Thursday, March 12, 2009

ගීතයකින් කටහඬ ඉවත් කරමු

ඔන්න අද කියන්නේ ගීතයකින් කටහඬ ඉවත් කරන්න ක්‍රමයක් ගැන. මේකට අපට අවශ්‍ය වෙනවා Audacity කියන මෘදුකාංගය. ඉතාම සරල පියවර කීපයක් සම්පූර්ණ කිරීම පමණයි අවශ්‍ය වෙන්නෙ. මෙය Linux හෝ Windows යටතේ කළ හැකියි. මම මේක කරල පෙන්වන්නෙ Ubuntu මත. පොඩි අත්හදා බැලීම් කීපයක් (Audacity සඳහා නෙවෙයි) සඳහා නැවත මම Ubuntu දාගත්ත.

කටහඬ ඉවත් කරන්න අවශ්‍ය ගීතය Stereo ආකාරයෙන් තිබිය යුතුයි. මෙය MP3 හෝ OGG format එකකින් තිබිය හැකියි.

මුලින්ම Audacity බාගෙන ස්ථාපනය කරගන්න. (නිකං දෙන්නෙ, ගිහිං ඉක්මනට ගන්න :D ) ලිනක්ස් පාවිච්චි කරනවනම්, Audacity බාගන්න එපා. පහත විධාන ලබා දෙන්න terminal එකක.

Fedora සඳහා,

su
yum install audacity

Ubuntu සඳහා,

sudo apt-get install audacity

ස්ථාපනය අවසාන වුණාම Audacity විවෘත කරගන්න. ලිනක්ස් වල Alt+F2 press කරල, audacity කියන නම යතුරුලියනය කරල Enter යතුර ඔබන්න.


මේ Audacity ප්‍රධාන window එක. මේ සටහනේ පින්තූර පැහැදිලිව පේන්නෙ නැතිනම් පිංතූර මත ක්ලික් කරන්න.

දැන් ගීත ක්ලිප් එක (MP3 ගොනුව) Audacity window එකට ඇදල දාන්න (drag & drop). නැත්නම් File --> Import --> Import Audio... මෙනු විධාන පාවිච්චි කරල අවශ්‍ය ගොනුව Audacity මෘදුකාංගයට import කරගන්න.


ආයාත වෙමින්...

Import වීම අවසාන වුණාම පහත දැක්වෙන තිරපිටපත වැන්නක් දකින්න ලැබේවි. එහි කහ පැහැයෙන් වට කර පෙන්වා ඇති පහළට යොමුවූ කළු පැහැ ත්‍රිකෝණාකාර බොත්තම ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Split Stereo Track යන විධානය ලබා දෙන්න.



මීළඟ පියවර Stereo දකුණු චැනලය invert කරන එක.

මීළඟ තිරපිටපතේ කහ පැහැයෙන් වට කර පෙන්වා ඇති ප්‍රදේශයේ ඕනෑම තැනක් ක්ලික් කරන්න. නමුත් බොත්තමක් හෝ slider එකක් ක්ලික් නොකරන්න වගබලා ගන්න. මෙය සිදු කිරීමෙන් Stereo දකුණු චැනලය පමණක් සලකුණු කරගත හැකියි.




බලන්න පහළින් පෙන්වන දකුණු චැනලය පමණක් සලකුණු වී ඇති අයුරු

දැන් Effect --> Invert යන මෙනු විධානය ලබා දෙන්න.



දැන්, අවසාන පියවර.....ට කලින් එක. පහත දැක්වෙන තිරපිටපතේ සලකුණු කර පෙන්වා ඇති බොත්තම් දෙක වෙන වෙනම ක්ලික් කර ලැබෙන මෙනු වලින් Mono යන සැකසුම තෝරන්න.



