Tuesday, December 2, 2008

මගේ පරිගණක ඉතිහාසය හා පළමු Fedora අත්දැකීම

ම‍ට මේ ළඟදි ඩනිෂ්ක අයියගෙන් Fedora තැටියක් ලැබුණා. එකක් නෙවෙයි දෙකක්... පහුගිය සිකුරාදා CD එකක් හම්බ වුණා... අද දුන්නා DVD එකක්. මේ සූදානම Fedora ස්ථාපනය කරන්න.
---
මට ඔය අතරෙ හිතුණ මගේ පරිගණක පාවිච්චියෙ අතීතය ගැන මතක සටහනක් ලියන්න. මේක ටිකක් අමුතු පාවිච්චියක්. මොකද මේ ලැයිස්තුවෙ මුලින් තියෙන ඒව ආදි කාලෙ පරිගණක. මම පරිගණක ඉගෙනගත්තෙ ස්වොත්සාහයෙන් -- කවුරුවත් උගන්නලවත්, ඉගෙනගන්න බල කරලවත් නෙවෙයි. ඒ දවස්වල මගේ දැනුම අල්පයි වගේම උනන්දුව තිබුණෙ ක්‍රමලේඛණය ඉගෙනගන්න. ඒ නිසා මේව කියවල කවුරුත් මට හිනාවෙන්න එපා. ම්.. ම්.. ම්... මේ කතාව පටන් ගන්නෙ 2002 අවුරුද්දෙන්. මම සාමාන්‍ය පෙළට සූදානම් වෙන කාලෙ.

මුලින්ම මගේ ඥාතියෙක් පාවිච්චි කරපු Casio fx-5200-p වර්ගයේ එකක්. මේක ගොඩක් වෙලාවට කැල්කියුලේටරයක් වගේ. නමුත් නිෂ්පාදකයා දීපු අත්පොතේ තිබුණෙ Computer කියල. BASIC ක්‍රමලේඛණ භාෂාව භාවිතයෙන් ක්‍රමලේඛණය කරල පාවිච්චි කරන්නයි තිබුණෙ. මේකෙන් මම BASIC ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගත්තා. දැන් නම් BASIC භාවිත වෙන්නෙ නෑ. නමුත් ක්‍රමලේඛණය ඉගෙනගන්න පටන්ගන්න කෙනෙකුට BASIC ඉතාම හොඳයි. (ඒකනෙ Beginer's All purpose Symolic Instruction Code කියන්නෙ). පස්සෙ මම ඒක 'මස්' කරා.

2002 අන්තිමේ මට ලැබුණ තවත් කෞතුක වස්තුවක්. ඒක Atari 800 XL එකක්. ඒකත් පාවිච්චි කරන්න තිබුණෙ තමන් විසින්ම ක්‍රමලේඛණය කරගෙන. ක්‍රමලේඛණ භාෂාව වුණේ Atari Basic (BASIC වලම ව්‍යුත්පන්න ආකාරයක්). පෙනුමින් යතුරුලියනයක් වගේ. මොනිටරය වෙනුවට පාවිච්චි කරන්න තිබුණෙ ගෙදර රූපවාහිනිය :D. ඒකෙ තිබුණා ලොකු RAM එකක්, කිලෝබයිට් 64ක :D. අවශ්‍ය නම් කලින් සකස් කළ ක්‍රමලේඛ වැඩසටහන් අඩංගු කාට්රිජ් පාවිච්චි කර වැඩ ගන්නත් මෙහි පහසුකම් සලසා තිබුණා. මට මතකයි ඒත් එක්ක තිබුණා Microsoft Basic II කාට්රිජ් එකකුත්. මේකෙන් මට වැඩිය වැඩ ගන්න වුණේ නෑ සාමාන්‍ය පෙළ නිසා. මම ඒකත් මස් කළා. කුතුහලය තමයි මේ ඉලෙක්ට්‍රොනික මස්කඩ දැමීමට හේතුව.

