මම නෙදර්ලන්තයට සංක්‍රමණය වෙච්ච මුල් දවස් වල නෙදර්ලන්ත භාෂාව (ලන්දේසි භාෂාව) ගැන මේලෝක දැනීමක් තිබුණෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, සමහර දේවල් වලදි ලංකාවට වඩා මෙහේ වෙනස් කියන එකත් එච්චර ඔළුවට වැදිල තිබුණෙ නැහැ. මුල් දවස් වල සීත කාලෙට ඔය කිව්ව දැනීමක් නැති ගතිය එනව.
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
Showing posts with label අනංමනං. Show all posts

Saturday, December 14, 2024
Saturday, May 18, 2024
වෙනසක් | A change
සෑහෙන කාලයක් තිස්සෙ මේකේ මොනවත් නොලියා හිටියෙ ඒකට අවශ්‍ය කාලය හොයාගන්න එක හරි අමාරු දෙයක් නිසා.. ඒ වගේම, අවුරුදු 15කටත් කලින් පටන්ගත්ත මේ ලිවීමේ විනෝදාංශය අද වෙද්දි ටිකක් විතර යල්පැන ගිය එකක් වෙලා.. බ්ලොග් එකක් කිව්වාම වර්තමාන පරම්පරාව හිතන්නෙත් ඉන්ස්ටග්‍රෑම් හෝ ටික්ටොක් ගැන. මමත් ටික්ටොක් එකක් පටන් ගත්තා.. 😀 ඒක අතුරු කතාවක්.
ඉතින්, ඉස්සර වෙගේ සෝෂල් මීඩියා එකවුන්ට් ගොඩක් ආම්බාන් කරන එක තරමක් කාලය ගතවෙන වැඩක් නිසා මම හිතුවා ලියන දෙයක් මේකෙම ලියනවා කියල. හැබැයි, මෙතනින් ඉදිරියට මේක සිංහලෙන් පමණක් ලියන බ්ලොග් එකක් නෙමේ. ඒ කිව්වෙ ඒ වෙලාවට හිතෙන දේ ඒ වෙලාවට හිතට එන බාසාවකින් ලියලා අතාරිනව.
ඉතින්... ළඟදිම ආපහු හමුවෙමු෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
8:40 PM
4 comments:
කාණ්ඩ:
Blogging,
අනංමනං,
ආගිය කතා,
සිංහල
Sunday, November 18, 2012
අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ
ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් වලම බ්ලොග් ලියන්න පටන් ගෙන ඒත් පසුකාලීනව මම වගේ ම බ්ලොග් ලිවීම නතර කළ කීප දෙනෙක් ආපහු බ්ලොග් ලියන්න පටන්ගෙන තියෙනවා දැක්කම මටත් අනිත් වැඩ පොඩ්ඩක් පැත්තක තියලා මොනවහරි මේකෙ කොටල යන්නම හිතුණා. සිංහලෙන් බ්ලොග් ලියන - කියවන අයට මාව මතකද දන්නෙත් නෑ. :)
අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.
අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:20 PM
31 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
විනෝද චාරිකා,
විනෝදාංශ
Wednesday, February 23, 2011
CPU Overheat! -- පරීක්ෂාකාරී වන්න
ආයුබෝවන්,... ශාකුන්තලගෙ සටහන් පොතේ පිටුවක් මේ අළුතින් ලියැවෙන්නෙ මාස ගණනාවකට පස්සෙයි. පහුගිය කාලේ මට ටිකක් විතර කරදර කාලයක් වුණු නිසා ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. ඒත් ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ. ඒ නිසා ආපහු ලියනවා Blog!
නිතර නිතර මගේ අඩන්තේට්ටම් වලට ලක්වෙන ලැප්ටොප් එක ගැන වචනයක් කියන්නම් අද සටහනට පූර්විකාවක් විධියට. මම මේක ගත්තේ 2007 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ දෙවෙනි සතියෙ දවසක. Acer Aspire 4315 වර්ගයෙ ලැප්ටොප් එකක්. දැන් වයස අවුරුදු තුනයි මාස දෙකයි සතියයි දවස් ගානක් විතර ඇති. පරණයි. ඉස්සර ආපු IBM ලැප්ටොප් වගේ දැන් තියෙන ලැප්ටොප් එතරම් කල්පවතින්නෙ නෑ. මේකට මුලින්ම වෙච්ච වින්නැහිය මගේ බ්ලොග් එකත් එක්ක හිටපු පරණ කස්ටියට මතක ඇතිනේ... ඒ කොහොම වුණත් මගේ උත්සාහය මේ ලැප්ටොප් එක අවම වශයෙන් අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න. මොකද 1.73 GHz Intel Celeron ප්‍රොසෙසරය මගේ වැඩ වලට හොඳටම ප්‍රමාණවත්.

10:01 PM
14 comments:
කාණ්ඩ:
Linux,
අනංමනං,
ආගිය කතා,
තාක්ෂණය,
දෘඩාංග,
මගේ වැඩ,
මෘදුකාංග
Thursday, March 18, 2010
නයිට් ක්ලබ් එකේ...
මට මෑතකදි පොඩි පහේ චාන්ස් එකක් සෙට් වුණා අපහු වතාවක් GTA Vice City සෙල්ලම් කරන්න. ඒ අතරෙදි මාර සිරා දෙයක් දකින්න ලැබුණා. ඉතිං ඒකත් ඔන්න ඔහෙ දානව බ්ලොග් එකේ................
මේ කියන නගරේ තියෙනවා Malibu Club කියලා මාර සිරා නයිට් ක්ලබ් එකක් නොහොත් රාත්තිරි සමාජ ශාලාවක්. හැබැයි මේකේ නං මහ ගිනි දවාලෙත් තැටිජොකී පාටි තියෙනවා... :D
ඉතිං පොඩි පහේ වැඩකට සෙට් වෙලා ඉන්න අතරෙ මේක ඇතුලටත් රිංගුවා මම. මෙන්න වැඩක්...! O_o පිංතූර වලින්ම බලන්ට මරු දෙයක්....... (පිංතූර පැහැදිලිව බලන්න පිංතූරෙ ක්ලික් කරන්න)
මේ කට්ටිය එකට සෙට් වෙලා පණුගාය වන්නම නටනවා. :P
නිකමට මොනව වෙයිද කියල බලන්න ආසාවට Mr. Vercetti ලවා දෙන්නෙක්ව පරලෝ සැපත් කෙරෙව්වා. ඕක මහලොකු දෙයක් නෙමෙයිනේ.... මවුස් එක ගෙවෙනකං ඒකට අනින්නයි තියෙන්නේ.. :D
අනුමාන කළ පරිදිම එය සිදු විය! ඉතිරි තුන්දෙනා කිසිත් සිදු නොවූ පරිදි සිය කාර්යය කරගෙන යති!!
Vice City සෙල්ලම් කරල තියෙන අය දන්නව ඇතිනේ.... ඔය නගරේ කාකි ඇඳුමක් පේන තෙක් මානෙක ඉඳලා මේ වගේ ගේමක් දුන්නොත් සිද්ධ වෙන දේ.................. තරු එකායි දෙකායි ඊට පස්සේ මේලෝක සිහියක් නැතුව එළවනවා පස්සෙන්..... :S
මට නම් මේක දැකලා මාර හිනා (Vice City vs Sri Lanka කියලා පොඩි සංසන්දන පාරක් දැම්ම හිතින්).... ;-) මේ පාස්කු බිත්තරයක් නොහොත් ඊස්ටර් එගක් ද? නැත්තම් අහඹුවක්ද?
මේක ටිකක් වෙලා බලාගෙන හිටියා ක්ලබ් එකේ සිංදුවත් අහගෙනම. මගේ ලියමන එපා වෙන සයිස් එකේ වැඩකට නැති එකක් කියල හිතෙනවනම් Malibu Club එකේ නැටවෙන සිංදුව අහන්ටකෝ........
Old is gOld කියන්න වගේ මේක 1984 අවුරුද්දේ අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්.
එහෙනම් අපි ගියා..... ගුඩු නයිට්.....! Ciao............!!!!!!!!!!!!!!

