Thursday, April 9, 2009

ඊ මේල් ශ්‍රී ලංකා - සපෑම්කරණයේ නවතම ක්‍රමෝපාය

ඊයෙ මට මරු ඊ මේල් එකක් ලැබිල තිබුණා. Google Groups වලින් ඒක ඇවිත් තිබුණේ. මාව ඊ මේල් ශ්‍රී ලංකා කියල Google Group එකකට එකතු කරල ලු. ඒ Google Group එකට මාව එකතු කරල තිබුණෙ මම දන්න කෙනෙකුත් නෙවෙයි. මේ තියෙන්නෙ මට ආපු ඊ මේල් එක:



දැන් පේනව නේද මේක මොකක්ද කියල. මේ Group ඔක හදපු අය කරන්නෙ විද්‍යුත් තැපැල් ලිපින එකතු කරන එක. ඔය රූපයෙ නිල් පාටින් සලකුණු කරල තියෙන විද්‍යුත් තැපැල් ලිපිනය මම දන්න එකක් නෙවෙයි. ඒක දැක්කම ඕන කෙනෙකුට හිතාගන්න පුළුවන් මේක group එක වෙනුවෙන්ම හදපු විද්‍යුත් තැපැල් ලිපිනයක් කියල. මම දන්න හඳුනන කෙනෙක් නම් කීයටවත් මෙහෙම කරන්නෙ නෑ. මම නිකමට About this group පැත්තේ ගිහින් බැලුවා. මේ ලියන මොහොතේ සාමාජික සංඛ්‍යාව 11658ක්! අපේ ‍රටේ ඊ මේල් forward කරන අයගෙ තරම හිතාගන්න පුළුවන් නේද දැන්. Foraward කරන ඊ මේල් වලින් තමයි ප්‍රධාන වශයෙන් මේ අය ලිපින එකතු කරන්නේ. SBU එකටත් ඉන්නෙ සාමාජිකයො 548යි. ලිපින 11658ක් මගේ විද්‍යුත් තැපැල් ලිපිනය වගේම අනවසරයෙන් එකතු කළ ඒව බව දැන් පැහැදිලියි. මේකත් හොඳින් බලන්න:

Anybody can view group content
Only managers can view group members list
Anyone can join
Only managers can create and edit pages
Only managers can upload files
Announcement only
ඔය දැනුම් දීම් පමණයි කියන්නෙ වෙළඳ දැන්වීම් වෙන්ට ඕන නේද? :D

අපේ රටේ අන්තර්ජාලය පාවිච්චි කරන අයගෙන් බොහොමයක් දෙනා තමන්ගෙත් අනුන්ගෙත් පෞද්ගලිකත්වය ගැන උනන්දු නැහැ. ඒ වගේම අළුත් තාක්ෂණයත් එක්ක ඔට්ටු වෙද්දි තමන්ගෙ අයිතිවාසිකම් ගැන උනන්දුවකුත් නැහැ. ටිකක් හිතන්න, ඔබේ ගෙදර ලිපිනයට කවුරුහරි දිගට හරහට වෙළඳ දැන්වීම් එවන්න පටන් ගත්තොත් ඔබට ඒක හිරිහැරයක් නොව් ද? ඒ වගේමයි, අත්‍යවශ්‍ය පණිවුඩයක් යවන්න/ ලබාගන්න තියෙන විද්‍යුත් තැපෑලටත් වෙළඳ දැන්වීම් එන්න ගත්තොත් මළ කරදරයක් වෙන්නේ. ඒක දැනෙන්නෙ මුලින් සතියට දැන්වීම් එකක් දෙකක් එනකො‍ට නෙවෙයි. ටික කලක් යනකොට දවසට දැන්වීම් එක-දෙක ගානෙ එන්න ගත්තමයි. ඒ නිසා තමයි මම ඔය ඉහත රූප සටහනේ රතු පාටින් පෙන්නල තියෙන, Google විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළේ. :D

