Wednesday, March 18, 2009

Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

මගේ පසුගිය සටහන කියෙව්ව නම් දකින්න ඇතිනේ මම ආයෙම Ubuntu ස්ථාපනය කරගෙන තියෙනවා... ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් අපට කැම්පස් එකේ නොමිලයේ ලබා දෙන Wireless Internet පහසුකම ලබාගන්න Fedora මානකරණය කරන එක ටිකක් අපහසු වීම. දැන් අපට තියෙන assignments කන්දරාවෙ හැටියට ඕව හොය හොයා ඉන්න ටිකක් අමාරුයි. ඉතින් Ubuntu වලින් වත් සහනයක් ලැබෙයිද බලනවා. ඉතින් දැන් Fedora, Ubuntu, Windows triple boot. අනෙක, කලකට පෙර, මගේ බ්ලොග් එක කියවන චතුර සංදීප දාපු comment එකක්. රසික ඉල්ලීමක්. :P

VirtualBox හි host ලෙස Ubuntuත්, guest ලෙස Windows XPත් තබාගෙන ඒ මෙහෙයුම් පද්ධති දෙක අතර ගොනු හුවමාරු කරගන්න ක්‍රමය තමයි අහල තිබුණෙ. ඉතින්... මගේ ප්‍රධාන වැඩ කටයුතු ටිකත්, ලියන්න අළුත් මාතෘකා ලැබීමත් නිසා මේ ගැන ලියන එක ටික ටික ප්‍රමාද වුණා. ඔන්න අද ලියනවා... ;)



මේක කරන හැටි මම කොටස් හයකට බෙදල ලියන්නම්. එහෙම ලිව්වම තේරුම් ගන්න ලේසියි කියා හිතනවා.

පළමු පියවර:
දැනටමත් ඔබේ පරිගණකයේ Ubuntu තියෙනවා කියල මම හිතනවා. මම මේක කළේ 'මනුස්සකම කඳුකර එළු' සංස්කරණයේ (8.10) ඉඳගෙන. ඉතින් මුලින්ම terminal window එකක් විවෘත කරගෙන පහත විධානය ලබා දෙන්න.

sudo apt-get install virtualbox

(මෙගාබයිට 50කට නොවැඩි බාගැනීමක්)

දෙවන පියවර:
දැන් වින්ඩෝස් ස්ථාපනය සඳහා අළුත් Virtual Machine එකක් නිර්මාණය කරන්න. මම මේ සටහන ලියන්නෙ දැනටමත් VirtualBox පාවිච්චි කරන අය සඳහා නිසා ඒක කරන ක්‍රමය දැන් ලියන්නෙ නෑ. ඒ වුණාට මේ දේවල් වලට අළුත් අයටත් හැකිතාක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ලියන්නම්. ඒක කරන එක එච්චර දේකුත් නෙවෙයි -- facebook account එකක් හදනවට වඩා ලේසියි. :P

අළුත සාදාගත් Virtual Machine එකේ Settings වෙත ගොස් පහත දැක්වෙන තිරපිටපතේ පෙන්වා ඇති සැකසුම් සකසන්න. (පැහැදිලිව බලන්න රූපය මත ක්ලික් කරන්න)


Enable Network Adapter
Attached to NAT
Cable Connected
  • Shared Folders සඳහා සැකසුම් කිරීම අවශ්‍ය වෙන්නෙ නෑ.
තුන් වන පියවර:
සාදාගත් Virtual Machine එක මත Windows XP ස්ථාපනය කරන්න. ඒක ඉතින් කරන්න දන්න එක නේ... වින්ඩෝස් ස්ථාපනය කරල කරන්න සැකසුම් කීපයක් තියෙනවා. ඒවා එකින් එක පහත දක්වා තිබෙනවා.


මේක කරන්නෙ අපේ පහසුවට, ඕන වෙලාවක ජාල‌ සැකසුම් වල තත්වය බලාගන්න පුළුවන්



දැන් Windows Network Setup Wizard දක්නට ලැබේවි. එහි පහත දැක්වෙන සැකසුම් සකසමින් ඉදිරියට යන්න.
  • Select a connection method පියවරේ දී - This computer connects to the Internet through a residential gateway or through another computer on my network.
  • File and printer sharing පියවරේ දී - Turn on file and printer sharing

මෙහි Default Gateway ලෙස දක්වා ඇත්තේ Ubuntu ස්ථාපනය කර ඇති පරිගණකයේ, එනම් host OS ඇති පරිගණකයේ ඇති virtual network interface එකෙහි IP ලිපිනයයි. මේ උදාහරණයේදී එය 10.0.2.2 වෙයි. එය සටහන් කරගන්න.

දැන් Command Prompt එකේ පහත දැක්වෙන විධානය ලබා දෙන්න.

ping 10.0.2.2

(තද කළු අකුරින් තියෙන IP ලිපිනය වෙනුවට ඔබේ පරිගණකයේ IP ලිපිනය (Virtual Windows ස්ථාපිතය මගින් ලබා ගත්) සටහන් කරන්න)


මේ වගේ පිළිතුරු ලැබෙනවනම් වැඩේ හරි

දැන් ටික වෙලාවකට අපි Virtual Machine එක වසා දමමු. මීළඟ පියවර කරන්න තියෙන්නෙ Ubuntu මත.