මගේ පරිගණක පිස්සුව දැකල තාත්ත මට 2003 අප්‍රේල් මාසෙ පරිගණකයක් ගෙනත් දුන්න. ඒකෙ මෙන්න මේ දේවල් තිබුණ.
  • RAM - 128 MB SDRAM
  • VGA - 16 MB Shared
  • HDD - 20 GB IDE
  • CPU - 1.3 GHz AMD Duron
  • 52x CD-ROM Drive
  • Windows 98 OS
මේකෙන් ගොඩක් දේ ඉගෙනගත්ත. සැරින් සැරේ මස්කඩත් දැම්ම. මම කිසි කෙනෙක්ගෙන් උපදෙසක්වත් ගන්නෙ නැතුව තනියම පොතපත හොයාගෙන කියවල BIOS update, CPU overclocking වගේ 'ලොකු' දේවලුත් ප්‍රායෝගිකව කරල ඉගෙනගත්තා. පසුව Windows XP වලට මාරු වුණා. Windows XP hacks පවා තනියම හොයාගෙන අත්හදා බැලුවා. ඔය අතරෙ මට මිත්‍රයෙකුගෙන් ලැබුණ Ubuntu 5.10ත් පාවිච්චි කරන්න පටන් ගත්තා. Linux වලට මාරු වෙන්න පටන් ගත්තෙ ඒ කාලෙමයි. මොකද ඒ කාලෙම අවබෝධ කරගෙන තිබුණා Windows වල යම් යම් දේ restrict කරල තිබුණු බවත් 'ලොකු' දේවල් ඉගෙනගන්න නම් Linux වලට යා යුතු බවත්. නමුත් ලොකු ගැටළුව වුණේ සිංදු අහන එක :D. ඒ නිසා Ubuntu/ Windows dual boot.

කාලෙන් කාලෙට ඒක upgrade කරල දැන් තියෙන්නෙ මෙහෙම. හැබැයි දැන් පාවිච්චි කරන්නෙ මම නෙවෙයි.
  • RAM - 256 MB DDR1
  • VGA - 16 MB Shared
  • HDD - 80 GB SATA, 40 GB IDE
  • CPU - Intel Celeron 2.53 GHz
  • 52x CD-ROM Drive
  • CD-RW Drive
  • TV Card
  • SLG Ubuntu/ Windows XP Dual Boot

2007 දෙසැම්බර් වල මම ගත්ත Acer Aspire 4315 ලැප්ටොප් එකක්. ඒක තමයි දැනටත් පාවිච්චි කරන්නෙ. නිෂ්පාදකයා එවන්නෙ Linpus Linux දාල. ඒ වුණාට මෙහෙදි විකුණන්න කලින් දානව Windows XP ව්‍යාජ පිටපතක් :D. මම Windows Vista දමාගෙන බැලුව හිතට හරි නෑ.. ඒ නිසා ආයෙම Windows XP වලට මාරු වුණා. ඒ ගමන් දැම්ම Ubuntu. දැන් මෙහෙමයි.
  • RAM - 512 MB DDR2
  • CPU - Intel Celeron 1.73 GHz
  • HDD - 120 GB SATA
  • DVD-RW Drive (Dual Layer)
  • Windows XP/ Ubuntu 8.10 Dual Boot

ඒ තමයි මගේ පරිගණක ඉතිහාසය. මේ මැෂිම මං දැන් අවුරුද්දක් පුරාවට පාවිච්චි කරනව. මම ලොකු ශක්‍යතාවක් තියෙන, posh රැස් විහිදෙන පරිගණක වලට නොයන්න හේතුව මගේ මූලික අවශ්‍යතාවය වන ක්‍රමලේඛණය ඉගෙනීමට පොඩි පරිගණකයක් ප්‍රමාණවත් වීම. මම VirtualBox පාවිච්චි කරන නිසා ළඟදි RAM එක විතරක් upgrade කරන්න අදහසක් තියෙනව. ඊට පස්සෙ Windows/ Linux dual boot නෑ. :)
---
දැන් එමුකො Fedora කතාවට,
පහුගිය සිකුරාදා ඩනිෂ්ක අයිය දීපු අළුත් Fedora CD එක දාල පැය ගාණක් කට්ට කෑව Fedora දාගන්න. එතකොට තමයි දන්නෙ මගේ DVD Writer එක අවුල් කියල. මැෂිම Metropoliton ගෙනියන්න වෙයි වගේ.. warranty එකෙන් මොකක් හරි කරගන්න. කොහොම හරි අමාරුවෙන් Fedora boot කරගත්තා. මෙන්න ස්ථාපනය කරන්න යනකොට කියාපි input/output error කියල. ඔන්න ඔහොමයි පළමු Fedora අත්දැකීම.



