Tuesday, March 3, 2009

වඩේ ප්‍රහාරය

මට අද මරු ඊමේල් එකක් ආවා. මට මෑතකදි ආපු ඊමේල් වලින් මාව වැඩිපුරම හිනස්සපු එක මේක.



මාතෘකාව මේකයි:
Fwd: That is How their news Work @ a critical situation

කට්ටිය ඔක්කොම දැන් බලාගෙන ඉන්නෙ සිරසට ගහන්නනේ... මමත් මහරාජාගෙ ගොන්පාට් වලට තදින්ම විරුද්ධයි. ඒත් හැමදේම විමසා බලන්නෙ නැතුව බෙලි ගෙඩියට බයේ ලෝකෙ පෙරළෙනවා කිය කියා දුවපු හාවා වගේ හැසිරෙන්න ඕන නැහැනෙ. ඉතිං ඊතලයෙන් මොකක් හරි වැරැද්දක් වෙනකම් බලාගෙන හිටපු කෙනෙකුට ‍මේක අහු වෙලා. මොකක් හරි කරුමෙකට එයාගෙ පරිගණකයෙ සිංහල ස්ථාපිතය සම්බන්ධ අවුලක් තිබිලා. ඉතින්... එයා මේක කියවලා තිබුණෙ වඩේ ප්‍රහාරය කියලා.. තමන්ගෙ වැරැද්ද, වැරැද්දක් නෙවෙයිනේ ගොඩක් අයට... ඉතිං... කරන්න පුළුවන් ඊළඟ එකත් කළා.. forward.

ඉතින් අනෙක් කාරණාව... මට මේක එව්ව කෙනා තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක්... පුදුමයි නේද? මම නම් බිපෙසි.

මොකද කස්ටිය හිතන්නෙ මේක ගැන?

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

12 comments:

  1. ශිඃ අපිට ගහන්නේ නෑනේ වඩේවලින්

    ReplyDelete
  2. අනිත් කොම්බු දැකල නැද්ද කොහෙද ;)

    ReplyDelete
  3. http://www.akuru.org/images/unicode_karmaya_1.jpg

    http://www.akuru.org/images/differentbrowser.jpg

    you can have many more such samples
    Ask for a solution. Voice louder

    Donald Gaminitillake
    I set the standard

    ReplyDelete
  4. @donald gaminitillake,
    Screenshots එවන්න ඕන නෑ මම ඔය වගේ දේවල් සෑහෙන දැකල තියෙනව. මට මේක බලල හිනා වෙන්න හේතුව වුණේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන සිංහලයෙක්ම මේක ලොකු දෙයක් කරගැනීම.

    differentbrowsers.jpg ගැන:
    "Same web page seen on different browser reads incorrectly. This is a security problem. Same string gives two different characters."
    මෙතන reads කියන වචනය renders ලෙස වෙනස් වුණා නම් හොඳයි කියා මම හිතනව. අනෙක.. මේක security problem එකක් වෙන්නෙ කොහොමද කියන එක මට පැහැදිලි නෑ.

    නිරීක්ෂණ දෙකක් හේතුවෙන් මම 'same string gives two different characters' කියන එකට එකඟ නෑ.
    1. මගේ http://shaakunthala.blogspot.com/2008/12/blog-post_30.html සටහන බලන්න Google Chrome පාවිච්චි කරලා. අවසාන පින්තූරයට යටින් තියෙන පළවෙනි ඡේදයෙ කොටසක් හරියට render වෙන්නෙ නෑ. නමුත් ඒ කොටස notepad එකට copy-paste කළාම හරියට පෙන්වනවා. ඉතින් යුනිකේත‍යෙදි ඒක වෙනස් වෙලා නෑ. අවුල තිබිල තියෙන්නෙ browser එකේ.
    2. දී ඇති differentbrowser.jpg හි පෙන්වා ඇති දෝෂය ඇති පරිගණකයකින් ලියූ පාඨයන් එම දෝෂය රහිත පරිගණක වලදී නිවැරදිව පෙන්වීම. So how can you say it is two characters?

    සටහනේ තියෙන screenshot එකේ තියෙන යුනිකේත අවුල කලක් මගේ පරිගණකයෙත් තිබුණා. නමුත් මම පසුව එය නිවැරදි කරගත්තා. ඒ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් යළි ස්ථාපනය කරලා. මම ලැබූ අත්දැකීමට අනුව මගේ නිගමනය වුණේ පරිගණකයේ සිංහල යුනිකේත සඳහා සපයන Windows XP Hotfix එක, මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ විගස (immediately after OS) ස්ථාපනය කළ යුතුයි යන්නයි. එවිට ඔය ගැටළුව මතු වෙන්නෙ නෑ.

    ---
    මේ ඊමේල් එක මට එවූ කෙනා මේ සටහන කියවනවා නම් කරුණාකර මාත් එක්ක අමනාප වෙන්න එපා. ඔබතුමාගෙ නම සඳහන් නැහැනෙ කොහෙවත්...

    ReplyDelete
  5. අනේ හරි හිනා නේද ඈ? මාර හිනා නේද?
    කරන්න වෙන වැඩ නැත්තං ගොං පාට් නොදා ඉන්නවද?

    ReplyDelete
  6. මටත් ඔය යුනිකේත අවුල තියෙනවා.firefox වල අවුලක් නැතුව render වෙන සිංහල අකුරු opera වල හරියට render වෙන්නෙ නෑ.හේතුවනම් දන්නෙ නෑ.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. අපි ඉතින් වැරදි හොයන්න, හිනා වෙන්න කාට හරි වරදිනකම් බලාගෙන ඉන්න ජාතියක්නේ. ඊතලයට වරදිනකම් එකෙක් බලාගෙන ඉන්නවා. ඌට වරදිනකල් තව එකෙක් බලාගෙන ඉන්නව. හිනාවෙනවා විතරයි. අනෙකගේ වැරදි හදා ගන්න පොඩි උදව්වක්වත් නෑ. හැමෝම හිතාගෙන ඉන්නේ අපි තමයි පොරවල් අනෙක් ඔක්කොම ගොන්නු කියලා. මේව තමයි පැහැදිළිව හීනමානයෙ ලක්ෂණ. ඉතින් අපේ රට කවදා දියුණු වෙයිද?

    ReplyDelete
  9. අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද පේනවා.. තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ පෙන්නේ නැහැ කියන්නේ ඔව්වට තමයි.. හැබැයි ඉතිං මෙතන කෙන්දකුත් නෑ වගේ නිකං මේල් හදාගෙන ෆෝවර්ඩ් කලාට.

    ReplyDelete
  10. Quote
    මේක security problem එකක් වෙන්නෙ කොහොමද කියන එක මට පැහැදිලි නෑ.
    unquote

    If the character renders differently there will be a security problem. Do you know why these characters render differently? there are no UTF values for the characters not registered in the SLSI 1134 or in Unicode Consortium.

    Do you know that even a simple sinhala "ලේ" "le" has no UTF value in Unicode Consortium.

    We need a correct standard. Not just any system proposed by Andy Williams. Do you know who is Andy?

    Donald Gaminitillake
    I set the standard

    ReplyDelete
  11. ඕක මටත් ආවා. මම එයාට හරි Screen Shot එකක් යැව්වා. දැක්කද දන්නේ නෑ

    ReplyDelete

Facebook ප්‍රතිචාර