හතර වන පියවර:
Ubuntu වල terminal window එකක් විවෘත කරගෙන පහත විධාන එකින් එක ලබා දෙන්න.

mkdir ~/vbox-share
chmod 777 ~/vbox-share
cd ~/vbox-share
touch i am proud to be a sinhala blogger (මේක කරන්නෙ ආතල් එකට... shared folder එකේ බෙදා හදා ගන්න මොකුත් තියෙන්නත් එපැයි :P )
sudo apt-get install samba libpam-smbpass
exit

දැන් සැසිය යළි අරඹන්න (session restart). මේක කරන්න ලේසිම විධිය Ctrl+Alt+Backspace. කරන්න කලින් අත්‍යාවශ්‍ය සියළුම වැඩසටහන් වලින් ඉවත් වෙන්න.

පස් වන පියවර
ඉතිරි ටිකත් terminal එකෙන් කරන හැටි තිබුණ නම් හොඳයි. ඒත් කලබල අස්සෙ මට ඒක හොයාගන්න බැරි වුණා. ඒ නිසා nautilus (GUI) වලින් කරන හැටි කියන්නම්.

Places menu (ඉහළ වම් කෙළවර) එකේ Home ක්ලික් කර ඔබේ home folder එක වෙත යන්න. අළුත හදා ගත් folder එක (මේ උදාහරණයේදී vbox-share) right click කරල Properties වෙත යන්න. එහි Share tab එකේ පහත දැක්වෙන සැකසුම් සකසන්න.
  • Share this folder : Yes
  • Share name : ubuntu-host (කැමති නමක්)
  • Allow other people to write in this folder : Yes
  • Guest Access : Yes
දැන් Create Share ක්ලික් කරන්න.


වැඩේ හරි නම් icon එක පේන්නෙ මෙහෙම

හය වන පියවර:
දැන් ආයෙම අපේ Windows virtual machine එක පණගන්වන්න. Start --> Run ගිහින් කලින් අපි සොයාගත් IP එක මෙන්න මේ විධියට ඇතුලත් කරන්න.

\\10.0.2.2\

දැන් මෙහෙම එකක් ලැබෙයි:



ඇරල බලන්න මොනවද තියෙන්නෙ කියලා... :P


වැඩේ හරි නේද? Ubuntu වල තියෙන ආරක්ෂක විධි විධාන මඟහැරල මේ බෙදා හදා ගැනීම කරන ක්‍රමයටයි ලිව්වෙ. මොකද virtual machine එකත් පාවිච්චි කරන්නෙ තමන්මනෙ.

මේ ක්‍රමය virtual නොවන සාමාන්‍ය Windows ස්ථාපිතයකටත් අදාළයි. මේක ලියල දැන් මාර මහන්සියි. මම ලිව්වෙ නවකයින් ගැනත් හිතල. තේරුම් ගන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ. ගැටළු තියෙනව නම් comment එකක් දාන්න... මං දෙඤ්ඤං උත්තර... :)

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

10 comments:

  1. නියමයි අයියා, මාත් කොරලා බලන්න!

    ReplyDelete
  2. පංකාදු හතයි..! අධ්‍යාපනය ලබන ගමන්ම දැනුම බෙදාදීම උතුම් පිනක් සමීර මලේ..!

    ReplyDelete
  3. උඹට මට මල දෙන්න හිතෙනවා.

    ReplyDelete
  4. ආ... එළ මචෝ එළ. :)
    මල දෙනවා කිව්වෙ අර කපන මල ද? :P

    ReplyDelete
  5. හැබෑටම කොරල බලන්න ඔන වැඩක්...

    ReplyDelete
  6. අම්මො මට නම් greek වගේ. ඒත් try කරලා බලන්න හිතෙනවා.මම FOSS වලට ටිකක් බයයි.මොකද මම use කරල නැති නිසා හා හදිස්සියට අහගන්න කෙනෙක් නැති නිසා.
    Will Try!

    ReplyDelete
  7. @Niranjan,
    greek නොවී geek වෙන්න. :)

    FOSS වලට බය වෙන්න එපා. බය වෙන්න ඕන වින්ඩෝස් පාවිච්චි කරනකොට... වයිරස් කියයි ට්‍රෝජන් කියයි.... මළ විකාරයයි.
    හදිස්සියට අහගන්න මම ඉන්නවා. :)

    ReplyDelete
  8. @ශාකුන්තල
    ධනිෂ්කත් පුල් ට්‍රයි එකක් දෙනව මුරපද සහිත වයර්ලස් නෙට්වර්ක් සමග සම්බන්ධ වෙන්න අපි දන්න කියන කාලෙ ඉදලම. මම සිතන්නෙ තාම මෑන්ටත් බැරි වුනා හදාගන්න. ඔයා හොයාගත්තොත් එයාටත් කියන්න. ඔයා පින්තූර එහෙම දැකල ඇතිනෙ. මම සිතන්නෙ ඒක known Bug එකක්.

    ReplyDelete
  9. එල බොස් එල... ඔන්න මමත් මේ දැං මේකෙන් ෆුල් සපෝට් එකක් ගත්තා.

    දන්නවනේ මම vb6 කරන්නෙ ubuntu වල ඉඳන් වී-පෙට්ටියෙ දාපු xp වල බව. මට ඕනෙ ෆයිල් වගයක් පෙන් එකක දාලා ගන්න හැදුවට වී-පෙට්ටියෙන් පෙන් එක බාරගත්තේ නෑ. යන්තං මේ ක්‍රමෙන් ගොඩ ගියා.

    තැන්කූ වේවා !

    ReplyDelete
  10. ගොඩක් හොඳයි.. මම windows xp සහ ubuntu dual boot විදිහට install කරලයි තියෙන්නෙ. මට දැනගන්න අවශ්‍ය මට windows xp වල සිට ubuntu partition එකට යන්න ක්‍රමයක් තියනවද කියල ??

    ReplyDelete

Facebook ප්‍රතිචාර