Monday, November 3, 2008

සැඟවුණු චරිත සහ ආගිය කතා

මගේ Dialog HSDPA සම්බන්ධතාව එකපාරටම අවුල් වූණා. සම්බන්ධ වෙන්නෙ නෑ. පස්සෙ මම Dialog එක‍ට කතා කරල කිව්ව. දැන් නම් ටිකක් හරි වගේ. ඔන්න ඔය ජරමර ඉවර වුණාට පස්සෙ මට මූණුපොතෙන් හෝ ගාල ඇවිල්ල තිබුණු ඊමේල් කන්දරාව ඩිලීට් කරල දැම්ම. දැන් තමයි සිංහල බ්ලොග් ටික කියවල ඉවර කළේ. මේ අවුල නිසා මම (කල්පයක් වගේ) දවස් දෙකකට අන්තර්ජාලයෙන් වෙන් වුණා. ඒ අස්සෙ සෑහෙන විප්ලවයක් වෙලා.

පහුගිය දවස් වල මම තෙල ගහල සැඟවුණු සාමාජිකයො දෙන්නෙක් එළියට ගත්ත. එක්කෙනෙක් පහන්. අනිත් එක්කෙනා චමිල. තවත් කීප දෙනෙකුට බ්ලොග් තෙල ගසමින් පවතිනව. ඒ අයත් ඉදිරියෙදි සිංහල බ්ලොග් අවකාශයට එයි. අපේ කිරිකැටියා, වලේ ඇතුළුව කීපදෙනෙක්ම ඉන්නවා. මගේ බ්ලොග් එක වනමින් අවකාශයට ආයුබෝවන් කියූ චමිල දැන් සුපිරි ක්‍රීඩකයෙක්. කෝ ඉතින් මුන්ගෙ වැඩ කිඩ දැක්කෙ දැන්නෙ. :)

---

ඒ අස්සෙ මම xAurora එක්ක පොඩි සෙල්ලමක් දැම්ම. xaurora.exe සංස්කරණය කරල ඒකෙ comment විධියට තිබුණු hackerzmafia@gmail.com ඊමේල් ලිපිනය වෙනස් කරල ඒකට මගේ ඊමේල් ලිපිනය shaakunthala@gmail.com දැම්ම. දාල සේව් කළාම මෙන්න වැඩ! ඒක අහම්බෙන් වෙච්ච දෙයක් කියල දැනගත්තෙ අද උදේ කාලිංගගේ බ්ලොග් සටහන කියවද්දි.
  • hackerzmafia : 12 characters
  • shaakunthala : 12 characters
xAurora ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ. නන්නත්තාරයි.

---

තව ඉතින් කියන්න දෙයක් නෑ.. අද ටිකක් tech ගතිය අඩුයි වගේ.. තාවකාලික සමුගැන්ම.

~ ශාකුන්තල ~ Shaakunthala ~

3 comments:

  1. තාම ඇවිල්ලා ටික දවසනෙ... ‍වැඩ දාන්න ලැජ්ජා ඇති ;) හි හී....

    ReplyDelete
  2. සුභ උපන් දිනයක්! (තව විනාඩි කිහිපයයි)

    ReplyDelete
  3. අද ජාතින ශෝක දියයක් කියලා රජය මොකද කියලා නැතතේ

    ReplyDelete

Facebook ප්‍රතිචාර