Sunday, April 26, 2009

එතෙර ගිය අපේ හොල්මන්

මම අන්තර්ජාලයෙ එහා මෙහා සැරිසරමින් ඉන්න වෙලාවක සිංහල වෙබ් අඩවියක දැක්කා (සිංහල කිව්වට ‍මේක ඇත්තටම ‍JPG සිංහල අඩවියක්. හික් :D ) හොල්මන් අවතාර ගැන කතන්දර කීපයක්. මම මේව කතන්දර ‍විධියට හඳුන්වන්නෙ තවදුරටත් මේ අඩවියෙ තිබුණු කතන්දර විශ්වාස කරන්න බැරි නිසා. මේ කියන වෙබ් අඩවියේ තියෙනවා හැඳින්වීම කියලා තවත් මරු කතන්දරයක්.. පර්යේෂණ ගණනාවක් කළාලු (මෙයා හැමදාම රෑට හීනෙන් බය වෙනව ඇති :D ).. දුර්ලභ ගණයෙ ඡායාරූපත් ගොඩක් තියෙනවලු (ඔක්කොම උස්සපුව වෙන්ට ඇති මයෙ හිතේ - නැත්තං Adobe Photoshop තමා).

ඉතින් මේකෙ තිබුණ "දියතලාවෙ නිරෝෂා" කියල කතන්දරයක්. මමත් ඕක ටිකක් විශ්වාස කළා. මොකද තවම විසඳගන්න බැරි අද්භූත සිද්ධි කීපයක්ම මටත් අත්දකින්න ලැබී ඇති නිසා. මෙන්න බැලින්නම් මේ හොල්මන ටෙක්සාස් වල රේල් පාරක් අද්දර ඉන්නවා!

දැන් මේ රූපසටහන් දෙක බලන්න (පැහැදිලිව පේන්නෙ නැත්තම් පිංතූරෙ මත ක්ලික් කරන්න):


දියතලා‍ව


ටෙක්සාස්

මේ ගැන තවත් දෙයක් කිව යුතුයි. අන්තර්ජාලයෙ හොල්මන් අවතාර ගැන දාල තියෙන සිද්ධි සහ ඡායාරූප බොහොමයක් ව්‍යාජ ඒවා බවයි මට හිතෙන්නේ. මොකද හොල්මන් පෙන්නලා තමුන්ගෙ අඩවියට එන පිරිස වැඩි කරගන්න හරි බෙහොම පහසු නිසා. විශ්වවිද්‍යාලයක් හෝ එවැනි පර්යේෂණ පවත්වන ආයතනයකින් පළ කළ එකක් නම් බොහෝ දුරට විශ්වාස කරන්න පුළුවන්.

කොහොම වුණත් මාර හොල්මන් කොපිය නේද? යාළු.com බලලා දියතලාව පැත්තෙ යන්න බය වෙච්ච අයට ඔන්න දැං බය නැති කරගන්න වෙලාව ඇවිත්. :P

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

22 comments:

  1. මාරයිනෙ !! ටෙක්සාස්වලයි දියතලාවෙයි එකම වගේ සිද්ධි 2ක් ඒක ඊට වඩා හොල්මන්... අනික එකම පින්තූරෙ අනෙ අම්මෙ බය වැඩිකමට හිනාත් යනව....:D හොද පෝස්ට් එකක් අයියේ එළ...එළ..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හොල්මන් නෙමේ, මොකෝ අද මේ විස්ටා වල ඉදන් කරන්නේ? :P

    ReplyDelete
  4. @බින්කු,
    Taskbar එක දිහා බැලුවනං උත්තර ලැබෙයි.
    1. මේ විස්ටා නෙමෙයි
    2. Homework කරමින්

    ReplyDelete
  5. නෑ නෑ අපි එච්චර පහත් කොරල කියන්න හොඳ නෑ නෙ. මෙහෙම වැන්නෙ බැරිද ?

    1. මේ හොල්මන තැන් දෙකේම ඉන්නවා
    2 මේ අර කලින් හොල්මනගෙ නංගි / අක්කා කෙනෙක් (කිඹුල්ලු වෙන්ටත් ඇතී)
    3 කලින් හොල්මන ටෙක්සාස් පැත්තෙ හනිමූන් එකට (බැඳපු ගමන්ලුනේ ගියාපු වෙලාවක
    4 සිරි ලංකාවෙ සයිට් එකෙන් ටෙක්සාස් උන් හොරකම් කරල

    :P :P :P :P :P

    (හෝම් වර්ක් වලට තියෙන්නෙ හොල්මන් කථා බලන්නද, බ්ලොග් ලියන්නද ? :D )

    ReplyDelete
  6. http://www.yaalu.com/ghost/Episod%201/index.html
    එකේ තියන එකනම් හරියටම සාමන්‍ය මිනිහෙක් විනොද ගමනක් ගිහින් ගන්න Photo වගේ. :0
    නැත්තන් හොල්මන අත් බැදගේන Photo එකට සූදානමින් ඉදලා තියෙනවා :D
    Adobe Photoshop තියෙන නිසා දැන් ගෑනියෙක් මිනිහෙක් කරන්ඩත් පුලුවන්නේ :)

    ReplyDelete
  7. http://www.yaalu.com/ghost/Episoid2/index.html යන්න ගියාම AVAST virus warning එකක් දුන්නා. හොල්මනක් මගේ මැෂින් එකට රිංගන්න හදනවා වෙන්න ඇති. :D

    ReplyDelete
  8. බඩුත් සමග හොරු මාට්ටු. පවු බං උඹල ගාව හොල්මන් පින්තූර එහෙම තියෙනව නම් ඌට e-mail කරපල්ලා. හික් හික්...

