Saturday, August 7, 2010

Gammu එක්ක මොබයිල් වැඩ කිඩ | SMS කෙළිය

ආ........යිබෝ.........ං........! අර.... ශාකුන්තල කියල එකෙක් හිටියෙ... අන්න ඒකා නින්දෙන් නැගිටලා ඇවිත් තමා මේක ලියන්නෙ... බ්ලොග් සීන් එකෙන් පොඩ්ඩක් විතර ඈත් වෙලා ඉඳලා කස්ටියට මාව අමතක වෙන්න ගිහිනුත් ඇති... තවත් නිශ්ශබ්දව හිටියොත් සින්ඩියෙන් නිළ වශයෙන්ම මාව පන්නන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් දවස් හතරක් නිසා මොකක් හරි තේරුමක් ඇති දෙයක් සටහන් කරල යන්න තමා මේ පැත්තෙ ආපහු ආවේ. :D

මේ බ්ලොග් එක නිතර කියවන අය දන්නවනේ මම ලියන තාක්ෂණික ලිපි වලින් අති බහුතරය ලියැවෙන්නෙ මගේ අත්දැකීම් අනුසාරයෙන් බව. කොපි පේස්ට් නෑ... පරිවර්තන වැඩ නෑ... එකක් දෙකක් හැර අනිත් සියල්ල පෞද්ගලිකව අත්හදා බලා දෙසන ඒවා. නමුත් පහු ගිය කාලේ මම යෙදිලා හිටපු වැඩ කටයුතු වල ස්වභාවයයි තරමයි අනුව මම අදහස් කළා ටිකක් විතර බ්ලොග් ලියන වැඩෙන් ඈත් වෙලා ඉන්න.



මම මීට අවුරුද්දකුත් මාසෙකට කලින් බොහෝම කලබලෙන් Wammu ගැන ලිව්ව පික්ෂු පීකුදු බ්ලොග් සටහන මතක ඇතිනේ... Wammu වැඩකරු වගෙ පෙනුනට මෙතන ඇත්තටම මැච් එක සෙල්ලං කරන්නෙ ඒකෙ backend එක. ඒ කිව්වෙ Gammu. ඉතිං Gammu වලින් ජංගම දුරකථනයත් එක්ක කරන්න පුළුවන් පොඩි පොඩි සෙල්ලං ටිකක් ගැන තමා අද ලියන්නෙ. මම මේකට පාවිච්චි කළේ මගේ (අවුරුද්දක් පට්ට්ට ගහපු) Sony Ericsson K770i දුරකථනය. Sony Ericsson, Nokia ඇතුළුව තව දුරකථන මාදිලි බොහොමයකට Gammu සහය දක්වනවා. Gammu එක්ක පාවිච්චි කරන්න පුළුවන් ජංගම දුරකථන මාදිලි ලැයිස්තුවක් මෙතනින් බලාගන්න පුළුවන්.

කොයි දේටත් කලින් පූර්ව සූදානම තියෙන්න ඕනැ නෙව. ඉතිං මේකෙදි මුල්ම කාරිය ජංගම දුරකථනය පරිගණකයත් එක්ක නිසි පරිදි සම්බන්ධ කරගන්න එක (මේකට අවශ්‍ය දේවල් ගැන සොයා බලන්න මගේ පරණ සටහන කියවන්න). මගේ ලැප්ටොප් එකේ නීලදන්ත ජිල්මාට් නැති නිසා මේවා අත්හදා බලන්න මම පාවිච්චි කළේ USB කේබලය. USB කේබල් එකෙන් ජංගම දුරකථනය පරිගණකයට සම්බන්ධ කරලා මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න.

1. ටර්මිනලය විවෘත කර gammu-config විධානය ලබා දෙන්න.
2. ඔබේ ජංගම දුරකථනයට අදාළ සැකසුම් wammu වෙබ් අඩවියෙහි දක්වා ඇති අන්දමට සකස් කරන්න. උදාහරණයක් ලෙස, පහත දැක්වෙන්නේ Sony Ericsson K770i සඳහා වන සැකසුම්.
  • Port: /dev/ttyACM0 (නිවැරදිව ක්‍රියාත්මක නොවුනොත් 0 වෙනුවට 1, 2 යනාදී වශයෙන් වෙනත් අංකයක් යොදා බලන්න, සමහර දුරකථන මාදිලි සඳහා මෙය /dev/ttyS0 ආකාරයේ විය හැකියි)
  • Connection: at115200 හෝ at19200
  • Model: at
3. දැන් සැකසුම් සුරකින්න.
4. පහත දැක්වෙන විධානය ලබා දීම මගින් ජංගම දුරකථනය හා පරිගණකය නිවැරදිව සම්බන්ධ වී ඇති බවට තහවුරු කරගන්න. හරියන්නෙ නැත්තම් සැලෙන්න එපා ආපහු යන්න මුලට. ගිහිං වෙනින් Port එකක් පාවිච්චි කරල බලන්න.
gammu identify


