Saturday, April 4, 2009

GRUB මෙනු එකට කැමති පිංතූරයක් දාමු

Fedora පාවිච්චි කරන අය දැකල ඇතිනෙ boot menu එකේ පසුබිම ලස්සන රූපයක් තියෙනවා... සමහර ලිනක්ස් බෙදාහැරීම් (උදා: Ubuntu) වල මේ වගේ ලස්සන රූපයක් GRUB එකත් එක්ක ඉබේ ස්ථාපනය වෙන්න සකසල නෑ. ඒක අපට තමයි දාගන්න වෙන්නෙ. අද සටහන ලියවෙන්නෙ මේ රූපය වෙනස් කරගන්න හෝ අළුතෙන් එකක් දාගන්න ක්‍රමය ගැන.


මේ තියෙන්නෙ Fedora වල තියෙන එක

මේ වැඩේට අපට ඔන වෙනවා GIMP හෝ එවැනි ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක්. අපට අවශ්‍ය අනෙක් මෘදුකාංග Fedora, Ubuntu, Mandriva, openSUSE ඇතුළු බොහොමයක් ලිනක්ස් බෙදාහැරීම් සමඟ ලැබෙනවා. GIMP එකත් Ubuntu හා Fedora සමඟ ලැබෙනවා. ඒත් අනෙක් ඒවට කොහොමද දන්නෙ නෑ. මුලින්ම Alt+F2 යතුරුලියනය කරන්න. දැන් එන Run Application වින්ඩෝ එකේ gimp කියල යතුරුලියනය කරල Enter කරන්න. GIMP නැත්තම් දාගන්න GIMP.

GIMP මගින් 640 x 480 ප්‍රමාණයට අවශ්‍ය පින්තූරය සකසාගන්න (Image --> Scale Image...). GIMP හි Image --> Mode --> Indexed... වෙත ගොස් වර්ණ සංඛ්‍යාව 16කට සීමා කරගන්න. එය X PixMap ක්‍රමයට home directory එක තුළ සුරකින්න. මේ උදාහරණයේදී එය splash.xpm ලෙස ගනිමු.



දැන් terminal එකට ගිහින් පහත දැක්වෙන විධානය දෙන්න.

gzip splash.xpm

දැන්, අපි හදපු xpm ගොනුව, splash.xpm.gz ලෙස gzip archive එකක් බවට පරිවර්තනය වී තියේවි.

ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයක් ස්ථාපනය කරගෙන ඉන්නවනම් අවසන් වරට ස්ථාපනය කළ ලිනක්ස් පද්ධතියෙ ඉඳගෙන ඉතිරි ටික කරන්න. අපට ඉතිරි හරිය කරන්න GUI එකක් ඕන නෑ. මීළඟ පියවර... terminal එක විවෘත කරගෙන පහත දැක්වෙන විධානය දෙන්න.

mount

මේ වගේ උත්තරයක් ලැබේවි:

/dev/sda6 on / type ext3 (rw,relatime,errors=remount-ro)
tmpfs on /lib/init/rw type tmpfs (rw,nosuid,mode=0755)
/proc on /proc type proc (rw,noexec,nosuid,nodev)
.
.
.
/dev/sda5 on /media/Media type fuseblk (rw,nosuid,nodev,allow_other,blksize=4096)

මෙතනින් අපි හොයාගන්න ඕන root directory එක, නැත්තම් / ලෙස mount කරල තියෙන partition එක. මගේ මේ උදාහරණයේදී එය sda6. දැන් තවත් කාරණයක් තියෙනවා... අපි මේ හදාගත්ත පින්තූරය තියෙන තැන GRUBට කියන්න පාවිච්චි කරන්නෙ /boot/grub/menu.lst කියන ගොනුව. එතනට මේ පින්තූරය තියෙන partition එක දෙනකොට දෙන්න ඕන (hdx, y) ආකාරයට. මෙතන x කියන්නෙ දෘඩ තැටි අංකය. y කියන්නෙ partition අංකය. මේ දෙකම ඇරඹෙන්නෙ 0න්. උදාහරණයක් විධියට.. පළමු දෘඩ තැටියෙ පළවෙනි partition එක නම් (hd0, 0) වෙන්න ඕන. මේ උදාහරණයෙදි මට ලැබුණෙ sda6 නිසා මම පාවිච්චි කරන්න ඕන (hd0, 5) ලෙස. sda6 කියන එකේ a=1, ඒ නිසා hd0,.. 6 තියෙන නිසා (hd0, 5). වැඩි විස්තර මෙතනින් බලාගන්න.

