Tuesday, April 21, 2009

බයිට් කිරීම

ඔන්න දවසක් මළ ගෙදරක නයිටක් ගහන්න (රැය පහන් කරන්න) කොල්ලො සැට් එකක් සැට් වුණා෴ මුං හැම එකා ගාවම තියෙනව මොබයිල් ෆෝන්... ඉතිං කම්මැලි කමටත් එක්ක පොඩි ආතල් එකක් ගන්න මුන් ටික කළේ තමන් අතේ තියෙන ෆෝන් වලින් කෙල්ලන්ට කෝල් දිදී බයිට් කරන එක෴ නිකං නෙමේ බයිට් කරන්නෙ... ස්පීකර් ෆෝන් හෙවත් ඉලව්ස්පීකර් දාගෙන෴ ඉතිං තම තමන් දන්න අඳුනන කෙල්ලො ඔක්කොම බයිට් කරලත් මුන්ට මදි෴

එකෙකුට හිටි ගමන් උගෙ ගැන් එකේ සිරා ඩයල් එකක් මතක් වුණා෴ (ඌ මළගෙදර සෙට් වෙලා හිටියෙ උගේ නිළ ගැන් එකත් එක්ක නෙවෙයි)

"අඩෝ %^&*^^, අපි මේ මළගෙදරක ඉන්නේ... උඹ දන්න කෙල්ලෙකුගෙ නම්බර් එකක් තියෙනවනං එවපන් බයිට් කරන්න."

"කොහෙද බං මළගෙදර? අපේ ගැන් එකේ............."

"නෑ බං මේ අපේ ගෙවල් පැත්තෙ එකක්. මෙතන අපේ එවුන් නෑ එකෙක්වත්... උඹ දන්න නම්බර් එකකුයි නමයි වයසයි ගහල ටෙක්ස්ට් කරපන් ඉක්මනට.."

"එළ එළ! එළ සිරා බයිටක් තියෙනව... මං එවන්නං...."

"එළකිරි!"


මෙ කී සිරා ඩයල් එක වනාහි සට කපට උපායෙහි අති දක්ෂ වූද... ආතල් දීම අතින් ගැන් එකේ හෙවත් ස්වකීය කල්ලියේ හොඳ නමක් දිනා සිටින්නා වූද... අමුතුම ආරක ඩයල් එකකි෴ මොහු සතුව කෙල්ලන්ගේ දුරකථන අංක කීපයක් ම තිබුණත් ඔහු නොවේ ඒවා වෙනකකුට ලබා දීමට කැමති වූයේ෴ ඒ එක දු කෙල්ලක වත් මල් කඩන, පැණි හලන, නිතර SMS කොටන හෝ වෙනත් නාස්තිකාර ජාතියක කෙල්ලෝ නොවූහ෴ ඔහුට ද එවන් බොළඳ වැඩ සඳහා නාස්ති කරන්නට කාල වේලාවක් ද නො වීය෴ ඇත්තෙන් ම මොහු කී 'සිරා බයිට' කුමක් දැයි දැන ගැනීමට අපි කතාවේ ඉතිරි හරිය කියවමු෴

ඔන්න ඉතිං කොල්ල දස්සයා... ඉක්මනට ගත්ත කෝල් එකක් ස්වකීය මලනුවන්ට... යාළුව කතා කරල කළ ඉල්ලීම ගැන මලයා දැනුවත් කළ අයියා මලයාට නියම උපදෙස් ටිකක් දුන්නා...

ඊට පස්සෙ අයියා යාළුවට SMS එකක් කෙටුව මෙහෙම:
Name Ishani
Age 19
No 078*******

දැං හරි!

මෙතැන් සිට සහෝදර සමාගමේ සිදු වූ කතා බහ ට වඩා යාළු මිත්‍ර සමාගමේ සිදු වූ කතා ටික සඳහන් කිරීම වටී෴

***

"ආ... මචං සුභ අළුත් අවුරුද්දක් වේවා!"

"එසේම වේවා මචෝ!,... මොනවද අළුත් තොරතුරු ඉතිං?"

