Sunday, November 18, 2012

අපේ සැරිසර | කුරුණෑගල - යාපහුව - අවුකන - දඹුල්ල - මාතලේ

ශාකුන්තලගෙ සටහන් පොතේ බ්ලොග් සටහනක් මේ ලියැවෙන්නෙ 2011 අවුරුද්දෙ මාර්තු තුන් වෙනිද testdisk ගැන ලිව්ව සටහනෙන් පසුවයි. එදා ඉඳලා අවුරුද්දකුත් මාස අටකටත් පස්සෙ තමා මේ සටහන ලියවෙන්නෙ. ඒ කාලය ඇතුළත බොහොමයක් දේවල් වෙනස් වෙලා වගේ... බ්ලොග් ලියවනෙ මාතෘකා වෙනස්, සිංහලෙන් බ්ලොග් ලියන්නත් අළුතෙන් ගොඩක් අය එකතු වෙලා, ඒ විතරක් නෙමෙයි Google Blogger සේවාවත් සෑහෙන දියුණු වෙලා. මාත් එක්ක ඒ දවස් වලම බ්ලොග් ලියන්න පටන් ගෙන ඒත් පසුකාලීනව මම වගේ ම බ්ලොග් ලිවීම නතර කළ කීප දෙනෙක් ආපහු බ්ලොග් ලියන්න පටන්ගෙන තියෙනවා දැක්කම මටත් අනිත් වැඩ පොඩ්ඩක් පැත්තක තියලා මොනවහරි මේකෙ කොටල යන්නම හිතුණා. සිංහලෙන් බ්ලොග් ලියන - කියවන අයට මාව මතකද දන්නෙත් නෑ. :)

අවුරුද්දකුත් මාස අටක කාලයෙ මරු මරු දේවල් ගොඩක් සිද්ධ වුණා. සිරි ලංකාවෙ සුන්දර වෙල් යායකට යාබදව තියෙන ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ සමාගමක රැකියාවක් ලැබුණා. ජපන් වාසගම තියෙන ඉන්දියන් යකඩ අස්සයෙක් ගත්තා. අසනීප වෙලා ශල්‍යකර්මයකුත් කරන්න වුණා. කාලය ගත වෙලා පොඩි අස්වැසිල්ලක් ලැබුණාම ලංකාව වටේ පොඩි සවාරියක් යන්නත් අවස්ථාවක් ලැබුණා. අන්න ඒ සවාරිය ගැනයි මේ සටහන.



එක වතාවක් නෑදෑ පිරිවරත් එක්ක ගිය සවාරිය ගැන බ්ලොග් සටහන සමහර අයට මතක ඇති. යකඩ අස්සයාගෙ පිටේ නැගලා ඒ වගේම රට වටේ රවුමක් යන්න සෑහෙන කලක් තිස්සේ ලොකු ආසාවකින් හිටියේ. බයික් එකේ යන ගමන රෝද හතරේ වාහනයකින් යන ගමනට වඩා ආතල් ගමනක්. අනතුරුදායක බව නම් ටිකක් වැඩි තමයි. ඒත් මේ වයසෙදි නොගන්න ආතල් ආයෙ කවද ගන්නද? අපේ ලොකු මලයා (සුලා) නිතර මේ වගේ ගමන් බිමන් යන නිසා එයත් එක්කම මේ ගමන සෙට් කරගන්න මට ඕනෙ වුණා. අන්තිමේ ඔක්තෝබර් 20, 21 සති අන්තයෙ ගමන යන්න දින නියම කරගත්තා.

