Wednesday, November 12, 2008

Firefox සහ පෞද්ගලිකත්වය

මට හම්බ වුණා මරු Firefox add-on එකක්. නම TabRenamizer.

ඒක වැඩ කරන්නෙ මෙහෙමයි. අපි හිතමු මට බොසාට හොරෙන් Youtube වෙබ් අඩවියට යන්න ඕන වුණා කියල. ඒක අළුත් වින්ඩෝ එකක open කරල minimize කළොත් title bar එක පේනව. අළුත් tab එකක open කරල වෙනිං tab එකකට මාරු වුණත් tab title එක පේනව.

විසඳුම ඒ tab එකේ title එකේ පෙන්නන පාඨය (tab title text) වෙනස් කරන එක. ඒකට තමයි TabRenamizer තියෙන්නෙ.

Tab එක right click කරල rename කරන්න පුළුවන්. එතකොට tab එකේ තියෙන්නෙ Youtube. Tab title එක Wikipedia. පිටින් එබිල බලන කෙනෙකුට හිතෙන්නෙ හොඳ ළමයෙක් කියල. හික්.. :D

බලන්න Internet Explorer පාවිච්චි කරන අයට මේ වාසිය තියෙනවද කියල. Firefox අයට විතරයි චාන්ස් එක. ;)



8 comments:

  1. හා හා උඹ මේක හොයාගත්ත එක හොඳයි... දැන් study common එකේ නිදහසේ කරන දෙයක් කර ගත්ත ඇහැකි

    ReplyDelete
  2. උඹනං දෙයියෙක් මචෝ.

    ReplyDelete
  3. ඕක xAurora එකේ නම් built-in තියනව. හික් :D

    ReplyDelete
  4. වැ‍ඩේ තියෙන්නේ Maxthon crack කරලා හදපු ඔය xAurora කියන හොර browser එක කවුරුත් පාවිච්චි කරන්නේ නැති එකනේ...
    Kernel Mode එකේ වැඩ කරන, ඇසෙම්බ්ලි වලින් ** ඉරාගෙන ලියපු, වෙබ් පිටු 10,000ක් දරන්න පුළුවන්, IE වලට වඩා වේගවත් (හැබැයි IE engine ම පාවිච්චි කරන???)ලෝකේ වේගවත්ම browser එකලු නේද??

    අනේ මේ නිකං පලයන් බං යන්න.. ගිහින් කියපං ඕවා කොණ්ඩේ බැඳපු චීනුන්ට (හා හා ඒකත් බලාගෙන... චීන්නු දැනගත්තොත් උන්ගේ දේ හොරාගෙන කියලා උඹට මොනවා කරයිද දන්නේ නෑ)

    http://sinhala.kalingasblog.com/2008/10/20/xaurora-browser/

    මෙන්න මේකේ ඔය හොර සමීරයගේ ගොන්පාට් comment ටිකකුත් තියෙනවා... (පොරට කඩ්ඩ බැරි වුනාට මෝරුන්ට හොඳට කඩ්ඩ පුළුවන්... comment එකෙන් දැනගන්න පුළුවන් මෝරාද නැද්ද කියලා)
    http://dasunsameera.blogspot.com/2008/10/xaurora-world-fastest-web-browser.html

    ReplyDelete
  5. මේ දරුවට මල පැනල තියන තරම. හික්..!

    මම මේක xAurora එකේ තියනව කිව්ව මිසක් ඒකෙ පැටිකිරිය වත්, හැදුවැයි කියන එකාගෙ පැටිකිරිය වත් සුද්ද කරන්න ගියෙ නෑනෙ. අනේ මන්ද මුංගෙ අවබෝදෙ හැටි,

    මේකගෙ හෑල්ල කියවන කොට මට මෙහෙම ප්‍රෂ්නෙකුත් ආව. දන්නැති කමටයි අහන්නෙ, දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න.