මේකෙ වමේ සිට දකුණට බැලුවොත් ඉන්නවා ගිනි නිවන භටයෙක්, කම්කරුවෙක්, මැරයෙක්, හමුදා භටයෙක්, පොලිස් නිලධාරියෙක්
ඒ දිහා බලාගෙන ඉන්නෙ අපේ starting character එක, Tommy Vercetti
මේ කට්ටිය එකට සෙට් වෙලා පණුගාය වන්නම නටනවා. :P
නිකමට මොනව වෙයිද කියල බලන්න ආසාවට Mr. Vercetti ලවා දෙන්නෙක්ව පරලෝ සැපත් කෙරෙව්වා. ඕක මහලොකු දෙයක් නෙමෙයිනේ.... මවුස් එක ගෙවෙනකං ඒකට අනින්නයි තියෙන්නේ.. :D
අනුමාන කළ පරිදිම එය සිදු විය! ඉතිරි තුන්දෙනා කිසිත් සිදු නොවූ පරිදි සිය කාර්යය කරගෙන යති!!
Vice City සෙල්ලම් කරල තියෙන අය දන්නව ඇතිනේ.... ඔය නගරේ කාකි ඇඳුමක් පේන තෙක් මානෙක ඉඳලා මේ වගේ ගේමක් දුන්නොත් සිද්ධ වෙන දේ.................. තරු එකායි දෙකායි ඊට පස්සේ මේලෝක සිහියක් නැතුව එළවනවා පස්සෙන්..... :S
මට නම් මේක දැකලා මාර හිනා (Vice City vs Sri Lanka කියලා පොඩි සංසන්දන පාරක් දැම්ම හිතින්).... ;-) මේ පාස්කු බිත්තරයක් නොහොත් ඊස්ටර් එගක් ද? නැත්තම් අහඹුවක්ද?
මේක ටිකක් වෙලා බලාගෙන හිටියා ක්ලබ් එකේ සිංදුවත් අහගෙනම. මගේ ලියමන එපා වෙන සයිස් එකේ වැඩකට නැති එකක් කියල හිතෙනවනම් Malibu Club එකේ නැටවෙන සිංදුව අහන්ටකෝ........
Old is gOld කියන්න වගේ මේක 1984 අවුරුද්දේ අතිශයින් ජනප්‍රිය වුණු ගීතයක්.
එහෙනම් අපි ගියා..... ගුඩු නයිට්.....! Ciao............!!!!!!!!!!!!!!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:35 AM
18 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්,
සංගීතය
Tuesday, December 22, 2009
සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව
2009 දෙසැම්බර් 19, තවත් එක අපූරු දවසක්. මීට ටික කලකට පෙර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ ගුග්ල් සමූහයේදී ඇති වුණු යෝජනාවක ප්‍රතිපලයක් විධියට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ සුහද හමුවක් (ඇත්තෙන්ම පළවෙනි සුහද හමුව) 19 වෙනි දා කොළඹ Excel World හි පැවැත්වුණා. මේක තවත් ඔන්ලයින් මීටිමක් නෙවෙයි.... හැබැහින් හමු වීමක්. සියළුම සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව නොවුණත්, අන්තර්ජාලය හරහා අදහස් ඇසුරෙන් පමණක් දැන සිටි බොහෝ පිරිසක් දැක හඳුනාගෙන කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. බ්ලොග් ලියන අය විතරක් නෙවෙයි, බ්ලොග් කියවන අපේ පාඨකයින් කීපදෙනෙකුත් මේ සුහද හමුවට සහභාගි වුණා. දවල් 11 සිට හවස 1 දක්වා සිංහල බ්ලොග්කරණය ආශ්‍රිත සාකච්ඡාවක යෙදෙන්න අපට හැකි වුණා. (හැබැයි මං ආවෙ පරක්කු වෙලා :D ) අපේ කතාබහත් 1.20 විතර වෙනකම් ඇදිලා ගියා. ඊට පස්සේ ඉතිං සප්පායම් වෙලා පොඩි ආතල් එකක් ගන්නත් අමතක කළේ නෑ.
පිංතූර තුනක් විතර මෙතන දාන්නම්. Facebook එකේ ඉන්නවනම් ඉතිරි ටිකත් බලන්න පුළුවන් වේවි. ඒ විතරක් ම නෙවෙයි.... ඒවට ආපු මරු comments එක්කම බලන්න පුළුවන්. :D

වසරේ ඇට්ටර බ්ලොග්කරු -- සුපුන් සුදාරක සමඟ
(සුදාරකයා හිටියා පැත්තක -- "මෙහෙ වර" කියලා ඇදලා ගත්තා... මම ම ගත්තා පොටෝ එක! :D )
සමූහ ඡායාරූපය - ඡායාරූපය ගත්ත කෙනා හැර අපි ඔක්කොම මෙතන
ඒකෙත් හැටි!
(ඒ අස්සේ මට ඩැනීගෙන් හදිසි ප්‍රහාරයක්! :D )
සභාව හමුවේ බොහෝම හරවත් කථාවක් කළ කුෂාන් සසංක
ඉතින් එදා දවස බොහොම සුන්දර විධියට ගෙවිලා ගියා. අඩුපාඩුවකට තිබුණේ සංගීත භාණ්ඩ ටිකක්. කොහොම වුණත් අපේ කස්ටියට පරක්කු වෙන නිසා වැඩේ හවස තුනට අවසාන කරන්න සිද්ධ වුණා.
මේ කෙටි සටහන ලිව්වේ ඒ සුහද හමුව වෙනුවෙන්. මම බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවි කීපයකම රචකයින් හැබෑවටම හමු වෙලා කතා බහ කරන්න අවස්ථාව ලැබුණා. ගුග්ල් සමූහයෙ කස්ටිය කතා වුණු හැටියට මම නම් හිතුවෙ එක්සෙල් වර්ල්ඩ් ඉඩ මදි වේවි කියල! ඒත් සහභාගීත්වය නම් මදි. සමහරවිට ඒ අයගෙ කාල සටහන් මේ හමුවට හරස් වෙන්න ඇති. කොහොම වුණත්..... එදා නම් අපූරු දවසක්! :-)
මේ ගැන ප්‍රවීන් ඉන්ද්‍රනාම ලියූ සවිස්තර ලිපියක් මෙතැනින් කියවන්න පුළුවන්.
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
10:01 PM
25 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Sunday, November 1, 2009
කැපූ කෙස්ස ගැන රස කතා

මම කාලයක් කොණ්ඩේ වවාගෙන හිටියනේ... රොක් \m/ හෙවි මෙටල් ශෛලිය සහ සංගීතය ගැන තියෙන අසීමිත උණත් එක හේතුවක් තමා... (*) . ඒ දවස් වල බස් එකේ යද්දි මාරු කාසි නැති වෙලාවට කොන්දොස්තර පූසා වගේ, රුපියල් හයේ දුර යන්න පණහෙ නෝට්ටුවක් දික් කළත් අනම් මනම් ලොකු ටෝක් නැතුව හරියට ගානට ඉතුරු දෙනවා. >:)
මේ ලියමන මම නිකං විහිළුවට වගේ වෙච්ච පොරොන්දුවක්. මේ වගේ තව සිද්ධි කීපයක්ම තියෙනවා කියන්න. =))
---
අපේ නෑදෑ ගෙදරක් තියෙනවා තංගල්ලේ. කලක ඉඳලා එහේ යන්න තිබුණු අවශ්‍යතාව අන්තිමේ ඉටු කරගත්තේ වෙසක් පෝය දවසේ. කාටත් නිවාඩු දවස නොවැ. ඉතින් ගිහිල්ලා කාරිය කස්ටිය කතා බහ කරලා කාලා බීලා ඉන්න අතරෙ මට ඕනැ වුණා වෙරළ පැත්තෙ ටිකක් ඇවිදින්න යන්න.
තංගල්ලෙ මුහුදු වෙරළ ඉතාම සුන්දරයි. ඊට වඩා ලස්සන මුහුදු වෙරළක් මම දැක්ක එකම තැන නිලාවේළිය. ඉතිං 'බීච්' යන්න මම සපත්තු දෙක ගලවලා, ඇඳගෙන හිටපු ඩෙනිමත් දණිසට වෙනකම් නවාගෙන පාර දිගේ ඇවිදගෙන යනවා. ෂර්ට් එකත් කට්ට කළුයි. පිට මැද්දට වැටුණු දිග කොණ්ඩෙයි.
මේ වෙසක් පෝය දවසනේ... ඉතිං එක එක පළාත් වල කොල්ලො ගැන්සි සෙට් වෙලා ට්‍රිප් යනවා. යන්නෙ ආතල් එකටත් එක්ක ලෑන්ඩ් මාස්ටර් වගේ පොඩි පොඩි වාහන වලින්. ඔහොම යන එක සෙට් එකක් අමුතු විධියට පොඩි සද්දයක් කරාපි! :-"
"ආ... ආ...."
ඉතිං මාත් එකපාරටම හැරිල බැලුව මොකද සීන් එක කියල (ඇත්තටම මාත් කල්පනා කළේ සුන්දර යුවතියක් එහෙම ඒ පැත්තෙ හිටියනං පොඩි wink :-" පාරක් එහෙම දාන්න :P ). එතකොටම සද්දෙ නතර වුණා. ඔක්කොම තක්බීර් වෙලා වගේ මං දිහා බලං ඉන්නවා. හරියට දැං කුඩු ගහපු වඳුරො ටිකක් වගේ. මේ මොකො!?? :-O
ටික වෙලාවක් යද්දි තමයි මට සීන් එක තේරුණේ. බීච් යන්න ඕන නිසා දණිසට වෙනකම් නවපු ඩෙනිම මුන්ට පෙනිල තියෙන්නෙ 'ත්‍රී ක්වාටර්' එකක් වගේ. ඒ මදිවට පිට මැද්දට වැටුණු දිග වරලස! තංගල්ල වගේ ගම් පළාත් වල නෑ නොවැ කොළඹ පොෂ් වෙන්න දඟලන කෙල්ලෝ කරන එක එක ෆැෂන්. ඒක තමයි මුන් ටික නිකං තොප්පි වෙළෙන්දා දැක්ක වඳුරො ටික වගේ ෆෝම් වෙලා තියෙන්නෙ. මුං ටික මගේ මූණ දැකල එකපාරටම අන්දමන්ද වුණේ මූණෙ තිබ්බ පත රැවුල නිසා. හොඳ වෙලාවට මං ඒක කැපුවෙ නැත්තෙ. =)) =)) =))
---
ඊළඟ සිද්ධිය වුණේ සඳුද දවසක උදේ දුම්රියෙන් කොළඹ එද්දි. මම සාමාන්‍යයෙන් යන්නෙ එන්නෙ සමුද්‍රදේවියේ. එදා ටිකක් කලින් ඇහැරුණු නිසා ඊට කලින් තියෙන බලවේග කට්ටල දුම්රියෙන් ('ගෝල් ට්‍රේන්' එක) ආවේ.
කට්ටිය දන්නව ඇතිනේ... බලවේග කට්ටල දුම්රිය මැදිරි වල ආසන තියෙන්නේ දික් අතට. ඒ කියන්නේ වාඩි වෙන අය වාඩි වෙන්නෙ දුම්රිය මැදිරි ජනේල වලට පිටුපාල. ඉතින් වැඩිය සෙනග නැති නිසා මටත් වාඩි වෙලා යන්න චාන්ස් එකක් හම්බ වුණා.
මේ දුම්රිය කොස්ගොඩ දුම්රිය ස්ථානයෙ නවත්තල තියෙද්දි ගාල්ල පැත්තට යන තවත් බලවේග කට්ටල දුම්රියක් එතනින් මාරු වෙනව. ඒ අනෙක් දුම්රියත් මම ගමන් කළ දුම්රියත් ටිකක් වෙලා කොස්ගොඩ නතර කරල තියෙනව. මෙන්න ඒ වෙලාවෙ එක පාරටම මට හරියටම පිටුපසින්, ඒ කියන්නෙ අනිත් දුම්රිය තියෙන පැත්තෙන් කටහඬක් ඇහෙනව.
"ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් නෙට් ෆෝරම් ඩොට් එල් කේ. අයෑම් අ මෙම්බර් ආන්ට් යූ"
ඈ යකෝ... ඒ මම ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකේ පිටේ ගහල තියෙන එකනේ? මේ යකා මොකද ඒක සද්දෙට කියවන්නේ....?? :-?
උදේ පාන්දර හිමිදිරි නිදිමතේ මට සීන් එක හරියට මීටර් වුණේ නෑ. දුම්රිය හෙමින් ඉදිරියට ඇදෙන අතරේ ටියුබ් ලයිට් පත්තු වුණා. ~X(
අපරාදේ... සිරා බයිටක් දෙන්න තිබ්බ චාන්ස් එක. :( මීට වඩා හොඳයි සම්පත් බැංකුව වගේ හෙට දින එළිය කළා නං! :))
---
ඉතින් ඔය වගේ කොණ්ඩෙ නිසා ආතල් සීන් තව තව තියෙනවා... ඒවට වැය කරන්න ඒ තරම් වෙලාවක් නැති නිසා ලියන්නෙ නෑ. මගේ නම -- ශාකුන්තල, අමුතු නමක් නිසා වක්කඩ කැඩුවා වගේ Facebook එකෙන් යාළු request ආපු හැටි... තව තව රස කතා ගොඩයි. ඒව ගැන වෙන ම දවසක ලියන්නං... අදට ආයුබෝ.... buona notte......!
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:05 AM
28 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Sunday, September 27, 2009
මම දෛනිකව පාවිච්චි කරන මෘදුකාංග ගැන...