දැන් terminal එකේ පහත දැක්වෙන විධාන එකින් එක දෙන්න.

su
mv /home/shaakunthala/splash.xpm.gz /boot/grub/ (මෙතන shaakunthala වෙනුවට ඔබේ පරිශීලක නම)
vim /boot/grub/menu.lst

දැන් අපි menu.lst ගොනුව විවෘත කරගත්තා... එහි තියෙන පහත දැක්වෙන යොමු සොයාගෙන ඒවා ඉදිරියෙන් hash (#) සළකුණක් බැගින් දාන්න. # සලකුණ මගින් ඒ ඒ යොමු අක්‍රිය වෙනවා. කැමති නම් මකා දමන්නත් පුළුවන්. ඒත් ලිනක්ස් වලට අළුත් කෙනෙක් නම් මකා දමන එක මම අනුමත කරන්නෙ නැහැ.
(ගොනුව සංස්කරණය කරන්න කලින් යතුරු පුවරුවේ INSERT යතුර එබිය යුතුයි)
  • color
  • hiddenmenu
දැන් පහත දැක්වෙන යොමුව සොයාගන්න. එය ඉදිරියෙන් # සලකුණු තියෙනවනම් ඒ # සලකුණු ඉවත් කරන්න.
  • splashimage
එය පහත දැක්වෙන ආකාරයට සකසන්න.

splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz (hd0, 5 කියන්නෙ අපි මේ සටහනේ කලින් පියවරකදි දීල තියෙන ක්‍රමයට අනුව partitoin එකේ නම විධියට මට ලැබුණු එක. ඒ වෙනුවට ඔබ ඒ සඳහා සොයාගත් නම ආදේශ කරන්න)

දැන් ESC යතුරුලියනය කර, wq යතුරුලියනය කිරීම මගින් vim වෙතින් ඉවත් වෙන්න.

දැන්, අවසාන වශයෙන්,

chown root /boot/grub/splash.xpm.gz
shutdown -r now



මම හැකි පරිදි කාටත් තේරුම්ගන්න හැකි වේවි කියල මට හිතෙන ක්‍රමයට මේක ලිව්වා. තේරුම් ගන්න අපහසු තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. මම උත්තර දෙනවා :) .


෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

7 comments:

  1. එළ එළ, සුසේ වලත් ඔහොම තමා. user interface ටිකක් වෙනස් හින්දා ලේසි වගේද මන්දා ඒ වගේ දැනුනා. http://www.suse-art.org/ වල කිහිපයක්ම දෙනවා එක්ක. GIMP සුසේ වලත් තියෙනවා. ;)

    ReplyDelete
  2. http://sathyasays.com/2007/12/02/changing-bootsplash-screen-in-opensuse-103/

    ReplyDelete
  3. මරු.... මමත් කලා

    ReplyDelete
  4. Image editing කරන්න package එකක් තියෙනවා imagemagick කියලා.

    www.imagemagick.org

    ඒකෙන් හරි හරි වැඩ කරන්න පුලුවනි.Command line tools වලට කැමති අයට ඒක මරු මේ වැඩෙත් imagemagick වලින්ම කර ගන්න පුලුවන්.

    මෙන්න command එක

    #convert -resize 640×480 -colors 14 (mypicture).jpg splashimage.xpm

    #gzip splash.xpm

    ReplyDelete
  5. @Chanaka Aruna Munasinghe,
    ස්තුතියි... මම දාලා බලන්නම්. :)

    ReplyDelete
  6. මගේ grub එකේ splashimage කියන එක තිබ්බෙම නෑ.මම අතින් දැම්ම. වැඩේ හරි. මේ පින්තූරෙ colours වැඩි කලොත් අවුලක් වෙයිද?

    ReplyDelete
  7. @සුසිත,
    Colours වැඩි කළා කියල අවුලක් නම් වෙන්නෙ නෑ. ඒත් image එකක් වෙනුවට මුළු screen එක පුරාම වසුරු හෙළල වගේ පෙනෙයි :D .
    අත්හදා බලන්න. බය වෙන්න එපා. :)

    ReplyDelete

Facebook ප්‍රතිචාර