Wednesday, April 29, 2009

යල්පිනූ FAT32 අපට ආතල් දෙන හැටි

හැන්ඩි හාවා ඉපදිලා දවස් කීපයයි වුණේ... ඌ තැපෑලෙ එන්න බෑ කියනවනෙ. https://shipit.ubuntu.com/ ගිහින් බලන්න බොරුද කියල... ඉතින් කස්ටිය මේ දවස් වල හෝ ගාලා Ubuntu බානවා. ඉතින් අපේ කැම්පස් එකේ නොමිලේ දෙන අන්තර්ජාල පහසුකමත් මේ දවස් වල සෑහෙන මන්දගාමී වෙලා. ඉතින් ‍මේක වුණේ අපේ එකෙකුට ඔය බාගත්ත Ubuntu DVD image එකක් කොපි කරල දෙන්න ගිහින්.

ඌට මේ image එක පිටපත් කරගන්න ඕන වුණේ USB pen drive එකකට. Image එක දළ වශයෙන් 4.45 GB නිසා පිටපත් කළේ 8 GB පෙන් එකකට. මෙන්න මේක එකපාරටම නැවතුණා! මම එවෙලෙ වැඩ කරමින් උන්නෙ Windows වල. පිටපත් කරන්න පාවිච්චි කළේ Teracopy. Teracopy වල පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි ගොනු පිටපත් වෙන මාධ්‍යයෙ (target media) ඉඩ මදි නම් වැරදි ආකාරයක දෝෂ පණිවුඩයක් (The system cannot find the file specified.) පෙන්වීම. කෝකටත් මම බැලුවා මුල් පිටපත තියෙනවද කියලා. ඒක තියෙනවා. බාගෙට පිටපත් වුණ ගොනු අයිකනය දිහා බැලුවා (මේ සටහනේ මුලින්ම තියෙන රූපය). ඒක දැක්ක ගමන් මට මීටර් වුණා යමක්. ඒ ගොනුවෙ ප්‍රමාණය ආසන්න වශයෙන් 4196 MB හෙවත් 4 GB. පෙන් එක format කරල තිබුණෙ FAT32 ආකෘතියෙන්. මට නිකං ලාවට වගේ හිතුණ මේක FAT32 ආකෘතියෙ ලක්ෂණයක් නිසා වෙන එකක්ද කියල. මොකද ඔය ආකෘති වල ගුණාංග කටපාඩම් කරන්නෙ නෑනේ. කෝකටත් කියල ගිහින් බැලුව විකිපීඩියාව පැත්තෙ. බැලින්නම් වැඩේ ඇත්ත.
Max file size: 4 GB minus 1 byte (or volume size if smaller)
ඔය volume size if smaller කියන්නෙ FAT12 නම් 32 MB, FAT16 නම් 2 GB. අළුත් වින්ඩෝස් සංස්කරණ වල FAT12 ක්‍රමය භාවිත වෙන්නෙ නැහැ.

නමුත් pen drive ආකෘති කරන්න පෙරනිමිය විධියට FAT32 භාවිත වෙනවා තවම. Pen drive එකේ ධාරිතාව 2 GB වලට වඩා අඩු නම් FAT16 තෝරාගැනීමේ විකල්පයකුත් තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි මේ කිව්ව 8 GB පෙන් එකත් format කරල තිබුණෙ පෙරනිමියෙන් ආපු FAT32 ආකෘතියෙන්. ඉතින් මේකට විසඳුමත් කියන්නම්. පෙන් එක NTFS ක්‍රමයට ආකෘති කිරීම. හැබැයි NTFS බවට පරිවර්තනය කළාම පෙන් එක safe remove කිරීම අනිවාර්යයි. හැබැයි වින්ඩෝස් මගින් NTFS ක්‍රමයට පෙන් එක format කරගන්න පොඩි කට්ටක් කන්න වෙනවා. අපේ ගැටළුව නම් විසඳුණා. හැබැයි මුලින් 4 GB කොපි කරන්න ගතවෙච්ච කාලය අපරාදේ. විනාඩි 20ක් විතර වෙලාව නාස්ති කරලා හොඳ ආතල් එකක් දුන්නෙ අපට.