ඉතින් මේ මාස හතරක කාලය ඇතුළත මම වැඩියෙන්ම පාවිච්චි කරපු මෘදුකාංග ගැන පොඩි සමාලෝචනයක් කරලා බලන්න මට හිතුණු නිසයි මේ ලියමන ලියවෙන්නෙ. වැඩි කතා නැතුව ලිස්ට් එකට යමුකෝ... මේ තියෙන්නෙ මං වැඩියෙන්ම පාවිච්චි කරන එකේ ඉඳල අඩුවෙන්ම පාවිච්චි කරන එකට.
- Mozilla Firefox (Ubuntu) - මගේ අන්තර්ජාල සැරි සරන අවශ්‍යතා වලින් 100%ට පොඩ්ඩිත්තක් අඩුවෙන් සපුරගන්නෙ මේකෙන් තමයි. ඉතිරි පොඩ්ඩිත්ත ගැන මේ ලියමනේ අගට යද්දි පැහැදිලි වෙයි.
- Gnome Terminal (Ubuntu) - මගේ මැසිම බූට් කළාම මම මුලින්ම ඔබන්නෙ මෙන්න මේකට තියෙන සෝට්කට් එක. වැඩි පහසුවට මම ඒක තියාගෙන ඉන්නෙ object dock එකේ හරි මැදින්. කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න ඕනෙ නෑනේ...? ;)
- Gedit (Ubuntu මත) - මේකෙන් තමා මම code ලියන්නේ... Syntax ටික එක එක පාටින් highlight කරල පෙන්නන නිසා හරි ලේසියි.
- OpenOffice.org Writer (Ubuntu) - කියන්න දෙයක් නෑනේ... මගේ කැම්පස් ඇසයින්මන්ට් ටිකයි අනෙක් ලිපි ලේඛණ වැඩ ටිකයි කෙරෙන්නෙ මේකෙ පිහිටෙන් තමා...
- Mozilla Thunderbird (Ubuntu) - ඊ මේල කියවන්න පාවිච්චි කරන්නෙ මේක.
- SMPlayer (Ubuntu) - මගේ ලැප්ටොප් එකේ හඬ බොහොම අඩුයි. මේ ගැන forum බොහොමයක රස්තියාදු ගහලත් හරි විසඳුමක් ලැබුණෙ නෑ. Forum වල කස්ටියගෙ උපදෙස් පරිදි මමත් හරියට නොදන්න නා නා ප්‍රකාර .conf ගොනු වලට එක එක සැත්කම් කරලත් විසඳුමක් ලැබුණෙ නැති නිසා අන්තිමේ SMPlayer එකට සෙට් වුණේ මේකෙ හඬ 400% දක්වා වැඩි කරන්න පුළුවන් නිසා! :-O මේකෙන් තමයි රොක් සහ හෙවි මෙටල් රඟේ විඳින්නේ... ;)
- VirtualBox (Ubuntu) - ලිනක්ස් සහ ජාලකරණය සම්බන්ධ එක එක අත්හදා බැලීම් කරන්නෙ මේකෙන් තමයි. කරන හැම කෙරුවාවක්ම කරන්නෙ ඇත්ත හාඩ් ඩිස්ක් එකට බලපෑමකින් තොර virtual hard disk image file එකක නිසා බොහොමයක් දේ අත්හදා බලන්න පුළුවන්.
- GIMP (Ubuntu) - මම මේක පාවිච්චි කරන්න තවම ඉගෙනගන්නවා. විශේෂයෙන්ම වෙබ් අඩවි නිර්මාණ කටයුතු කරන ආකාරය ගැන තමයි වැඩි නැඹුරුතාවක් දක්වන්නේ...
- Filezilla Client (Ubuntu) - මේකෙන් තමයි ඩිසයින් සහ ඩිවලොප් කරපු දේවල් ටික වෙබ් අඩවියට පැක් කරන්නේ...
- Wammu (Ubuntu) - ජංගම දුරකථනයේ එක එක වැඩ කෑලි වලට. (මම මේ ගැන කලින් ලිව්වා)
- DownThemAll! (Firefox/ Ubuntu) - මගේ ඩවුන්ලෝඩ් මැනේජරය
- Scribefire (Firefox/ Ubuntu) - සමහර වෙලාවට බ්ලොග් ලියන්න මම මේකත් පාවිච්චි කරනවා. හරිම පහසුයි. ඒ වගේම වේගවත්.
- Any Video Converter (Windows XP/ VirtualBox) - මගේ ජංගම දුරකථනයට වීඩියෝ ක්ලිප් එකක් දෙකක් දාගන්න ඕන වුණාම ඒවා MP4 කරගන්නෙ මේකෙන්. ලිනක්ස් වල ffmpeg කියල මේකට ආදේශකයක් තිබුණත් විවිධ video formats ගැන මගේ තියෙන දැනීම මදි කම නිසා අත්හදා බලන්න බැරි වුණා. :(
- Any Audio Converter (Windows XP/ VirtualBox) - ජංගම දුරකථනයෙන් 'පටිගත' කළ හඬ ක්ලිප් MP3 කරගන්නෙ මේකෙන්. (AMR codec වලට ලිනක්ස් පැත්තෙන් තවමත් හරියාකාර විසඳුමක් නෑ.)
- Sony Ericsson PC Suite (Windows XP/ VirtualBox) - Sony Ericsson K770i දුරකථනයෙ ගොනු හුවමාරු ප්‍රකාරයට නොගිහින් දුරකථනය සාමාන්‍ය විධියට තියෙද්දිම ඒකෙ ගොනු පද්ධතිය බලාගන්න පුළුවන් මේකෙන්. ඒ වැඩේට ලිනක්ස් ආදේශකයක් හෙව්වත් හම්බ වුණේ නෑ. :(
- Windows Internet Explorer (Windows XP/ VirtualBox) - ඔන්ලයින් සිංහල පත්තර වලින් එපාම කරපු එක... ලක්බිම පත්තරේ කියවන්න IE හැර වෙන විසඳුමක් නැහැ. :( මේක දැක්කම ASCII ෆොන්ට් පාවිච්චි කරන පත්තර තව හොඳයි කියල හිතෙනවා. (මම මුලින් කිව්ව පොඩ්ඩිත්ත තමයි මේ)
විනාඩි විසි පහක කාලය වැය කරලා ලිව්ව මේ සටහනේ කාටවත් ගත යුත්තක් තියෙන බවක් මට පේන්නෙ නෑ. මොකද මම මේක ලිව්වෙ එහෙම අරමුණකින් නෙමෙයි. වෙන ලියන්න දේකුත් නැති නිසා මගේ මෘදුකාංග පාවිච්චිය ගැන මටම ටිකක් විමසලා බලන්න හිතුණා.
එහෙනං.... අපි ගියා.... අදට adiós වේවා.....! :)
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴
Sunday, April 26, 2009
එතෙර ගිය අපේ හොල්මන්
මම අන්තර්ජාලයෙ එහා මෙහා සැරිසරමින් ඉන්න වෙලාවක සිංහල වෙබ් අඩවියක දැක්කා (සිංහල කිව්වට මේක ඇත්තටම JPG සිංහල අඩවියක්. හික් :D ) හොල්මන් අවතාර ගැන කතන්දර කීපයක්. මම මේව කතන්දර විධියට හඳුන්වන්නෙ තවදුරටත් මේ අඩවියෙ තිබුණු කතන්දර විශ්වාස කරන්න බැරි නිසා. මේ කියන වෙබ් අඩවියේ තියෙනවා හැඳින්වීම කියලා තවත් මරු කතන්දරයක්.. පර්යේෂණ ගණනාවක් කළාලු (මෙයා හැමදාම රෑට හීනෙන් බය වෙනව ඇති :D ).. දුර්ලභ ගණයෙ ඡායාරූපත් ගොඩක් තියෙනවලු (ඔක්කොම උස්සපුව වෙන්ට ඇති මයෙ හිතේ - නැත්තං Adobe Photoshop තමා).
ඉතින් මේකෙ තිබුණ "දියතලාවෙ නිරෝෂා" කියල කතන්දරයක්. මමත් ඕක ටිකක් විශ්වාස කළා. මොකද තවම විසඳගන්න බැරි අද්භූත සිද්ධි කීපයක්ම මටත් අත්දකින්න ලැබී ඇති නිසා. මෙන්න බැලින්නම් මේ හොල්මන ටෙක්සාස් වල රේල් පාරක් අද්දර ඉන්නවා!
දැන් මේ රූපසටහන් දෙක බලන්න (පැහැදිලිව පේන්නෙ නැත්තම් පිංතූරෙ මත ක්ලික් කරන්න):
මේ ගැන තවත් දෙයක් කිව යුතුයි. අන්තර්ජාලයෙ හොල්මන් අවතාර ගැන දාල තියෙන සිද්ධි සහ ඡායාරූප බොහොමයක් ව්‍යාජ ඒවා බවයි මට හිතෙන්නේ. මොකද හොල්මන් පෙන්නලා තමුන්ගෙ අඩවියට එන පිරිස වැඩි කරගන්න හරි බෙහොම පහසු නිසා. විශ්වවිද්‍යාලයක් හෝ එවැනි පර්යේෂණ පවත්වන ආයතනයකින් පළ කළ එකක් නම් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන්.
කොහොම වුණත් මාර හොල්මන් කොපිය නේද? යාළු.com බලලා දියතලාව පැත්තෙ යන්න බය වෙච්ච අයට ඔන්න දැං බය නැති කරගන්න වෙලාව ඇවිත්. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Saturday, April 18, 2009
ශාකුන්තලගේ අවුරුදු ආගිය කතා෴
ලැබුවා වූ නව වසරේ පළවෙනි බ්ලොග් සටහන මේ. මේක නිකම්ම නිකං ආගිය කතා ටිකක් විතරයි. පොලිටිකල්, ටෙක්නිකල්, සාහිත්‍යය, අපහාස, මෙකී නොකී අන් සියළුම ආකාර වල බ්ලොග් අඩවි හොයන අයට අද මෙතන කියවන්න දෙයක් නෑ -- වෙනින් දවසක එන්න දෙන්නං හොඳවයින් ටෙක්නිකල් :D . අළුත් අවුරුද්දට අන්තර්ජාලය හරහා මොනවත් කරගන්න බැරි වුණේ අවුරුදු දවසට සතියක් කල් තියෙද්දි මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවට කණ කොකා හැඬීම හෙවත් FUP (Fair Usage Policy) ක්‍රියාත්මක වීම නිසා. මම නං ඔය FUP කියන එකේ මුලට තවත් F අකුරක් දාලයි කියන්නෙ... ම්ම්... ඒ ගැන පස්සෙ කතා කරමු.
මේ දවස් වල මගේ වින්ඩෝස් පාවිච්චිය 10% විතර වෙනකම් අඩු වුණා. මොකද ලබන මාසේ Fedora 11 Leonidas ආවම මගේ වින්ඩෝස් පාවිච්චිය 1% දක්වා අඩු වෙන නිසා. ඒ 1%ත් ඉතිං VirtualBox හරහා තමයි. ඉතින් ඔය අස්සේ මට ආයෙම වින්ඩෝස් තියාගන්න එක සලකා බලන්න කාරණා කීපයක් මතු වුණා. පළවෙනි එක.. Dialog FUP ක්‍රියාත්මක වුණාම E220 මොඩම් එකේ band එක මාරු කරගන්න Mobile Partner වුවමනා වීම. දෙවෙනි එක.. E220 මොඩම් එකට SMS කොටන එක ලිනක්ස් වලින් කරන්න බැරි වීම. ඉතින් මම ටෙක්කතා කස්ටියගෙන් ඇහුවම විසඳුමක් දුන්නා.. විසඳුම හරි වුණත් ඒක හරියටම වැඩ කරන්නෙ නෑ තාම :( .
අවුරුදු කාලෙ සුලබ දෙයක්නෙ මේ SMS කොටන එක... අවුරුදු SMS සුභ පැතුම්. මොකද කරන්නෙ... මට එනව කාගෙන් හරි සුබ පැතුමක්... මම කරන්න ඕන තව හතළිකහට විතර ඒක ෆෝවර්ඩ් කරන එක විතරයි.. හරියට මල්ටිබැරල් රොකට් ලෝන්චරයක් වගේ වෙනවා මේ කාලෙට ජංගම දුරකථනය. ඉතින් ඔය SMS සුබපැතුම් ක්‍රමයට මම කැමති නෑ.. මොකද ඒක හරිම යාන්ත්‍රිකයි.. දුරකථන ඇමතුමකින් හිතට දැනෙන දේ SMS එකකට කරන්න බෑ. ඉතින් කෙනෙක් එව්වම උත්තර යවන්නෙ නැතුවත් බෑ නොවෑ. නැත්තං යාළුවො අමනාප වෙනවනෙ. මමත් ඔය කොහෙන් කොහෙන් හරි ආපු එව්ව දෙක තුනක් හතර අතට ෆෝවර්ඩ් කරල දැම්ම. මම සාහිත්‍යකරණයේ දක්ෂයෙක් නෙවෙයි නිසා කවි ලිවිල්ල මට අරහං. ඒත් අන්තිමේ කොහොම හරි අමාරුවෙන් ලියාගත්ත SMS නිසදැස් දෙකතුනක්... සීයකට විතර යවන්න. දැන් ඕක ජංගම දුරකථනයට කොටන්න ඕන.. හපොයි! ඒක මාපටැඟිල්ලෙ පළු යන වැඩක්. මට SMS අප්පිරියා වෙලා තියෙන්නෙත් ඕක නිසාමයි. ඉතින් උදව් වුණේ E220 මොඩම් එකත් එක්ක එන ජංගම සහකරු තමයි. මොකද එතකොට වැඩ ලෝඩ් එක ඇඟිලි දහයට විමධ්‍යගත (වචනෙ හරිද දන්නෑ :P ) කරන්න පුළුවන්නේ... ඉතින් ඕකෙන් මේකෙන් මගේ M$ Windows පාවිච්චිය මේ දවස් වල ටිකක් වැඩි වුණා ආපහු.
තව මාසෙකින් වින්ඩෝස් අයින් කරන එකේ මම පටන් ගත්තා මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව අවසාන වතාවට සෙල්ලම් කරන්න. මොකද ආයෙම මේක මට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව වෙන මොකක්වත් නෙවෙයි... Grand Theft Auto - Vice City. මේ පරිගණක ක්‍රීඩාවට පසුබිම් වෙලා තියෙන කතාව හරිම සිත්ගන්නාසුළුයි. GTA San Andreas, Liberty City කියල තවත් ඒව තිබුණට ඒ එකක්වත් මට හරි ගියෙ නෑ (not my style). Cheat code එකක්වත් පාවිච්චි නොකර මම මේක ආයෙත් වතාවක් අවසාන කළා. එළ!
ඔය අස්සෙ වැදගත් වැඩත් සෙට් වුණා... මේ දවස් වල bruteforcer මෘදුකාංගයක් සකස් කරනවා (මේක FOSS වෙන්නේ නැත - මගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි) ... මගේම ක්‍රමයකට අනුව ගේමක් ගහන්න. මේ වගේ එව්වා අන්තර්ජාලයෙන් බාගන්න පුළුවන් වුණත් ඒ එක්ක එන්න පුළුවන් ට්‍රෝජන් අශ්වයෙකු ගැන තියෙන බය නිසා මට විශ්වාසයි මම ම හදා ගන්න ඒවා. ඒ ගැන වැඩි විස්තර forbidden!
පිං අතේ නිදහස්ලාන්සරයකුත් සෙට් වුණා. අවුරුද්දට කිරිකැට් ගහන කොල්ලො සැට් එකකට පරිගණකගත ලකුණු දාන සිස්ටම් එකක් ඕනැලු. ඉතිං ඒකත් කරමින් පවතිනවා. මම ඒ වැඩේ කරන්නෙ Microsoft Visual Basic 2005 පාවිච්චි කරල, හැබැයි දුවන්නෙ VirtualBox එකෙන් (ලිනක්ස් මත). අතරමග කිසි අවුලක් ආවෙ නෑ. ඉතින් මේක හොඳ නිමිත්තක් වින්ඩෝස් වලට මගේ දෘඩ තැටියෙ වෙනම විශේෂිත ඉඩක් (partition එකක්) අනවශ්‍ය බවට. :)
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ බ්ලොග් මැරතන් එකත් ඔන්න උදා වුණා. වැඩේ නං ආතල්. ඒත් නින්ද අඩුකම මගේ ශරීර සෞඛ්‍යට අහිතකර විධියට බලපාල තියෙන නිසා මේ සැරේ මම මැරතන් ආවෙ නෑ. හැබැයි සැරින් සැරේ IRC චැනල් එක පැත්තෙ නම් ආවා. ඉතින් ඔය වෙලාවෙ මගේ Pidgin සහ Firefox යන වැඩසටහන් දෙකම වැඩ. ඒත් මදි වෙලා මම Opeara එකත් දාගත්තා. Chrome තිබුණනං ඒකත් දාගන්නවාමයි :P .
ඔය මැරතන් පැත්තෙ එන්න කලින් මම ගියා පොඩි රවුමක්... අවුරුදු සංගීත සංදර්ශණයක් එහෙම බලල.. ගම් පළාතේ යාළුවො සැට් එකත් එක්ක ආතල් එකක් දාන්නත් අමතක කළේ නැහැ. ඒක අන්තිමේ ඉවර වුණේ වෙන කොහෙද කණ්ඩායම් දෙකක් හිස් මද්‍යසාර බෝතල් වලින් අවුරුදු ක්‍රීඩා වල හොඳම එක කරන්න පටන් ගත්තයින් පසුව. මාත් හිමීට සේප් වුණා... මොකද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්න ඕන නැහැනේ... කැම්පස් යන අපි දැකල නැති වලි! හික් :D .
ඔන්න ඊට පස්සෙ තමයි හිමීට බ්ලොග් මැරතන් අයි ආර් සී කාරයො ටිකට සැට් වුණේ. උන් ටිකත් එක්ක ටිකක් වෙලා සෙල්ලං කළා. කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙලා තිබුණා... ටිකක් වෙලා ගියාම තමයි තේරුණේ සමහරුන්ගෙ මාරු වෙලා තිබුණෙ වයර් විතරක් නෙවෙයි කියල! අනේ සංසදේට ගිය කලක්!! බිපෙසි. :D
අවුරුදු නිවාඩුවත් ඉතින් ගෙවිල ගියා.. දැන් 20 වෙනිද ආපසු කොළඹ බලා ගමනේ යා!

