Sunday, January 19, 2014

CV එක පිළිවෙලකට හදමු

Image courtesy: mathieuloiseau.deviantart.com
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් අවුරුදු දෙකහමාරක විතර අත්දැකීම් අනුසාරයෙන් කාටත් වැදගත් වෙන දෙයක් ලියන්න හිතුණා. උපාධියක් හදාරණ කෙනෙකුගෙ ඊළඟ අරමුණ රැකියාවක් සොයා ගන්න එක. තොරතුරු තාක්ෂණ උපාධි කරන අයගෙන් නම් වැඩිම පිරිසක් (මාත් ඇතුළුව) තෝරාගන්නෙ තොරතුරු තාක්ෂණ කර්මාන්තය - පුරුදු විදිහට කිව්වොත් IT industry එක.

මේ අයට ඊළඟට මුහුණදෙන්න වෙන අභියෝගය තමයි ‘හොඳ‘ රැකියාවක් සොයාගන්න එක. ඔය කිව්ව ‘හොඳ‘ එක එක පුද්ගලයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් අනුව වෙනස් වෙනවා. කොහොම වුණත්, කෙනෙකුට තමන් බලාපොරොත්තු වෙන රැකියාවම ලබාගන්න නම් අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන first impression කතන්දරයෙ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. කෙනෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් යම් ආයතනයකට මුලින්ම යවන්නෙ CV එකක්. ඒක කියවලා බලන කෙනා අයදුම්කරු ගැන හැකිතාක් හොඳ චිත්තරූපයක් මවාගන්න ආකාරයට CV එක හදල තිබුණොත් සම්මුඛ පරීක්ෂණයකට කතා කරයි. නැත්තං අවුට්.

CV එක පිළිවෙලකට වගේම නිරවුල්ව තියෙනවා නං ඒක කියවන කවුරු වුණත් ආසයි. නමුත් අවාසනාවකට මෙතෙක් මගේ අතට ලැබිලා තියෙන CV වලින් වැඩි හරියක තත්වය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මම මේ කියන්නෙ internship සහ උපාධියෙන් පස්සෙ පළවෙනි රැකියාවට අයදුම් කරන අය ගැන. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.

Thursday, January 16, 2014

PL/SQL වැනුම

සෑහෙන කලකට පස්සෙ තාක්ෂණික සටහනක් ලියන්න හිතුණා. මගේ රැකියාවේ හැටියට බොහොමයක් අළුත් දේවල් අත්හදා බලන්න ඉඩ ලැබුණත්, මගේ රුචිකත්වය අනුව අත්හදාබැලීම් වල යෙදෙන්න තියෙන නිදහස කැම්පස් යන කාලෙ තිබුණ නිදහසට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා තාක්ෂණික සටහන් ලිවිල්ල සෑහෙන අඩු වුණා (නැත්තටම නැති වුණා). බයික් ගැන බ්ලොග් සටහනක් ලිව්වෙ ඒ ගැන යමක් කමක් අත්හදා බලන්න නිදහසක් ලැබුණු නිසා. 2013 මට තරමක් කරදර සිද්ධ වෙච්ච වගේම ගොඩක් වැඩ අධික අවුරුද්දක් වුණු නිසා 2013 අවුරුද්දම මගේ බ්ලොග් එක නිහඬයි. 2014 අවුරුද්දත් එහෙම වෙන්න එපා කියල හිතාගෙනම මගේ ඩේටාබේස් අත්දැකීම මෙසේ සටහන් වන වගයි. :-)

මේක තාක්ෂණික සටහනක්. Database ගැන අත්දැකීම් නැති අයට, IT නොකරන අයට මේක නොතේරෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. මේක අණ්ඩර දෙමළ වගේ කියල හිතුණොත් මගේ මෝටර්සයිකල් ටුවර් එක ගැන කියවන්න. :)