මේ තමයි අපේ ගමන් මාර්ගය - ආසන්න වශයෙන් 730 km
Image courtesy: maps.google.com
අපි ඔක්කොම හතරදෙනයි. මම, මල්ලිලා දෙන්නා, සහ ලොකු මල්ලිගේ යාළුවෙක්. බයික් දෙකයි. මගේ Hero Honda Hunk එකයි ලොකු මලයගේ Hero Honda Glamour FI එකයි. ගමන දවස් දෙකයි. මුලින් තීරණය වුණේ ගමන දඹුල්ලට යන්නයි. ලොකු මලයා ඉන්නේ අම්පාරේ. අනිත් මලයා රත්නපුරේ. මම ගමන පටන් ගත්තෙ අම්බලන්ගොඩින්. සුලා ගමන පටන් ගත්තේ අම්පාරෙන්. අපි හතරදෙනා සෙට් වුණේ රත්නපුරේ කහවත්ත නගරයට. කහවත්තේ ඉඳලා පටන් ගත්ත අපි කෙළින්ම පිටත් වුණේ දඹුල්ලට යන්න හිතාගෙනයි. නමුත් අනපේක්ෂිත විධියට අපි ප්‍රමාද වෙලා ගමන පටන් ගත් නිසා රෑ වෙන්න කලින් අපට ගමනාන්තයට ළඟා වෙන්න බැරි වුණා. මට මතක විධියට Google Maps වලින් පාර හොයලා බැලුවම කිලෝමීටර දෙසිය ගණනක ගමනක්. රෑ වෙන්න කලින් ගමනාන්තයට යන්න හැකියාවක් නොතිබුණු නිසා අපට ගමන අතරමඟ පොල්ගහවෙල නවාතැන් ගන්න සිද්ධ වුණා.

මේ අපේ කණ්ඩායම (කොණ්ඩයා මම නෙමෙයි)
Image courtesy: sulakkhana.blogspot.com
ඊළඟ දවසෙ උදේ අපේ ගමනෙ සැලසුම ටිකක් වෙනස් කළා. උදේ පාන්දරම අපි පොල්ගහවෙලින් පිටත් වුණේ කුරුණෑගලට. කුරුණෑගල සුප්‍රසිද්ධ ‘ඇතුගල’ මත පිහිටලා තියෙන මේ විහාරයට යන්න තිබුණේ zig zag ආකාරයේ පාරක්. ඒ ගොඩක් ඉහළට නඟින්න තියෙන නිසා. මේ පාර දිගේ ඉහළටම බයික් වලින් යන්න පුළුවන්. හැබැයි නෝ පාකිං. බයික් නං ඉතිං පාර අයිනට වෙන්න නතර කරල තියන්න පුළුවන්.


ආගමික සිද්ධස්ථානයක් හැරෙන්නට මෙතැන හොඳ නැරඹුම් ස්ථානයක්. මේ ගල මුදුනේ සිට කුරුණෑගල නගරයේ විශාල පරාසයක් පැහැදිළිව නරඹන්න පුළුවන්.

අපේ ඊළඟ ගමනාන්තය වුණේ යාපහුව. කුරුණෑගල ඉඳලා යාපහුවට යන්න තියෙන පාර නම් මරේ මරු. අධිවේගී මාර්ගයක් වගේ ගොඩක් ඈතට තියෙන කෙළින් පාර. දකිනකොට නම් ආසාවේ බෑ :D . නමුත් අපි කණ්ඩායමක් විධියට ආපු නිසා ගමන් වේගය පැයට කිලෝමීටර හැටකට සීමා කරන්න සිද්ධ වුණා. :(




විජය - කුවේණිගෙන් පටන් ගෙන ලියැවුණු ඉතිහාසයටත් ඔබ්බෙන් තවත් ඉතිහාසයක් තිබුණු බවට සාක්ෂි දරණ පුරාවිද්‍යාත්මකව වටිනා නටඹුන් තියෙන තැනක් යාපහුව. ඒ ගැන සුලා ලිව්ව සටහනේ විස්තර කරල තියෙනවා. නටඹුන් නරඹා අපි ඊළඟට කළේ බලකොටුව මැද තියෙන ගල මුදුනටම නැගපු එක. ඉහළට යන්න පාරක් නම් නැහැ. පරිස්සමෙන් අඩි තිය තියා, රිලවුන්ගෙනුත් පරිස්සම් වෙවී පඳුරු අස්සෙන් උඩට යන්න ඕනා. මට මතක හැටියට අන්තිමට මෙහෙම කඳු නැගිල්ලක් නැග්ගේ කැම්පස් එකේ එක වසරෙ ඉන්න කාලේ හන්තානේ කඳු නගින්න ගිය වෙලාවේ. කොහොම නමුත් ගල උඩට නැග්ග හැටියේ වටපිට පිංතූර ටිකක් ගන්නත්, පොඩි හාන්සියක් දාලා ඇඩ් එකක් වගේ පොටෝ කෑල්ලක් ගන්නත් අමතක කළේ නෑ. :)