මෙන්න NTFS ක්‍රමයට පෙන් එකක් ආකෘති කරන හැටි. හැබැයි මේ වෙනින් පෙන් එකක්. (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා)







දැන් තව ‍අවුලක් තියෙනවා. NTFS ක්‍රමයෙ තියෙන file permissions නිසා වෙනත් පරිගණකයකින් පෙන් එකට ගොනු පිටපත් කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැටළුවත් මෙන්න මෙහෙම මඟහරවා ගනිමු:









ඔය ටික කළාට පස්සෙ අපේ වැඩේ හරි ගියා. මේ තිරපිටපත් ටික ගත්තෙ Windows XP වලින් (හෙට අනිද්ද‍ full time ලිනක්ස් වලට මාරු වෙන්න ඉන්න මට මොන Windows Seven ද?).

ඉතින් මම අපේ වින්ඩෝස් 7 පරිශීලකයෙක් වෙන තිළිණගෙන් අහල බැලුවා වින්ඩෝස් 7ත් මෙහෙමද කියලා. ඒ කියන්නෙ pen drive සඳහා පෙරනිමියෙන් එන ආකෘති ක්‍රමය FAT32ද කියලා. ඔව් ලු. මට හිතාගන්න බැරි දේ තමයි තාක්ෂණය මේ තරම් දියුණු වෙද්දි ඇයි වින්ඩෝස් තාම පරණ දේ පෙරනිමියෙන් තියාගෙන ඉන්නෙ කියන එක (මේ ලිපියත් බලන්න). කවුරු හරි දන්නවනම් උත්තරේ කියන්න. හැබැයි "Old is Gold" වගේ කුණුහරුප නම් කියාගෙන එන්න එපා! :P

අවසානයෙ සාරාංශ වශයෙන් මෙහෙම කියන්නම්. 4 GBට වඩා ලොකු pen drive එකක් පාවිචිචි කරනවනම් NTFS ක්‍රමයට ආකෘති කරල තියාගන්න. දැන් ලිනක්ස් වලත් NTFS සහය දක්වන නිසා ලිනක්ස් මත ගැටළුවක් වෙන එකක් නෑ. හැබැයි safe remove අනිවාර්යයි NTFS වලදී.

මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නත් වරුවක් ගත කළා මම. මෙයින් කවුරු හරි කෙනෙක් අළුතින් දෙයක් ඉගෙනගනීවි කියා හිතනවා.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

21 comments:

  1. අනේ මංද. FAT බිල්ගේට්ස් ගෙම නිර්මාණයක් හින්ඳ වෙන්ට ඇති.

    අර TOM TOM එක්කත් වලියක් ගිහින් අන්තිමට සමාගමත් ගන්ට උනා නෙ..

    හැබැයි FAT වල පැතිරීම නිසා ගොඩක් තැන්වල භාවිත වීම නම් තියෙනව. 4 GB වලින් ඉහල අයට වෙන අතක් බලාගන්න එක හොඳයි වගේ. හැබැයි කීයෙන් කීදෙනාද ලොකුවට පෙන් තියාගෙන හිටියට 4GB ෆයිල් එකක් හුවමාරු කරන්නෙ ?

    ReplyDelete
  2. මේ ලොකු ෆයිල් කොපි කරන්න බැරි කතාව මාත් අහල තිබුනා.මගේ 4GB නිසා වැඩිය ෆලෝ කරේ නෑ. ඒත් ntfs format කරන විදිය දැනුම් දුන්නට ස්තුතියි.

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. මමත් ඉඳල ඉඳල 8GB Pen Drive එකක් ගත්ත ටික කලකට කලින්. මේන් බොලේ ලොකු file කොපි කරන්න බෑ. දැනුයි ගැටලුව විසඳුනේ.

    ReplyDelete
  4. 32bit මෙහෙයුම් පද්ධති වල උපරිම RAM එක 4GB වන theory එකම (2^32=4294967296) නේද මෙතනදිත් අදාල වෙන්නෙ? ;)

    ReplyDelete
  5. "" (අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා) ""

    ඌ ඉවරයි නේ ;)

    ReplyDelete
  6. @ගයන්ත,
    The maximum possible size for a file on a FAT32 volume is 4 GB minus 1 byte (232−1 bytes). [Source: http://en.wikipedia.org/wiki/File_Allocation_Table#FAT32]
    ---
    ඌ ඉවරයි. ඒත් ඒකා කළ වැඩේ සිංහල බ්ලොග්කරණයේ පැවැත්මට නරක විධියට බලපාන ආරම්භයක්.