ඉතින් දයාබර කියවන්නෙනි, ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අර්ථවත් සුභ නව වසරක් වේවා!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Monday, March 30, 2009
මේ දවස් වල අහන ඒවා...
මට පරණ සිංදු ටිකක් ලැබුණා අහන්න... 80-90 අවුරුදු වල ජනප්‍රිය වුණු බටහිර ගීත කීපයක්. මේවයින් සමහර ඒවා දැන් ඇහෙන්නෙම නෑ... ඉතිං මට හිතුණා මේක අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. මෙන්න එයින් මම කැමතිම දහය.
10. Boy George - Everything I Own
09. Samantha Fox - Touch me
08. Mystic - Ritmo de La Noche
07. Bobby McFerrin - Don't Worry Be Happy | මේකත් බලන්න.
06. Sandra - In the Heat of the Night
05. Fern Kinney - Together We Are Beautiful
04. Kim Wilde - Little Kids in America
03. Whigfield - Think of You
02. Whigfield - Sexy Eyes
01. Metallica - For Whom the Bell Tolls
මේක මගේ ලිස්ට් එකේ #1. ටිකක් ඝෝෂාකාරී තමයි... ;) ඒ වුණාට මරු සිංදුව. අර අකුරු හතරෙ ඉංගිරිසි වචනෙ නැතුව සිංදුව ලස්සනට ගලාගෙන යන වීඩියෝ එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා. මේකෙ ඒ වචනෙ නෑ.. බය නැතුව හොඳට surround දාගෙන අහන්න, එතකොටයි ආතල් එක. ;)
අර්නස්ට් හෙමිංවේ විසින් රචිත For Whom the Bell Tolls නවකතාවේ එන සිද්ධියක් ලු මේ ගීතයෙ තේමාව වෙලා තියෙන්නෙ. චිත්‍රපටයකුත් තියෙනවා, ඒත් දන්න අය කියන්නෙ ඒක වැඩක් නෑ පොත හොයාගෙන කියවන්න කියල.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං කරුණාකර කියන්න මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවද කියල... තාක්ෂණික දේවල් හැර කඩ්ඩෙන් ලියපු වෙනත් දෙයක් කියවන්න මම ටිකක් කම්මැලියි. :P
10. Boy George - Everything I Own
09. Samantha Fox - Touch me
08. Mystic - Ritmo de La Noche
07. Bobby McFerrin - Don't Worry Be Happy | මේකත් බලන්න.
06. Sandra - In the Heat of the Night
මෙයාගෙ පෙනුම නං ටිකක් විතර anime කාටුන් එකක් වගේ. කටහඬ නම් උපරිමයි.
05. Fern Kinney - Together We Are Beautiful
04. Kim Wilde - Little Kids in America
03. Whigfield - Think of You
මෙයාගෙත් කටහඬ නම් උපරිමයි... දැං ඉතිං ආන්ටි කෙනෙක් නේ...
02. Whigfield - Sexy Eyes
මෙය ත් එම ම තමයි.
01. Metallica - For Whom the Bell Tolls
අර්නස්ට් හෙමිංවේ විසින් රචිත For Whom the Bell Tolls නවකතාවේ එන සිද්ධියක් ලු මේ ගීතයෙ තේමාව වෙලා තියෙන්නෙ. චිත්‍රපටයකුත් තියෙනවා, ඒත් දන්න අය කියන්නෙ ඒක වැඩක් නෑ පොත හොයාගෙන කියවන්න කියල.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං කරුණාකර කියන්න මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවද කියල... තාක්ෂණික දේවල් හැර කඩ්ඩෙන් ලියපු වෙනත් දෙයක් කියවන්න මම ටිකක් කම්මැලියි. :P
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Monday, March 23, 2009
අළුත් සෙමෙස්ටරය සහ එහෙන් මෙහෙන් ටිකක්
අද එව්වා මෙව්වා ටිකක් ලියන්න හිතුවෙ මම මෑත ලියූ බ්ලොග් සටහන් ටිකේ තාක්ෂණික මාතෘකා ටිකක් ඇදල ගත් නිසා. ටිකක් විවිධත්වයකුත් තිබුණාවේ... මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය මොකක්ද?
ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )
හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?
අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...
ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.
ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.
ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)
ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!
කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!
එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!
මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...
ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )
හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
- Special Topics in Computer Science
- Information System Security and Audit (මං ආසම එක ;) )
- eBusiness Technologies and Applications
- Business Process Re-Engineering
- Digital Fine Arts
- Software Development Project
- Industrial Visits
- IT Project Management
IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?
අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...
ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.
ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.
ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)
ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!
කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!
එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:03 AM
8 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්,
සරසවිය
Wednesday, February 25, 2009
මේක දැකල තියෙනවද?
අපේ ගෙදර ඇති දැඩි කළ බැළලියක් මීට පැය කීපයකට පෙර පැටවුන් දෙදෙනෙකු බිහි කළා.
පළමු බළල් පැටවා ඉතාම ලස්සනයි... ලොම් දිගයි. නමුත් ඒ බළල් පැටවාගේ ආයුෂ එක් හෝරාවකින් නිම වුණා. අන්ත්‍රය උදර බිත්තියත් පලාගෙන එළියට ඇවිත් තිබුණා. මුලින් මෙය පෙනුනේ ලේ තැවරුණ මස් වැදැල්ලක් වගේ. ඒත් බළල් පැටවාගේ මළ සිරුර මව් බැළලිය සිටින තැනින් ඉවතට ගත් පසුව තමයි මස් වැදිල්ලක් වගේ මුලින් පෙනුණෙ ආහාර මාර්ගය බව හිතාගන්න පුළුවන් වුණේ. පින්තූරයක් පළ කරන්නෙ නෑ සංවේදී අයට දරා ගැනී අපහසු වේවි කියල හිතුණ නිසා :(
දෙවැනි බළල් පැටිය කළුයි, නිරෝගීයි.. ඒත් තුන් වෙනියා......................
තුන් වෙනියගෙ සිද්ධිය මම මීට කලින් දැකල නෑ.. ඒකයි මම මේ වෙනුවෙන් බ්ලොග් සටහනක් ලියන්න හේතු වුණේ.
තුන් වන බළල් පැටවා සම්පූර්ණයෙන් වැඩිලා නෑ. තුන්වෙනියගේ කවන්ධ සිරුර තවමත් තියෙන්නෙ බැළලියගෙ ඇඟ ඇතුලෙ! මේ පින්තූර වල තියෙන්නෙ උපතේදී කැඩී වෙන්වුණ තුන් වෙනි බළල් පැටවාගෙ හිස!!
මේ පින්තූර වලින් කාටවත් එතරම් බලපෑමක් නෑ කියල හිතෙන නිසා පළ කරනවා.
ඔන්න ඔහෙමයි සිද්ධිය... දුකයි සතුටුයි. අටලෝ දහමෙන් කාටවත් ගැළවීමක් නෑ!