යාපහුවෙන් බහිනකොට අපට හොදටම මහන්සියි. අපේ ඊළඟ නැවතුම වුණේ අවුකන පිළිමය. සුද්දා වැද්දා කාලේ ධාතුසේන රජතුමා විසින් නිම කරවන ලද අවුකන පිළිමයත්, ඊට නුදුරින් පිහිටා තියෙන කලාවැවත් අපේ පැරැන්නන්ගේ තාක්ෂණයේ අපූර්වත්වය මනා ලෙස පෙන්වා දෙන නිමැවුම් දෙකක්. අතිශයෝක්තියක් නෙමෙයි,... අවුකන පිළිමය දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න ආසා හිතෙන තරමටම ඒක ඉතාම සියුම් නිර්මාණයක්.

අවුකන පිළිමය නරඹා එතැනින් පිටත් වුණු අපි, කලාවැවේ බැම්ම දිගේ සෑහෙන දුරක් ඇවිත් ඊළඟට හැරුණේ දඹුල්ල පැත්තට. මීට කලින් එක වතාවක් රන්ගිරි දඹුළු විහාරය නරඹන්න ඇවිත් තිබුණු නිසා රන්ගිරි දඹුළු විහාරයට මේ වතාවෙ ආපු ගමනෙ මට වැඩි විශේෂත්වයක් තිබුණෙ නෑ. රන්ගිරි දඹුළු විහාරයෙන් අපි ඊළඟට පිටත් වුණේ මාතලේ නාලන්දා ගෙඩිගේ නරඹන්න. වැඩි ප්‍රසිද්ධියක් ලද ස්ථානයක් නොවුණත්, ලංකාවේ පැරණි ආගමික සිද්ධස්ථාන වල තවත් එක් ආකාරයක් විධියට ගෙඩිගේ විහාර හඳුන්වන්න පුළුවන් ලු. අපේ සුලාගේ විනෝදාංශය මේවා ගැන විස්තර හොයන එක. සුලාගෙ බ්ලොග් සටහනේ මේ ගැන වැඩි විස්තර තියෙනවා.

නාලන්දා ගෙඩිගේ නරඹා අපි ඊළඟට ගියේ මාතලේ අළුවිහාරය නරඹන්න. අපේ අවාසනාවට වැස්ස පටන් ගත්තේ මෙතැනින්. වැස්සේ වුණත් අපි අපේ ගමන නතර කළේ නැහැ. කිලෝමීටර කිහිපයක් වැස්ස නොතකා ගමන් කළ අපි ඊළඟට නතර වුණේ අළුවිහාරේ. අයහපත් කාලගුණය නිසා අපට විහාර භූමියට ඇතුළු වෙන්න සිද්ධ වුණේ කළුපාට වැහිකබා ඇඳගෙනමයි.

මාතලේ අළුවිහාරේ තමයි අපේ අවසාන නැරඹුම් ස්ථානය. අළුවිහාරේ සිට මාතලේ නගරයටත්, ඉන් මහනුවරටත් ආපු අපි ඉන් එහාට ආවේ වෙන වෙනම. මහනුවර නගරයට අපි ළඟා වෙනකොට වෙලාව සවස 5 පමණ වී තිබුණු නිසා මෙතැන් සිට කාලගුණය තරමක අභියෝගයක් වුණා. සුලාත්, එයාගෙ මිත්‍රයත් මහියංගනය හරහා අම්පාරට. මමත් බාල මලයත් ආවේ කොළඹ පැත්තට. ඇත්තම කියනවනම් මලයා රත්නපුරට, මම අම්බලන්ගොඩට.

