Wednesday, November 5, 2008

නිදහස සොයා - 1 | GNU/GPL වෙත ප්‍රවේශයක්

අද සටහනත් වෙන් වෙන්නෙ පරිගණක පිළිබඳ සාපේක්ෂව අඩු හෝ සාමාන්‍ය දැනුමක් තියෙන අය වෙනුවෙන්.

අපි පාවිච්චි කරන පරිගණක මෘදුකාංග අපට ලැබු€ණෙ කොහොමද? Software CD ටික ඉල්ලගන්නව යාළුවෙක්ගෙන් - නැත්තම් ඕනම CD එකක් රුපියල් 80ත් 200ත් අතර මුදලකට ගන්නවා - නැත්තම් Pirate Bay පිහිටෙන් - එහෙමත් නැත්තම් කාට හරි කියනව තමන්ගෙ පරිගණකයෙ මෘදුකාංග ටික ස්ථාපනය කරල දෙන්න කියල. මේ එක වෙලාවකවත් මේ වැඩේ නීත්‍යානුකූල බව ගැන හෙව්වද? දැන ගත්තත් ඒ ගැන අපි තැකීමක් කරනවද?

ඔන්න කොහෙන් හරි ගේනව Windows XP තැටියක්. ගෙනත් install කරනව. ටිකකින් මොකක්ද ඉංග්‍රීසියෙන් ලියපු වැල්වටාරමක් එනව. මොකද කරන්නෙ - ඔබනව F8. තමන්ගෙ සියළු චංචල - නිශ්චල දේපල Microsoft එකට පවරනව කියල තිබුණත් දන්නෑ. කියවන්නෙ නැහැනෙ අපේ අය.

හරි. දැන් එමු මාතෘකාවට. මම කිව්ව ඉංග්‍රීසි වැල්වටාරම කී දෙනෙක් සම්පූර්ණයෙන් කියවල තියෙනවද? මම නම් කියෙව්වා. කියවල නැත්තම් මෙතනින් කියවන්න [Windows XP, PDF]. eula.txt කියෙව්වම තේරුම් ගන්න පුළුවන් Microsoft ආයතනය Windows භාවිත කරන්නාට කොතරම් සීමා පනවල තියෙනවද කියල.

තමන්ට අවශ්‍ය විධියට වෙනස් කරගන්න බෑ. එක පරිගණකයක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. Decompile - ඒ කියන්නෙ වින්ඩෝස් ගොනු නැවත මූල කේත වලට හැරවීම (අඩුගානේ ආසාවට බලන්නවත්) සපුරා තහනම්. "The Product may not be used by more than two (2) processors at any one time on any single Workstation Computer" - මේ ගැන මොකද හිතන්නෙ? මේ වගේ කොන්දේසි රාශියකට අපව යටත් කරල තමයි ඔවුන් අපට මෘදුකාංග පාවිච්චි කරන්න දෙන්නෙ.

අනවසර පිටපත් පාවිච්චිය හා ළග තබා ගැනීම වැරදි වුණත් අනවසර පිටපතක් පාවිච්චි කරන කෙනාට ඕව වැදගත් නැහැනේ. දැන් බලමු නියමිත මුදල ගෙවල තමන්ගෙ පිටපත ලබාගන්න අය දිහා. ගෙවන මුදලත් එක්ක සංසන්දනය කරල හිතන්න මේ EULA (End User's License Agreement) එක කොයි තරම් දුරට සාධාරණද කියා. Microsoft පමණක් නොව අප එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග බොහොමයක සත්‍ය තත්වය ඕකයි.

මගේ මතය තමයි මෘදුකාංග තමන්ට රිසි පරිද්දෙන් පාවිච්චි කිරීමේ නිදහස තිබිය යුතුයි කියන එක. මේක කවුරුවත් තෙල ගහල මගේ ඔළුවට ඇතුළු කරපු එකක් නෙවෙයි. හැබැයි විවිධ පුද්ගලයන් විසින් කළ දැනුවත් කිරීම් විවෘතව විමසා බලා හිතට ගත් දෙයක්. මම නිදහස උපරිමයෙන් අගයන්නෙක්.