ඊට අමතරව මම තවත් දෙයක් කළා. ඊ මේල් ශ්‍රී ලංකා Google Group එකේ මුල් පිටුවට ගිහින් ඒකෙ පහළම තිබුණ Report Group ලින්ක් එක ක්ලික් කරපු එක. Report Group ලින්ක් එක ක්ලික් කළාම එන පිටුව හරහා, මේ Group එක ස්පෑම් සඳහා නිර්මාණය වූවක් කියල Googleට දැනුම් දුන්නා. (සිංහලෙන් තියෙන Group Description එකේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් එක්කයි යැව්වෙ :D ) එහෙම කළාම Google විසින් ඒ group එක ඉවත් කරනවා. ඉතින්, මේ සටහන කියවන ඔබටත් මම ආරාධනා කරනවා... ස්පෑම්කරණයට විරෝධය දක්වන්නට. වාර්තා කරන්න මේ ගැන Googleට. ඔබ එහෙම කළා කියල මේ group එක නිර්මාණය කළ අයට ඔබව හොයාගන්නවත්, ඒ ගැන මොනවත් කරන්නවත් ඉඩක් ලැබෙන්නෙ නැහැ.

මේකෙ මුල් පිටුවෙත් හරි ලස්සන දේවල් තිබුණා. ජාතික කොඩිය රැගත් හමුදා භටයෙක් එක්ක ඉන්න පොඩි ළමයි, 60 වන නිදහස් සමරුව තේමා කරගත් රූපය -- මේව දැන් මාකට් බඩු බවට පත් වෙලා තියෙන එකත් ඉතාමත්ම කණගාටුදායකයි.


E-mail Advertising? Is it ethical to do it without any permission?


කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මට එන විද්‍යුත් තැපැල් ලිපි ගැන මම සෑහෙන සැලකිලිමත් වෙනවා. Blogger Profile එකේ මගේ විද්‍යුත් තැපැල් ලිපිනය දාල තියෙන්නෙ කෙනෙකුට අවශ්‍ය වුණොත් මාව සම්බන්ධ කරගන්න මිසක් ස්පෑම් කරන්න නෙවෙයි. මේ ළඟදි මට දැකල පුරුදු මූණක්, මොකක්දෝ සලකුණක්, කතිරයක් හා අංකයක් තියෙන ඊ මේල් එකකුත් ආවා. ඒකටත් මම කළේ Report Spam ම තමා. අපේක්ෂක තුමා ළඟ පාතක හිටියෙ නැති නිසා ම හොඳා. :D

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

19 comments:

  1. සම්පුර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  2. මටත් ඔහොම එවා එනවා. එත් මම රිපොර්ට් කරන්න ගියේ නෑ. ස්පෑම් ක්ලික් කරනවා විතරයි.මීට පස්සෙ නම් මාත් දෙන්නම් වැඩේ

    ReplyDelete
  3. මටත් දවස් දෙකකට කලින් මේ පණිවුඩය ආවා. මම දැකපු ගමන්ම ගූගල්ට වාර්තා කළා. මම හිතන්නේ මේ වෙනකොට ගූගල් සමාජයෙන් මේක ඉවත් වෙලා ඇති. නමුත් දැනටමත් ඔවුන් ඊමේල් ලිපින 15,000 ක් වත් එකතු කරගෙන ඇති.

    ReplyDelete
  4. මා එක්ක ඔය කියන කෙනෙක් වාද කළා..
    එයාලා ස්පැම් කරන්නේ නැ නිත්‍යානුකූල ප්‍රචාරණය කියලා

    මතක විදියට ඕක තමා ඊමෙල් සවිස් එක :)

    තව දෙයක් ලංකාවේ සමහතු ඉන්නවා ඊමෙල් එකක් එනකන් බලාගෙන. වෙලි වෙලි ඉන්න එහෙම අයගෙන් තමා මේ අයට උදව් ලැබෙන්නේ. :)

    ReplyDelete
  5. මාත් කීප වතාවක් දන්නෙ නැති ගෘප්ස් වලට එකතු වෙලා කියලා එවගෙන් ඊ මේල් ගොඩක් ඇවිත් තිබ්බා. එතකොට ඉතින් ගෘප් එකෙන් unsubscribe වෙලා ඔහේ ඉන්න එක තමා කරන්නෙ. ඒ උනාට මේවට විරුද්දව මොක්ක හරි පියවරක් ගන්න ඕන තමා.

