Saturday, November 29, 2008

SLGUbuntu from UCSC

UCSC හා Dialog Telekom එක්ව සංවිධානය කළ Sri Lanka Genius 2008 වැඩසටහනේ රූපවාහිනී තරඟ වට මේ දවස් වල සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනියෙ විකාශය වෙනව. SLGenius වැඩසටහන කරන්න කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ බැච් එකේ අයියලා අක්කලාත් අපේ බැච් එකේ අයත් සෑහෙන මහන්සි වුණා. වැඩියෙන් මහන්සි වුණේ මේක සංවිධානය කරපු අපේ අයියලා අක්කලා.

පරිගණක තාක්ෂණයේ බොහෝ දෙනා නොදුටු පැත්තක් වන නිදහස් හා විවෘත මෘදුකාංග ගැන පාසල් ශිෂ්‍යයින්ව දැනුවත් කිරීමත් මේ SLGenius වලින් සිදුකෙරුණා. මෙහිදී පාසල් සිසුන්ට නොමිලේ Linux සංයුක්ත තැටි බෙදා දුන්නා. මේ සඳහා යොදා ගත්තේ Ubuntu මෙහෙයුම් පද්ධතිය සංස්කරණය කර නිපදවන ලද SLGUbuntu මෙහෙයුම් පද්ධතිය.



Ubuntu සමග multimedia codecs ලැබෙන්නෙ නෑ. නමුත් SLGUbuntu සංයුක්ත තැටියේ අවශ්‍ය සියළුම multimedia codecs අඩංගුයි. Linux ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට හොඳම මෙහෙයුම් පද්ධතිය Ubuntu. නමුත් ගැටළුවක්ව පැවතුණේ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය භාවිත කි‍රීමේ අපහසුව නිසා බොහෝ දෙනා Ubuntu පාවිච්චි නොකර සිටීමයි. SLGUbuntu මේ අවශ්‍යතාව සපුරා තිබෙනවා.

SLGUbuntu මුල්වරට නිපදවූයේ Ubuntu 7.10 ඇසුරින්. Ubuntu 7.10 සමග නොලැබුණු සිංහල භාෂාව, wine, Beryl හා Compiz Fusionද මෙයට එක් කර තිබුණා. නමුත් ලිනක්ස් කර්නලයේ සැලකිය යුතු වෙනසක් කර නැහැ.



SLGUbuntu හැදුවේ කැම්පස් එකේ අපට ජ්‍යෙෂ්ඨ බැච් එකේ සුපුන් අයියා. ඔහු මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. Ubuntu ස්ථාපනය කළාට පසුව මේ වෙනස් කිරීම් කරන එක පහසු කාර්යයක් වුණත්, නැවත බෙදාහැරීම සඳහා මේ ආකාරයට එය සකස් කිරීම තරමක් අසීරු කාර්යයක්.

බලන්න ලිනක්ස් වල නිදහස. අපට ඕන විධියට වෙනස් කලා... බෙදාහැරියා...

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

13 comments:

  1. SLGUbuntu ලබා ගැනීමට ක්‍රමයක් සදහන් කිරීමට පුලුවන්ද?

    ReplyDelete
  2. @Charith Weerakkody,
    දැනට නම් එකම ක්‍රමය SLGenius වැඩසටහනට සහභාගි වුණු කෙනෙක්ගෙන් ඉල්ලගන්න එක තමයි. බලමු මොකක් හරි කරන්න... 4shared සරණං ගච්ඡාමී.

    ReplyDelete
  3. මං ගාව 7.10 සංස්ක‍්රණය තිබෙනවා.. ඒත් වෙනස්කම් කිරීමේදී යම්යම් දෝශ ඇතිවෙලා වගේ.. සමහ‍ර වෙලාවට ඒකෙ gnome panels වැඩ ක‍රන්නෙ නෑ. ඒවා ubuntu වලම තිබ්බ ලෙඩද දන්නෙ නෑ.

    ReplyDelete
  4. සමහර විට ප්‍රශ්න ඇති වුනත් දිගටම ගමන යන්න මගෙන් ආසිරි.

    ReplyDelete
  5. නියමයි, මේකත් TAPROBANE වලට ‍වගේ වුනොත් අපරාදයක්,

    සුභපැතුම්,

    ReplyDelete
  6. නියමයි. මේක කොහෙටහරි upload කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..

    ReplyDelete
  7. @Chathura Sandeepa,
    ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මම තාම දැකල නෑ. Ubuntu සමහර පරිගණක වල හරියට වැඩ කරන්නෙ නෑ drivers නැති නිසා. මම කලින් පාවිච්චි කළ පරිගණක‍යේ Ubuntu 6.06 ගොඩක් දෝෂ තිබුණා. නමුත් 7.10 හා පසු සංස්කරණ ගින්නක් නැතුව වැඩ.

    @Keerthi ගවේෂක, har,
    ස්තුතියි.

    @djmlog103,
    ඒක තමයි මම කිව්වෙ 4shared සරණං ගච්ඡාමී කියල. Rapidshare චාටර්. ඔක්කොම කරන්න මම කැම්පස් එකට යා යුතුයි... මොකද මගේ Dialog HSDPA එකෙන් 3.5 Gig විතර ඉවරයි!

    ReplyDelete
  8. මා ළඟත් තියෙනවා. මට නම් ලැබුනේ යාළුවෙක් මාර්ගයෙන්. හොඳ GUI එකක් වගේම පෙරනිමියෙන් ම එන විවිධ මෘදුකාංක ගොඩක් තියෙනවා. ශාකුන්තල කිව්වා වගේ වැදගත් ම දේ multimedia codecs අන්තර්ගත වීම යි. ලිනක්ස් අත්හදා බලන නවකයින්ට මේක බොහෝ ම ප්‍රයොජනවත්.

    ReplyDelete
  9. නියම වැඩක්...!
    අත්හදා බලන්න පුල පුලා ඉන්න කට්ටියට මාර අවස්ථාවක්...
    මමත් කාලෙක ඉදන් 7.10න් තමා වැඩ. ඔක්කොම මෘදුකාංග ටික ටික එකතු කරගෙන තියෙන නිසා අලුත් version එකකට යන්න කම්මැලියි.
    මෙම වෙනස්කම් එහෙමම තියාගෙන version update කර ගන්න විදිහක් තියෙනවද?

    ReplyDelete
  10. SLGUbuntu is really good!!!! Sorry for posting in English..

    ReplyDelete
  11. re for: කෙහෙළිය බණ්ඩාර,
    දැනට තියන මෘදුකාංග ඒ විදියටම තියාගෙන version upgrade එකක් කර‍ගන්න ලේසියෙන්ම පුලුවන්. ප‍හත links දෙක ඒකට උදව්වක් වෙවි.
    http://www.ubuntu.com/getubuntu/upgrading

    http://newtoubuntu.wordpress.com/2008/11/03/how-to-upgrade-ubuntu-710-to-810-via-804lts/

    ReplyDelete
  12. අයියෝ අයියා! ඉක්මනට 4sharedට දන්නකො අනේ!අපි බලං ඉන්නවා ඔන්න!

    ReplyDelete

Facebook ප්‍රතිචාර