මෙන්න නිදහස බලෙන් විඳීම (සංස්කරණය කළ logonui.exe):
මෙහි තිබූ තිර රූපසටහන ඉවත් කරන ලදී.
---

කොන්දේසි වලට හිර වෙන්න අකමැති නම්??? මෙන්න විසඳුම... නිදහස් හා විවෘත මෘදුකාංග හෙවත් Free and Open Source Software

නිදහස් (Free): පිටපත් කිරීම, සංස්කරණය කිරීම හා නැවත බෙදා හැරීම සඳහා නිදහස්
විවෘත (Open) : මූලය විවෘතයි. මෘදුකාංග සමග එහි මූල කේත (source code) ලබා ගත හැකියි

Ubuntu, Mozilla Firefox, Audacity මේ අතරින් කීපයක්. මදක් සිතා බලන්න, මේ නිදහස කෙතරම් අගනේද කියා...

මේ මෘදුකාංග වලත් license හෙවත් බලපත්‍ර ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. BSD License, GNU General Public License, Apache License මේ අතරින් කීපයක්.

මම වැඩිපුර දැකල තියෙන්නෙ GNU/GPL යටතෙ දෙන නිදහස් හා විවෘත මෘදුකාංග. ඒ නිසා මම GNU/GPL වැඩිපුර උනන්දුයි. මම ඉදිරියෙදි GNU/GPL ගැන සටහනක් තියන්නම්.

GNU: GNU's Not Unix
GPL: General Public License

දැන් නවත්තන්නෙ නිදිමත නිසා... ප්‍රශ්න තියෙනව නම්/ මම වැරදි දෙයක් කියල නම් comment එකක් දාන්න.

8 comments:

  1. නියමයි. නිදහස් හා විවෘත මෘදුකාංග ගැනත් ලියන්න.

    ReplyDelete
  2. Ubuntu වලට අවශ්‍ය harware driver softwares හොයා ගන්න සහ ස්ථාපනය කරගන්න විදිහ පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? අදාල සමහර සමාගම් වලින් ඒ සඳහා අවශ්‍ය driver softwares සපයල නෑ.

    ReplyDelete
  3. නියමයි මචං. අපේ රටට ගැලපෙන මෘදුකාංග රටාවක් හදාගන්න පුලුවන් නම් ඉතාමත් හොදයි.

    පොඩි කොස්සක් තියෙනවා. සංස්කරණය කල logonui.exe නම් හොඳයි. ඒත් එහි UCSC ලාංඡනය ඇති නිසා කවුරුන් හෝ සිතන්න පුලුවන් නේද UCSC එක piracy ජනප්‍රිය කරවනවා කියලා? ඒක නිසා ඔතනට වෙන විදියකට සංස්කරණය කරපු එකක් දානවානම් හොඳයි නේද?

    ReplyDelete
  4. @චරිත,
    Ubuntu සම්බන්ධව තාක්ෂණික දැනුම හුවමාරු කරගන්න මෙතනින් පුළුවන්.
    Hardware නිෂ්පාදකයින් කියන්නෙ ලිනක්ස් කර්නල අතර ඇති විවිධත්වය නිසා ලිනක්ස් සඳහා drivers නිකුත් නොකරන බවයි. නමුත් මට සැකයක් තියෙනව මේකට microsoft එකේ බලපෑමකුත් තියෙනවද කියල.

    @චමිල,
    UCSC logo එක දකින හැම වෙලාවෙම මට මාර කික් එකක් එන්නෙ. ඒකට තමයි කැහිල්ල කියන්නෙ. දැන් කාටවත් මුකුත් හිතන්න දෙයක් නෑ. මගේ පරිගණකයෙ මට ඕන නිසා මගේ චිත්ත ප්‍රීතිය තකා මම ලාංඡනය දාගත්තා. නමුත් චමිල කියන කතාවෙ ඇත්තක් තියෙන නිසා මම ඒක අයින් කරනවා.

