හැම සඳුදාවකම වගේ මම අදත් උදේ පාන්දරම ගෙදර ඉඳලා කොළඹ ආවේ දුම්රියෙන්. සමුද්‍රදේවී නෙමෙයි ඊට කලින් තියෙන ගාල්ලෙන් එක බලවේග කට්ටල දුම්රිය. අද විශේෂත්වය තමයි කලාතුරකින් සමීපව දකින්න ලැබෙන, දර්ශනයක් දකින්න ලැබීම. ඒ සුළු සුළිකුණාටු තත්වයක්.
මේ පිංතූරෙ ගත්තෙ solarnavigator.net අඩවියෙන්. මම දැක්ක දර්ශණයත් ඔය විධියෙමයි. අද මගේ ළඟ ජංගම දුරකථනය නොතිබුණු නිසා සිද්ධිය රූගත කරන්න බැරි වුණා. :(
ඔය පිංතූරෙ පේනවා වගේ එකක් මූදෙ තියෙනවා පැහැදිලිව පේන්න පටන් ගත්තෙ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසු කර ටිකක් දුර ගියායින් පසුවයි. ඈතින් නැව් හා ධීවර යාත්‍රා කීපයක් තිබුණා. අහස තරමක් අඳුරු වෙලා තිබුණා. මම සිද්ධිය හොඳින් බලාගන්න ගියා දුම්රියේ අවදානම් තැනට :-O පාපුවරුවට.
ඔය සුළිය ටික ටික ආවෙ ගොඩබිම පැත්තට. කවදාවත් මේ වගේ දෙයක් දැකල නැති නිසා මටත් මාර මැජික්. අන්තිමේ (කොරළවැල්ලේදී) සුළිය දුම්රිය මාර්ගයට මීටර් 100ක් විතර වෙන්න ආසන්නයට ආවා. ඒ එක්කම ඇති වුණු වැස්සෙන් ටිකක් තෙමෙන්න වුණත්, මොකද වෙන්නෙ කියලා ඇසි පිය නොහෙළා බලාගෙන හිටියෙ මේ අපූරු (සජීවී) දර්ශනය ආපහු දකින්න නොලැබෙන නිසා. සුළිය නිසා මුහුදු වතුර ඉහළට ඇදිල යන හැටි හොඳින් බලාගන්න පුළුවන් වුණා. අපූරුයි -- ටිකක් භයංකරයි. කොහොම වුණත්, දුම්රිය ඉදිරියට ගමන් කරමින් තිබුණු නිසා විනාඩියක පහකට වඩා ඕක දිහා බලාගෙන ඉන්න ලැබුණෙත් නෑ.
ඉන් පසු මොනව වුණාද කියල නම් දන්නෙ නැත! :(
Tornado ගැන හොඳ විස්තරයක් විකිපීඩියාවෙන් බලාගන්න පුළුවන්. ඒ අතරෙ මතක් වුණා සෑහෙන කාලෙකට ඉහතදී බලපු හොඳ චිත්‍රපටයකුත්. Twister (1996).
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