දැන් මොකෝ කොරන්නෙ... අද ඉල්ලගත්ත DVD එකක්. දැන් ඒක දාල බලන්නයි සූදානම. ටික දවසක් Fedora වලට හුරු වෙනකම් Windows/ Ubuntu / Fedora තුනම පාවිච්චි කරනවා. මේ තියෙන්නෙ ඒ ගැන ලිව්ව (ටිකක් තාක්ෂණික) සටහන. ඊට පස්සෙ Fedora/ Windows තමා. RAM එක ගත්තට පස්සෙ Windows on Fedora වෙයි. :)

Fedora මේ දැන් install කරනු ලැබේ...!

෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴

22 comments:

  1. ආහ් ඔයත් 2002 ද O/L කලේ ? හොදයි හොදයි,
    බලාගෙන ගියාම කොල්ලට හොද ඉතිහාසයක් තියෙනව.

    ඔයා 512MB තියාගෙන Virtual Machine එක්ක වැඩ කරනව කියන්නෙ හොදයි කියල සිතනව.

    මොකද මගේ 2 GB තිබිලත් මම Virtual Machine 2යි run කරන්න පුළුවන්, හැබැයි මම Visual Studio 2008 හා SQL Server 2005 ත් හැම වෙලාවෙම වගේ විවෘත වෙලා තියෙන්නෙ. මම නම් භාවිතා කරන්නෙ vmWare Player එක විතරයි. බාගත්තු vmWare Images එක්ක. මොකද මම VirtualBox දාල හරිගියෙ නෑ, ටිකක් අල වගේ. ඉතින් මම vmWare වලට මාරු වුනා.

    ReplyDelete
  2. @har,

    VirtualBox නම් වින්ඩෝස් උඩ ටිකක් අල තමා. Memory management අවුලක් වගේ. Linux උඩ නම් අවුලක් නෑ. Linux වලදි VirtualBox වල memory management හොඳයි (http://shaakunthala.blogspot.com/2008/10/blog-post_25.html).

    හැබැයි networking ඉගෙනගන්න නම් හොඳම vmWare. නමුත් memory පාවිච්චිය වැඩි නිසා මම vmWare පාවිච්චි කරන්නෙ නැහැ.

    ReplyDelete
  3. එකට හිටියට මොකද මේ ඉතිහාස කතාව දැනගත්තේ අදනේ.

    DVD-RW Drive එකට ලෙන්ස් cleaner එකක් දාල බලන්න සමහරවිට හරියාවි. ඒත් warranty තියෙනවා නම් ගන්න. මගේ Laptop එකෙත් ඔය වගේම ලෙඩක් ඇවිත් මාරු කර ගත්ත.(DVD -R සඳහන් DVD බොහොමයක් හරියට වැඩ කලේ නෑ ඒත් +R හොඳට වැඩ)

    ReplyDelete
  4. ආ.. මගේ මුල්ම පරිගනකය 386SX (80386) එකක්, SX කියන්නේ මේ 386 CPU එකේ math co-processor එකක් නෑ කියන එක :D මාර වේගවත්, 33Mhz ;) බාවිතා කලේ Dos 6.22 කියලා වැඩක් නෑ ඒ කාලේ, පසුව Windows 3.11 දැම්මා, RAM එක 4MB VGA 256K :D ඊට කලින් Commodore 64 කියලා යලුවෙකුගේ එකක් අතගෑවා, ඒක ගහනේ රූපවාහිනියට :D

    මට මතකයි එක කාලයක් 64MB RAM එකක් රු.14,500 උනා, ඔය Celeron 433Mhz වගේ තිබුන කාලේ.

    ReplyDelete
  5. @har
    ඔයාට microsoft ඈදගන්නේ නැතුව කතා කරන්නම බැනේද?
    නිදාගන්නේ බිල්ගෙට් එක්කද? නැත්නම් microsoftSL එකෙන් නොමිලේ වසරකින් කල් ඉක්ම වෙන ඉවැලුවේෂන් CD ලැබෙනනිසා ද?

    ReplyDelete
  6. පරිගණක ලෝකෙ අපි හැමෝම ඔහෝම තමයි. වෙලාවකට කට්ට. මට නං ඉතිං එච්චර ලොකු ඉතිහාසයක් නෑ. ක්‍රම ලේඛණය ගැන තියෙන්නෙත් පොඩි දැනුමයි. හැබැයි ඉතිං වින්ඩෝස් ලිනක්ස් ඩුවල් බූට් වගේ එව්වනං අත්හදා බලලා තියෙනවා. එව්වත් ඉතින් ඉගෙන ගත්තේ නුඹලාගෙන්ම තමයි. ඇති දැනුම බ්ලොග්ස් හරහා ප්‍රචාරය කලවුන්ට ස්තුතිය පිරිනමන්ටත් මේක අවස්ථාවක් කර ගන්නම්...