දැන් තමා සෙල්ලම පටන් ගන්නේ.... Linux command line එකකිං SMS යවන වැඩේ ආතල් එක ඉස්සෙල්ලම ගනිමු.

gammu sendsms TEXT 07xxxxxxxx -text "Hi, I'm sending this with Linux command line. :-\)"

මෙහෙමත් පුළුවන්,
echo "Hi, I'm sending this with Linux command line. :-)" | gammu sendsms TEXT 07xxxxxxxx

Flash SMS සෙල්ලම
Flash SMS වලදිත් යන්නෙ සාමාන්‍ය SMS පණිවුඩයක්මයි. නමුත් ඒක ලබන්නාගෙ දුරකථනයෙ inbox එකට නොයා කෙළින්ම දුරකථන තිරයෙ පෙන්වනවා. බැලු බැල්මට හදිසි පණිවුඩයක්/ USSD පණිවුඩයක් වගේ. Flash SMS එකක් යවන්න නං හරි ලේසියි... ඉස්සෙල්ලා යවපු එකේම අගට -flash කියන එකත් අමුණලා යැව්වනං අහවරයි. මෙන්න මේ වගේ...

gammu sendsms TEXT 07xxxxxxxx -text "Hi, will you please GET OFF OF MY WAY! " -flash
(exclamation නොහොත් බුදු අම්මෝ! මාක් එක පාවිච්චි කරනවනම් ඒකට පසුව එක හිස්තැනක් තියන්න)

ෆියොන්සේට සෝනි ඇරික්සන් EMS තොත්තුවක් :P (නොම්මරය වැරදීමෙන් බයානක ප්‍රතිපල අත් විය හැක... බුහහහහා....!)
gammu sendsms EMS 07xxxxxxxx -text "හායි මයි සුවිට් හාර්ට්" -defanimation 9 -unicode
(-unicode කියන පරාමිතිය පාවිච්චි කරලා සිංහලෙන් SMS යවන්නත් පුළුවන්)
EMS ගැන වැඩි විස්තර මෙතනින් කියවන්න පුළුවන්.

දැං මොකක්ද මේ SMS යැවිල්ලෙන් ඇති වැඩේ හැබෑටම? ඔන්න දැන් තමා හොඳ හරිය පටන් ගන්නේ...
අපේ රටේ තියෙනව නේද අර සුපර් ස්ටාර් ද හොපර් ස්ටාර් ද ආදී මෙකී නොකී රියැලිටි සංදර්ශන... ලංකාවේ SMS හොරඡන්ද ජාවාරම ජයටම කෙරෙන සිස්ටම් එකක් නොවැ ඕක. එක දුරකථනයකින් ඡන්ද කැමති ගණනක් එවන්න පුළුවන් නිසා මෙන්න අවශ්‍යතාවට සැපයුම නොහොත් මල්ටිබැරල් රොකට් ලෝන්චර් ක්‍රමේට SMS යවන සිස්ටම් එක... :D

#!/bin/bash
counter=0
while [ true ]
do
    let counter++
    echo Sending SMS $counter...
    gammu sendsms TEXT number -text vote_code
done

මේක ලිනක්ස් bash script එකක්. පාවිච්චි කරන හැටි මෙතන තියෙනවා... :-)
number කියන එක වෙනුවට රියැලිටි ෂෝ මුදලාලිගේ අංකයත්, vote_code කියන එකට අර ස්ටේජ් එකේ නලියන නංගී දඟර දාලා කියන අංකෙත් (SSS 6 වගේ එක) ආදේශ කරන්න. :P
SMS කැමති ගණනක් යන්නට ඉඩ ඇරලා Ctrl+C යතුරු සංයෝජනය භාවිත කරලා මේක නවත්තන්න පුළුවන්. හැබැයි ඉතිං... මේක නිසා මනී පොකැට්ටුව හිල් වීම සහ දුරකථන සමාගම් මඩිය තරකර ගැනීම සම්බන්ධයෙන් වග කියනු නොලැබේ!