    ReplyDelete
  9. කදුර‍ට හා පි‍ට ර‍‍ට නිසා හොල්මන් දෙක දෙතනක ඉන්නවා ඇති අප්පා....:p shik mata penna holman enne nehe ne .. :(

    ReplyDelete
  10. ඔන්න ඉතිං මට නින්ද යන්නේ නෑ අද රෑට. මට මේක මතක් වෙනකොට හරි බයයි. :p

    ReplyDelete
  11. හොල්මං....
    මටනම් බයයි බන්......

    ReplyDelete
  12. පවු මචං.. හොල්මත වුනත් නොන්ඩි වුනා...

    ReplyDelete
  13. mehemath holman . ada kale montisori podi ekek vath ovata bayaveida dan ne..

    ReplyDelete
  14. මේ පිංතූරෙත් බලන්න: http://www.yaalu.com/ghost/eposide%204/photo/1.gif (පරිස්සමෙන් open කරන්නේ - රිය අනතුරක්)
    ඒකෙ තියෙන වාහනේ අපි දැකල පුරුදු විධියෙ කහ පාට අංක තහඩුවක් තියෙනවද? මට පේන්නෙ මේ පිංතූරත් ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි උස්සල වගේ. මේව විශ්වාස කරන අපට එළව එළවා ගහන්න ඕන!

    @ගයාන් කල්හාර,
    1 එක වගේම තැන් දෙකක්.. ම් ම්...
    2 ඔය පැත්තෙන් පේන ලයිට් කණුවත් නිඹුල්ලුද?
    3 හනිමූන් යන්නෙ කොහෙද අනංමනං ඒවත් උඹ බලං හිටියද? පිස්සාගෙ පියසෙ දාපං බ්ලොග් පෝස්ට් එකක්! :D
    4 මේකනං වෙන්න පුළුවන්... දැක්ක ගමන් ම‍ට හිතුනෙත් මේකමයි :P

    {වරහන් තුළ ඇති ප්‍රශ්නය හමුවේ නිරුත්තර වීමි}

    @මනුෂාන්,
    වැ‍ඩේ කියන්නෙ Photoshop කියල එකක් තිබිලත් මුන් පිංතූරෙ එහෙම්පිටින්ම උස්සලනේ.

    @පහන්,
    මමත් අත්දැකීමි ඒ වයිරස් වෝර්නිං එක.

    @Thilina,
    හ්ම්ම්... බලමු... පිංතූර යවන්න කලින් මූ අපේ profile pics එහෙමත් උස්සයිද දන්නෑ. :P

    @malee_msg,
    මං හිතන්නෙ ඔයා‍ට අළුත් කී බෝඩ් එකක් ගන්න කාලෙ හරි වගේ. ;)
    mama dakka me lagadi dawasakath translate pissuwak thiyena anonymouse holmanak karakenawa. elipita warenko welawaka!!

    @අනූ,
    ඕවට නෙමෙයි මචෝ බය වෙන්න ඕන පණපිටින් ඉන්න එවුන්ට -- ප්‍රසිද්ධ කියමනක්

    @ම,
    උඹත් එහෙම එකක්නේ මචෝ... මං කියන්නෙ උඹේ බ්ලොග් එක ගැන... :)

    @Anonymous,
    !?

    @Amiththa's Blog,
    yaa yaa :)

    ReplyDelete
  15. උඹලටත් ඉතින් වෙන වැඩ නෑ....
    හොලමන් ගැන හොයන්වා.............
    මං නම් හිතන්නෙ මචං අද කාලේ මිනිස්සු ඔය හොල්මං
    අවතාර ගැන විශ්වාස කරන්නෙ නෑ.
    ඇයි බං මේ වගෙ නරලොව හොල්මං දැක්කහම මිනිස්සුන්ට හොල්මනුත් එපා වෙනවනෙ.
    එළ.. එළ............

    ReplyDelete
  16. ඇත්තට ම මේ වගේ බොරු ලියලා මේ අය මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ. Site එකට කට්ටිය ගෙන්න ගන්න ට්‍රයි කරනවා නම් මේ වගේ දෙකයි පණහෙ වැඩ කරන්නේ නැතුව කරන්න දේවල් කොච්චර තියෙනවද?

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. කුණුහරුප මතක් වෙනව නම් ඒව ලියන්න එපා -- කුණුහරුප මකනවා

    ReplyDelete
  19. රෑට රෑ‍ට මේව කියෝනව, දැන් දැන් නින්ද යන්නෙත් නෑ අප්ප.
    මේකයි සිද්ධිය මේකෙ ඇත්ත හොයන්න යන උන්දලත් මේ වගේ විකෘති දැකල වැරදි පැත්තට හැරෙනවා.
    නිකන් මං වගේ !!

    Its interest side to refer.....

    ReplyDelete
  20. @කතන්දර කාරයා,
    මේ පෝස්ට් එකට අමු තිත්ත කුණුහරුප කමෙන්ට් එකක් ආවා... එදා නිකමට ඔය සයිට් එක පැත්තෙ ගිහින් බැලුවා... ඩවුන්... එදා ඉඳලා තාමත් ඩවුන්.... :D

    ReplyDelete
  21. තාමත් ඩවුන් පවු බන් උන් චූන් එකේ කරපු බොරුව....

    ReplyDelete

Facebook ප්‍රතිචාර