රත්නපුර පැත්තටත් යන්න ඕනෙ නිසා නුවර - කොළඹ පාරේ ටිකක් දුර ඇවිත් ගලිගමුවෙන් රුවන්වැල්ල පැත්තට හැරෙව්වේ අවිස්සාවේල්ලට යන්න තියෙන කෙටිම පාර ඒක කියල හිතාගෙන. මේ ගමනේ මම අත්විඳපු දුෂ්කරම කොටස ගලිගමුවේ ඉඳල අවිස්සාවේල්ලට වැස්සේ බයික් එකේ ආපු ගමන. රෑ වෙලා නිසා පාරත් බොහොම දුෂ්කරයි. පාරේ මැද අලින්ට ස්විමිං පූල්. කිලෝමීටර විසිගණනක් ඇවිත් අන්තිමේ අවිස්සාවේල්ලට ආවට පස්සෙ මලයව රත්නපුර පැත්තට යන බස් එකක යැව්වා.

මම අවිස්සාවේල්ලේ ඉඳලා කොට්ටාව, කැස්බෑව, බණ්ඩාරගම, වස්කඩුව හරහා තනියම ගෙදර ආවා. ඒකත් අපූරු ගමනක්. පළවෙනි වතාවට මට බයික් එකේ නින්ද යන එක අත්දකින්න ලැබුණා. :) ඒක හරිම අවදානම්. මොකක් හරි හීනයක් බාගෙට පේනවා, එහෙමම නින්ද යනවා ලාවට, ඊළගට lane එක මැදට ඇවිත් අනිත් lane එකට පනිනවා, අන්තිමේ ඇහැරවෙන්නෙ ඉස්සරහින් එන වාහනේ සැර හෙඩ්ලයිට් එකට. ඔය චක්කරේ වැඩ කර කර මහ රෑ කිලෝමීටර එකසිය ගණනක දුරක් ආවෙ කොහොමද කියල මතක් වෙද්දි දැන් නම් ඇඟේ මයිල් ටික ඉත්තෑ කූරු වගේ වෙනවා.

 
මේ අතරමග පොඩි වීඩියෝ කෑල්ලක්. :)

ගෙදර ඇවිත් දවස් දෙකකට සෑහෙන්න නිදා ගත්තා. ඇඟේ අමාරුවටත් වඩා සීතලේ පැය හතක ගමන නිසා පොඩ්ඩක් අසනීපත් වුණා. කොහොම නමුත් මෝටර්සයිකල් වලින් යන විනෝද ගමන් නම් අපූරුයි. වැස්සෙන් පොඩ්ඩක් කරදර වුණාට බයික් එකේ ගමන හරිම සැහැල්ලු ගමනක්. ඕනෙ අස්සක මුල්ලක යන්න පුළුවන් නිසාත්, වාහන අස්සෙන් රිංගලා යන්න පුළුවන්කම නිසාත් අපට දවස් දෙකක් ඇතුළත ගොඩක් දේ බලාගන්න පුළුවන් වුණා. තවත් බයික් දෙකක් විතර අපට සෙට් වුණා නං පංකාදු පහයි. :)



මේ බ්ලොග් සටහන ලිව්වෙ කාලෙකට පස්සෙ ඇඟිලි තුඩු වල හිරි ඇරගන්න. මේ ගමනේ ඓතිහාසිකව වැදගත් ස්ථාන ගැන හොඳ විස්තරයක් සුලාගෙ බ්ලොග් අඩවියෙ තියෙනවා. 2012 අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් මොන මොනවහරි බ්ලොග් එකේ ලියන්න මට පුළුවන් වෙයි කියල මම හිතනවා. (දෙසැම්බර් මාසෙ ලෝක විනාශය සිද්ධ නොවුණොත් :D )

අදට ආයුබෝවන්!