ඕක ප්‍රයෝජනවත් වෙන්නෙ රියැලිටි ෂෝ බුවාලට හොරඡන්ද දාගන්න. උත්සව කාලෙටත් අපේ කස්ටිය ඇස් ඇම් ඇස් යවනවනේ... කොහෙන් හරි එන රෙඩිමේඩ් සුභපැතුම් පණිවුඩයක් තව දන්න සීයකට දෙසීයකට forward කරන එකනෙ අපේ කස්ටියගෙ සිරිත. ඒ වැඩෙත් වැඩිය මාට්ටු නොවෙන්න හරි අපූරුවට gammu වලින් කරන්න පුළුවන්.

රෙඩිමේඩ් කෙටි පණිවුඩ එකින් එක වෙන වෙනම පාඨ ගොනු (text files) වලට සුරකින්න. ඒවා *.sms ආකෘතියට අනුව (.sms file extension) සුරකින්න. ඉන් පසුව ඒ .sms ගොනු තියෙන ඩිරෙක්ටරියෙ ඉඳන් මේ script එක ධාවනය කරන්න. මේ මම ලිව්ව ආදර්ශ script එකෙන් කරන්නෙ බොහොම සරල වැඩක්. ජංගම දුරකථන මෙමරියෙත්, සිම් කාඩිපතෙත් තියෙන දුරකථන අංක ටික ලබාගෙන ඒවයින් හුලංටෙල් අංක ටික පෙරහන් කරගන්නවා. මේ හුලංටෙල් අංක ටික එක ලැයිස්තුවකට (technically an array) එකතු කරගෙන ඒ එකින් එකට කෙටි පණිවුඩය බැගින් යවනවා. හැබැයි යවන්නේ අහඹු ලෙස තෝරාගන්නා පණිවුඩයක්. කොයි කාට කොයි එක යාදෝ කියන්න බෑ. O_o

#!/bin/bash
contacts=`gammu getallmemory SM | grep ^075 | cut -d\" -f2; gammu getallmemory ME | grep ^075 | cut -d\" -f2`
for contact in $contacts
do
    sms=`ls *.sms --file-type | grep -v [*/=\>@\|] | sort -R | head -1`
    echo "Message: "
    cat $sms
    echo "Sending to: $contact"
    cat $sms | gammu sendsms TEXT $contact
    echo
done

මේ දේවල් අත්හදා බැලුවේ මගේ හුලංටෙල් සිම් එකට රුපියල් 99ක් රීලෝඩ් කරලා... ලූප් අත්හදා බැලීම කෙසේ වෙතත් මේක ලියල ඉවර වෙද්දි මගේ ඉන්බොක්ස් එකත් අනවශ්‍ය කෙටි පණිවුඩ වලින් පිරිලා... මම මෙච්චර වෙලා එවන හරියක් එවාගත්තෙ මටම නොවැ! :P

ඉතින් මේ සටහනේ අරමුණ ජංගම දුරකථනය හැසිරවීම සඳහා විධාන පෙළ මෘදුකාංගයක් පාවිච්චි කරලා ලබාගන්න පුළුවන් එක ලොකු වාසියක් පෙන්වා දීම. ඒ තමා ස්වයංකරණය නොහොත් automation. තව තවත් නිර්මාණශීලීව හිතලා මේකෙන් මරු දේවල් කරන්න පුළුවන්.

උදාහරණයක් විධියට, අපි හිතමු යම් කිසි පරිගණකයකට හඳුනා නොගත් IP ලිපිනයකින් කෙනෙක් දුරස්ථව පිවිසෙන මොහොතේම ටුක්! ගාලා SMS එකක් ට්‍රිගර් කරන්ට ඕනෙය කියලා... මේ සම්බන්ධ ලඝු සටහන් /var/log/auth.log කියන තැන තියෙනවා... bash බැරිනං python වලින් පොඩි script කෑල්ලක් අටවගත්තාම වැඩේ ගොඩ!