    ReplyDelete
  5. අපි ආදරය කරන ඒ ස්ථානයේ ප්‍රතිරූපය ගැන හිතන්න ඕන නිසයි මම ඒ අදහස දැම්මේ. මම පාවිච්චි කරන්නේත් pirated සංස්කරණ.මගේ පුතිරුපයට ඒකෙන් හානියක් නෑ. ඒත් පරිගනක අධ්‍යයනායතනයක් විදියට UCSC එකට pirated සංස්කරණ භාවිතය එතරම් හොඳ නෑ.

    ReplyDelete
  6. මම හිතන්නේ මෘදුකාංග දිහා අපි බලන්නේ බොහොම පටු විදිහට. මම නම් හිතන්නේ එවාට හොන්ද මිලක් තියෙන්න ඔන. නැත්නම් ඒවා මේ තරම් දියුනුවෙන් නෑ. අපිට මේ මුදල ලොකු වුනාට පිට රට වල අයට මේක එතරම් දෙයක් නොවේ. කැමති කෙනෙක් නිදහස් මාදුකාංග පාවිච්චි කරපුවාවේ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය කැමැත්ත. අනික සල්ලි ගෙවලා ගන්න හැම එකකට වගේම නිදහස් මාදුකාංගත් තියනවනේ. නිදහස් මාදුකාංග මේ තරම් දියුණුවෙන්නේ මයික්‍රසොෆ්ට් වගේ සමාගම් නිසා කියලා මම හිතනවා.

    ReplyDelete
  7. @චතුරංග,
    මම මෘදුකාංග නොමිලේ ලැබිය යුතුයි කියල කියන්නෙ නෑ. මෘදුකාංග නිදහස් විය යුතුයි. එයට මිළක් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්.
    The term 'Free' used in this article may not be undersood as in 'free beer' but as in 'free speech'.

    නිදහස් මෘදුකාංග මේ තරම් දියුණු වෙන්න Microsoft එකේ තරඟකාරීත්වයත් හේතුවක් වෙන්න ඇති. නමුත් ලොකුම හේතුව ඒක නෙවෙයි. Microsoft, Adobe වගේ සංවෘත මෘදුකාංග වල තියෙන දෝෂ - අඩුපාඩු හදන්න පුළුවන් ඒ සමාගම් වල සේවානියුක්තිකයන්ට විතරයි. ඒත් නිදහස් හා විවෘත මෘදුකාංග වල දෝෂ - අඩුපාඩු දිහා සමස්ත ලෝකවාසීන්ටම බලන්නත් ඒව නිවැරදි කරන්නත් අවකාශ තිබෙනවා. මේ නිසා නිදහස් හා විවෘත මෘදුකාංග ඉක්මනින් දියුණු වෙනව.

    මේ මම ලියන ලිපි පෙළක ආරම්භය විතරයි. ඉදිරි ලිපියක මේ ගැන සවිස්තරව සාකච්ඡා කරන්නම්.

    ReplyDelete
  8. Blogger චමිල said...

    ඔබ කියන දේ ඇත්ත. වාණිජ (proprietary) මෘදුකාංග සහ අනෙකුත් IT සම්බන්ධ සමාගම් වලින් IT වල ලොකු වැඩි දියුණු කිරීම් කරලා තියෙනවා. උදාහරනයක් විදියට Apple නිසා PC වල තාක්ෂණය දියුණු වුනා කියන්න පුලුවන්. ඒත් නිදහස් මෘදුකාංග ‍ලෝකයේ කොච්චර ප්‍රසිද්ධ වෙලා තියෙනවද? Apache වලට 80% කට ආසන්න market share එකක් තියෙනවා. මේ නිසා අපි 3 වෙනි ලෝකයේ රටක් හැටියට නිදහස් මෘදුකාංග ගැන මීට වැඩිය උනන්දු වුනොත් හොඳයි නේද?