31 comments:

  1. මෙන්න සෑහෙන කාලෙනට පස්සේ මෙයා ඇවිල්ලා... ගමන ගැන නම් විස්තර Twitter සහ Foursquare මගින් අතරින් පතර දැන ගත්තා..

    දැන් දිගටම ලියන්නද කල්පනාව??

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ වේවා මචන්.. (හා හාපුරා කමෙන්ට් එකට)
      ඔව්... ආපහු හයේ හතරේ ඒවා ගහන්නයි අදහස. :)

      Delete
    2. එහෙනම් එච්චරයි... පරණ හිටපු කට්ටිය ආයෙ සැරයක් ටික ටික ලිවිල්ලට සෙට් වෙනවා දකින්න ආසයි. දිගටම හයේ ඒවගෙන්ම ගහන්න. අපි ඉන්නවා චියර් කරන්න!!!

      Delete
  2. බයික් ගමන් ගැනනං කියලා වැඩක් නැත... වෙන කිසිම වාහනයකි ගොහිං ඒ ආතල් එක ගැන්මට නොහැක. මේ වෙන කොට මමත් බයිසිමොටොවෙන් කතරගම/යාපනේ/මන්නාරං/පාසිකුඩා/පොලොන්නරු/ගාල්ල නෙළුව වගේ පැතිවලටත් පොඩි පොඩි ගමන් රාහියකුත් ගිහින් තියෙන හින්දා ඒකේ ආතල් එක හොඳටම දන්නවා... අනිත් වාහනේකට වඩා අවධානයෙන් යා යුතු උනත් කාල වේලාව එක්ක ගත්තමයි.. අතු පාරවල්වල උනත් යන්න තියෙන හැකියාවයි නිසා බයික් එහෙක ගමනට වෙන කිසිම ගමනක් සම කරන්න බැහැ.

    කාලෙකින් උනත් ලිව්ව එක වටිනවා.. දැන්නං වැද්දා බෝයි කොණ්ඩේ කපලා පිලිවෙලක් වෙලා වගේ නේද..? අර වෙච්ච වෙනස්කං ගැන කියද්දි ඒක විතරක් අතෑරුනේ කොහොමද..?

    ReplyDelete
    Replies
    1. හික්! මාරයියේ මම කොණ්ඩේ කපලා දැන් සෑහෙන කල්. වැද්දා බෝයි තනතුර වෙන කෙනෙකුට දුන්නා. පේනවනේ පිංතූර වල ඉන්නවා. :)

      ඔන්න බයික් ගැන කතා. අපි ගිය සමහර කෙටි පාරවල් වලත් රෝද හතරේ වාහනයකින් යන්න අමාරුයි. Off road ජීප් එකකින් ගියත් වාහන දෙකක් මාරු වෙන කාලය ඇතුළත බයික් එකකට තව කිලෝමීටරයක් දෙකක් ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න ඕකයි බයික් එකේ වාසිය.

      Delete
  3. හපොයි ඇති යන්තම්. මම හිතුව මාව බ්ලොග් ලියන්ට පුරුදු කොරල මේකා වැඩේ අතෑරල කියල. මතක් කොරාට තෑන්ක්ස් මගේ අඩෙවියත් ලිපිය අස්සේම.

    ReplyDelete
  4. ශාකුන්තල..ශාකුන්තල.. අහලා පුරුදු නමක් වගේ!!

    ReplyDelete
  5. ara nidan inna pic eka niyamai

    ReplyDelete
  6. ආයිබෝං කිව්වා. ලියන්ඩ තමා තියෙන්නෙ දැන් දිගට හරහට.

    ReplyDelete
  7. කාලෙකින් නෙව. "පළවෙනි වතාවට මට බයික් එකේ නින්ද යන එක අත්දකින්න ලැබුණා." කියද්දි නම් මගෙත් ඇග හිරි වැටෙනවා. අවදානම් වැඩක් නෙව. මාත් මෙදා පාර නිවාඩු ගියාම යනව යනවමයි ඔය කියපු රවුම.