ටිකක් නිර්මාණශීලීව හිතලා මේකෙන් තව එක එක විධියෙ වැඩ ගන්න පුළුවන්. ඔන්න එහෙනං මං ගියා... aal izz well..!

52 comments:

  1. ගින්දර නේ....කලකට පස්සේ එළකිරි ලිපියක්...
    හැබැයි මේ මොන මගුලවත් මගේ LG KE500 එකට සපෝට් නොකරන එක තමයි වැරැද්ද

    ReplyDelete
  2. ෆට්ට්
    එක දිගට sms යවන ක්‍රමේ හරී ලේසියෙන් කරල නේද?
    කස්ටිය ඕක හදල විකුණන්න කලින් පේමන්ට් එකක් ගත්තනං හොදා
    ;)

    ReplyDelete
  3. සැහ්, මට ඔය wammu වැඩේ හරි ගියේම නැහැනෙ. =( බලමු මේකවත් ට්‍රයි කරල.

    ReplyDelete
  4. @සුසිත,
    හික්.. :D මගෙ පරණ NEC e1108 කට්ටත් එහෙම තමා... මොන මගුලක් එක්කවත් වැඩ කරන්නෙ නෑ.

    @ගයාන්,
    රියැලිටි ෂෝ මට නං පේන්නෙ සිඟිති ආතල් එකක් විධියට... ඕනෙ තරමක් SMS යවාගත්තාවේ... හිස් වෙන්නෙ අපේ පොකැට්ටුව නෙමෙයිනේ... අපි මේවට පේමන්ට් ගන්ට හිතුවොත් උන්ට වෙන්නෙ වස්තරෙත් විකුණන්න තමා.. :P

    @තමීර,
    බලන්ට බලන්ට... මගේ පරණ නෝට් එකත් බලන්න ඇතිනේ.. =)

    ReplyDelete
  5. Tip එකට තෑන්ක්ස්. මම මගෙ huawei e220 එකෙන් sms එකක් දෙකක් යවා ගත්තෙ/බලා ගත්තෙ minicom එක්ක ඔට්ටු වෙලා. තව පොඩ්ඩෙන් මට AT codes නුත් මතක හිටිනවා. වෙලාවට gammu e220 support කරනවා වගේ.

    ReplyDelete
  6. ඒක නෙමේ බං අපිට බැරිද මේක පාවිච්චි කරල පොඩි ඩිස්ට්‍රො එකක් හදන්න. නිකම් සුපර් ස්ටාර් ලිනක්ස් හරි එස් එම් එස් ලිනක්ස් (SMS/Linux) වගේ එකක්. :D

    මේ රිපෝර්ට් ලියන මගුල ඉවර උනු ගමන්ම ට්‍රයි කරල බලන්නම් :)

    ReplyDelete
  7. එළ වැඩක්...

    ReplyDelete
  8. කාලෙකට පස්සෙ අපූරු ලිපියක්.

    පුංචි එකතු කිරීමක්. at කියන්නෙ modem පරිපාලනය කරන්න බාවිතා වෙන command set එකක්. ආදි කාලෙ(සහ අද කාලෙ) internet modems වල ඉදලා gsm modem දක්වා හැම එකකම පාලන කටයුතු වෙන්නෙ at commands වලින්. මාදිලියෙන් මාදිලියට ඔය විධාන ලාවට වෙනස් වෙනවා. gammu වලින් කරන්නෙ ඔය at command භාවිතා කරන්න පහසු ආකාරයට format එකකට දෙන එක. උදාහරණයක් විදිට at චලින්ම SMS එක යවන්න නම් මොඩම් එකට telnet කරලා

    AT+CMGF=1
    AT+CMGW="දුරකතන අංකය" "පණිවුඩය"
    AT+CMSS=1

    ආදි වශයෙන් විධාන දෙන්න ඕනා. පරිගණකයක් නැතුව embedded solution එකක් වගේ හදනව නම් (sms ජන්ද කාරයන්ට පොඩි ගැජට් එකක් :P) ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
  9. සින්ඩියෙන් නිල වශයෙන්බ්ලොග් එකක් පන්නන්න ඔන්න මෙන්න තියෙද්දි (aka. දවස් 10 කට විතර කලින්) සිහි කැඳවීම් SMS එකක් යවන්න ;-)

    ReplyDelete
  10. නියම ලිපියක්. මට පොඩි ප්‍රෂ්නයක් තියනවා. ඔය හුලංටෙල් නම්බර්ස් ෆිල්ටර්කරලා ගද්දි වෙන මොකක් හරි නම්බර් එකක 075 තිබ්බොත් ඒකත් හුලංටෙල් ගොඩටම ගන්නේ නැද්ද? උදාහරනයකට 077-XX075XX මේ වගේ එකක් තිබ්බොත්?