Tuesday, February 24, 2009
මෙහෙම වුණේ කොහොමද?
මම ඊයෙ රෑ blogger.com එකට ආවම දැක්කෙ, මගේ බ්ලොග් එකේ Followersලා ගණන අඩු වෙලා. මුලින් 39ක් තිබුණු එක 29ට බැහැලා. මේ හා සමාන ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු අනෙක් වැඩසටහන, ඇබ්නෝමල් දෙසිතක නෝමල් සිතුවිලි වලටත් ඒ සන්තෑසියමයි -- 39 --> 29 වෙලා. ඉතින් මම බැලුවා මේ මොකද කියලා.
මම නිකමට Known Issues පැත්තෙ ගියාමයි හේතුව දකින්න ලැබුණෙ. එයාල Google Friend Connect එක්ක Blogger එකට එකතු කරන්නයි යන්නේ. Google Friend Connect පාවිච්චි වෙන මම දන්න වෙබ් අඩවියක් තමයි සුදාරක මලයාගේ බ්ලොග් එක. බලන්න ඒකෙ අපි කස්ටියගෙ මූණු ටික අතරේ මගෙ රතු පාට කන්ජි එක බැබලෙන හැටි :P . Followers වගේම තමයි. මරු නේද? Wordpress හා වෙනත් Google Blogger නොවන අඩවිත් ප්‍රසිද්ධියේ හඹා යන්න පුළුවන්.
කොහොම හරි ඇත්තෙන්ම Followers හැලිලා නෑ. ඒ අය නිර්නාමිකව බ්ලොග් එක follow කරනවා. Google Friend Connect දියත් කිරීමත් එක්කම මේ තත්වය යථා තත්වයට පත් කරන බව ඔවුන් කියනවා. ඒ නිසා Follow කරන අය අඩු වෙලා නම් ගනංගන්න එපා. කලින් මගේ මූණත්තහඩුව තිබුණ බ්ලොග් අඩවියක දැන් ඒක පේන්න නැත්තං, ගනංගන්න එපා.. මට updates එනවා. :)
මෙන්න Known Issues වල තිබුණ විස්තරය:

You may have noticed that the count of your public Followers has decreased over the last few hours. We are in the process of integrating with Google Friend Connect.
There are a few users that already use both Blogger Following and Google Friend Connect. To avoid linking the profiles of Blogger and Friend Connect users without their permission, we have set these users to "anonymous". They are still following privately and will able to make themselves public again.
After the official launch of the Friend Connect integration, we will communicate with the affected users and instruct them how to reset their relationship to public. To reiterate: the number of Followers has not changed, and we believe that the launch will improve the visibility of your blog and community. We will post more details on Blogger Buzz as the launch approaches.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Thursday, February 19, 2009
වයිරස් දෙන PisSu ආතල්
මේ ළඟදි දවසක කැම්පස් එකේ computer එකක Photoshop විවෘත කරද්දී ආපු පණිවුඩයක් මේක. මට මොළේ අළුත් කරගන්නලු. මට එදා නම් මේක දැකල මාර හිනා. මොකද මං බය නෑනේ වයිරස් වලට. හැබැයි මගේ පසුගිය බ්ලොග් සටහනකට හේතු පාදක වුණ සිද්ධියෙන් පස්සෙ නම් මම ටිකක් විතර බයයි.
ඉතිං මටත් නිකං ඉන්න බෑනෙ. මාත් දන්න වැඩ කිඩ එක එක පටන් ගත්තා. සරල තැනින් පටන් ගන්න ඕන. මුලින්ම Windows Task Manager. ඒක හරිගියා! මෙයා වැඩියම කරදර කරන්නෙ නෑ වගේ. Task Manager වල Processes tab එකට ගියාම මෙන්න මොකක්දෝ එකක් නටනවා!!
හොඳට බැලුවම තේරුණා නිකං pissu.exe වගේ එකක් කියලා. ඒක එනවා - යනවා, යනවා - එනවා. මොන විකාරයක්ද? කෝකටත් මගේ ප්‍රියතම taskkill /f /im pissu.exe විධානය දීලා බැලුවා. වැඩේ හරි. දැන් Photoshop වැඩ.
මෙන්න තව එකක්. පහත දැක්වෙන තිරපිටපත් දෙක හොඳට බලන්න. පළමු වෙනි තිරපිටපත ගත්තට පසුව ඒ වින්ඩෝ එකම පහළට scroll කරල තමයි දෙවැන්න ගත්තෙ.
හොඳට බලන්න අවස්ථා දෙකේදි වෙනස. පළමුවෙනි එකේ සලකුණු කරපු තැන කියන්නෙ දත්ත උපාංගයේ (flash drive) තියෙන ක්‍රමලේඛය පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. දෙවැන්නෙ සලකුණු කරපු තැන තියෙන්නෙ Windows Explorer පාවිච්චි කරල බහාලුම් විවෘත කරන්න කියල. බැලු බැල්මට දෙකම එක වගේ. ඉතින් දත්ත උපාංගයේ තියෙන ක්‍රමලේඛය වයිරසයක් බව දැන් වැටහෙන්න ඕන නේද? ඒ නිසා මේ ආකාරයට බහාලුම් විවෘත කිරීමෙදි සැලකිලිමක් වෙන්න ඕන.
මට මේ වයිරස්, Task Manager, Taskkill ගැන ලියලම එපා වෙලා. මෙහෙම ගියොත් මේකත් අර කැටපෝල් පිස්සගෙ කතන්දරේ වගේ වෙයිද දන්නෑ. :D