    05 November 2008 09:03
    Delete
    Blogger Harshana Weerasinghe said...

    ඒ වගේම හොන්ද මිලක් තියෙන මෘදුකාංග වල හොද පහසුකම් තියෙනව. මොකද කවුරුත් කැමති නෑනෙ නොමිලයේ ගන්න පුළුවන් මෘදුකාංග වලට සමාන මෘදුකාංග මිලදී ගන්න. ඒ නිසා ඇපල්, මයික්‍රෝසොෆ්ට් වැනි සමාගම් පරිශීලකයන්ගෙ අවෂ්‍යතාවයන් වැඩිපුර අධ්‍යනය කරල ඒවාට විසදුම් ලබා දෙනව. නමුත් ලිනක්ස් වැනි විවෘත මෘදුකාංග වල පරිශීලකයන්ගෙ අවෂ්‍යතාවයන් සොයාබලනව අඩුයි, මම වැඩිපුරම දැකල තියෙන්නෙ කාගේ හෝ අදහසක් එළියට ආවම ඒ වගේ පහසුකම් සපයන්න උත්සහ කරන එක. ඒක නොමිලයේ දෙන නිසා මම වැරැද්දක් දකින්නෙ නෑ.

    ඒ වගේම අපේ වගේ රටක් නිදහස් මෘදුකාංග ගැන සිතිය යුතුයි, මොකද ලෝකයේ පවතින මෘදුකාංග මිලට සාපේක්ෂව ලංකාවේ මිල වැඩියි (ආදායම සමග සලකන විට). නමුත් ඇමෙරිකාවෙ වත් නිවෙස් වල සිටින පුද්ගලයින්ගේ පරිගණක වල තිබෙන මෘදුකාංග ගැන සොයා බලන්නෙ නෑ. ඒ අය බලන්නෙ Corporate අය ගැන. ඒ වගේම තමා අපේ රටේ දැන් දකින්න තියෙන තත්වය නම් සියළුම රාජ්‍ය ආයතන වල (පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු) භාවිතා කරන්නෙ මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස්, ඒ වගේම බොහෝ පෞද්ගලික ආයතන අද වන විට මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෘදුකාංග මිලදීගෙන තිබෙනව. ඉතින් දැන් පරිගණක භාවිතා කරන්නන් ගෙන් 95%කට වඩා පිරිසක් වින්ඩෝස් මෘදුකාංග වලට හුරුවුනු අය නිසා, අපි මේ අයට විවෘත මෘදුකාංග භාවිතා කරන්න වින්ඩෝස් වලට වඩා ලේසියෙන් භාවිතා කල හැකි(User friendly) මෘදුකාංග හදුන්වා දෙන්න වෙනව. නැතිනම් මේ අය භාවිතා කරන්න හුරු කරවන එක අපහසුයි කියලයි මට සිතෙන්නෙ.

    05 November 2008 10:53
    Delete
    Blogger චතුරංග රූපසිංහ said...

    @හර්ශන වීරසිංහ
    අපි නිදහස් මෘදුකාංග වලට ප්‍රබලලෙස හුරුවෙන්න නම්
    හොර අරක්කු අල්ලනවා වගේ ගෙවල් වලටත් ‍ෙපාලිසියෙන් පනින්න ඔන. මොකද මම හිතන්නේ නිදහස් මෘදුකාංග වලට අනෙක් මෘදුකාංග පසුකරන්න එම සමාගම් වලින් ඉඩ දෙන් නැතිවෙයි. හැමදාම වැඩි පහසුකම් දෙන එකට අපි නිතැතින්ම යන හින්දා අපි ඒවම පාවිව්වි කරය්.

    05 November 2008 20:42
    Delete

    ReplyDelete

Facebook ප්‍රතිචාර