Saturday, April 18, 2009

ශාකුන්තලගේ අවුරුදු ආගිය කතා෴

ලැබුවා වූ නව වසරේ පළවෙනි බ්ලොග් සටහන මේ. මේක නිකම්ම නිකං ආගිය කතා ටිකක් විතරයි. පොලිටිකල්, ටෙක්නිකල්, සාහිත්‍යය, අපහාස, මෙකී නොකී අන් සියළුම ආකාර වල බ්ලොග් අඩවි හොයන අයට අද මෙතන කියවන්න දෙයක් නෑ -- වෙනින් දවසක එන්න දෙන්නං හොඳවයින් ටෙක්නිකල් :D . අළුත් අවුරුද්දට අන්තර්ජාලය හරහා මොනවත් කරගන්න බැරි වුණේ අවුරුදු දවසට සතියක් කල් තියෙද්දි මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවට කණ කොකා හැඬීම හෙවත් FUP (Fair Usage Policy) ක්‍රියාත්මක වීම නිසා. මම නං ඔය FUP කියන එකේ මුලට තවත් F අකුරක් දාලයි කියන්නෙ... ම්ම්... ඒ ගැන පස්සෙ කතා කරමු.



මේ දවස් වල මගේ වින්ඩෝස් පාවිච්චිය 10% විතර වෙනකම් අඩු වුණා. මොකද ලබන මාසේ Fedora 11 Leonidas ආවම මගේ වින්ඩෝස් පාවිච්චිය 1% දක්වා අඩු වෙන නිසා. ඒ 1%ත් ඉතිං VirtualBox හරහා තමයි. ඉතින් ඔය අස්සේ මට ආයෙම වින්ඩෝස් තියාගන්න එක සලකා බලන්න කාරණා කීපයක් මතු වුණා. පළවෙනි එක.. Dialog FUP ක්‍රියාත්මක වුණාම E220 මොඩම් එකේ band එක මාරු කරගන්න Mobile Partner වුවමනා වීම. දෙවෙනි එක.. E220 මොඩම් එකට SMS කොටන එක ලිනක්ස් වලින් කරන්න බැරි වීම. ඉතින් මම ටෙක්කතා කස්ටියගෙන් ඇහුවම විසඳුමක් දුන්නා.. විසඳුම හරි වුණත් ඒක හරියටම වැඩ කරන්නෙ නෑ තාම :( .

අවුරුදු කාලෙ සුලබ දෙයක්නෙ මේ SMS කොටන එක... අවුරුදු SMS සුභ පැතුම්. මොකද කරන්නෙ... මට එනව කාගෙන් හරි සුබ පැතුමක්... මම කරන්න ඕන තව හතළිකහට විතර ඒක ෆෝවර්ඩ් කරන එක විතරයි.. හරියට මල්ටිබැරල් රොකට් ලෝන්චරයක් වගේ වෙනවා මේ කාලෙට ජංගම දුරකථනය. ඉතින් ඔය SMS සුබපැතුම් ක්‍රමයට මම කැමති නෑ.. මොකද ඒක හරිම යාන්ත්‍රිකයි.. දුරකථන ඇමතුමකින් හිතට දැනෙන දේ SMS එකකට කරන්න බෑ. ඉතින් කෙනෙක් එව්වම උත්තර යවන්නෙ නැතුවත් බෑ නොවෑ. නැත්තං යාළුවො අමනාප වෙනවනෙ. මමත් ඔය කොහෙන් කොහෙන් හරි ආපු එව්ව දෙක තුනක් හතර අතට ෆෝවර්ඩ් කරල දැම්ම. මම සාහිත්‍යකරණයේ දක්ෂයෙක් නෙවෙයි නිසා කවි ලිවිල්ල මට අරහං. ඒත් අන්තිමේ කොහොම හරි අමාරුවෙන් ලියාගත්ත SMS නිසදැස් දෙකතුනක්... සීයකට විතර යවන්න. දැන් ඕක ජංගම දුරකථනයට කොටන්න ඕන.. හපොයි! ඒක මාපටැඟිල්ලෙ පළු යන වැඩක්. මට SMS අප්පිරියා වෙලා තියෙන්නෙත් ඕක නිසාමයි. ඉතින් උදව් වුණේ E220 මොඩම් එකත් එක්ක එන ජංගම සහකරු තමයි. මොකද එතකොට වැඩ ලෝඩ් එක ඇඟිලි දහයට විමධ්‍යගත (වචනෙ හරිද දන්නෑ :P ) කරන්න පුළුවන්නේ... ඉතින් ඕකෙන් මේකෙන් මගේ M$ Windows පාවිච්චිය මේ දවස් වල ටිකක් වැඩි වුණා ආපහු.