    ReplyDelete
  7. එල එල.ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  8. ඕකත් එකක්ද? මං හිතන්නේ සියල්ලටම පොදු විය යුතු නිසා වෙන්න ඇති ;)

    ReplyDelete
  9. අපෝ මතක් කරන්න එපා ඔය වගේ අවුල්....මට උනේ වෙන දෙයක්
    වින්ඩෝස් වල තියෙනවා 4GB වලට වැඩි exe ෆයිල් භාවිතා කරන්න බැරි කතාවක්...දවසක් 6GB ෆයිල් එකක් WinRAR වලින් SFX විදියට දෙකට කැඩුවා...DVD 2 කක ගහගන්න...මෙන්න හෙන පිස්සුවක් උනා...ඔක්කොම හිරවලා..අපරාදේ වෙලාව :(

    ReplyDelete
  10. මම හිතන්නේ windows වලින් format කරන්න ගියාම පෙන්වනේ දැනට ඒ drive එකේ තියෙන file system එකමයි.පොඩ්ඩක්‌ අර ntfs කරපු drive එක ආපහු ගහල format ගිහින් බලන්න.(not tested)

    ReplyDelete
  11. මට නම් ඔහොම ප්‍රශ්නයක් ඇවිත් නෑ.

    "(අපේ දේවල් හොරකම් කරන එකෙක් ඉන්න නිසා පිංතූර watermark කරන්න හිතුවා)"
    ඇත්තටම එය සිදු විය යුතු දෙයක්. එතකොට තවත් බිලොග් හොරෙක් බිහි නොවෙයි.

    ReplyDelete
  12. එළ එළ. හාවගේ කොපියට ස්තූතියි. දැන් ඉතිං හාව පිටේ තමයි යන්නෙ.

    ReplyDelete
  13. @තිලිණ (ගුණසේකර),
    මේක බලන්න: http://img503.imageshack.us/img503/781/default.png
    @Thilina (බුවා),
    ම්ම්ම්... ඒකත් හරි විසඳුමක්ද කියල මට සැකයි. අපේ ගයාන් කල්හාර මලයගෙ 'බ්ලොග් භාරකාර මණ්ඩලය' අදහස හොඳයි.

    ReplyDelete
  14. mata dawas 4-5 kata kalin 9.04 CD ekak awa

    ReplyDelete
  15. සයිට් එක හොඩයි.අලුත් අඩහස් හොඩයි.ඩන්න සිOහලෙන් ඔන්න මගෙන්.

    ReplyDelete
  16. දැන් තව ‍අවුලක් තියෙනවා. NTFS ක්‍රමයෙ තියෙන file permissions නිසා වෙනත් පරිගණකයකින් පෙන් එකට ගොනු පිටපත් කිරීමේ ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැටළුවත් මෙන්න මෙහෙම මඟහරවා ගනිමු:

    මට මේක ගැන හිතාගන්න බැරිව හිටියෙ. දැන් හරි. තෑන්ක්යූ :D

    ReplyDelete
  17. http://blog.indranama.com/2009/04/blog-post_23.html

    Error 404 - Not Found

    Sorry, but you are looking for something that isn't here.

    Original Article: http://blog.indranama.com/2009/04/blog-post_23.html#ixzz0qQuiz9Tv

    ReplyDelete
  18. හ‍රි ගියේ නැහැ. Format couldn't be completed. මගෙ 32 GB Pen එකක් තියෙන්නෙ. NTFS විදිහට ෆෝමැට් වෙන්නෙ නැහැ. කලින් මම මගෙ මැක් බුක් එකෙන් ෆෝමැට් ක‍රපු නිසාද දන්නෙ නැහැ. මේක මාර අවුලක්නෙ. නමුත් FAT32 විදියට ෆෝමැට් වෙනවා..

    ReplyDelete
  19. ලිනක්ස් වලින් format කරන්න පොඩි ට්‍රයියක් දීල බැලුවෙ නැද්ද?

    # fdisk /dev/sdb

    ReplyDelete

Facebook ප්‍රතිචාර