Monday, March 23, 2009

අළුත් සෙමෙස්ටරය සහ එහෙන් මෙහෙන් ටිකක්

අද එව්වා මෙව්වා ටිකක් ලියන්න හිතුවෙ මම මෑත ලියූ බ්ලොග් සටහන් ටිකේ තාක්ෂණික මාතෘකා ටිකක් ඇදල ගත් නිසා. ටිකක් විවිධත්වයකුත් තිබුණාවේ... මගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය මොකක්ද?

මගේ දිවියේ අත්දැකීම්, දින සටහන්, ඇසූ පිරූ තැන්, ආතල් සීන්, මෙකී නොකී තවත් දෑ...

ඔන්න ඔය වාක්‍යය ඇතුළෙ තියෙන ආතල් එක ගන්න තමයි මම බ්ලොග් එක ලියන්නේ... ආදර්ශ පාඨය කෙසේ වෙතත් මම වැඩියෙන්ම ලියන්නෙ තාක්ෂණික දේවල්. වැඩේ ආතල්ද ඉතින්? සිරාවටම ආතල්... මම ලියන දෙයින් කවුරු හරි ප්‍රයෝජනයක් ගන්නවා කියල දැනෙන හැම වෙලාවකම අමුතු සතුටක් දැනෙනවා. (මේ සටහනෙන් කාටවත් ගන්න ප්‍රයෝජනයක් නැති එක ඉතිං වෙනම කතාවක් :D )



හරි. එමුකො මාතෘකාවට... කැම්පස් එකේ අපේ හතර වෙනි සෙමෙස්ටරය (මේකට සිංහලෙන් කියන්නේ සමාසිකය කියල, ඒ වුණාට හුරු පුරුදු සෙමෙස්ටරය කියන වචනෙම පාවිච්චි කරනවා) පටන් ගෙන දැන් ටික දවසක් වෙනවා. ටික දවසක් කිව්වෙ සති තුනක් විතර. අපට මේ සෙමෙස්ටරයෙ තියෙනවා...
  • Special Topics in Computer Science
  • Information System Security and Audit (මං ආසම එක ;) )
  • eBusiness Technologies and Applications
  • Business Process Re-Engineering
  • Digital Fine Arts
  • Software Development Project
  • Industrial Visits
  • IT Project Management
ඔය කැමතිම එකක් ගැන කියල තියෙන්නෙ අනිත් ඒවට අකමැතිව නෙවෙයි. IS Security අමුතුම කික් එකක් දෙන්නෙ... මං අත්හදා බලන ගැජමැටික්ස් ගැන දන්නෝ දනිති!

IS Security ගැන කිව්වම මතක් වුණේ... මේ ළඟදි දවසක යාළුවෙකුට crypto කුප්පියකුත් දැම්මා... පොරට ඒක නියමෙට වැදිලා... මට මාර සතුටුයි. ළඟදි දවසක සෙට් වුණොත් දානව තවත් අයට. ඒ විෂය කොටස හරිම සිත්ගන්නාසුළුයි. හිතුණොත් ඒ කුප්පිය කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න සරල විධියට ලියල දානව බ්ලොග් එකේ. හොඳයි නේද?

අනිත් එක Special Topics in Computer Science. මේ දවස් වල කරන්නෙ Neural Networks and Fuzzy Logic. මම පොඩි දවස් වල TV එකේ Knight Rider බලල හිතුව ඇත්තටම මෙහෙම එකක් ඇති කියල. පස්සෙ කාලෙක කල්පනා කළා... කම්පියුටර් කොහොමද හිතල තීරණ ගන්නේ? ඒත් දැන් මට හිතෙනවා... දැනෙනවා... කෘත්‍රිම බුද්ධිය කියන දේ අනාගතයෙ (හෝ දැනටමත්) තියෙන්න පුළුවන් දෙයක් කියල. අපි කවදාවත් නොහිතපු දේවල් කරන්න පුළුවන් ඒ න්‍යායයන් පාවිච්චි කරලා. මං වැරදි නං කවුරු හරි නිවැරදි කරන්ටකෝ...