"අඩෝ.. උඹ දන්නෑනෙ අපි අර කෙල්ලට සිරා බයිටක් දුන්න.. ඒකිට ඒක මීටර් වෙන්නත් ගියා... කෝම හරි නියමෙට දුන්න බයිට"

"ආ... ඇත්තද? කියපංකො බලන්න... මොකද වුණේ?"

"පට්ට යකෝ... අපි කිව්ව අපි මේ............."

"හෝව් හෝව්... පොඩ්ඩක් ඉඳපන්.... මෙන්න බලපන්.."


එසේ කියූ ආතල් 'ඩයල්' එක සිය මිතුරාට අසන්නට සැලැස්වූයේ ස්වකීය පරිගණකයේ කොහේ දෝ කොනක තිබූ ශ්‍රව්‍ය මාධ්‍ය ගොනුවකි෴ තත්පර දහයකුදු ගත වීමට මත්තෙන් 'ආතල් දෙන්නා'ගේ ඇඟට පිනූ බයිට් කරු "අඩෝ.... උඹ මේ මොන ^%$&^%ද කරල තියෙන්නේ.... කොහොමද කියපං තෝ අපි කතා කරපු ඒව රෙකෝඩ් කළේ...." කියමින් මල්ලව පොරයේ ශිල්ප දක්වන්නට විය෴ ඒ කෙසේ වීද යත් සිය පරිගණකය බේරා ගැනීමට ආතල් දෙන්නා හට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය෴

"යකෝ තෝ දන්නවද කවුද කියල මේ?... උඹ කෙල්ලෙක් කියල හිතාගෙන කතා කළේ අපේ මල්ලිත් එක්ක... උඹ තමයි අන්තිමේ බයිට..."

"මොකක්... වෙන්න බෑ... මේ උඹේ කෑල්ල නේද?"

"නෑ යකෝ... අපේ මල්ලිට ‍පුළුවන් යකෝ හොඳට අනුකරණය කරන්න... තෝ පැණිය රැවටුණා..."

"අඩෝ &**%%& මට නං විශ්වාස නෑ"

"දැන් කෝල් එකක් අරං බලපිය ෂුවර් නැත්තං"

"මං නං ඒත් විශ්වාස කරන්නෑ..."

"ඒත් විශ්වාස නැත්තං *&*& ^&^*^* ^&$%&^ මූදට පැනපං... මොකද කියන්නෙ මං දානව මේක බ්ලොග් එකේ"

"උඹට ඕන ^%^&^( කරගනිං.... මං යනෝ බං...."


ඌ කැපුනා.... උගේ අවසරය ඇතුව ඔන්න බ්ලොග් එකේ දැම්මා.... කෝමද වැඩේ?

* පාඨක ඉල්ලීම සලකා බලා... දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසරය ඇතිව මෙන්න බාගෙන අහන්න [392 KB]. රහස්පදය gigabyte.
මේවා සංස්කරණය නොකළ හඬ ගොනු බව සිහි තබා ගන්න (headphone එකක් පාවිච්චිය නිර්දේශිතයි)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

33 comments:

  1. හයියෝ... මාර සීන් එක. අර මලය කෙල්ලෙක් වගේ කතාව දාල හොඳට නේද? හික් හික්..

    ReplyDelete
  2. එල එල.. මේක බයිට් කරන්නා බයිට් වේ කතාවක්නේ. හැබයි අයිය වැඩකාරයා.

    ReplyDelete
  3. අනේ බන්... මෙහෙම ගියොත් උඹ කොමෙඩි ඉස්ටාර් යයි. තව හොඳට ජෝක් ටිකක් දාපන්කෝ අපේ මල්ලිලාට චූ යනකම් හිනාවෙන්න

    ReplyDelete
  4. දැන් මෙතන බයිට් වූ‍වේ යැයි කියන පොර උඹ නෙ‍වෙ නම් ඒ ඇති.

    ReplyDelete
  5. @ech,
    අර මල‍ය නෙමේ බං ඒ අපේ මලයා...

    @ගයාන් තාරක,
    ඔව් ඔව්... ඒකා නිවන් දැක බුදුන් දකින ජාතියෙ ඩයල් එකක්.

    ReplyDelete
  6. පැණි පතිApril 21, 2009 at 11:40 PM

    පට්ටයි...පට්ටයි... ඒත් කවුද මේ මම නොදන්න පැණිය? මට අභියෝගයක් වෙයිද?