තව මාසෙකින් වින්ඩෝස් අයින් කරන එකේ මම පටන් ගත්තා මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව අවසාන වතාවට සෙල්ලම් කරන්න. මොකද ආයෙම මේක මට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. මගේ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව වෙන මොකක්වත් නෙවෙයි... Grand Theft Auto - Vice City. මේ පරිගණක ක්‍රීඩාවට පසුබිම් වෙලා තියෙන කතාව හරිම සිත්ගන්නාසුළුයි. GTA San Andreas, Liberty City කියල තවත් ඒව තිබුණට ඒ එකක්වත් මට හරි ගියෙ නෑ (not my style). Cheat code එකක්වත් පාවිච්චි නොකර මම මේක ආයෙත් වතාවක් අවසාන කළා. එළ!



ඔය අස්සෙ වැදගත් වැඩත් සෙට් වුණා... මේ දවස් වල bruteforcer මෘදුකාංගයක් සකස් කරනවා (මේක FOSS වෙන්නේ නැත - මගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණි) ... මගේම ක්‍රමයකට අනුව ගේමක් ගහන්න. මේ වගේ එව්වා අන්තර්ජාලයෙන් බාගන්න පුළුවන් වුණත් ඒ එක්ක එන්න පුළුවන් ට්‍රෝජන් අශ්වයෙකු ගැන තියෙන බය නිසා මට විශ්වාසයි මම ම හදා ගන්න ඒවා. ඒ ගැන වැඩි විස්තර forbidden!

පිං අතේ නිදහස්ලාන්සරයකුත් සෙට් වුණා. අවුරුද්දට කිරිකැට් ගහන කොල්ලො සැට් එකකට පරිගණකගත ලකුණු දාන සිස්ටම් එකක් ඕනැලු. ඉතිං ඒකත් කරමින් පවතිනවා. මම ඒ වැඩේ කරන්නෙ Microsoft Visual Basic 2005 පාවිච්චි කරල, හැබැයි දුවන්නෙ VirtualBox එකෙන් (ලිනක්ස් මත). අතරමග කිසි අවුලක් ආවෙ නෑ. ඉතින් මේක හොඳ නිමිත්තක් වින්ඩෝස් වලට මගේ දෘඩ තැටියෙ වෙනම විශේෂිත ඉඩක් (partition එකක්) අනවශ්‍ය බවට. :)



සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙ බ්ලොග් මැරතන් එකත් ඔන්න උදා වුණා. වැඩේ නං ආතල්. ඒත් නින්ද අඩුකම මගේ ශරීර සෞඛ්‍යට අහිතකර විධියට බලපාල තියෙන නිසා මේ සැරේ මම මැරතන් ආවෙ නෑ. හැබැයි සැරින් සැරේ IRC චැනල් එක පැත්තෙ නම් ආවා. ඉතින් ඔය වෙලාවෙ මගේ Pidgin සහ Firefox යන වැඩසටහන් දෙකම වැඩ. ඒත් මදි වෙලා මම Opeara එකත් දාගත්තා. Chrome තිබුණනං ඒකත් දාගන්නවාමයි :P .

ඔය මැරතන් පැත්තෙ එන්න කලින් මම ගියා පොඩි රවුමක්... අවුරුදු සංගීත සංදර්ශණයක් එහෙම බලල.. ග‌ම් පළාතේ යාළුවො සැට් එකත් එක්ක ආතල් එකක් දාන්නත් අමතක කළේ නැහැ. ඒක අන්තිමේ ඉවර වුණේ වෙන කොහෙද කණ්ඩායම් දෙකක් හිස් මද්‍යසාර බෝතල් වලින් අවුරුදු ක්‍රීඩා වල හොඳම එක කරන්න පටන් ගත්තයින් පසුව. මාත් හිමීට සේප් වුණා... මොකද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්න ඕන නැහැනේ... කැම්පස් යන අපි දැකල නැති වලි! හික් :D .

ඔන්න ඊට පස්සෙ තමයි හිමීට බ්ලොග් මැරතන් අයි ආර් සී කාරයො ටිකට සැට් වුණේ. උන් ටිකත් එක්ක ටිකක් වෙලා සෙල්ලං කළා. කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙලා තිබුණා... ටිකක් වෙලා ගියාම තමයි තේරුණේ සමහරුන්ගෙ මාරු වෙලා තිබුණෙ වයර් විතරක් නෙවෙයි කියල! අනේ සංසදේට ගිය කලක්!! බිපෙසි. :D



අවුරුදු නිවාඩුවත් ඉතින් ගෙවිල ගියා.. දැන් 20 වෙනිද ආපසු කොළඹ බලා ගමනේ යා!