ඉතිං සිරිත් පරිදිම සතියයි ආතල් එකේ හිටියේ... ඔන්න එනවා assignments! එක පිට එක ලැබෙනකොට නිකං අප්සැට් වගේ වුණාට assignment එකක් කරලා ඉවර වුණාම දැනෙන සතුට කියා නිම කරන්න බැහැ.

ඉතින්... දැන් ආයෙම වැඩ වැඩ වැඩ වැඩි වේගෙන එනවා.



ඒ අතරේ... අපේ ජූනියර්ලා (අළුත් එවුන් කියන්න බෑ දැන් හොඳට හුරු පුරුදු මූණු... :P ) ඉදිරි දිනයක පවත්වන්නට නියමිත, UCSC එකේ වාර්ෂිකව සිදු කරන පිරිත් පින්කම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකර බැහැ. අපේ බැච් එකෙන් මීට අවුරුද්දකට කලින් කළ පිරිත් පින්කම සරසවි ඇදුරු මඬුල්ලේ ඇගයුමටත් ප්‍රසාදයටත් ලක් වුණ හැටි තාමත් එදා වගේ මතකයි. මේ සැරෙත් එය කෙරෙනවා දකින්න ඇත්තටම සතුටුයි. ජීවිතයට හොඳ අත්දැකීමක්. :)



ඊළඟ කතාව... අළුත් සෙමෙස්ටරයෙ අළුත් වැඩකට සෙට් වෙන්න හිතුවා... හීනියට වගේ ආසාවක් ඇති වෙලා තියෙනව Google Summer of Code එකට සහභාගි වෙන්ට. අද (මාර්තු 23) සිට ශිෂ්‍ය අයදුම්පත් භාරගන්නවලු. මේ වතාවෙත් අපට සහනයක් දෙන්න සහන එනව කියල ආරංචි වුණා. මෙන්න ඒ විස්තරේ. මගේ කොයි එකත් ඉවර වෙන්නෙ Foss Rocks කියාගනෙමයි... ඉතිං මෙන්න ආයෙත්... Foss Rocks පාරක්!

කැම්පස් කස්ටිය... පාසල් ළමෝ... මෙකී නොකී source code එක්ක සෙල්ලම් කරන ශිෂ්‍ය ප්‍රජාව GSOC යාමට සීරුවේන් සිටින්!



එහෙනම්... අදට ඇති. අනිවා ඊළඟට එන්නේ වැදගත් දේකුත් අරගෙනමයි... Ciao!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

8 comments:

  1. සහන ගැන ඇහුවාමයි හරියට. ඉක්මනට පොවපං මචෝ කුප්පි, තිබහයි බං.

    ReplyDelete
  2. ‍අනේ මන්දා මට නම් මේකත් තව තාකෂණික අණ්ඩරදෙමළයකම තමා :(

    ReplyDelete
  3. මේවත් අරව තරම්ම වැදගත් තමයි. අර කෘතිම බුද්ධියේ කතාව නම් විය හැක්කක් කියල තමයි මමත් කියන්නේ. කට්ටිය තර්ක කරයි මිනිස්සු තරම් හිතන්න බෑ කියල. ඒ වුණාට මිනිස්සුන්ටත් හිතන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. ඒ සීමාව තීරණය වෙන්නෙ අපේ මතක ප්‍රමාණය සහ ඒ මතකයේ තියෙන දත්ත ලබා ගැනීමේ සහ හැසිරවීමේ වේගවත් කම මතයි. ඒ වගේම අත්දැකීම් තුලිනුත් අපි ඉගෙනගන්නවනේ. ඉතිං ඔය ටික හරියට ක්‍ර්‍මලේඛණය වුණා නම් පරිගණකයකටත් අපට වගේම හිතන්න පුළුවන් වෙන්න ඕන.

    හැබැයි ඊළඟට අර ‍Matrix වගේ එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මිනිස් පරිණාමයේ ඊළඟ පැහැදිලි පියවර ඉලෙක්ට්‍රොනික් මානවයන් කියන එක නම් මට හොඳටම ෂුවර්.