    ReplyDelete
  11. යන්තං ඇති කාලෙකට පස්සේ ඇවිල්ලා. ලිපිය නියමයි.කලින් ලිපිය බලලා මාත් මගේ K750ස ෆෝන් එක කනෙක්ට් කොලා.තැන්කූ වෙන්ඩ ඕන අලුත් දෙයක් කියල දුන්නට.ඇත්තට මේ වගේ සීන් එකක් කරලා අපිට ඔසෙකි වගේ මැසේජ් සර්වරයක් හදාගන්න බැරිවෙයිද ?

    ReplyDelete
  12. ශා...මරු මචෝ. ඩේ හරිගියොත් හොදයි

    ReplyDelete
  13. ගොඩක් ස්තුතියි. නියම ලිපිය.
    අර කිව්ව වගේ ටිකක් කල්පනා කළොත් මේක හුඟක් ප්‍රයෝජනවත් වැඩ කරන්න පුළුවන්.

    ReplyDelete
  14. කාලෙකින් ආවා වුනත් කොල්ලොන්ට හොඳ වැඩක් තමා සෙට් කරලා ගිහින් තියෙන්නේ. අර කිව්වත් වගේ පාරේ අයිනේ පොඩි හට් එකක් ගහගත්තා නං "රියැලිටි කාරයන් දිනවනු ලැබේ" කියලා. ගහතැහැකි sms හිටු කියලා... :ඩී

    ReplyDelete
  15. නියමයිනේ! බොහොම ස්තූතියි තොරතුරට.
    මට පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වැඩසටහනෙන් කරන්නේ SMS යවන එකනේ. SMS ලබාගන්නත් මේ වගේ වැඩසටහන් ලියන්න පුළුවන්ද? ඒ කියන්නේ රියැලිටි වැඩසටහන් වල අදාළ SMS Filter කරලා ගන්නවා වගේ ප්‍රෝගෑම් එකක් ලියාගන්නත් පුළුවන්ද? එහෙමනම් එන SMS වල අන්තර්ගතය කියවලා ස්වයංක්‍රීයව පිළිතුරු සැපයීමේ සේවා නිර්මාණය කරගන්නත් පුළුවන් ඇති නේද?

    ReplyDelete
  16. පිස්සු බෝල බෝල

    ReplyDelete
  17. මෙන්න බොලේ මැජික් :O .....මට නම් ඔය පයිතොං බෑස් කියන එවා ග්‍රීක්..ඒක නිසා අපි ඉතින් මැජික් බලල වත් සතුටු වෙන්නම්කෝ :P

    ReplyDelete
  18. ෂා මරු නේ... නින්දෙන් ඇහැරල දාපු එක මදැයි මාස ගානකට හි හි

    ReplyDelete
  19. මාර ම වටින් පෝස්ට් එකක්..!! උපරිමයි..! පොඩි ට්‍රයි පාරක් දාලා බලන්න ඕනේ..! ස්තූතියි මේ ගැන කිව්වට මලයා..! :)
    ජය ම පතනවා..!

    ReplyDelete
  20. මගේත් තියෙන්නෙ K700i තමයි

    මේක ජනෙල් මෙහෙයුම් පද්දතියට වැඩකරනවද ?

    ReplyDelete
  21. @chanux,
    මේක e220ටත් සපෝර්ට් කියල දැන් නෙ දැක්කේ... :P
    ට්‍රයි එකක් දාල බලන්ට ඕනේ USSD එක්ක පොඩිඩක් සෙල්ලං කරන්න. K770i එකට නං Gammu වලින් USSD යවන එක සාර්ථක වුණෙ නෑ.
    හෙහෙ... minicom එක නං Gammu වලටත් වඩා වැඩකරු නේද?

