෝස් මත වැඩ කරන Adobe Premiere, Photoshop, Illustrator, Flash වගේ දෙවල් වල වැඩ ටිකක් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකයි වින්ඩෝස් පාවිච්චි කරමින් උන්නේ. පාඩම් කරන අතරෙ පොඩි සිංදු break එකකට සෙට් වුණාම තමයි මේ කරුම ඇබැද්දිය වුණේ. :(



දැන් සටහන කියෙව්වනේ. මෙන්න මේ සිංදුවත් අහලම යන්ටකෝ. මට නම් මේක අපූරු ගීතයක්. අපේ රෙපාගෙ recommendation තමයි. :D
වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ බටහිර ගායකයා ආචාර කරන්නෙ සිංහල ක්‍රමයට වගේ :P



Many rivers to cross
But I can't seem to find my way over
Wandering I am lost
As I travel along the white cliffs of dover

Many rivers to cross
And it's only my will that keeps me alive
I've been licked, washed up for years
And I merely survive because of my pride

And this loneliness won't leave me alone
It's such a drag to be on your own
My woman left me and she didn't say why
Well, I guess I'll have to cry

Many rivers to cross
But just where to begin I'm playing for time
There have been times I find myself
Thinking of committing some dreadful crime

Yes, I've got many rivers to cross
But I can't seem to find my way over
Wandering, I am lost
As I travel along the white cliffs of Dover

Yes, I've got many rivers to cross
And I merely survive because of my will...


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

Sunday, January 11, 2009

2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව

විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න ‍දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D



මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D



ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.



ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.

එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.



සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් ක‍‍ඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.

බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.



ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වු‍ණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)

Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)



ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(

කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වු‍ණේ?



අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D

කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D


මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.

ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)



කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...

ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)



දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.

ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.






ඉතින් ඔන්න‍ ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)

අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