    ReplyDelete
  7. මගෙත් පළවෙනි මැසිම
    * RAM - 128 MB SDRAM
    * VGA - 32 MB Shared
    * HDD - 40 GB IDE
    * CPU - 1.3 GHz AMD Duron
    * 52x CD-ROM Drive
    * Windows Xp OS
    2003 ගත්තේ දැන් වැඩ කරන්නේ නම් නෑ හැබැයි මන් හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඒකෙන්. වෘත්තීමය පැත්තට බර වෙච්ච හින්දා Open Source නම් ඉගෙන ගන්න බැරි වුනා

    ReplyDelete
  8. මමත් ක්‍රම ලේඛණය ඉගෙන ගත්තෙ BASIC ක්‍රමලේඛණ භාෂාවෙන්.

    ReplyDelete
  9. සුභ පැතුම්. මා ෆෙඩෝරා අඛණ්ඩව භාවිතා කිරීම ඇරඹුවේ 2007 මැද හරියේ සිටයි. එතැන් සිට මේ දක්වාම ෆෙඩෝරා තමයි මූලිකවම භාවිතා කරන්නේ.

    ලිනක්ස් භාවිතා කළා 2000 දි විතර ඉඳන්. නමුත් බොහෝ විට මාසයකට දවසක් දෙකක් තමයි. හැම දේම වගේ කලේ windows වලයි. නමුත් දැන් නම් වින්ඩෝස් භාවිතාව මාසයකට දවසක් දෙකක් තමයි.

    ReplyDelete
  10. @ Anonymous
    මම කැමතියි කියන දෙයක් කෙලින්ම කීව නම්, මොකද හැංගි හැංගි වෙස් බැන්දට නටන්න‍ වෙන්නෙ එළියෙ.

    මම අද ජීවත් වෙන්නෙ මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග නිසා කිය එක මම දන්නව කවුරුත් දන්නව කියල. මොකද ඒ නිසා මම ‍මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග ගැන කතා කරනව.(මොකද Microsoft .Net නැතිනම් අද මම මේ රැකියාව නොකරන්න තිබුන) මොකද ඒව මිලදී ගන්න සිදු වුනාට නොමිල මුදෘකාංග වලට වඩා සිය දහස් ගුණයක් හොදයි, භාවිතය පහසුයි , ස්ථාපනය පහසුයි, ලෙඩ අඩුයි.

    ReplyDelete
  11. මමත් පටන්ගත්තෙ GWBASIC වලින් 1993 විතර

    ReplyDelete
  12. අනේ කට්ටිය හිනා වෙන්නනම් එපා , මම පලමුවෙන්ම ඉගනගත්තේ GW BASIC කියන පරිගනක භාශාව , ඉට පස්සේ PASCAL ,දෑන්නම් VB ටිකක් දන්නවා .

    මටනම් එතරම් පරිගනක් ඉතිහාසයක් නෑහෑ..

    මුල්ම පරිගනකය
    AMD Athlon 1.6 GHz , 256 SDRAM , 32 MB ATI RADEN , 40 HDD , CD , Windows 98 + XP
    ( From 2003.03.03 )
    දෑන් පාවිච්චිය
    Intel Dual Core 2.0 GHz , 2 GB DDR2 , 160 SATA HDD , 256 MB 7200 GT , DVD R ,
    Windows XP + Opensolaris
    ( From 2008.07.02)
    මම AMD නම් හිතන්නේ හොදයී Intel වලට වඩා...

    ReplyDelete
  13. අදහස් දක්වපු හැමදෙනාටම ස්තුතියි. වැදගත්ම දෙයක් කියන්න අමතක වුණා. මට මුල්වරට අන්තර්ජාල පහසුකම් ලැබුණෙ 2005 අවුරුද්දෙ අවසාන කාලෙ. ඒ නිසා මූලික දැනුම් ප්‍රභවය අම්බලන්ගොඩ මහජන පුස්තකාලය.

    @Annonymous,
    පුද්ගල අපහාසය හොඳ නෑ නේද?