෴සමීර ශාකුන්තල෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:09 AM
7 comments:
කාණ්ඩ:
Featured,
Windows,
අනංමනං,
ආතල් සීන්,
ආරක්ෂණය,
තාක්ෂණය
Sunday, January 11, 2009
2009 පළමු සටහන නොහොත් මෙගා අච්චාරුව
විභාගය ඉවර වෙනකම් බ්ලොග් ලිවිල්ලට සමු දෙන්න හිතුවත් ලියන්න දේවල් ගොඩක් ගොඩ ගැහුණු නිසාත්, ඊයෙ ලොකු assignment එකක් කරල අවසාන වීමෙන් ලැබුණු නිදහසත් නිසා මොනවහරි ලියන්න හිතුණා. මේ සටහන අච්චාරුවක් වෙන්න හොඳටම ඉඩ තියෙනව. දැන් මේක කියවලම යන්න. මොකද ආගිය කතා, ආතල් සීන්, අනං මනං, තාක්ෂණය, මෘදුකාංග, කාලීන ඔක්කොම මෙතන තියෙනවා :D
මුලින්ම පටන්ගමු දෙසැම්බර් 31දා පොඩි ආතල් සීන් එකකිං. පරණ දේවල් ගැන ලියනවට අහිතක් හිතන්න එපා.. දෙසැම්බර් 31 තිබුණනෙ රිදී රැයක්. ඒකට එළකිරි.com අඩවියත් අනුග්‍රහය දීල තිබුණද? මම නං දන්නෙ නෑ.. ඒත් දැන් FM නාලිකා වල ගීතයක් ප්‍රචාරය වෙන අතරෙ "$$$$ FM" කියල කෑ ගහනව වගේම ඔය රිදී රැයක් ප්‍රසංගයෙ එක නර්තනයක් අතරෙ මට ඇහුණ "එළකිරි ඩොට් කෝම්" කියල සද්දයක්. අනේ හැබෑට... ඒ කියන්නෙ මේ අය ළඟ ඒ ගීත නැද්ද? එයාල අන්තර්ජාලයෙන් බාගත් ඒවද මේ වගේ 'ලොකු' වැඩ වලටත් පාවිච්චි කරන්නෙ? පොඩි මිස්ටේක් පාරක්නෙ... එච්චර දේකුත් නෙවෙයි. :D
ඊළඟට ජනවාරි පළවෙනිදා... මිනිස්සු කොයි තරම් මුදලක් රතිඤ්ඤා වලට නාස්ති කරන්න ඇත්ද? මේව ඉතින් කියලත් වැඩක් නෑ... මම පොඩි කාලෙ නං ආසාවට රතිඤ්ඤා පත්තු කළා තමයි.. වැඩේ නිකං පුස්සක් කියල දැනගත්තම නැවැත්තුවා. දැන් මම රතිඤ්ඤා පත්තු කළොත් අනිත් අය හිතයි මට පිස්සු කියල.
ඊළඟට ජනවාරි 02, කිලිනොච්චිය... එදා කරපු නාස්තිය ඊටත් වැඩියි. ඒ වෙනුවට රණවිරු අරමුදලකට මුදල් එකතු කළා නම් සෑහෙන්න වටින දෙයක් වෙන්න තිබුණු බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මම එදා කිරුළපන හිටියෙ... හවස්වරුවෙ පුදුම කලබලයක් තිබුණෙ.. මම කියන්නෙ රතිඤ්ඤ සද්දෙ ගැන.
එදා සිරස මාධ්‍ය කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඒක නිසා ගොඩක් අය සිරස කට්ටියගෙ මෑණියන් සිහි කර කර හිටියෙ.
සිරසට මැර ප්‍රහාරයක්! ඔන්න ඊළඟ ප්‍රවෘත්තිය. යම් යම් කරුණු කාරණා පැත්තෙන් බැලුවම............ ඒ කියන්නෙ අපේ රටේ සංස්කෘතිය කාබාසිනියා කිරීම... (දැන් ගොඩක් දෙමව්පියො ළමයින්ට සිරස ටීවී නැරඹීම තහනම් කරල තියෙන්නෙ) හොරුන්ට සහ මං පහරන්නන්ට රත්තරනින් රන් ආකරයක් වූ රන් දෙපැයක් නිර්මාණය කිරීම... කොටියාට කඩේ යාම (දේශපාලන පක්ෂයකට කඩේ ගියානං ඒක නිකං අර නිතර දකින කුකුළගෙ කරමල වගේ වෙන්න තිබුණා, ඒත් මුන් කඩේ යන්නෙ කාටද? කොටියට!!!) .........මුන්ට ඔහොම වෙලා මදි කියල තමයි හිතුණෙ. ඒත් පස්සෙ ටිකක් සැක හිතුණ මේක දේශපාලන අරමුණක් ඇතුව කළ දෙයක්දෝ කියල... ඒක ඇත්තටම එහෙමනං වැඩේ අන්තිම කැතයි.
බ්ලොග් වලත් ගොඩක් අය ඒ ගැන අදහස් දක්වල තිබුණ. සමස්තයක් වශයෙන් මේ සටහන් වල සාරය ගත්තම මට මතක් වුණේ ගිය අවුරුද්දෙ කැම්පස් එකේදි ඉගෙනගත් ඈෂ් පරීක්ෂණය. සමහර අය අවංකව අදහස් ලියල තිබුණ... සමහර අය අනිත් අය කියන නිසා සිද්ධිය හෙළා දැකල තිබුණ. මමත් ඔහේ හිතට ආව දේ මෙතන ලිව්ව. සමහරවිට (බොහෝ විට) මම වැරදි වෙන්නත් පුළුවන්.
ඔය අතරෙ... අපේ Multimedia Project එකේ වැඩ... සමහර දවස් වල කිරුළපන අපේ 'දකා'ගෙ බෝඩිමේ නයිට. ඒක කොමඩියක්.. වාර්තාමය රූපවාහිනී වැඩසටහනක්... අර සිරසේ 'තිත්ත ඇත්ත' වගේ පේන්න හදපු කොමඩියක්. (ඇත්තටම හිතාගන්න බෑ ඇයි සිරස මේ තත්වයට පත් වුණේ ඇයිද කියල :( එයාලගෙ මුල් කාලෙ හොඳ වැඩසටහන් තිබිල වගේ)
Multimedia Technologies වලට දීපු මේ project එක අපේ සරසවි ජීවිතේ ආතල්ම project එක වේවි කියල හීනෙකිං වත් හිතුවෙ නෑ. ඒක එහෙමම වුණා. :)
ඊළඟ ලොකු ප්‍රවෘත්තිය, ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කරලා. මාධ්‍යවේදියෙක් විධියට රටට සෑහෙන සේවයක් කරපු පුද්ගලයෙක්. කාගෙ වැඩක්ද කියල නම් හිතාගන්න අමාරුයි. සිද්ධිය තරයේම හෙළා දකිනවා. එහෙම කිව්වට මැරුණු කෙනාට ආයෙත් ජීවිතය ලැබෙන්නෙ නැහැනෙ. :(
කාලෙකට පස්සෙ බය කියන එක ආයෙම හිතට දැනෙන්න ගත්තා. මේක තවත් අඳුරු යුගයක ආරම්භය වෙයිද? මගේ ළදරු කාලෙ.. ඒ කියන්නෙ මම ලෝකය නොදන්න කාලෙ සිද්ධ වුණ එක එක දේවල් ගැන වැඩිහිටියො කියපු කතා එක එක මතක් වෙන්න පටන් ගත්තා. ඇයි අපේ රටට මෙහෙම වුණේ?
අපේ සිරිත් පරිදි මම assignment එකක් ඉවර කරන්නෙ deadline පෙනි පෙනී. (ඒක වෙනස් වුණේ මෙන්න මෙතනදි විතරයි) 8 වෙනිද තමා මාරක රේඛාව යෙදිල තිබුණෙත්. අන්තිම rendering එක කරන්න පැයක් දෙකක් විතර ගියා. හඬ කැවීම් එහෙමපිටින්ම අවුල්. බෙලෙක්කයගෙ තොල් හෙලවෙන විධියට dub කරන්න මාර අමාරුයි. මොනව කරන්නද ඉතිං.. කවද කාපු කටුද මේව? Pitch එක අඩු කරල ගත්තම ගුම්බෝගෙ කටහඬ නියම තගෙක් වගේ. ඒ යකාට පුදුමයි ඒක උගේ කටහඬමද කියල. :D
කොහොම හරි presentation එකත් කෙරුණ. ඒක වෙන්න ඇති අපි කරපු ආතල්ම presentation එක. එකම සිනා සාගරයක්. මාතෘකාව නිරුවත එළියට. :D බය වෙන්න එපා මේක නරක කොමඩියක් නෙවෙයි.. සරලවම කිව්වොත් bittorrent හරහා හොරෙන් අනවසර මෘදුකාංග හා චිත්‍රපට භාගත කරන්නෙකුගේ නිරුවත ලොවට හෙළි කිරීම. :D
මේ තියෙන්නෙ ඒකෙ intro එක. මෙතන මමත් ඉන්නවා, පුළුවන් නම් හොයා ගන්න :D . Video එක encode කරද්දි වෙච්ච පොඩි වැරැද්දක් නිසා මේක ටිකක් අපැහැදිලියි. ඉඩක් ලැබුණොත් පසුව හොඳ එකක් upload කරන්නම්.
ඔක්කොම ඉවර වෙලා හවස හතරට විතර බවනට ගිහින් breakfast හා lunch කියන දෙකම එක සැරේ ඇඟට දාගත්තා. ඔන්න දැනුයි මේ සටහනේ මුලින් කිව්ව නිදහස ලැබුණෙ... යන්තං ඇති ඒ assignment එකත් ඉවරයි. :)
කාලෙකට පස්සෙ ලැබුණු නිදහස නිසා අට වෙනිද හවස අපි කස්ටිය සෙට් වෙලා ගියා 'වෙදැස' බලන්න BMICH පැත්තෙ. මෙය සංවිධානය කර තිබුණෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන්. වැඩේ නම් එළ! ;) ඒත් සෙනඟ අඩුයි. ප්‍රචාරය මදි වුණාවත්ද? මම මේ සෙනඟ අඩු වෛද්‍ය ප්‍රදර්ශනයක් දැක්කමයි. අඩුපාඩුවක් කියල කියන්න තරම් දේකුත් නෑ. සෙනඟ අඩු නිසා මම නොදන්න ගොඩක් දේවල් අහල දැනගන්නත්, fried chicken වගේ වෙච්ච මෘත ශරීර ළඟටම ගිහින් බලන්නත් අවකාශ ලැබුණා. ආ... තව සර්පයින් ගැන තිබුණු අංගයෙදි තඩි පිඹුරෙක්ව අතින් අල්ලල බැලුව. අනිත් සර්පයො තරං පිඹුර ඇල්ලුවම සීතල නෑ. අපේ 'දොරේ' පිඹුරව කර වටේ දාගෙන පිංතූරයක් එහෙමත් අරගෙන තිබුණ. අනේ පව් ඌ (පිඹුර) විඳින දුක.
මටත් මතක් වුණා මම පාසල් ප්‍රදර්ශනයකදි දෙපත් නයෙක්ව අතේ තියාගෙන ඌට රිසි සේ සැරිසරන්න දීල ප්‍රදර්ශනය කරපු (වෙච්ච :D ) හැටි. දෙපත් නයා ඉතින් හානිless පොඩි එකෙක්නෙ. ;) මෙතන එහෙම නෙවෙයි.. විෂ සහිත සර්පයොත් එයාල අතට අරං පෙන්නුවද මන්ද...
ප්‍රදර්ශනේ හැම දේම බලන්න වෙලාව මදි වුණත් සමස්තයක් හැටියට මට සතුටුයි. ප්‍රදර්ශනය නියමයි. :)
දැන් ඉතින් ආයෙම back to work තමයි. මොකද විභාගය කියල එකක් ළඟ එනවනේ. :(
යන්න කලියෙන් පොඩි ගැජමැටික් එකකුත් දීලම යන්නම්. දැන් අළුත් වයිරස් එකක් තියෙනවනේ pen drives වල මකන්න බැරි folder එකක් හදන. ඒ folder එකේ නම runauto.. . ඒක open වෙන්නෙත් නෑ.. තියෙන තැනින් හොල්ලන්නත් බෑ. ඒකට හේතුව අසම්මත නමක් තිබීම :D . ඒ කියන්නෙ Windows වල පාවිච්චි නොවෙන ආකාරයෙන් නමේ අගට තිත් දෙකක් තිබීම. මේ කියන්නෙ ඒක අයින් කරන හැටි.
ක්‍රම දෙකක් තියෙනව. එකක් pen drive එක format කරන එක. Format කරන්න කැමති නැත්තම් අනෙක කරන්න අපට පොඩි tool එකක් ඕන වෙනවා. මේකෙන් දැන් අපි කරන්න යන වැඩේ ඇරුණම තව වැදගත් ප්‍රයෝජන තියෙනව. ඒ නිසා ඒක ස්ථාපනය කරගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකෙ නම Unlocker. මෙතනින් බාගන්න පුළුවන්. මේ තිර රූප සටහන් වල තියෙන්නෙ ඒක කරන හැටි.
ඉතින් ඔන්න ඔහොමයි මගේ අච්චාරුව.. කොහොමද? රසද? නීරසද? සැරද? චාටර්ද? තිත්තද? ඔහොමම පහළට scroll කරල බලන්න සුදුපාට කොටුවක් තියෙනව. ඒක තියෙන්නෙ මගේ අච්චාරුව කාපු අයට වමාරන්න.
(කොයිල්ද? ටියුබ්ලයිට්ද? ඔය පහළ කොටුවෙ comment එකක් ලියලම යමු...?)
අපේ විභාගෙන් පසුව නැවත හමු වෙමු. ;)

පේනව නේද දොරේ සර්පයත් එක්ක ලව් කරන හැටි?