    ReplyDelete
  7. කලු ලියුම් කරන්නේ නම් මැනවි.. හොඳ ගණනක් කඩා ගත හැකැ,

    අලුත්ම පුරස්ථාපිරුල

    ශාකුන්තලගෙන් බයිට් කිරීමට නම්බර් ඉල්ලුවා වාගේ

    ReplyDelete
  8. hikiszz! මරු වැඩේ ඒක නම්..!

    ReplyDelete
  9. බයිට් කරු බයිට් වේ. බලාගෙන කවදහරි දන්නෙම නැතුව උඹවත් මෙහෙම බයිට් වෙයි. හික්...

    ReplyDelete
  10. @නාමල්,
    එල එල :)

    @පැණි පති,
    නෑ නෑ ඒකා උඹ තරං කෙල්ලො අස්සෙම ඉන්නෙ නෑ.

    @ඩිලාන්rf,
    :)

    @ගයාන් කල්හාර,
    එසේ යැ. එය සලකා බලමි. මන්ද යත් ශ්‍රව්‍ය මාධ්‍ය ගොනු තුනක් ම මා සතුව ඇති බැවිනි. අදහස මා වෙත ලබා දීම නිසාවෙන් ඔබටත් ගාණක් කඩා ගත හැකැ.

    @malee_msg,
    මරු නේන්නම්... එදා සිරාම ආතල් එකක් ගත්තෙ අපේ ගෙදර කස්ටිය... ඒ රෙකෝඩින් අහලා..

    @ම,
    එළ එළ

    @Thilina,
    කියන්න බෑ ඉතින්. ඒකත් වෙන්න පුළුවන්. කෝකටත් මේ‍කෙ උණුසුම පහ වෙනකං සේප් එකේ ඉන්න ඕන. ;)

    ReplyDelete
  11. ආහ්! මේක ශාකුන්තල අයිය‍ගෙම ව්‍යාපෘතියක්ද එතකොට? :D :P

    ReplyDelete
  12. කතා දෙපාරක් කියෙව්ව හරියට තෙරුන් ගන්න. පට්ට කතාව. ඒ උනාට ටිකක් අපැහදිලි. අර කියූ ආතල් ඩයල් එක හා මල්ලි ඔබ හා ඔබේ මල්ලි නේද? අර බයිට් වූ පුද්ගලයාගේ අකමැත්තක් නැත්තම් හා සම්බන්ධ පුද්ගලයන්ගේ පෞද්ගලිකවට අවුලක් නැත්තම් රෙකොඩ් කරපු එක DL කරගන්න අවස්ථාව ලබාදෙන්න. :)

    ReplyDelete
  13. @ගයන්ත,
    නැතුව නැතුව? මේකට කියන්නෙ ස්ථානෝචිත මොකක්දෝ එක කියලලු :P

    @ChuttaFX,
    ඔන්න මම බ‌ලාපොරොත්තු වුණ තාලේ ප්‍රතිචාරයක්. මේකනේ... මම රසකතා ලියන්න එච්චර දක්ෂ නෑ. ඔන්න මට හිතන්න දෙයක්. බොහෝම ස්තුතියි අඩුපාඩු පෙන්නල දුන්නට.

    ඉල්ලීම ගැන: අපේ මලයගෙන් නම් අවුලක් නෑ. ඒත් බයිට් වෙච්ච එකා කැමති වෙයිද දන්නෑ. අහල බලන්නම්. :)

    ReplyDelete
  14. ඔය වගේ වැඩක් අපි කොරා සීතා කියලා කියලා කෙනෙක් එක්ක සෙට් වෙච්චි. රාම විදිහට කොරේ.

    ReplyDelete
  15. @All,
    ඔන්න දුරකථන සංවාදයට අදාළ දෙපාර්ශ්වයේම අවසර ඇතුව දුරකථන සංවාදයෙ බාගැනීම පළ කළා. බ්ලොග් සටහනේ අග බලන්න. එතන download link එකයි password එකයි දාල ඇති. හැබැයි පරිස්සමෙන්... සංස්කරණය නොකළ මෙව්වා...