    ReplyDelete
  4. IS Security වලින් රිංගන්න තැනකුත් හොයා ගනීද දන්නෑ.
    (හැක් කරන්න ආස පොරක්නේ).

    ReplyDelete
  5. @ ecH :

    Matrix කතාව සම්පූර්ණයෙන්ම අමතක කරන්න පුළුවං. හිතනවද සැබෑ බුද්ධිමත් යන්‍ත්‍ර (හෝ මිනිසුන්) තවෙකෙක්ව යටත් කරගන්න උත්සාහ දරයි කියල ?

    මෙන්න මේ කොටස මම කොහේදි හර කියවල තියනව : "කෙදිනක හෝ යන්‍ත්‍ර සහ මිනිසුන් අතර සටනක් ඇතිවුවහො.් එය පටන් ගන්නේ කවරෙක්දැය සිතා ගැනීම අසීරු නොවේ"

    දියුණු යන්‍ත්‍ර නිසා මිනිසා වඳව යාවි යැයි කියල ඉදිරිපත් කරන තවත් බොළඳ අදහසක් තමයි "ස්‍වාභාවික වරන වාදය".. මොන මගුලක්ද ? යන්‍ත්‍ර කියන්නෙ අපි නිර්මාණය කරපු "දෙයක් මිස" අපෙන් පරිණාමය වුනු (හරියට මානවකල්ප වානරයන්ගෙන් අපි පරිණාමය වුනා වගේ) ජීවියෙක් නොවේ නේ ?

    අනෙක් අතට, Matrix වගේ දෙයක් හදාගෙන virtual reality ලෝක වල මිනිස්සු ජීවත්වෙන්න ගත්තොත්, ඒක මිනිස්සු කරන්නෙ තමංගෙ කැමැත්තෙං බව මට නං 100%+ ෂුවර් ! ඇයි අප්පා පේන්නෙ නැද්ද අපේ සමහරු (මාත් ඇතුලුව.. :-P ), සැබෑ ලෝකෙ දහසකුත් එකක් වැඩ තියෙද්දි මූණුපොතේ රිංගං ඉන්න අපූරුව ?

    ඉතිං, මොළේට කේබල් එකක් ගහල අනිත් කෙළවර අන්තර්ජංජාලෙට ගහගෙන ඕකෙම ජීවත් වුනොත් ඒ අපේම කැමැත්තෙං.

    ReplyDelete
  6. අයියේ එළකිරි... අපිත් GSoC එනවො....... අපේ පිරිත ගැනත් කිව්වනෙ ඒක තියෙන්නෙ මාර්තු 28 වෙනිද අපේ මහාචාර්යය වී.කේ.සමරනායක ශාලාවෙ.

    ආ.... තව දෙයක් අර කුප්පිය ඉක්මනට ඔන.........මොකද ඒක ආතල් subject එකක් කියල හිතෙනව.
    එහෙනම් යන්න කලින් මාත් කියන්නම් Foss Rocks !!!

    ReplyDelete
  7. @බිன்ku,
    දෙන්නං ළඟදිම කුප්පිය... :)

    @malee_msg,
    හ්ම්ම්...............

    @ecH, @Supun Budhajeewa,
    කවද හරි දවසක Matrix චිත්‍රපට වල තිබෙන දේ කවද හරි දවසක ඇත්ත වුණොත්... එහෙම වෙන්න හේතුව ලෙස බොහෝ විට අනුමාන කරන්න පුළුවන් කෘතිම බුද්ධිය විසින් මිනිස් ගතිගුණ අනුකරණය කිරීම.

    @ගයාන් තාරක,
    Hacking වලට ආසයි හැබැයි තාම පො‍රක් නෙවෙයි. :P
    Security අස්සෙනුත් රිංගල නැතිවම නෙවෙයි... ;)

    @කේෂාන්,
    එළ. All the best!

    ReplyDelete
  8. මලී ගෙ කතාවට මමත් එකඟයි.. හි හි හි...

    ReplyDelete

Facebook ප්‍රතිචාර