    ReplyDelete
  6. මටත් ඇවිත් තිබ්බ. Report කළා :D

    ReplyDelete
  7. හ්ම් මාත් දාන්න ඕන පැමිනිල්ලක්

    ReplyDelete
  8. මමත් දැනුයි දැක්කේ මාවත් ඔය කියන ගෲප් එකට එකතු වෙලා. මේ බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් ඒකට ඇඩ් වෙලා නිසා මට සැකයි අපේ සංසදයේ ගූග්ල් සමූහයේ සාමාජිකත්වය ගත් කවුරුහරි මේ ලිපින ඔවුන්ට දෙනවා ඇති කියලා.

    ReplyDelete
  9. "election පෙළහර" නම් මේ ආකාරයේ ස්පෑම් සංවිධානය කියන්නේ තමන් සතුව ලාංකිකයන්ගේ ඊමේල් ලිපින 71000+ තිබෙන බව.
    ගරිල්ලා Email ඡන්ද ඇඩ්වර්ටයිසිං බලන්න.

    ReplyDelete
  10. මටත් ඕක ඇවිත් තිබුණා.
    අපි අහුවෙයි ඕවට :D

    ReplyDelete
  11. මට නම් තාම ඕක ආවේ නෑ. ඊ මේල් forward කරද්දි ගොඩක් අය ලිස්ට් එකේ ඇවිත් තියෙන අඩ්ඩ්‍රෙස්ස් අයින් කරන්නෙ නෑනෙ. එහෙම නැත්තන් send කරද්දි To නැතිව bcc කරන්න ඕනෙ..

    ReplyDelete
  12. ප්‍රවීන් අයියේ මාව එකතු වෙලා නති ඇතිනේ, මට එපාම කරපු රෙද්දක් මේ මගුල, එකට මම තව එකක් හදාගෙන කරලා තියන් ඉන්නේ. ඉතින්ග් ඉන්බොක් එකටම ආවාම තෙරෙන හින්දා ෂේප්!

    ReplyDelete
  13. මටත් ඹය මගුල ආවා. පස්සේ unsubscribe වෙලා නිකන් හිටියා. දැන් තමයි හිතෙන්නේ මොනවා හරි කළා නම් තමා හොඳ කියලා...

    ReplyDelete
  14. අදහස් ප්‍රකාශ කළ හැම දෙනාටම ස්තුතියි. ඔතන කළ යුතු ලොකුම දේ group එක ස්පෑම් group එකක් කියල report කරන එක. මම අද පොඩි රහස් පරීක්ෂක වැඩක් කළා. සාර්ථකයි. ප්‍රතිපල පසුවට. හික් :D

    ReplyDelete
  15. ජන්ද වැඩ වලට දැන් E-mail දිගට හරහට භාවිතා කරනවා. මටත් පෝස්ටර් මුණත් තහඩු කීපයක්ම අවා,සමහර අය මෙක සල්ලි හම්බකරන රැකියාවක් කරගෙන.
    (Spam, e-පෝස්ටර් මාරයා)

    ReplyDelete
  16. සබඳ ශාකුන්තල,
    දින කිහිපයක් තිස්සේ
    කිමද ඔබ නිහඬ....?
    ආයුබෝවේවා...!!!
    දීඝායු වේවා...

    අරුමයක්මැයි.... ඒ වගත් මෙසේම෴

    ReplyDelete
  17. @ Arumaya--
    ශාකුන්තලගේ ඩයලොග් කනෙක්ෂන් එකේ ප්‍රශ්ණයක්. ඉක්මනට එයි.

    ReplyDelete
  18. @Arumaya,
    ඔන්න ආවා ආවා...
    ආයුබෝ෴ දීඝායු෴ ඔබටත් එසේ මැ වේවා!

    සියල්ලන්ට ම සුභ නව වසරක් වේවා!෴෴෴

    ReplyDelete
  19. google account එෙක් groups වලට අදාල settings වලින් බලෙන් add කරන එක නවත්තන්න පුලුවනි.

    ReplyDelete

Facebook ප්‍රතිචාර