නිදහස කියල මාතෘකාව තිබුණට මේ ලියන්නෙ ශාස්ත්‍රීය දෙයක් නෙවෙයි. ආගිය කතාවක්. හදිසියෙම මගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත වුණා. දැන් කොහේ ගියත් යන්නෙ හිස් අතින්. එක්කො මේක හදා ගන්න පුළුවන්. අළුත් එකක් ගන්නත් කාලෙ හරි. ඒත් ජංගම දුරකථනය නැති වුණාම මාර නිදහසක් දැනෙන්නෙ.
මිස්කෝල්ස් නෑ.. SMS මළවදේ නෑ.. සාක්කුවට බරත් නෑ.. එකම අවුල තියෙන්නෙ හදිසියකදි ගෙදරට කෝල් එකක් ගන්න එක තමා. මේ කාලෙ හැටියට ජංගම දුරකථනයක් නැතුව දුර ගමන් යන එක ටිකක් භයානක තමයි.
ඒත් මම ටික දවසක් මේ නිදහස අත්විඳිනව.
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
ටික දවසකට හරි ඔයා හරිම වාසනාවන්තයි... ජ/දු/ක කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් වෙලානේ
ReplyDeleteමමත් ඔය ඉඳලා හිටලා phone අමතක කරලා එනවා. මාර සැහැල්ලුවක් දැනෙන්නේ. හැබැයි හ්දිසි ඇමතුමක් ගන්න උනහමයි, ගෙදර ගිහිල්ලා phone එක උස්සන්නේ නෑ කියල බැනුං අහන්නයි තමා බැරි..
ReplyDeleteඔය මගුල නැත්නම් මම නම් පුදුම වාසනාවන්තයෙක් කියලයි මට හිතෙන්නෙ. අනෙ.... අම්මේ..... මට තියෙන වදයක් නම්....... මොකාද දන්නෙ නැහැ ඕක හොයා ගත්තෙ........
ReplyDeleteඇත්තම කියනවනම් මට නම් ජංගම දුරකතනය නැතිවුනොත් නිකන් ඇඟේ කෑල්ලක් නෑ වගේ තමයි. උදේ නැගිටින එලාර්ම් එකේ ඉදන් බැලිය යුතු රූපවාහිනී වැඩසටහන් ඇසිය යුතු ගුවන් විදුලි වැඩසටහන් සහ අනෙකුත් Remiders ඔක්කොම මතක් කරලා දෙන්නෙ එයා තමයි. අඩුම ගානෙ වෙලාව බලාගන්නෙ වත් කොහොමද අප්පා.....
ReplyDeleteහම්මෝ , ඔය මල වදේ නෑති තරමටම තමයී හොද.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහික් හික් නිදහස තමයි. මූ phone එක off කරගෙන බයිලා ගහනවා. අර අසරණ අම්මා බයවෙලා හැමතැනම හොයනවා.
ReplyDelete(පොඩි අවුලක් නිසා ඉස්සෙල්ලා comment එක මම අයින් කලා)