    ReplyDelete
  14. හ්ම්ම්ම්. . . මම මුලින්ම පාවිච්චි කළ පරිගණකයේ විස්තර කියන්න තරම් මට දැනුමක් නෑ. . . 086 NoteBook එකක්. අවුරුද්ද 1992. මට වයස 6යි. :D. මටම කියල පරිගණකයක් ගත්තෙ 1994දි. ඒ කියන්නෙ මම 3 වසරෙදි. එදා ඉඳන් අද වෙනකම් පරිගණක කීයක් පාවිච්චි කළාද කියන්න මටවත් මතක නෑ. :D. . . කොහොම වෙතත් දැනට Ubuntu/Windows Dual Boot එක්ක ASUS F5RL එකක් පාවිච්චි කරනවා.

    ReplyDelete
  15. මං නම් තාම උබුන්ටු තමා... ෆෙඩෝරා දාලා බැලුවා.. අප්සට් වගේ මට.. උබුන්ටු හොදයි.. මොකද මට OS එකක් ඕනේ ඒකෙ එව්ව මෙව්ව හද හදා ඉන්න නෙවි.. මගේ වැඩ ක‍ර ගන්න.. උබුන්ටු ඒ අතින් ඉදිරියෙන්... මට වඩා කාලයක් උබුන්ටු භාවිතා කල ඔබ ඒ ගැන හොදට දන්නවා ඇති...

    ReplyDelete
  16. කට්ටියලෙම විස්තර කි‍යෙව්වට පස්සෙ මටත් හිතුනා මගේ අතීතෙ ගැනත් පොඩ්ඩක් කියන්න. මුලින්ම මට පරිගණකයක් අල්ලන්න ලැබුණෙ 2002 දි පාසලේ උසස් පෙලට තිබුණු සාමාන්‍ය තොරතුරු තාක්ෂණය යටතෙ. ඒදවස්වල මම හිතුවෙ පරිගණය හා සම්බන්ධ මොකක් හරි රැකියාවක් කරන්න තිබුණනම් කොච්චර හොඳද කියලා. ඒ පැතුම නම් අද ඉටු වෙලා තියෙනවා. මම නම් පරිගන‍කයක් සම්බන්ධව ඉගෙන ගෙන තියෙන හැමදේම කලේ අනුන්ගෙ පරිගණකවල. අනුන්ගෙ කියන්නෙ ඉගෙන ගන්න කාලේ ඉගෙනගත්ත ආයතනයෙ රස්සාවට ආවට පස්සෙ කාර්යාලයෙ පරිගණකය. මම මිලදී ගත්තු එකම පරිගණයකය ටවර් ආකාරයෙ සැම්සුන් වර්ගයේ පිට රට පාවිච්චි කරලා මෙහාට එවපු එකක් 800MHz, 256 Ram, 15 Gb hard, 32 Vga මට අවශ්‍ය වැඩටික කරගන්න වැඩිත් එක්ක. තවමත් මම පාවිච්චි කරන්නෙ ඒක.

    ReplyDelete
  17. මාත් මුලින්ම බේසික් කලේ 3 වසරෙදී Intel Pentium MMX 233Mhz,32MB RAM,2.1GB එකක....

    සොදුරු අතීතයේ නිමල පැතුම තාම මං ළඟ (වචන ගැලෙපෙන්නේ නෑ වගේ නේද? )

    ReplyDelete
  18. virtual box එකේ xp(guest) හා ubuntu(host) අත‍ර files එහෙට මෙහෙට ගෙනියන හැටි ගැන ලිපියක් ලියන්න පුලුවන්ද?

    usb support එක ගන්නෙ කොහොමද?

    ReplyDelete
  19. ඕක මටත් කරන්න බැරි වුණා. මගේ මැෂිමෙ දැං තියෙන්නෙ Fedora. කොහෙන් හරි මම ඕක කරල බලල කියන්නම්.

    ReplyDelete
  20. මැක්සා බ්ලොග් එකක්

    ReplyDelete
  21. @Chathura Sandeepa,
    ඔන්න පොරොන්දු වුණ විධියටම වැඩේ කළා. මෙතනට ගිහින් බලන්න. ෆෝරම් පැත්ත පළාතක යන්නෙ නැතුව අතපත ගාලා හොයාගත්තා. කජු කනව වගේ පොඩි ගේමක්.

    Ubuntu / Windows අතර තොරතුරු හුවමාරුව

    ReplyDelete

Facebook ප්‍රතිචාර