    ReplyDelete
    Replies
    1. කොල්ලො ටිකක් සෙට් කරගෙන යන්න. රටවටේ ඇවිදින එක අපූරු අත්දැකීමක්! :)

      Delete
    2. රට වටේ යන එක ආතග් කියල තේරෙන්නේ දැන්ද? :'(

      Delete
  8. බයික් එක පදින ගමන් නින්ද ගියා කියල අහනකොටත් බය හිතෙනවා. දින දෙකක් තුළ ආ ගිය දුර වැඩියි වගෙ, ඒ තරම් වෙහෙස දැනෙන්නෙ. රසවත් විස්තරයක්.යාපහුවෙ පුරාවස්තු තියෙන හරියෙන් එපිටට නැගලා නැහැනෙ. පින්තූර දැක්කහම ආසයි යන්න.

    ReplyDelete
    Replies
    1. අපි ගල උඩටම නැග්ගා. අංශක 70ක ආනතියෙන් තියෙන පඩිපෙළ නැග්ගාම පැරණි දළදා මාළිගාව. එතනිනුත් උඩට ගල බඩගාලා උඩටම ගියාම මුළු බලකොටුව වටේම හොඳට පේනවා. එතනිනුත් එහාට තව කොහේද යන්න තියෙන්නේ? :)

      Delete
  9. පරණ බ්ලොග් එකක් මාරයා නොපෙන්නන්ඩ දකින් නැ

    දිගටම එන්නං

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ මචන්.... මම දැක්කා මාරයියා FB එකේ වනලා තියෙනවා. :)

      Delete
  10. මචන් ශාකු , ආයෙත් , නියමයි ආ , උඹ අපේ ගෙවල් ලඟටම ඇවිත්නේ , අයේ වෙලාවක call එක දාලා එන්න. මම කහවත්තට ටිකක් එහා ගොඩකවෙල කියන ගමේ තමයි ඉන්නේ. :-)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... එහෙමද? අපරාදේ දැනං හිටිෙය නැහැනේ... :/

      Delete
    2. එනිටයිම් , ආයේ වෙලාවක එනකොට call එකක් දීලා එන්න , :-)

      Delete
  11. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  12. අපූරු ගමන අයියා මලයලාගේ. කලින් දන්නවනම් ඒ පැත්තේ යනවා කියලා බලාගන්න තිබ්බා.පස්සෙනේ ආරාන්චිඋනේ.දැන් නළුවා වගේ වෙලා ...:D

    ReplyDelete
  13. ඔන්න මිත්‍රවරුනි මම පොඩි වීඩියෝ කෑල්ලකුත් එකතු කළා බ්ලොග් පෝස්ට් එකට. :)
    නරඹන්න Hunk!

    ReplyDelete
  14. කොලුවට blog එකක් තියෙනවා කියලා මතක් වෙලා තියෙන්නේ......ඔන්න දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුද හැබෑටම මේ මොන්ටෙරෝ? :P

      Delete
  15. රායිටෝ අපිත් එනවා එහෙනං.. ලියමුකෝ විස්තර ඉදිරියට. අපි ඉතිං තාම හිචිචි පැටව්නේ.

    ReplyDelete
  16. ගොඩක් කාලෙකින්නෙ ලියල තියෙන්නෙ. මෝටර්සයිකල් වලින් යන විනෝද ගමන් නම් අපූරු වගේම වැස්ස වෙලාවට නම් එපා වෙනවා, ඉන්දියන් බයික් හෙමින් පදින එක හොදයි.

    ReplyDelete
  17. අම්මෝ... යන්තම් ඇති.. ආපහු මේක මතක් උනා :D
    කොණ්ඩෙ කපල දැං නම් මනුස්ස පාටයි

    ReplyDelete
  18. ආ මචං.. කාලෙකට පස්සේ මතක් වෙලා තියෙන්නේ බ්ලොගේ .. :P

    ReplyDelete
  19. ane ban monada me dekai panahe rachana podi ewun wage.
    kiyawanawa thiya dakinakotath kammaliy.
    montisori lamai wage. **** thamai

    ReplyDelete

Facebook ප්‍රතිචාර