    ReplyDelete
  16. හිකිස් නම්බරේ තියෙන්නෙ අපිට බයිට් කරන්නද?.

    කෝ ඉතුරුවා? අර 45කිලෝ බයිට් එකෙන් පස්සෙ ?

    4න් එකේ කොහොම උනත් ස්පීකර් දැම්මාම නම් මේ කතාකරන්නෙ කොල්ලෙක් කියල තේරෙනව. අවුලක් නෑ මළගෙවල් ඇතුලෙ ඔව්ව තේරෙන්නෙ නෑ නොවෑ

    ආ අපරාදෙ එකම ෆයිල් එක දෙපාරක් දාලා.

    ReplyDelete
  17. ආ අපරාදෙ එකම ෆයිල් එක දෙපාරක් දාලා.යන්න මගේ ප්ලේයරයේ වැරැද්දක් නිසා සිදුවූවකි
    සිදුවූ කණගාටුවට අපගේ බලවත් ප්‍රමාදදෝශය ප්‍රකාශ කරමි

    ReplyDelete
  18. "ඉතින් ඔයා එයාටෙල් නම් කොහොමද ඩයලොග් සිම් එකකින් කතා කරන්නේ?" හික් හික්...කවුද දන්නේ නෑ අන්තිමට බය්ට් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  19. ඕහ්! අලි සහ හරක් මදිවට ඕඩියෝ ක්ලිප් :P
    නරකමත් නෑ වැඩේ..

    අහලම බලමුකො :)

    ReplyDelete
  20. ඔන්න නම්බර් අයින් කළා... බයිට් වෙච්ච එකාගෙන් මට ගුටිකන්න බෑ ඕව දාලා...

    @ගයාන් කල්හාර,
    ඌව බයිට් කරන්න එපෝ... අහිංසක කොල්ලා. නිදිමතේ කවුද බං ඕවයෙ හරි වැරදි හොයන්නේ...?

    @deeps,
    ඒකනෙ කලින්ම Thilina කියල තියෙන්නේ... මේක බයිට් කරු බයිට් වේ කතාවක් කියල. ඌ හිතං හිටියෙ ඉෂානි බයිට් කියල. ඒ වුණාට ඌට දැනුණෙවත් නෑ තමන්ට වඩා අවුරුදු 3කින් බාල පොඩි කොල්ලෙක්ගෙන් බයිට් වෙනව කියල... ඒ නිසා ‍මේක නියම බයිටක්.

    @ගයන්ත,
    හොඳා හොඳා!

    ReplyDelete
  21. ස්තුති වේවා බයිටෝ!

    ඔන්න මම ප්‍රචාරකයක් දුන්නා. කුලීය දිපංකෝ!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. අහ් එළනෙ. DL ලින්ක් එක දාල. තෑන්ක්ස් වෙන්න ඕන. ඔය password එක මම ටික කාලයක් gmail account එකකට දාලා තිබ්බ. ඕන කෙනෙකුට හිතෙන password එකක් වගේ. හොද වෙලාවට මාරුකරේ.

    ReplyDelete
  24. අය්යෝ මේවත් බයිට් ද?

    ReplyDelete
  25. haffa munge kan ahen nadda manda mechchara byte wenne !Anyway nice byte !

    ReplyDelete
  26. හපොයි ඉල්ලන් බයිට් වීමක්නෙ...
    අද නම් කියවපු බ්ලොග් ගොඩක් බයිට් කතා, කොහොම හරි මට නිදියන්නත් නෑ මේවා කියෝ කියෝ ඉදලා ;)

    මරු අයියයි මලයයි...

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. උඹලා මන්ද බුද්ධිකයොද බං? එහෙම නැත්නම් කුජීත ලෙස ජාන විකෘති වෙච්ච ශ්‍රවන රෝග තියද?......
    ඔය ක්ලිප් එක අහද්දි හොඳටම තේරෙනවා කටහඬ වෙනස් කොරලා කතා කරන බව

    ReplyDelete
  30. සටහන ගැන? දන්න සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ප්‍රතිචාරයක් සටහන් කරලම යන්න. (හැබැයි කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා)

    ReplyDelete

Facebook ප්‍රතිචාර