අවසානයේ File --> Export As (ඔබ කැමති ගොනු මාදිලිය)... විධානය මගින්, කටහඩ ඉවත් කළ ගීත ක්ලිප් එක save කරගන්න. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටළුවක් නිසා MP3 encoder plugin එක Audacity සමග ලැබෙන්නෙ නෑ. නමුත් එය අන්තර්ජාලයෙන් වෙනම බාගත හැකියි. ඉතින්, export කිරීමේදි MP3 පිළිබඳ ගැටළුවක් ආවොත්, මෙන්න බාගන්න LAME_ENC.

අත්හදා බලන්න කලින් සාම්පල් එකක් දකින්න ඕන නම්, මෙන්න මම කරපු එක,



අවසාන වශයෙන් කියන්න ඕන මෙයින් 100% කටහඬ ඉවත් නොවන වග. ඒ වගේම Stereo වුණත් සමහර ගීත වල කඩහඬ මුළුමනින්ම ඉවත් වෙන්නෙ නෑ.

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

4 comments:

  1. ඔව්, මේකෙන් ඉක්මනට හා සරලව වැඩේ කරගන්න පුළුවන්.
    ඩිජිටල් ශබ්දය හැසිරවීම පිළිබඳ ලොකු තාක්ෂණික දැනුමක් නැති කෙනෙකුට හොඳයි.

    ReplyDelete
  2. මම දන්නා තියරියට අනුව නම් කටහඬ ඉවත් කරන්නේ යම්කිසි ශබ්ද සංඛ්‍යාතයක් කපා හැරීමෙනි (උදා 10KHz - 15Khz ලෙස). එවිට සිදුවන්නේ අදාළ සංඛ්‍යාතයේ ඇති සංගීත උපකරණ වල සංඛ්‍යාතයන් ද කැපී යාමයි. මෙහිදී අදාළ සම්පූර්ණ සංඛ්‍යාතයම කැපී යන නිසා සංගීත උපකරණ වලද ශබ්දය නෑසී යයි. ශබ්දාගාර වල පාවිච්චි කරන 8 - 16 ට‍්‍රැක් ඩිජීටල් රෙකෝඩින් ටේප් වල චැනල් වල වෙන වෙනම සංගීත උපකරණ රෙකෝඩින් කරන්නේ මෙම හේතුව නිසාය. ඒවායේ නම් කටහඬ පමණක් වෙනම ඉවත් කළ හැක. කෙසේ වුවත් උත්සහය අතිශයින පැසසිය යුත්තකි.

    ReplyDelete
  3. මමත් මේ වැඩේ කරන්න ගිහින් තියෙනවා ඉස්සර (audacity වලින් නම් නෙමෙයි, adobe audition වලින්)
    වැඩේ එලකිරි වගේ හරියන්නේ ඉඳලා හිටලා එහෙමත් සිංදුවක තමයි.

    ලොකුම ප්‍රශ්නෙ මෙහිදී සිදුවන්නේ සංඛ්‍යාත කපාහැරීමක් නිසා සිංදුවේ ඉහල සංඛ්‍යාත ප්‍රදේශය කැපීයාමෙන් ගොරහැඩි ශබ්දයක් (නලයක් තුලින් ඇසෙන්නාක් මෙන්) නැගීමයි.

    කොහොම උනත් මචං පෝස්ට් එක එල, උබුන්ටු වලිං මේක කරගන්න හැටි දැනගත්තේ අදයි.

    ReplyDelete
  4. සිරා පෝස්ට් එක. ඉනා වගේ මමත් Adobe Audition වලින් ට්‍රයි කරලා තියෙනවා... ඒත් ගොඩක් සාර්ථක උනේ නෑ... මම හිතන්නේ සෑහෙන්න ඉගෙන ගන්න ඕන ඒක. එත් මේක ට්කක් සිම්පල් ප්ලෑන් එකක් වගේ... උබුන්ටගේත් පුළුවන්නේ... ට්‍රයි කරලා බලන්න ඕන...

    ReplyDelete

Facebook ප්‍රතිචාර