    @akila87,
    ට්‍රයි කර බලනු පිණිස තමා හැම දේම ලියන්නේ... කැමති වෙලාවට.. කැමති විදියට අත්හදා බලලා අළුත් දෙයක් තියෙනවනං බෙදාගනිමු. :-)

    @indik,
    ටැංකුයි වේවා..! අත්හදා බලන්න චාන්ස් එකක් ආවොත් අතාරින්න එපා.. කරල බලන්න.... EMS තොත්තුව නං මාර ෆන්... හැබැයි මං නං එවාගත්තෙ මටම තමා... :D

    @anthrax,
    ස්තුතියි ඌණපූරණයට සහ දැනුම බෙදාහදා ගත්තට.
    embeded solution වෙනුවට සරල J2ME app එකක් හදන්න පුළුවන් නේද? හැබැයි security exception කොහොම වෙයිද දන්නෙ නෑ... (if it asks for permission to send text messages at each iteration, the whole thing becomes useless)

    @chanaka,
    Request form එකට තවත් field එකක්.. :-|

    @kasunge,
    වරද පෙන්වා දීම ගැන බොහෝම ස්තූති. හොඳ වෙලාවට මේක උත්සව කාලයක් නෙමෙයි. :D
    එහෙම වුණා නං ඉතිං හුලංටෙල් යූත්පැක් දාගෙන මේක එලෙසම අත්හදා බලන අයගෙ පොකැට්ටුව වාස්පයි... :P

    @තීර්ථ යාත්‍රිකයා,
    Kalkun පාවිච්චි කරලා බලන්න...
    http://kalkun.sourceforge.net/

    @දුෂාන්,
    ඔව් ඔව්, කරල බලන්න... කමාන්ඩ් ලයින් එකෙන් SMS යවන එකත් මාර ආතල් වැඩක්.. :P

    @thiraya,
    ඔව් ඔව්.. ජස්ට් රන් gammu --help # :D

    ReplyDelete
  22. @Ansh,
    එළස්! කවුරුහරි දන්න කියන ඉස්ටාර් කෙනෙක් හිටියොත් ේක පෙන්නන්නකෝ... :)

    @කුෂාන්,
    ඔව් ඔව්.... බලන්න ඕනේ ඉන්ටර්න්ෂිප් ඉවර වෙලා මොකක් හරි එහෙම එකක්වත් අටවගන්න... එක්ස්ඩී

    @Shiroshan,
    මම අත්හදා බැලුවෙ නම් නෑ... ඒත් අනිවාර්යයෙන් පුළුවන් වෙයි. Regular expressions පාවිච්චි කරලා ලොකු ජිල්මාට් එකක් දාන්න පුළුවන්.
    ජස්ට් ඉස්ටාර්ට් විත් gammu --help sms

    @Anonymous,
    ඔව් ඔව්.... බෝල බෝල........ ;)

    @deeps,
    අනෙ අම්මෝ මැජික් නොවේ..... මැජික් කියන්න පුළුවං දෙයක්ද මේක? O_o
    ඒක නෙමෙයි... දැං මොකො බ්ලොග් ලියන්නෙ නැත්තේ? :(

    @Prabhath,
    හෙහෙ.... බ්ලොග් අවකාශේ ටිකක් නින්ද ගියාට මොකද පහුගිය කාලේ හොඳහැටි හිරවෙලා හිටියේ.... :S

    @මුචලින්ද,
    කරල බලහංකෝ.... :)

    @LishWish,
    ස්තුති වේවා අයියා....! කොරලා බලන්ට..... :)

    @DarKneT,
    මගේ K700i නෙමෙයි K770i.
    ඔව්, ජනෙල් මෙහෙයුම් පද්ධතියට මේ හැම දේම වැඩ... හැබැයි bash script දෙක හැර.
    /dev/ttyACMx වෙනුවට COMx වගෙ එකක් දෙන්න වෙයි..... වැඩි වෙනසක් නෑ. මම මේක ලිනක්ස් පාදක කරගෙන ලිව්වෙ මගෙ එදිනෙදා මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් නිසා සහ bash script වලින් වැඩ කරගන්න එක පුදුම හිතෙන තරමට පහසු නිසා.

    ReplyDelete
  23. මම වැඩ ගන්නේ wammuගෙන් විතරයි. terminal භීතිකාව. :P වැදගත් ලිපියක්!