ඉතින් දයාබර කියවන්නෙනි, ලැබුවා වූ නව වසර ඔබට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අර්ථවත් සුභ නව වසරක් වේවා!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

11 comments:

  1. එළකිරි post එකක් නේ. මරු මරු සීන් ටිකක් නෙ වෙලා තියෙන්නේ. "bruteforcer" මේක නම් තේරුණේ නෑ. අපිට බැනලද කොහෙද :P

    වින්ඩොස් සමුගැනීමේ ලිපිය කියවීමට බලාසිටිමි :D

    IRC එකේ නම් උඹත් විවිධ නම් වලින් හිටියා කියලා ආරංචියි :P

    සුභ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  2. ආ.. මෙයාද අනුෂි? :P

    ‍ඒක නෙමෙයි අවුරුද්ද එකෙන්ම සමරලා ‍වගේ :D එළ එළ....

    ReplyDelete
  3. gta vice city වලට වඩා san andreas පට්ට. මම දැනුත් ගහනවා ඉඩක් හම්බෙච්ච ගමන් දෙවනි පාරට.

    ReplyDelete
  4. ආවඩා ආයුබෝ වේවා! එසෙම වේවා! මාත් පසු කලක වින්දෝරේ එක්ක ඔය විදිහටම දික් කසාද වෙන්න ඉන්නේ.

    අනුෂි මාව දාලා ගියා නේද ඔයා?

    ReplyDelete
  5. @සුසිත,
    උඹ වින්ඩෝස් වලට පලු යන්න බනින/උබුන්ටු පාවිච්චි කරන එකා කොහොමද PC ගේම් එකක් ගහන්නේ? Wine වලට දාලද?

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක්!!! නැවතත් කොළඹ සාදරයෙන් පිළිගන්නවා....

    ReplyDelete
  7. මම සිරාවට ලිනක්ස් බහිනවා මට වීඩියෝ කැප්චරි වැඩසටහනක් හොයලා දුන්නොත්....මම ඉස්සර ලිනක්ස් විතරයි..මේ අවුල නිසා දැන් වින්ඩෝස් ම වගේ

    ReplyDelete
  8. නියම නිවාඩුව.සුබ නව වසරක් ඔබට.

    ReplyDelete
  9. @චතුRaaZ,
    මෙතනට ගිහින් බැනුම් අහගන්න. :P

    සමුගැනීමේ ලිපිය ලබන මාසෙට කල් දැම්මා. :P

    පුළුවන් නම් කියපං බලන්න මම පාවිච්චි කරපු නම්?


    @ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    කවුද අනුෂි? මට පාදපරිචාරිකාවක් ඉන්නව බං.. අනුෂි නෙවෙයි නම.


    @ගයන්ත,
    ෂ්.. ෂ්... මොනවද මේ කියන්නේ?


    @සුසිත,
    ගොඩක් අය ඔය පරිගණක ක්‍රීඩා වල බලන්නෙ වෙපන් කොහාමද... වැඩ කෑලි... ඇක්ෂන්... ස්ලෝ මෝෂන්.. ග්‍රැෆික් ඔය වගේ දේවල්නේ...
    මට ඒව වැඩක් නෑ කතාව වැඩක් නැත්තං. මගේ අංක #1 වෙන්නෙ ඒකෙ අභ්‍යන්තරයෙ තියෙන කතා වස්තුව. ඉතින්... මම Vice City කතා වස්තුවට ආසයි.
    Vice City වල තියෙන්නෙ අවුරුදු 15ක කාලයක් වෙනත් කෙනෙකුගෙ (පාතාල නායකයෙකුගෙ) වරදකට සිර දඬුවම් විඳපු කෙනෙක් නිදහස් වෙලා ඇවිත් නන්නාඳුනන නගරයක (Vice City) අතරමං වෙලා ගත කරන ජීවිතය ගැන. මේ පුද්ගලයා අවසානයේ සැලසුම් සහගතව ඒ නගරයෙ තියෙන ව්‍යාපාර සියල්ලම තමන් අත‌ට ගෙන ඒවා ලාභ ලබන තත්වයට පත් කර අවසානයේ ඒ නගරයේ තමන්ගෙ බලය තහවුරු කරගන්නවා. අපූරු කතාවක්. හැබැයි මේ ක්‍රීඩාව වයස අවුරුදු 18න් පහළ අයට නුසුදුසුයි. ඒත් ලංකාවේ වැඩියෙන්ම Vice City සෙල්ලම් කරන්නෙ පොඩි ළමයි. :D

    ඒක නෙවෙයි මචෝ, උඹ ගෙදර මැෂින් එකේ නංගිටයි මල්ලිටයි කියල වින්දොරේ තියාගෙන ඉන්නෙ ඕකට එහෙනං. ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට!


    @බිன்ku,
    අනුෂි? අඩෝ හොර පූසා.. උඹත් ගොඩ ගිහින් නේද?


    @Thilina,
    යා යා... ස්තූති වේවා! හරියටම තව පැය නවයකින් මම කොළඹට සම්පරාප්ත වෙන්න බලාපොරොත්තු වෙමි.


    @නයිබුද්ධික,
    මේක ට්‍රයි කරල බලන්න.

    ReplyDelete

Facebook ප්‍රතිචාර