    එකම layout engine එක පාවිච්චි කරන බ්‍රවුසර් දෙකක වේගය, හැකියාව සමාන වෙන්න ඕනද? Layout engine එක පමනක් බ්‍රවුසර් එකේ හදවත කියල සලකන්න පුලුවන්ද? WebKit මත හදපු බ්‍රවුසර සියල්ලම එක සමානද?

    දැන් ආයෙත් කියයි මම xAurora ට කඩේ යනව කියල. කාට හරි එහෙම හිතෙනව නම් ඒක උගේ තේරුම් ගැනීමේ සහ අනෙක් අයගේ මත වාද දෙස අපක්ෂපාතී ලෙස බැලීමේ ඇති නොහැකියාව.

    xAurora අයිතිකාර මහත්මය කරල තියන අලුගුත්තේරු වැඩේ නම් හරිම කැතයි. ඒකට එතුමාට දැන් ඇති තරම් හම්බ උනානෙ. ඕව ඉතින් හිතන්න තිබුනෙ කරන්න කලින්.

    ReplyDelete
  6. @Annonymous,
    ගනං ගන්න එපා ඔයා ලියල තියෙන එක දැක්කම කඩේ යනවද නැද්ද කියල එකපාරටම හිතා ගන්න අමාරුයි. :) ඒනයි ඒ Annonymous මහත්තය එහෙම ලියල තියෙන්නෙ.

    මෙතෙක් කරල තියෙන පරීක්ෂාවන්ට අනුව එකම layout engine එක පාවිච්චි කරන browser දෙකක වේග සමානයි. වෙනස් browsers පාවිච්චි කරමින් මෙතනින් බලාගන්න පුළුවන්. හැබැයි හැකියාවන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් IE වල නැති පහසුකම් රැසක් Maxthon වල දැකගන්න පුළුවන්. හැබැයි වේග සමානයි.

    Layout engine එක browser එකේ හදවත කිව්වෙ HTML code එක අප දකින වෙබ් පිටුව බවට පරිවර්තනය කරන core software component එක එය නිසා. Browser එකේ අන් සියළුම ක්‍රියාකාරීත්වයනුත් රඳා පවතින්නෙ එය මත.

    WebKit කියන්නෙ framework එකක් විතරයි. ඒ මත හදන browsers එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණ Google Chrome සහ Nokia S60. හැබැයි වේග නම් කොහොමද දන්නෙ නෑ.

    මේ සටහන දැම්මෙ ආතල් එකක් ගන්න. දැන් ඒකත් ටෙක් පෝස්ට් එකක් වෙලා... lol
    මේ සටහනේ සිරිතට ගරු කරමින් annonymous comment එකක් ලිව්වට මේ හය වෙනි comment එක ලියන මම ශාකුන්තල. හැබැයි හයවැන්න විතරයි මම ලිව්වෙ.

    ReplyDelete
  7. සමාවෙන්න anonymous හිත රිදුනනම්... මටත් ඔයාගේ comment එක තේරුම් ගන්න බැරි වුනා... xAurora දැක්ක ගමන් පැනපු මල =D
    ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ශාකුන්තලගෙන් ලැබුනානේ... මමනම් උත්තර දෙන්න දන්‍නේ නෑ..

    බොරුව දැක්කාම මල පනින එකත් සාධාරණයි නේද?

    ජය!!!!

    ReplyDelete
  8. ගෝඨයිම්බරගේ බ්ලොග් සටහන

    කාලිංගගේ මැක්ස්තන් (MAXTHON) මුලාව

    http://gotaimbara.wordpress.com

    කියවපන් පරයා, තව උම්බලගෙ යාලුවන්ටත් කියපන් හරිද. අපි මේක ලේසියෙන් අරින්නේ නෑ. පාහරයා. තොපි හිතන්නේ තොපි මහලොකු එවුන් කියලද? බල්ලා. පාදඩයා. තොගෙ කෙස් අපි කපනවා රීඩ් ඈවනියු පෑත්තෙදී.. බලාගමු.

    ReplyDelete

Facebook ප්‍රතිචාර