Wednesday, December 31, 2008
අර්ධ ශතකය, බෝඩිම, සහ සමුගැනීම
මේ මගේ ජයග්‍රාහී අර්ධ ශතකය. හරියටම 2008ට බ්ලොග් සටහන් පනහයි. අර්ධ ශතකයක් එක්කම කියන්න තව දෙයක් තියෙනවා.
මම උදේ හවස දුම්රියේ යන එක නතර කළා. දැන් ඉන්නෙ බෝඩිමක. හැව්ලොක්, කොළඹ 05. කැම්පස් එකට පයින් යන්න පුළුවන් දුර. දැන් ඇවිත් සතියක් විතර වෙනවා. ආයෙමත් යාළුවොත් එක්ක පරණ ආතල් ජීවිතේට සෙට් වෙන්න පුළුවන්. :) බම්බු, සිලියා, රෙපා, රූකඩයා, සරා, කන්නසාමියා, ඇච් ඇස්, දොරේ, දයා, පුලා, ඉම්බා, වැංකා, රානි, පුන්නා, කතා, ගරූ, පොලා සහ තඩියා ඇතුළු මෙකී නොකී කැම්පස් යාළුවොත් එක්ක ආයෙ වල බහින්න පුළුවන් -- මීටත් වඩා ආතල් එකක් කොයිද?
හවසට ගෙදර යන කාලෙ හවස 5.30 දුම්රියේ යන්න 5ට කැම්පස් එකෙන් පිටත් වෙන්න ඕනා. ඒක තමයි අමාරුම කාරිය. ඒත් දැන් එහෙම නෑ. රෑ 8 වෙනකම් කැම්පස් එකේ ඉන්න පුළුවන්. :) බැචාල සෙට් වුණාම වෙලාව ගතවෙනව දැනෙන්නෙත් නෑ. කැම්පස් එක තියෙන්නෙ අධිආරක්ෂිත කලාපයක නිසා රෑ අටෙන් පස්සෙ ඉන්න බෑ. :( එහෙම නොවුනා නං සිරාම ආතල් එක. ඒත් ඉතිං ආරක්ෂාවත් වැදගත්නෙ.
දිනපතා දුම්රිය මගියා කාලෙ දවසෙ වෙලාවෙන් පැය පහක්ම නාස්ති වුණා. එක ගමනකට පැය දෙකහමාරක්! හැබැයි සිරාම මගී යාළුවො සෙට් එකක් සෙට් වුණා. කැම්පස් වගේම ආතල් අපි කෝච්චියෙදි ගන්නෙ... මේ බටර් ගාන්නෙ එයාල මේක කියවන නිසා. :D දැන් farewell party එකත් දීල ඔක්කොම close කරල තියෙන්නෙ. හැබැයි ජනවාරි පළවෙනිදා ආයෙම සෙට් වෙන්නයි හිතාගෙන ඉන්නෙ. :)

හැව්ලොක් කාක්කොත් අපරාදෙ කියන්න බෑ මාව සාදරයෙන් පිළිගෙන තිබුණා. :D ඒක දැනගත්තෙ බෝඩිමට ආවම ලැප්ටොප් බෑග් එකේ පැත්තකින් සිරස්ව පහළට බේරිලා ගිය සුදුපාට පැල්ලම දැක්කම. ඒක පිරිසිදු කරන්න වෙච්ච මහන්සිය මමයි දන්නෙ -- හැව්ලොක් කාක්කව අල්ලල උගේ අධෝමුඛය තංගුස් නූලෙන් මහන හැටි මෙනෙහි කරමිනුයි මම බෑග් එක හේදුවෙ!---
ඊළඟට කියන්න තියෙන්නෙ ශෝකජනක කතාවක්. අපේ දෙවන වසර පළමු සමාසිකය සඳහා විභාගය ජනවාරි මාසෙ පටන් ගන්නව. ආතල් ඔක්කොම මාසෙකට suspend කරන්න වෙනවා. වල බැහිල්ල නතර කරල 'කුප්පි සරණං ගච්ඡාමි' කියලා අද ඉඳල පාඩම් කරන්න සෙට් වෙනව. ඒ නිසා බ්ලොග් ලිවිල්ලෙන් තාවකාලිකව සමුගන්නවා... :(එහෙනම්, දයාබර කියවන්නෙනි...
මගේ බ්ලොග් මිතුරනි...
සෞභාග්‍යමත් සුභ නව වසරක්...
හෙටින් එළැඹෙන 2009!
මේ වසරේ මාත් සමඟ රැඳී සිටියාට ඔබට මගේ හදපිරි ප්‍රණාමය!

යන්නාං... ටටා... :)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ලිව්වේ
ශාකුන්තල | Shaakunthala
ලියූ වෙලාව -
12:50 AM
10 comments:
කාණ්ඩ:
අනංමනං,
ආගිය කතා,
ආතල් සීන්
Sunday, December 28, 2008
එය මෙසේ නිමා විය!
නාග පැටික්කයි මායි තව ChanServ කියල තරුවෙකුයි විතරයි ඉතුරු වුණේ. අන්තිමේ අපි තමා මැරතන් පොරවල්!
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Saturday, December 27, 2008
මගේ බ්ලොග් ලිවිල්ල හා අළුත් කඩු හරඹය
සිංහලෙන් බ්ලොග් ලියන වැඩේට මං තාම අළුත් වුණත් මගේ බ්ලොග් ලිවිල්ල දැන් ටිකක් පරණයි. මුලින්ම මේ වැඩේ පටන් ගත්තෙ 2006 අවුරුද්දෙ කඩ්ඩෙන්. වෙලාවකට හිතෙනවා මෙතන තිබිච්ච පරණ කඩු ෆයිට් ටික මකල දැම්මෙ අපරාදෙ කියල. ඒ කාලෙ මැස්සෙක් මදුරුවෙක්වත් නෑ මගෙ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඉතින් වැඩේ නැවැත්තුවා.
මේ අවුරුද්දෙ මැද විතර UCSC LODGE පටන් ගත්තම ඒකෙ මම ඉගෙනගන්න තාක්ෂණික දේවල් බ්ලොග් එකකින් ලියන්න පටන් ගත්තා කඩ්ඩෙන්. UCSC LODGE එක UCSC ශිෂ්‍ය සංගමයෙ වැඩක් නිසා UCSC එකේ මගේ බ්ලොග් එක කියවන්න අය කොහොමත් ඉන්නවා. ඉලක්කය junior batch එකේ අය සහ UCSC ඉදිරි පරම්පරාව. ඒ අයට තමන්ගෙම කියල කියන්න පුළුවන් තැනක ප්‍රයෝජනවත් යමක් ඉතිරි කරල යන එකයි මගේ UCSC LODGE බ්ලොග් එක ලිවීමේ අරමුණ. ඒ නිසා මම ඒකෙ ලියන්නෙ අනෙක් අයට ප්‍රයෝජනවත් වෙන තාක්ෂණික දේවල්ම පමණයි. ඒක දෙමළ, මුස්ලිම් (සිංහල නොදන්න අය) අයටත් කියවන්න පුළුවන් වෙන්න කඩ්ඩෙන්ම ලිව්වා. ඔන්න ඔය කාරණා නිසා හිතට එන අනං මනං ඒ බ්ලොග් එකේ ලිව්වෙ නැහැ. ඒවයින් කාටවත් ප්‍රයෝජනයක් නැහැනෙ.
ඊළඟට ශාකුන්තලගේ සටහන් පොත. ඒ කියන්නෙ ඔයා දැන් කියවමින් ඉන්න එක. අහම්බෙන් වගේ සිංහල වචනයක් සිංහල අකුරෙන්ම ගූග්ල් එකෙන් හොයද්දි තමයි මම සිංහල බ්ලොග් කියවන්න සෙට් වුණේ. Ubuntu වල සිංහල අවුල විසඳගන්න හැටි UCSC LODGE එකේ සිංහලෙන්ම ලිව්වට පස්සෙ තමයි මම මුළුමනින්ම සිංහල බ්ලොග්කරුවෙක් වුණේ. ඊට පස්සෙ දන්න සිංහලෙන්ම ලියන්න මේ බ්ලොග් එක හැදුවා. මේ බ්ලොග් එක මම තියාගෙන ඉන්නෙ කප්පාදු කරපු ක්‍රෝටන් පාත්තියක් වගේ. අනම් මනම් පිස්සු විකාර නැතුව පුළුවන් තරම් ලස්සනට පිළිවෙළකට මේක තියාගන්නයි උත්සාහ කරන්නෙ. ඒත් ඉතින් ඔය න්‍යායෙන් පිට පැනපු තැන් නැතුව නොවෙයි.. හරියට මේ සටහන වගේ :D . කොහොම කොහොම හරි මේකෙත් පිස්සු කෙළින්න බෑ.
ඊළඟ එක තමයි කැම්පස් ආතල් බ්ලොග් එක. අපේ බැචාලා ගන්න ආතල්.. සරසවි කුරුටු ගී.. ඔන්න ඕව ලියවෙන තැන තමා ඒක. ඒකෙ ඕන දෙයක් ලියන්න පුළුවන් තමයි.. ඒත් ඒක අපේ බැචාලා අතර පමණයි. ඒකත් හරියන්නෙ නෑ.
තව ටිකෙන් අමතක වෙනවා.. මිනි බ්ලොග් මැරතන් වලට හදපු එක.. Hayabusa the Marathoner. මේකෙ කඩු ගතියක් තිබුණට වැඩ සුද්ධ සිංහලෙන්. ඒ වෙලාවට බලමුකෝ.
ඔය නිසා මගේ ඔළුවට එන අනංමනං අදහස් ලියන්න මම අද අළුත් බ්ලොග් එකක් හැදුවා. ඒ බ්ලොග් එකේ නමේ, URL එකේ ඉඳල අගට යනකම් හැම දෙයක්ම පිස්සු විකාර කියල කෙනෙක් කිව්වොත් මම විරුද්ධ වෙන්නෙ නැහැ. කැමති නම් ගිහින් බලන්න, Shaakunthala's Geekbook. දැන් සිංහලෙන් ලියන්න පටන් අරගෙන නිකං කඩ්ඩත් අමතක වේගෙන යනව වගෙ නිසා ඒක ලියන්නෙ කඩ්ඩෙන්. ඒකෙ ලියනව ඔය අනංමනං බහුබූත. ඒවයින් කාටවත් ප්‍රයෝජනයක් නෑ. නමුත් කොහෙ හරි ලියල තියන්න ඕන කියල හිතෙන අච්චාරු සටහන් ඒකෙ ලියනව.
මේ සටහන කියවූ ඔබට මගේ හර්දයාංගම ඉස්තූතිය!

෴සමීර ශාකුන්තල | Shaakunthala෴
Friday, December 26, 2008
මහා විනාශයක් අතළඟ?
මොකද හිතෙන්නේ? බයයි බයයි වගේද? බය වෙන්න එපා. සියල්ල අනිත්‍යයි. :)
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
Subscribe to:
Posts (Atom)

17347176.gif)