    ReplyDelete
  24. @CD Athuraliya,
    බිය නොවනු සබඳ... ටර්මිනලයෙන් වැඩ කිරීම සමහර අවස්ථා වල මූසිකය හොල්ල හොල්ලා දඟලනවාට වඩා පහසුය... :D

    @kasunge,
    අහ්.... කියන්න අතමක වුණානේ... වරද නිවැරදි කළා එවෙලෙම.... 075ට කලින් පුංචි තොප්පියක් දැම්මා.... දැං හරි... :)

    ReplyDelete
  25. මම මේ විදිහේ දෙයක් හොයා හොයා හිටියේ මචං! තොරර්හුරු වලට ස්තුති වේවා!

    ReplyDelete
  26. හරිම වැගත් ලිපියක්,

    ස්තුතියි....!!!

    ReplyDelete
  27. මේ ගැජමැටික් වැඩ මට නොතේරුණාට මොකද ඕවා අවශ්‍ය පිරිසක් ඉන්නව නොවැ. ඒ නිසා බොහෝම වැදගත්.

    ReplyDelete
  28. අෆ්ෆා...මම නම් උබ දැක්කා හික්කඩුව හරියෙදි :P :P

    මරු ලිපිය කරලා බලන්න ඔනේ :D Wammu වලින් කරන්න බැලුවා...අනේ මගේ ජන්ගමයා ගන්නේ නැහැ නෙවැ...අපිට ඉතින් මැස්ජ් එකක් යවාගන්න අතේ සතේ නැති කොට. මැසෙජ් දෙක තුනක් යවන්නෙ අහවල් එකකටයැ :D උපේකා නංගි වගේ සුපර්ස්ටාර් කෙනෙක් උන්නනම් ඔන්න මැසෙජ් 7-8ක් දාන්නවත් තිබ්බා :D

    ReplyDelete
  29. නියමයි. කෝ මේ like බටොං එකක් නැතෙයි

    ReplyDelete
  30. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා එහෙනම. ඹොකො වෙලා තිබුනේ

    ReplyDelete
  31. ඇත්තම ශාකුන්තල මම shell scripting ගැන හොදටම දන්නේ නෑ. command 2 -3 දාලා පොඩි ඒවා තමා මම හදන්න දන්නේ :) :). tail command එකෙන් filter කරද්දි ^(තොප්පිය) දැම්මාම හැබෑටම මොකෝ වෙන්නේ?

    ReplyDelete
  32. නියම පෝස්ට් එකක්නේ...ශාකුන්තල අයියා කාලෙකට පස්සේ ලිව්වට මොක්ද මේ තියෙන්නේ එල පෝස්ට් එකක්...තැන්කූ කිව්ව ඔන්න..ඒත් ඕව ටෙස්ට් කොරන්න කලින් මගේ පෝන් එකට සොෆ්ට්වෙයාර් දාගෙන ඉන්න එපායැ..:[ :( ...

    ReplyDelete
  33. මේකෙන් කරන්න පුළුවන් තව වැඩක් මතක් වුණා. ඒ වුණාට ඒක නොකියා ඉන්න එක හොඳයි වගේ.

    ඕනෙනම් පොඩි ඉඟියක් දෙන්නම්කො.
    පහුගිය දෙසැම්බර්/ජනවාරි, මාර්තු/ අප්‍රේල් කාල මතක් කර ගන්නකො ;-)

    ReplyDelete
  34. @Jeewani,
    ස්තුතියි යාළු... මම හිතන්නෙ ඔයා මේ පැත්තෙ ආපු පළවෙනි වතාව. :-)

    @nadee,
    ඇත්තෙන්ම මේ සටහන ලිව්වෙ ආදර්ශනයක් විධියට. මගේ මේ කමෙන්ට් එකට උඩින් කමෙන්ට් එකේ තියෙන්නෙ පොඩි හින්ට් එකක් මේක අවශ්‍ය තවත් පිරිසක් ගැන... :P

    @Bunny,
    ඇයි උඹ මක්කටෙයි හික්කඩුව පැත්තෙ ආවෙ? බීච් එකේ වෙන මොකක් හරි ඉස්ටාර් එකක් බලන්න නේද? :P :P
    කියමු බලන්න ඔය ජන්ගමයාගෙ නමයි උප්පැන්නෙයි.... මෙතනින් බලාගන්න පුළුවන් සපෝර්ටඩි ද කියල.

    @තිලිණ,
    අපෙ ඔපීසියෙ ලයික් බ්ලොක් කරල නෙව... ලයික් වෙනුවට පොල් ගෙඩි සයිස් අකුරෙන් එනවා ERROR කියල. ඒ නිසා ලයික් නෑ... :P

    @දුමින්ද,
    හෙහේ... :D වැඩ රාජකාරි තමා ඉතිං... :P

    @kasnge,
    ^ = begining of the line
    $ = end of the line
    අවබෝධ වුණා ද?

    @Gangster,
    පෝන් එකට සොෆ්ට්වෙයාර්? ඒ මොකො? ඒකත් කෙළ කොරගත්තද? O_o

    @Chanaka,
    වඳුරන්ට දැලිපිහිය... :D

    ReplyDelete
  35. මේක ජනෙල් මෙහෙයුම් පද්දතියට වැඩකරනවද ?

    ReplyDelete
  36. @HacKrisH,
    Gammu වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය එක්කත් වැඩ. ඒ බව ඉහත කමෙන්ට් එකකුත් මා කියා ඇති.

    ReplyDelete
  37. win 7 ekata weda tha meka

    ReplyDelete
  38. @Anonymous,
    මම පරීක්‍ෂා කළේ නැහැ. නමුත් Windows 7 සමග පාවිච්චි කරන්න බොහෝ විට පුළුවන් ඇති. බැරි වුණොත් Run As Administrator හරි Compatibility Mode හරි භාවිත කරල බලන්න.

    ReplyDelete
  39. ඩෝං පුතා කිව්වලු !!!! හික්ස්,
    මගෙ සෝනි එරික්සන්k770i එකේ මෙච්චරකල් ඉතුරුවෙලා තිබ්බ හුලංටෙල් මැස්සො රොත්තට දැන් දෙවි පිහිටයි. :P
    දෙන්නම් සම්බෝලේ. :D
    ශාකු ඔයාගෙ හුලංටෙල් එකත් පොඩ්ඩක් කිව්වනම්. ;)
    විස්තරේ කිව්වට ගොඩාක් ස්තුතියි හොදේ. :)

    ReplyDelete
  40. all iz well...එකෙත් හැටි නේද අපි කැම්පස් වල හින්දමද නැතතං අපිත් වයිර්ස් ල වගෙ VC ල එක්ක සයිලන්සර් ල වගෙ නොවී රැම්චො ල වගෙ වෙන්න උත්සාහ කරන හින්ද ද කොහෙද අපිට් මේ ෆිල්ම් එක මෙච්චර වැදුනෙ...

    ReplyDelete
  41. අනේ මංදා බං... මං හිතන්නෙ අපි නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
  42. හපෝයි මේ පොඩි ටයිපින් මිස්ටෙක් එකක් මගෙත් K770i තමයි

    මටත් මේ දැන් තියෙන ෆෝන් එකේ වෙනසක් දකින්න ඔනේ වෙලා තියෙනේ

    පැචින් වගේ වැඩ කෑලි එහෙම දන්නව නම් පුලුවන් නම් පොඩි පොස්ට් එකක් දාන්න

    ReplyDelete
  43. තැන්කූ වේවා... මමත් කොරලා බැලුවා... නියමයිනේ..

    ReplyDelete
  44. hapoyi ayye...
    mata meka weda kare nane...help ekak dennakoooooooooooo
    mage laga thiyenne huawei 1552 modenm ekak mata eken ussd yawanna one nisayi try kale eth hari giye na...ekata wena kramayak hari kiyannako

    ReplyDelete
  45. ස්තූතියි අයියේ......! එළ.................

    ReplyDelete
  46. කොක්ක wammu gammu දෙන්නම ඩොනා ඉන්ටනෙට් කනෙක්ට් කරල තියෙද්දි device busy කියල යකා නටන එකනෙ

    ඇඬෙනව අප්ප

    ReplyDelete
  47. sakunthala ayya apita linux distroes ekak hadana hati kiyala denawako

    ReplyDelete
  48. මම මේ ලිපියට ගොඩක් කැමතියි.shell scripting එක නිසායි ගොඩක් කැමති. අයෙත් බලලා යන්න හිතුනහින්දා ආවා. තව ලිපියක් ලියමු නේද ඉක්මනටම?
    ජය වේවා !!

    ReplyDelete
  49. ලියන්න නම් ඕනේ ඒත් කෝ වෙලාව? :)

    ReplyDelete

Facebook ප්‍රතිචාර